විකිපීඩියා:තෝරාගත් ලිපිය/16

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාව වසර 450 කට අධික කාලයක් පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් ලෙස පැවතුනි. බ්‍රිතාන්‍යයන් හෙවත් ඉංග්‍රීසීන් යටතේ ලංකාව පාලනය වන සමයේ දෙවන මහා ලෝක යුද්ධය ආරම්භ විය. 1939 දී දෙවන මහා ලෝක යුද්ධය ඇතිවන විට සතුරු බෝම්බ ප්‍රහාර හමුවේ ලංකාව ආරක්ෂා කිරිම බ්‍රිතාන්‍යය වගකීම විය. එසේම එය යුතුකමක් ද විය. මේ වගකීම මනා ලෙස තේරුම් ගත් එංගලන්ත මහ රැජින විසින් ජෙෂ්ට් ඩේකන් නැමැති නිළධාරියාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා රාජකීය ගුවන් හමුදාව පිහිටුවන ලදී. මොවුන් මුල දී කොළඔ, කටුනායක, චීන වරාය, මන්නාරම, කොග්ගල, මින්නේරිය සහ සීගිරිය යන ස්ථානවල තම ගුවන් කටයුතු ආරම්භ කළ අතර පසු කලෙක චීන වරාය හා කටුනායක යන ස්ථානවල ස්ථිර ගුවන් කඳවුරු පිහිටුවන ලදී. 1948 දී ලද නිදහසෙන් පසුව ශ්‍රී ලංකාවට ස්වදේශීය ආරක්ෂක හමුදාවක් ලෙස ගුවන් හමුදාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව විශාල ලෙස දැනුනි. මේ අතර මෙය අවබෝධකරගත් එවක සිටි පාලකයින් එතෙක් පැවැති ආරක්ෂක හමුදාව, ශ්‍රි ලංකා යුධ හමුදාව, රාජකීය ලංකා හමුදාව ලෙස 1949 දී පනත් අංක 41 මගින් පාර්ලිමේන්තුවේ නීතිගත කරන ලදී... (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය