සිංහල අලුත් අවුරුද්ද
සිංහල අළුත් අවුරුද්ද | |
---|---|
Official name | අළුත් අවුරුද්ද |
Observed by | ලොව පුරා සිංහල ජනයා |
Type | සංස්කෘතික උත්සව |
Celebrations | ක්‍රීඩා, පවුලේ සැම එක්වීම, එක්ව ආහාර අනුභවය, නෑගම් යෑම, යැදුම් |
Observances | සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ නැකත අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම |
Date | බක් මස ඇති නක්ෂත්‍ර දිනයකි. |
Frequency | වාර්ෂික |
Related to | හිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සව |
සිංහල අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ දී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයින් පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයින් ද සමරනු ලැබේ. දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළ මෙම නව අවුරුදු සැමරුම සිංහල ජාතිකයින් ද එකම කාල වකවානුවක දී සමරති. මෙම උත්සවයට දෙමළ අලුත් අවුරුද්ද, තායි අලුත් අවුරුද්ද, බෙංගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕ අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිංග්යන් හා ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද උත්සවය ආදී උත්සව සමඟ සමීප සබඳතාවක් ඇත.[1] එදින ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයකි. එය සාමාන්‍යයෙන් අප්‍රියෙල් මස 13 වන දින හෝ 14 දින සමරනු ලැබේ.
සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දී නව වසර උදාවෙයි. එයින් අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම ද සිදු කෙරේ. තවද ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීම සිංහල අවුරුද්ද ලෙස සැලකෙන මතයක්ද තිබේ.[2]
නැකතට සිදුකරන අලුත් අවුරුදු සිරිත්
- අලුත් අවුරුදු උදාව
- නව සඳ බැලීම
- පරණ අවුරුද්දේ අවසන් ස්නානය
- කෑම පිසීම
- වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම
- හිස තෙල් ගෑම
- රැකියාවට පිටත්වීම
- අවුරුදු උත්සවය පැවැත්වීම
සිංහල සහ දමිළ ජනතාව අතර ආහාර වර්ගවල, සිරිත්වල සුලු සුලු වෙනස්කම් තිබුණත් බොහෝ කලක සිට ජාතීන් දෙක එකට අලුත් අවුරුද්ද සමරා තිබේ.[තහවුරු කරන්න]
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- ↑ Range, Irangika. "වෝටර්-ස්ප්ලෑශින් නිව් ඉයර් ඉන් තායිලන්ඩ්". ඩේලි නිව්ස්. සම්ප්‍රවේශය 26 අප්‍රියල් 2012.
- ↑ නලින් ද සිල්වා. "සිංහල අවුරුද්ද, කාලය වෙබ් අඩවිය". සම්ප්‍රවේශය 2017-04-09.