උද්ධමනය

විකිපීඩියා වෙතින්
2019

උද්ධමනය යනු අඛණ්ඩ සහ නිරන්තර සාමාන්‍ය මිල මට්ටමේ ඉහල යෑමක් ලෙස නිර්වචනය කල හැක. යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින් වේ. තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස සලකනු ලබන්නේ තැත. උද්ධමනය රටින් රටට වේනස් වේ, දියුනු රටවල උද්ධමනය 2%- 3%ක මට්ටමක පවති, ඵය සාමාන්‍යය තත්වයකි නමුත් ඵය 8%- 9% පවති නම් ඵය උද්ධමනයේ සැලකිව යුතු තත්වයකි.

උද්ධමනයෙ තිව්‍රතා[සංස්කරණය]

මන්දගාමි උද්ධමනය[සංස්කරණය]

මිළ ගනන් සෙමෙන් වැඩිවන මෙය ආකාරයේ උද්ධමනයක් ඇති වේ. උදාහරණයක් ලෙස ලංකාවේ 1970 ගනන්වල මෙවැනි තත්වයක් පැවතින

ජවන උද්ධමනය[සංස්කරණය]

සියයට 20,100,200,අගය කින් උද්ධමන වේගය වැඩි නම් ජවන උද්ධමනය ඇති වේ. උදාහරණයක් ලෙස ආර්ජන්ටිනාව,බ්‍රසිලය වැනි රටවල 1980 ගනන්වල මෙවැනි තත්වයක් පැවතින.

අතිධාවන උද්ධමනය[සංස්කරණය]

ඉතා ඉහළ අගයක් සහිතව මෙය පවති. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය තුල මෙය දක්නට ලැබින.


උද්ධමනය මනින ලබන ප්‍රධාන ක්‍රම[සංස්කරණය]

මිල දර්ශක භාවිතා කර

උදා-පාරි‍භෝගික මිළ දර්ශකය, නිෂ්පාදන මිළ දර්ශකය

G.D.P අවධමනකය භාවිතා කර

උද්ධමනයේ ප්‍ර‍භේද[සංස්කරණය]

උද්ධමනය යන්න ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි ය.

  1. ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය
  2. පිරිවැයෙන් තල්ලු වු උද්ධමනය


ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය[සංස්කරණය]

කේන්සියානු න්‍යායට අනුව සමස්ත ඉල්ලුම ඉහළ යනවිට ඉල්ලුම් වක්‍රය දකුනට විතැන් විම නිසා ඉල්ලුමෙන් ඇදෙන උද්ධමනය ඇති වේ.එනම් සමස්ත ඉල්ලුම ඉහළ යන නිසා සේවා නියුක්තිය ඉහළ යයි .සේවා නියුක්තිය ඉහළ යන විට සමස්ත ඉල්ලුම ඉහළ යයි මෙහි දි මිලට ඇති වන බලපැම තිරනය කරනුයේ සමස්ත සැපයුම් වක්‍රයේ හැඩ යයි.

ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය ඇති විමට බලපාන හේතු[සංස්කරණය]

  1. රාජ්‍යය හා පෞද්ගලික අංශයේ පරිභෝජන වියදම් ඉහළ යාම
  2. රාජ්‍යය හා පෞද්ගලික අංශයේ ආයෝජන වියදම් ඉහළ යාම
  3. මුදල් සැපයුම වැඩිව විම
  4. විදෙශිය ඉල්ලුම ඉහළ යාම
  5. සේවා නියුක්තිය ඉහළ යාම

මෙම හේතු සාදක මත සැපයුම වක්‍රය ස්ථාවරව තිබිය දි ඉල්ලුම වැඩි වි ඉල්ලුම් වක්‍රය දකුනට විතැන්වේ.එනම් ඉල්ලුම වැඩි නිසා,භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් උද්ධමනය ඇති වේ.

ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය දෙයාකාරයේන් වෙනස් වේ

එනම්,

  1. මුර්ත සාදක ආශ්‍රයේන්
  2. මුල්‍යය සාදක ආශ්‍රයේන්
මුර්ත සාදක ආශ්‍රයේන්[සංස්කරණය]

AD=C+I+G+NX NX=(X-M)

AD-සමස්ත ඉල්ලුම C-පරි‍භෝජනය I-අයෝජනය G-රාජ්‍යය වියදම් NX-ශුද්ධ නිර්යාත


මෙහි එක් විචල්‍යයක් වෙනස් විමෙන් සමස්ත ඉල්ලුමට බලපානු ලැබේ.එය උද්ධමනය සදහා හේතු සාධක වෙනු ලැබේ

මුල්‍යය සාධක ආශ්‍රයෙන්[සංස්කරණය]

සමස්ත ඉල්ලුම ඉහළ යන්නෙ මුදල් සැපයුම ප්‍රසාරනය විමේදිය.මෙහි දි මුදල් සැපයුම ඉහළ ගොස් මුදල් ඉල්ලුම නොවෙනස්ව පැවතිය හොත් පොලිය පහළ යයි.මෙහි දි අයෝජනය මෙන්ම පරිභෝජනය ද ඉහළ ගොස් සමස්ත ඉල්ලුම ඉහළ යාම තුලින් උද්ධමනය හට ගනි.

පිරිවැයෙන් තල්ලු වු උද්ධමනය[සංස්කරණය]

පිරිවැයේන් තල්ලු වු උද්ධමන තත්වයක දි නිශ්පාදන පිරිවැය ඉහළ යයි එවිට භාණ්ඩ හා සේවා සැපයුම පහළ ගොස් සාධක ඉල්ලුම ද පහළ යයි.මේ නිසා සමස්ත සැපයුම් වක්‍රය වමට විතැන් වේ.


පිරිවැයේන් තල්ලු වු උද්ධමනය ආකාර 04කි.

  1. වැටුපෙන් තල්ලු වු උද්ධමනය
  2. ලාභ තල්ලු වු උද්ධමනය
  3. අමු ද්‍රව්‍ය හා අතර මැදි භාණ්ඩ වල මිල ඉහළ යාමෙන් හට ගැනෙන උද්ධමනය
  4. විනිමය අව ප්‍රමානය විම හේතුවෙන් හට ගැනෙන උද්ධමනය

වැටුපෙන් තල්ලු වු උද්ධමනය[සංස්කරණය]

මෙහි දි උපකල්පනය කරන්නේ වැටුප් ඉහළ ගියත් ඵලදායිතාවය නොවෙනස්ව පවති යන්නය. ඉහළ වැටුප් සමඟ ඵළදායිතාවය ඉහළ ගියහොත් භාණ්ඩ ප්‍රමානයන් ඉහළයාම හේතුවෙන් මිළ ඉහළ නොයයි.

ලාභ තල්ලු වු උද්ධමනය[සංස්කරණය]

ඒකාධිකාරි වෙළඳපොල ස්වරුපයක් හෝ ද්වි අධිකාරි තත්වයක් හෝ සමාගම් කිපයක් පවතින අවස්ථාවක මෙවනි තත්වයක් ඇති වේ.ද්වි අධිකාරි හා කතිපයාධිකාරි සමාගම් අතර තරගයක් නම් ලාභ ලැබිය නොහැක එහිදි රහස් ගිවිසුම් වලට එළඹිමෙන් මිළ ඉහළ මට්ටමක පවත්වා ලාභ තල්ලු වු උද්ධමනය ඇති කල හැක.

ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය[සංස්කරණය]

උද්ධමනය ගැන සලකා බැලීමේදී එහි ප්‍රධාන අංශයක් ලෙස ඉලුමෙන් ඇදුනු උද්ධමනය ‍පෙන්වා දිය හැක.එය පහත ප්‍රස්ථාරයෙන් පෙන්විය හැක.


