සාර්ව ආර්ථික විද්‍යාව

විකිපීඩියා වෙතින්
Circulation in macroeconomics

සාර්ව ආර්ථික විද්‍යාව (ග්‍රීක උපසර්ඝයේ සිට" සාර්ව "-"විශාල"+"ආර්ථික") කාර්ය සාධනය, ආකෘතිය, හැසිරීම හා සාර්ව ආර්ථිකය පිළිබඳ තීරණ ගැනීම හා බැඳෙන ආර්ථිකයේ ශාඛාවකි. එය ජාතික, කලාපීය, හෝ ගෝලීය ආර්ථිකය විය හැක. ක්ෂුද්‍ර ආර්ථිකය සමඟ සාර්ව ආර්ථිකය ද ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍රයකි. සමස්ථ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය අවබෝධ කරගැනීම සඳහා සාර්ව ආර්ථික විද්‍යාඥයෝ දළ ජාතික නිෂ්පාදිතය, සේවා වියුක්ති අනුපාතය, හා මිල දර්ශක යන සමස්ථ දර්ශකයන් අධ්‍යයනය කරති. ආර්ථික විද්‍යාඥයෝ ජාතික ආදායම, නිෂ්පාදනය, පරිභෝජනය, සේවා වියුක්තිය, උද්ධමනය, ඉතුරුම්, ආයෝජන, ජාත්‍යන්තර වෙළඳාම හා ජාත්‍යන්තර මූල්‍ය යන ඒකකයන්හි සම්බන්ධතාවය වැඩිදියුණු කරති.

මෙයින් වෙන්ව, ක්ෂුද්‍ර ආර්ථිකය මූලික වශයෙන් යොමු වනුයේ යම් නිශ්චිත වෙළඳපොළවන්හි මිල ගණන් හා ප්‍රමාණයන් නිශ්චය කිරීම කෙරෙහි ව්‍යාපාරයන්හි හැසිරීම හා පාරිභෝගිකයන්ගේ හැසිරීම වැනි තනි කාරකයන්ගේ හැසිරීම පිළිබඳව ය. සාර්ව ආර්ථිකය යනු පුළුල් විෂය පථයකි.ශික්ෂණය පිළිබඳ දුෂ්ටාන්ත සපයන ගවේෂණ අංශ දෙක ලෙස, ජාතික ආදායමේ කෙටිකාලීන බිඳවැටීම්(ව්‍යාපාර චක්‍ර), හි ප්‍රතිවිපාක හා එයට බලපාන සාධකයන් අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම හා දිගුකාලින ආර්ථික වර්ධනයපිළිබඳ නිර්ණායකයන් (ජාතික ආදායමේ වර්ධනයන්) අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම වේ. සාර්ව ආර්ථික ආකෘති හා ඒවායේ පුරෝකථනයන් රජය හා විශාල සමාගම් විසින් ඒවායෙහි වර්ධනය හා ආර්ථික ප්‍රතිපත්ති සහ ව්‍යාපාර මූලෝපායන් ඇඟයිමට යොදා ගනු ලැබේ.

සාර්ව ආර්ථික න්‍යායේ වර්ධනය[සංස්කරණය]

සාර්ව ආර්ථික විද්‍යාව යන වචනය 1993 දී නෝර්වේජියානු ආර්ථික විද්‍යාඥ රග්නර් ෆ්‍රින්ච්ගේ ආර්ථික පද්ධති යන වචනයෙන් බිඳී ආවකි. මෙම ක්ෂේත්‍රයේ මූලිකාංග කිහිපයක් අවබෝධ කර ගැනීම සඳහා දිගුකාලීන පරිශ්‍රමයක් වූ බව විද්‍යාමාන විය. එනිසා පෙර වූ ව්‍යාපාර බිඳ වැටීම් හා මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ඉගැන්වීම් වැඩි දියුණු විය. ආර්ථික චින්තනයේ කැපී පෙනෙන ඉතිහාසඥයකු වූ මාක් බැග්, සිය “කේන්ස්ට පෙර සිටි විශිෂ්ට ආර්ථික විද්‍යාඥයන් :1986” තුළින් හෙළිදරව් කරනුයේ ස්වීඩන් ජාතික ආර්ථික විද්‍යාඥ ක්නුට් වික්සෙල්”සුලුවෙන් හෝ විශාල වශයෙන් නව සාර්ව ආර්ථික විද්‍යාව සොයා ගත් බව ය.

සාර්ව ආර්ථික සංකල්පිත දර්ශන[සංස්කරණය]

සාම්ප්‍රදායික විශේෂත්වය ආර්ථිකය තුළ ප්‍රභේදයන් තුනක් අතර පවතී. ඉල්ලුම කෙන්ද්‍රගත වූ කේන්සියානු ආර්ථිකය, තාත්වික අපේක්ෂාවන් හා කාර්යක්ෂම වෙළඳපොළවල් මූලික කර ගත් නව සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව හා නවෝතපාදනය තුළින් දියුණුව කෙන්ද්‍රකර ගත් නවෝත්පාදන ආර්ථික විද්‍යාව ඒ ප්‍රභේදයන් වේ. වෙළඳපොළයන්හි මිල සහ වැටුප් ආර්ථිකයේ බිඳ වැටීම් සමඟ ගැළපිය නොහැකිබව කේන්සියානු චින්තකයෝ තර්ක කරති.කිසිම දර්ශනයක් අන් අයගේ නිශේදයන් සම්පූර්ණ කිරීම නියමානුකූලව අනුමත නොකරති. නමුත් බොහෝ දර්ශනයන් විසින් ප්‍රවේශයන් එකක් හෝ කීපයක් න්‍යාත්මක පදනම ලෙස අවධාරණය කෙරේ.

...[1]කේන්සියානු සම්ප්‍රදාය[සංස්කරණය]

කේන්සියානු ආර්ථිකය ජෝන් මයනර්ඩ් කේන්ස් නම් ආර්ථික විද්‍යාඥයාගෙන් විශාල ලෙස බලයලත් අධ්‍යාපනික න්‍යායක් ව තිබිණි. මෙම කාල සීමාව සේවා වියුක්තිය හා ව්‍යාපාර චක්‍රය පිළිබඳව පැහැදිලි කිරීමට සමස්ත ඉල්ලුම කෙරෙහි යොමු විය. එය ව්‍යාපාර චක්‍රයේ බිඳ වැටීම පිස්කල් ප්‍රතිපත්තිය හා මූල්‍ය ප්‍රතිපත්තිය හා මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් අවම කිරීම ගැන ය. නව කේන්සියානුවන් විසින් නව සාම්ප්‍රදායික සංකලනයේ ඇති නව සාම්ප්‍රදායික මූලිකාංග කීපයක් සමඟ කේන්ස්ගේ චින්තනය හා සම්බන්ධ කරන ලදී. නව චිරන්තන ආර්ථිකයට අඩ වශයෙන් ප්‍රතිචාර දැක්වීමට වැඩිදියුණු කරන ලද නව කේන්සියානු ආර්ථිකය විසින් නිර්මාණය කරන ලද නව ආකෘති පරම්පරාවන් විසින් නව කේන්සියානුවාදය පිරිහීමට හා ප්‍රතිස්ථාපනය වීමට ලක් විය. අසම්පූර්ණ ආර්ථිකයන්ට ඉල්ලුම් කළමණාකරණය සාධරණීය කරනුයේ කෙසේද යන්න පෙන්වා දෙමින් කේන්සියානු ආර්ථිකයට ක්ෂුද්‍ර ආර්ථික පදනමක් සැපයීමට නව කේන්සියානුවාදය උත්සහා දරයි. කෙටි කාලීන හා දිගු කාලීන ඉල්ලුමෙහි වැදගත්කම හා අවිනිශ්චිතාවය, ද්රවශිලතාවරණය හා ක්ෂුද්‍ර ආර්ථිකයෙහි ෙඑතිහාසික වර්ධනය පිළිඹිබු කරමින් පශ්චාත් කේන්සියානු ආර්ථිකය මූලික කේන්සියානු ආර්ථිකයන්හි කේන්සියානු විරුද්ධත්වය නියෝජනය කරයි.

නව සාම්ප්‍රදායික සම්ප්‍රදාය[සංස්කරණය]

ශතවර්ෂ ගණනක් තුළ කේන්සියානුවන් හා සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන් විසින් සාර්ව ආර්ථික විද්‍යාව පූර්ව අධ්‍යනය හා අපර අධ්‍යනය ලෙස ස්වතන්ත ක්ෂේත්‍රයන් වලට විභේදනය විය. 1970 දී නව සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව කේන්සියානුවන්ට ඔවුන්ගේ සාර්ව ආර්ථික සිද්ධාන්තය ක්ෂුද්‍ර ආර්ථිකය තුළ ස්ථාපනය කර ගන්නා ලෙසට අභියෝග කළේ ය. මෙම සාර්ව ආර්ථික විද්‍යාවේ දෙවන පියවරේ ප්‍රධාන ප්‍රතිපත්තිය වෙනස් වනුයේ පොළී අනුපාත හා මුදල් සැපයුම වැනි මූල්‍ය ප්‍රතිපත්තිය වෙත සැපයුම ඉහළ නැංවීම යි. මෙම දර්ශනය ලුකස් ක්‍රිටික් සමඟ 1970 දි එළිදරවු විය. තාත්වික අපේක්ෂාවන් පදනම් වු නව චිරන්තන සාර්ව ආර්ථික විද්‍යාව, කාලය හා අවිනිශ්චිතාවය මත වරණය ප්‍රශස්ත ලෙස සිදුවන බව හා සියලුම වෙළඳපොලවල් නිශ්කාශනය වන බව කියයි. නව චිරන්තන සාර්ව ආර්ථික විද්‍යාව සාමාන්‍යයෙන් තාත්වික ව්‍යාපාර චක්‍ර මත පදනම් වේ. මිල්ටන් ෆීඩ්මන් විසින් ප්‍රධාන ව සැළකූ මූල්‍ය පරිපාලනය හැමවිටම හා හැමතැන්හිදි ම උද්ධමනය(ආර්ථිකය) උද්ධමනය මූල්‍ය සංසිද්ධියක් දරයි. එය පෟද්ගලික අංශය වර්ධනයට මූලික වන නිසා එය පිස්කල් ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරයි. තවදුරටත් එය කේන්සියානු ආර්ථිකයේ වන කාර්යශීලී ඉල්ලුම් කළමණාකරණය මෙන් උද්ධමනය හෝ අවධමනය ඝට්ටනය කිරීමට බලාපොරොත්තු නොවේ. නමුත් මූල්‍ය ප්‍රතිපත්ති නීතීන්ට අනුව මුදල් සැපයුමේ වර්ධන අනුපාතය දිගුකාලයක් තුළ ස්ථායිව පවත්වා ගැනීම සිදුවේ.

සාර්ව ආර්ථික නීතීන්[සංස්කරණය]

විශාල ආර්ථික අවපාතයන් වැනි ප්‍රධාන ආර්ථික කැළඹීමි වලින් ඈත්ව සිටීමට රජය ගැළපීම් සිදුකරමින් ප්‍රතිපත්ති වෙනස් කිරීම තුළින් ආර්ථිකය ස්ථායිතාව බලාපොරොත්තු වේ. මෙම ගැළපීම්වල සාර්ථකත්වය ස්ථායිතාව හා චිරස්තීන වර්ධනයට අත්‍යවශ්‍ය බව රජය විශ්වාස කරයි. මෙම ආර්ථික කළමණාකරණය රාජ්‍ය උපාය මාර්ගයන් දෙකක් තුළින් ලබා ගෙන ඇත.

තවදුරටත් බලන්න[සංස්කරණය]

Notes[සංස්කරණය]

  1. ස්‍ය්ඩ්‍ය්ස්ංංහ්ඩ්ජ්

References[සංස්කරණය]

සැකිල්ල:Macroeconomics

"https://si.wikipedia.org/w/index.php?title=සාර්ව_ආර්ථික_විද්‍යාව&oldid=593720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි