සුජාතා (1953 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
සුජාතා
අධ්‍යක්ෂණය කලේටී. සුන්දරම්, ඩී. වී. චාරි
නිෂ්පාදනය කලේකේ. ගුණරත්නම්
රඟ පාන්නේෆ්ලොරිඩා ජයලත්, ප්‍රේම් ජයන්ත්, ශාන්ති ලේඛා, ඩොමී ජයවර්ධන, ඩේවිඩ් ධර්මකීර්ති, ජෙමිණි කාන්තා
සංගීතය සැපයුවේආනන්ද සමරකෝන් (පද රචනය)
සිරිසේන විමලවීර (පද රචනය)
ඩී. ටී. ප්‍රනාන්දු (පද රචනය)
සුසරල දක්ෂිණමුර්ති (සංගීතය)
Distributed byසිනමාස් සමාගම
Release date
ශ්‍රී ලංකාව මැයි 26, 1953
Countryශ්‍රී ලංකාව
Languageසිංහල

සුජාතා යනු බරී බෙහෙන් නම් බොලිවුඩ් චිත්‍රපටය මත පදනම්ව 1953 වසරෙහිදී තැනුනු ශ්‍රී ලාංකික ප්‍රේම වෘත්තාන්ත සංගීතමය චිත්‍රපටයකි. එකල වන තෙක් තැනුනු වඩාත් සාර්ථක ශ්‍රී ලාංකික චිත්‍රපටය එය වූ අතර, අලජ්ජ ලෙසින් ඉන්දියානු චිත්‍රපට කොපි කිරීමෙහි නැඹුරුව එයින් ඇරඹිණි.

කතා සාරාංශය[සංස්කරණය]

ඔවුන්ගේ මවගේ මිය යෑමෙන් පසුව, කතානායිකාව වන සුජාතා විසින් තම අධ්‍යයන කටයුතු අතහැරදමන්නේ ඇයගේ බාල සොහොයුරිය ප්‍රේමා පෝෂණය කිරීම සඳහාය. ප්‍රේමා හට හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ සිහිනය ඔවුන්ගේ මව තුල සැමවිටම වූ බැවින් මෙම කැපකිරීම අතිශයින් යෝග්‍ය බව සුජාතා විශ්වාස කරයි. කෙසේවෙතත් ප්‍රේමා නගරයට සම්ප්‍රාප්ත විමෙන් පසු, තොඳොල් බසින් කතාවෙහි රුසි රැවටිලිකාර සල්ලාලයෙක් වූ විකී වෙතින් දූෂණය වී ගැබිණියක වෙයි. විකී විසින් අත්හැරදමනු ලබන ප්‍රේමා යළි තම වැඩිමහළු සොහොයුරිය සමග ජීවත්වීමට යයි. ඔවුනට අස්වැසිල්ලක් ලැබෙන්නේ සුජාතා සමග පෙමෙන් වෙලෙන නිහාල් නමැති සානුරෝධ දොස්තර මහතෙකු නිසාය.

නළු නිළි කැල සහ චරිත

ගීත[සංස්කරණය]

  • "ප්‍රේමාලෝකය නිවී" – ජමුනා රානි සහ මොහිදීන් බෙග්,(පද මාලා ඩී. ටී. ප්‍රනාන්දු විසිනි)
  • "සුමධුර වේ" – කේ. රානි
  • "අයියෝ බබා බබා" – සුනිල් ප්‍රේමදාස, කේ. රානි සහ ධර්මදාස වල්පොල
  • "මෙන්න මැණිකො" – ඩොමී ජවයර්ධන සහ ස්වර්ණලතා
  • "වේදනා හර්දේ නැගේ" – ජමුනා රානි
  • "පෙම් රැල්ල නැගේ" – කේ. රානි සහ ධර්මදාස වල්පොල,(පද මාලා ඩී. ටී. ප්‍රනාන්දු විසිනි)
  • "මායාවෙන් මේ ලෝකේ (ක්‍රෝධය දේ)" – මොහිදීන් බෙග්
  • "ප්‍රේම ගඟේ" – කේ. රානි සහ මොහිදීන් බෙග්, (පද මාලා ඩී. ටී. ප්‍රනාන්දු විසිනි)
  • "මනරංජන දර්ශනීය ලංකා" – කේ. රානි සහ ගායක වෘන්දය
  • "දන්න කලේ" – ස්වර්ණලතා සහ බර්ට්‍රම් ප්‍රනාන්දු
  • "නාරිලතා පුෂ්පේ" – මොහිදීන් බෙග්
  • "ගියා තමයි " – ස්වර්ණලතා සහ බර්ට්‍රම් ප්‍රනාන්දු (ගී තනුව ජාල් නමැති 1952 බොලිවුඩ් චිත්‍රපටයෙහි එන ලතා මංගේශ්කාර්ගේ "චෝරි චෝරි මෙරි ගාලි" වෙතිනි )


"https://si.wikipedia.org/w/index.php?title=සුජාතා_(1953_චිත්‍රපටය)&oldid=370122" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි