සිංගප්පූරුවෙහි ආදි ඉතිහාසය

විකිපීඩියා වෙතින්

1819 දී, බ්‍රිතාන්‍යයන් විසින් දිවයින තුල වෙළෙඳ ජනාවාසයක් පිහිටුවා ‘නූතන සිංගප්පූරුවේ' ඉතිහාසය ඇරඹීමට පෙරාතුව පැවති සිංගප්පූරුවෙහි ඉතිහාසය, සිංගප්පූරුවෙහි ආදි ඉතිහාසය ලෙසින් හැඳින්වෙයි. 1819ට පෙරාතුව, 2වන සියවස තරම් ඈත අතීතයට දිවෙන ලිඛිත වාර්තාවන්හී විවිධ නම් වලින් සිංගප්පූරුව හැඳින්වුනු අතර, ඒවා විසින්, කිසියම් වැදගත්කමක් සහිත වෙළෙඳ වරායක් ලෙසින් දිවයින නම් කෙරිණි.

14 වන සියවසෙන් පසුව සියම රාජ්‍යය, ජාවා රාජ්‍යය, සහ මලක්කා සුල්තාන් රාජ්‍යය සහ 16 වන සියවසෙන් පසුව ජොහෝර් සුල්තාන් රාජ්‍යය යන්නන් ඇතුළු අග්නිදිග ආසියාවේ විවිධ රාජධානි විසින් මෙම දිවයින පාලනය කෙරිණි.

දෙවන සියවස[සංස්කරණය]

සිතියම් විද්‍යාමය ආශ්‍රිත කිහිපයක මෙම දිවයින වෙළෙඳ ස්ථානයක් ලෙසින් සඳහන් කර තිබූ දෙවන සියවසෙහි සිංගප්පූරුව පිළිබඳ පළමු ලිඛිත සාක්ෂි හමුවෙයි. ග්‍රීක-රෝමානු තාරකාවිද්‍යාඥ ටොලමි (90 – 168) විසින් සිංගප්පූරුව දැනට පිහිටි ප්‍රදේශයෙහි සබානා නම් ස්ථානයක් හඳුනාගෙන, නොමිනොන් එම්පොරියන් හෝ නම්කෙරුණු විදේශීය වෙළෙඳ වරාය ලෙසින් නම් කෙරුණු අතර, ඉන්දියාව සහ මධ්‍යධරණිය හා සමගින් අග්නිදිග ආසියාව සම්බණ්ධ කෙරුණු එවන් වෙළෙඳ මධ්‍යස්ථාන දාමයක කොටසක් ලෙසින් සැලකිණි.[1]

3වන සියවසෙහි චීන ලිඛිත වාර්තාවක් විසින් මෙම දිවයින විස්තර කෙරුණේ පූ ලොවු චූං (蒲羅中) ලෙසින් වන අතර, මෙය බොහෝවිට මැලේ පුලවු උජොං, "කෙළවර පිහිටි දිවයින" ( මැලේ අර්ධද්වීපය කෙළවර) යන්නෙහි අත්ෂර පරිවර්තනයක් විය හැක.[2]

ඉන්දියානු සංස්කෘතිය[සංස්කරණය]

ශ්‍රීවිජය අධිරාජ්‍යයේ කොටසක් ලෙසින් පැවති සිංගප්පූරුව, චෝල අධිරාජ්‍යයෙහි දකුණු ඉන්දියානු අධිරාජ පළමුවන රාජේන්ද්‍ර චෝල විසින් 11වන සියවසෙහිදී ආක්‍රමණය කෙරිණි.[3]

13වන සියවසෙහිදී නැව් බිඳීමක් නිසා මෙම දිවයිනට ගොඩ බැසූ ශ්‍රීවිජය කුමාරයෙක් වූ, ශ්‍රී ත්‍රී බුවනා ( සන් නීලා උතමා ලෙසින්ද හැඳින්වුනු) පිළිබඳ කතාන්තරයක් සජාරෝ මලායූ (මැලේ පුරාවෘත්ත) හී සඳහන් වෙයි. මෙම දිවයිනෙහිදී, කුමාරයා විසින් අමුතු සතෙකු දුටු අතර, මෙම සතා සිංහයෙකු බවට ඔහුට පවසා ඇත. මෙය සුබ ලකුණක් ලෙසින් විශ්වාස කළ හෙතෙම, සංස්කෘත භාෂාවෙන් "සිංහ නගරය" යන අර්ථය දෙන සිංහපුර නමින් ජනාවාසයක් පිහිටුවීමට තීරණය කළේය. 20වන සියවසෙහි මුල් භාගය වන තුරු මෙම දිවයිනෙහි කොටින් සැරිසැරූ මුත්, සිංගප්පූරුවේ කිසි කළෙක සිංහයන් සිටි බවට සිතිය නොහැක. කෙසේවෙතත් තවත් අදහසක් වන්නේ, සිංගප්පූරු දිවයිනෙහි සිතියම හෝ ඇහැසි දර්ශනය කේශරයක් සහිත සිංහයෙකුගේ මුහුණට සමානකමක් දක්වන නිසා මෙම නම යෙදී ඇති බවයි. [4][5]

මොංගල්වරුන් ඇතුන් ලබා ගැනුම සඳහා, 1320දී ලෝං යා මන් (龍牙門 හෝ මකරාගේ දත් සමුද්‍ර සන්ධිය) නම් ස්ථානයකට දූත මෙහෙයක් යැවූ බවට වාර්තා පවතින අතර, එම ස්ථානය කෙප්ල් වරාය බවට විශ්වාස කෙරෙයි.[6]


සටහන්[සංස්කරණය]

  1. හැක්, කාල්. "රෙකෝඩ්ස් ඔෆ් ඒන්ෂන්ට් ලින්ක්ස් බිට්වීන් ඉන්ඩියා ඇන්ඩ් සිංගපූර්". ජාතික අධ්‍යාපන ආයතනය, සිංගප්පූරුව. සම්ප්‍රවේශය 2006-08-04.
  2. "සිංගපූර්: හිස්ට්‍රි, සිංගපූර්". Asian Studies @ University of Texas at Austin. සම්ප්‍රවේශය 2006-07-07.[භින්න වූ සබැඳිය]
  3. ද පොපියුලේෂන් ඔෆ් සිංගපූර් බයි ස්වී -හොක් සෝ පි.2
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; uslcHistory නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. "සිංගපූර් - ප්‍රීකොලෝනියල් ඊරා". එ.ජ. ලයිබ්‍රරි ඔෆ් කොන්ග්‍රස්. සම්ප්‍රවේශය 2006-06-18.
  6. "සිංගපූර්: රිලේෂන්ස් විත් මැලේසියා". කමියුනිටි ටෙලිවිෂන් ෆවුන්ඩේෂන් ඔෆ් සවුත් ෆ්ලොරිඩා. 2006-01-10.