සිංගප්පූරු ඩොලරය

විකිපීඩියා වෙතින්

සිංගප්පූරු ඩොලරය හෝ ඩොලරය (සලකුණ: $; කේතය: SGD) යනු, සිංගප්පූරුවේ නිල ව්‍යවහාර මුදල වෙයි. එය සාමාන්‍යයෙන් කෙටි කොට දක්වන්නේ ඩොලර සලකුණ $ භාවිතයෙන් වුවද, විකල්ප වශයෙන් S$ භාවිතා කරනුයේ, ඩොලරය-භාවිතයෙන් නම් කෙරෙන අනෙකුත් ව්‍යවහාර මුදල් වෙතින් වෙන් කොට හැඳින්වීමටය. එය ශත සියයකට බෙදා වෙන් කොට ඇත.

ඔවුන්ගේ ව්‍යවහාර මුදල් වන, සිංගප්පූරු ඩොලරය සහ බෲනයි ඩොලරය, අතර හුවමාරුත්වය, සිංගප්පූරු මූල්‍ය අධිකාරිය සහ බෲනයි මුදල් හා මූල්‍ය සභාව විසින්, තවමත් පවත්වාගෙන යයි. මුදල් හුවමාරුත්ව සම්මුතිය අනුව, බෲනයි රට තුල, ඩොලරය, "ව්‍යවහාර මිල ගණනක්" ලෙස පිළිගනු ලැබේ. [1]මෙලෙසින්ම, බෲනයි ඩොලරයද, සිංගප්පූරුව තුල ව්‍යවහාර මිල ගණනක් ලෙස පිළිගැනෙයි.

ඉතිහාසය[සංස්කරණය]

1845 සහ 1939 අතර, සිංගප්පූරුව භාවිතා කළේ ස්ට්‍රේට්ස් ඩොලරයයි. [2] මෙය වෙනුවට මලයානු ඩොලරය ආදේශවූ අතර,[2], 1953 වසරෙහි සිට, මලයා සහ බ්‍රිතාන්‍ය බෝර්නියෝහී ව්‍යවහාර මුදල් කොමසාරිස්වරුන්ගේ මණ්ඩලය විසින් නිකුත් කෙරුණු මලයා සහ බ්‍රිතාන්‍ය බෝර්නියෝ ඩොලරය ආදේශ විය.[2]

1963දී මලයාසියාව හා එක් වීමෙන් පසුව සිංගප්පූරුව විසින් පොදු ව්‍යවහාර මුදල භාවිතා කරන ලද අතර,[2] 1965දී සිංගප්පූරුව නෙරපාහැරීමෙන් හා මලයාසියාව වෙතින් නිදහස ලැබීමෙන් පසු වසර දෙකක් ගත වෙත්ම, මලයාසියාව, සිංගප්පූරුව හා බෲනයි අතරවූ මූල්‍ය සංගමය බිඳවැටුණි.[2]

1967, අප්‍රේල් 7 දිනදී, සිංගප්පූරුව විසින් ව්‍යවහාර මුදල් කොමසාරිස් මණ්ඩලය පිහිටවූ අතර [3] එය විසින් පළමු නෝට්ටු සහ කාසි නිකුත් කෙරිණි. [2] කෙසේවෙතත්, 1973 වන තුරු, මලයාසියානු රිංගිට්, සිංගප්පූරු ඩොලර සමග හුවමාරු කර ගත හැකිව තුබූ අතර,[2] බෲනයි ඩොලරය හා සමග හුවමාරුත්වය, තවමත් පවත්වා ගෙන යනු ලබයි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. මනිටරි ඔතෝරටි ඔෆ් සිංගපෝ. "ද කරන්සි එක්ස්චේන්ජබිලිටි අග්‍රීමන්ට්". සම්ප්‍රවේශය 2012-10-23.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 "ද කරන්සි හිස්ට්‍රි ඔෆ් සිංගපෝ". සිංගප්පූරු මූල්‍ය අධිකාරිය. 2007-04-09. සම්ප්‍රවේශය 2007-12-28. Official Currencies of The Straits Settlements (1826-1939); Currencies of the Board of Commissioners of Currency, Malaya (1939-1951); Currencies of the Board of Commissioners of Currency, Malaya and British Borneo (1952-1957); Currencies of the Independent Malaya (1957 -1963); On 12 June 1967, the currency union which had been operating for 29 years came to an end, and the three participating countries, Malaysia, Singapore and Brunei each issued its own currency. The currencies of the 3 countries were interchangeable at par value under the Interchangeability Agreement until 8 May 1973 when the Malaysian government decided to terminate it. Brunei and Singapore however continue with the Agreement until the present day.((සිංහල) පරිවර්තනය: ද ස්ට්‍රේට්ස් ජනාවාසයන්හී නිල ව්‍යවහාර මුදල් (1826-1939); මලයා සඳහා මුදල් කොමසාරිස් මණ්ඩලයේ ව්‍යවහාර මුදල් (1939-1951); මලයා සහ බ්‍රිතාන්‍ය බෝර්නියෝ සඳහා මුදල් කොමසාරිස් මණ්ඩලයේ ව්‍යවහාර මුදල් (1952-1957); ස්වාධීන මලයා සඳහා ව්‍යවහාර මුදල් (1957-1963); වසර 29 ක් පුරා පැවති ව්‍යවහාර මුදල් එකමුතුව1967 ජූනි 12දී අහෝසිවූ අතර, සහභාගීවූ රටවල් තුන වන මලයසියාව, සිංගප්පූරුව සහ බෲනයි විසින් ඔවුන්ගේම ව්‍යවහාර මුදල් නිකුත් කරන ලදි. 1973 මැයි 8 දිනදී මලයාසියානු රජය විසින් හුවමාරුත්ව ගිවිසුම බිඳීමට තීරණය කිරීමට පෙර රටවල් තුනෙහි ව්‍යවහාර මුදල් ඒවායේ සමක වටිනාකමින් හුවමාරු කර ගත හැකි විය. කෙසේවෙතත්, බෲනයි සහ සිංගප්පූරුව විසින් එම සම්මුතිය දිගටම පවත්වාගෙන යති. )
  3. ලෝ සියැං කොක්, අධ්‍යක්ෂ (තත්ත්වය),ව්‍යවහාර මුදල් කොමසාරිස් මණ්ඩලය, සිංගප්පූරුව. "පර්ච්ඡේදය 6: සිංගප්පූර් ඉලෙක්ට්‍රොනික් ලීගල් ටෙන්ඩර් (SELT) – අ ප්‍රොපෝස්ඩ් කන්සෙප්ට්". ද ෆියුචර් ඔෆ් මනි / ඕර්ගනයිසේෂණ් ෆෝ ඊකනොමික් කෝපරේෂන් ඇන්ඩ් ඩිවලප්මන්ට් (PDF). ප්‍රංශය: OECD පබ්ලිකේෂන්ස්. p. 147. ISBN 92-64-19672-2. සම්ප්‍රවේශය 2007-12-28. The Board of Commissioners of Currency, Singapore (BCCS) was established on 7 April 1967 by the enactment of the Currency Act (Chapter 69). It has the sole right to issue currency notes and coins as legal tender in Singapore. ((සිංහල) පරිවර්තනය: 1967, අප්‍රේල් 7 දිනදී, ව්‍යවහාර මුදල් පණත (පරිච්ඡේදය 69) පැනවුමෙන්, ව්‍යවහාර මුදල් කොමසාරිස් මණ්ඩලය, සිංගප්පූරුව (BCCS) පිහිටුවන ලදි. සිංගප්පූරුවේ වලංගු මුදල් ලෙසින් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීමෙහි කාර්යභාරය එය වෙක පැවරිණි. ){{cite book}}: CS1 maint: multiple names: authors list (link)
"https://si.wikipedia.org/w/index.php?title=සිංගප්පූරු_ඩොලරය&oldid=270830" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි