සුරනිමල
{{තොරතුරුකොටුව පුද්ගලයා |නම = සුරනිමල |උපතේදී_නම = නිමල |ජාතිකත්වය = ශ්‍රී ලාංකික |වෙනත්_නම් = නිර්මල, සුරනිමිල |ප්‍රසිද්ධ_වීම = දස මහා යෝධයන් ගෙන් එක් අයෙකු, දුටුගැමුණු රජු ගේ සේනාවේ දෙවන සේනාධිනායක |ආගම = බුද්ධාගම
සුරනිමල යනු දුටුගැමුණු රජුගේ සේනාවේ දෙවන සේනාධිනායක වූ අතර, ඔහුගේ සෙබළුන් අතුරින් විශිෂ්ඨතම දස දෙනා වශයෙන් සැලකෙන දස මහා යෝධයන් අතුරින් එක් අයෙකි[1]. එළාර රජුට එරෙහිව දුටුගැමුණු රජුගේ යුද්ධයෙහි විජයග්‍රහණය අරභයා ඔහුගේ කාර්යභාරය ඉමහත් විය. ඔහු කඩුහරඹයෙහි අති මහත් නිපුණතාවයක් දැක්වූ බව පැවසෙන අතර ඔහු හට රිසිවූ අවිය මහා කඩුව බවද එය ඔහු විසින් උත්කෘෂ්ඨ කුසලතාවයකින් ලෙලවු බවද කියැවේ.
මුල් අවදිය
[සංස්කරණය]තම දෙමව්පියන් විසින් නිමල යන නම ලද හේ, සත් දරු පවුලක බාලයා වූයේය. ඔහුගේ පියා සම්හ නම් වූ අතර, කොට්ටිවාල හි කණ්ඩකවිත්තික ගමෙහි ප්‍රධානියා විය. ඇතුන් දස දෙනෙකුට සමාන ශක්තියක් සතුවූ බව පැවසුනත්, ඔහුගේ සෙහොයුරන් පවුලේ කුඹුරු වල වැඩෙහි යෙදෙද්දී ළමා අවදියෙහිදී නිමල නිවසට වී නිකරුණේ කල් ගත කිරීමට බොහෝ රිසි වූයේය. එක් පවුලකින් එක් පිරිමියෙකු යුධ සේවය සඳහා අනිවාර්යයයෙන් සම්බන්ධ විය යුතු බවට රාජාඥාව පැනවුනු කල, නිමලගේ සොහොයුරන් එකහෙලා තීරණය කලේ නිවසට කිසිම උපකාරයක් හෝ ප්‍රයෝජනයක් නොමැති නිමල ඒ සඳහා තෝරාගත යුතු බවය. දීඝාභය නම් කුමරකු යටතේ මහාවැලි නදියට දකුණෙන් කඳවුරු ලා සිටි සේනාංකයකට බැඳුනු නිමල, බ්‍රාහ්මණයෙකු හට සන්දේශයක් භාරදීමෙහි දූත කාර්යයක් සඳහා යවන ලදි. අළුයම පිටත්ව ඇති නිමල, ගවු තිස් සතරක් පමණ දුර ගෙවා, පැය කිහිපයකින් මුළු ගමන කෙලවර කල බැව් පැවසේ. මෙම වික්‍රමය පිළිබඳ මවිතයට පත්වූ බ්‍රාහ්මණයා, කාවන්තිස්ස රජු යටතේ සෘජු සේවය උදෙසා ඔහු යැව්වේලු. රජු අභිමුඛයට පත් කරන ලද නිමලගේ, දක්ෂතා උරගා බලනු වස් කඩු කිහිපයක් මුවහත් කිරීමට පැවරූ කල, ඉතා හොඳින් එය ඉටු කළේලු. ඔහුගේ නිපුණතාවයන් පිළිබඳ පැහැදුනු රජු, තමා යටතේ සේවයට ඔහු බඳවා ගෙන, රජුගේ හමුදාවෙහි ප්‍රධාන සෙන්පති වරුන් හා රණ ශූරයන් වන දස මහා යෝධයන් අතුරින් එකෙකු බවට පත් කෙරිණි.
==සුරනිමල ලෙස නම් ලැබීම==f කාවන්තිස්ස රජුගේ අභාවයෙන් පසුව, ඔහුගේ අනුප්‍රාප්තික හා පුත්‍රයා වූ දුටුගැමුණු විසින් එවකට අනුරාධපුර රාජධානිය පාලනය කරමින් සිටි දකුණු ඉන්දීය එළාර රජු හට එරෙහිව යුද්ධයක් අරඹන ලදි. එළාරගේ බල සේනා ක්‍රමයෙන් පරාජයට පත්කරමින් දුටුගැමුණුගේ සේනා ලඟාවෙමින් සිටියේ අවසාන සටන සිදුවීමට නියමිතව තිබූ අනුරාධපුරය වෙතටයි. අවසාන සටනට පෙර විවේකශීලීව තම සේනාව ඇමතූ රජු ඔවුනට විවෘත අභියෝගයක් කලේ විශාල ගුදමකින් රා පානය කරන ලෙසටයි. අභියෝගය පිළිගැනීමට කිසිවකු සමත් නොවූ බව දුටු නිමල, ඉදිරියට පැමිණ මුළු ගුදම මුව තබා බී සිස් කළේලු. මෙම සිද්ධියෙන් පසුව ඔහු හැඳින්වුනේ ලෙස වුවද, වඩා සුදුසු නාමය සුරානිමල වනුයේ, සුරා යන නාමය මත්පැන් සඳහා ව්‍යවහාර වූ බැවිනි.
විජිතපුර සංග්‍රාමය
[සංස්කරණය]එළාර රජුගේ අවසන් මර්මස්ථානයක් වූ විජිතපුර බළකොටුව අත්පත් කර ගැනීම සඳහා වූ සටනෙහිදී තීරනාත්මක කාර්ය භාරයක් ඉටු කිරීමට සුරනිමල සමත් විය. රජුගේ හස්ති රාජයා පණ්ඩුල හා මිතුරු නන්දිමිත්‍ර සමග, හේ බලකොටුවේ දකුණු ද්වාරය ආක්‍රමණය කලේය. ඇතෙකු විසින් පවුරෙහි බිඳ දැමූ සිදුරකින් බලකොටුව තුලට පිවිසීම තම ගර්වයට හානියක් යැයි සිතූ හේ කොටු පවුරට උඩින් අහස් පිම්මක් මගින් බලකොටුවට පිවිසියේලු.[2] බලකොටුව තුලට පිවිසි වහාම මහා කඩුව සුරතට ගත් හේ සතුරා සමග සටන් කළේලු. ඔහු විසින් එළාර රජුගේ රණශූර දීඝජන්තු පරාජය කිරීම නිසා, දුටුගැමුණු ඝාතනය කිරීමේ දීඝජන්තුගේ සැලැස්ම වියැකී ගිය බවක් පැවසේ. මෙම සිද්ධිය අවසන එළාරගේ සේනාවෙහි පසුබැස්මටද දුටුගැමුණු අතින් එළාරගේ මරණයටද හේතු සාධක වූ බව කියැවේ. මෙම අවසන් සටනෙහිදී, සුරනිමල දුටුගැමුණුගේ වම්පස සිටිමින් රජු ආරක්ෂා කල බව පැවසේ.[3] එළාර පැරදවීමෙන් පසුව, එළාරගේ ඥාති සොහොයුරෙක් වූ භල්ලුක හා සමග තවත් සටනක යෙදීමට දුටුගැමුණුගේ සේනාවට සිදු විය. අනෙකුත් දස මහා යෝධයන් හා සමග සුරනිමල මෙහිදී ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කල බව කියැවේ.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ http://www.sinhale.com/archeologist_ven.htm සංරක්ෂණය කළ පිටපත 2007-10-22 at the Wayback Machine පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද තෙරණුවන් පවසන අන්දමට සුරනිමලගේ උපන් බිම තොප්පිගල ප්‍රදේශයයි ...
- ^ http://lakdiva.org/mahavamsa/chap025.html#24 මහාවංශය - XXV පරිච්ඡේදය
- ^ http://www.lankalibrary.com/geo/kings/dutugemunu.htm සංරක්ෂණය කළ පිටපත 2011-07-09 at the Wayback Machine දුටුගැමුණු රජ