එය සාමාන්‍ය සමාහාර අධි ඉල්ලුමක් නිසා ඇති වන්නකි.සරලව කිවහොත් භාණ්ඩ සුළු ප්‍රමාණයක් පසු පස විශාල මුදල් සම්භාරයක් හඹා යෑම මීට හේතුවයි.මෙම විස්තරය කිරීමට අනුව භාණ්ඩ හා සේවා සදහා ඇති ඉල්ලුම,ඒවායේ සැපයුමට වඩා ඉහල යෑම නිසා මිල මට්ටමේ ඉහල යෑම ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය ඇති වීමට බලපායි.මෙම උද්ධමන තත්වය විස්තර කිරීම සදහා න්‍යායන් දෙකක් ඉදිරිපත් වී ඇත. -ප්‍රමාණාත්මක න්‍යාය -කෙන්සියානු න්‍යාය

-ප්‍රමාණාත්මක න්‍යාය[සංස්කරණය]

මෙය මිල මට්ටම්වල හා සමාහාර ඉල්ලුමේ සම්බන්ධ න්‍යායක් ලෙස හැදින්විය හැක.මුදලේ සංසරණ ප්‍රවේගය ස්ථාවර අනුපාතයක පවතින විට,මුදල් සැපයුම වැඩිවීමත් මුළු වියදම් කිරීම් වැඩිවීමට හේතු වේ.ආර්ථිකය පුර්ණ සේවා නියුක්ති මට්ටමක පවතින විට භාණ්ඩ හා සේවා මත වියදම් වැඩිවීම,මිල මට්ටම වැඩි වීමට හේතු වේ.මෙම මිල මට්‍ටම වැඩි විම අඛණ්ඩව හා නිරන්තර සිදුවන විට,ඉහත දැක්වු නිර්වචනයට අනුව ආර්ථිකය තුල උද්ධමනයක් පවතී.ඒනිසා මුදල් සැපයුම ඉහල යන ප්‍රමාණයක් පාසා උද්ධමනය ඉහල යයි.මුදල් සැපයුසමේ ප්‍රමාණය නැවතුන විට උද්ධමනය ඉහල යෑම නවතී.

-කෙන්සියානු න්‍යාය[සංස්කරණය]

කෙන්සියානු න්‍යායට අනුව ආයෝඡනයේ ආන්තික කාර්යක්ෂමතාව හා ආන්තික පරිභෝඡන නැමියාව ආදායම් ප්‍රමාණය තීරණය කරයි.නව ප්‍රමාණවාදීන් විසින් කියන්නේ මෙම සාධකයලට බලපාන ප්‍රධාන සිද්ධාන්තය නම්,සත්‍ය හා අපේක්ෂිත මුදල් සැපයුම වෙනස්වීම බවයි.

පිරිවැයෙන් තල්ලු වු උද්ධමනය[සංස්කරණය]

නිෂ්පාදන පිරිවැය වැඩි වීම නිසා ඇතිවුණු සැපයුමේ අඩුවීම මගින් මිල මට්ටම ඉහල යන බව මෙම න්‍යාය මගින් පෙන්වා දෙයි.එය පහත ප්‍රස්ථාරයෙන් පෙන්විය හැක.


සමාහාර සැපයුම් ශ්‍රිතයට බලපෑම් කරන ප්‍රධාන අංශ දෙකකි.මේ අංශ දෙකටම ඉතා විශාල වෙළදපල ශක්තියක් හා බලපෑමක් ඇත.ඔවුන්ගේ ක්‍රියා කලාපයේ හේතුවෙන් උද්ධමනකාරී තත්වයක් ඇතිවේ.

  • වෘත්තීය සමිති මගින් ඉහල වැටුප් ඉල්ලා කරනු ලබන උද්ඝෝෂණ
  • ඉහල මිල මට්ටම් පව‍ත්වාවගෙන යන ව්‍යාපාර ආයතන ඒකාධිකාරී වෙළදපලවල් නිසා ඔවුන්ට ඉහල මිල මට්ටන් පවකත්වා ගත හැක.

මෙම අංශ දෙකම සැපයුම් අංශයට බලපෑම් කරයි.ඒවා වැටුපෙන් තල්ලුවු සහ ලාභයෙන් තල්ලු වු සාධක ලෙස හදුන්වයි.


-වැටුපෙන් තල්ලුවු උද්ධමනය[සංස්කරණය]

ඵලදායීතාවය ඉහල යන වේගයට වඩා වැඩි වේගයකින් වැටුප් ඉහල යන වි‍ට සැපයුම් ශ්‍රිතයට උද්ධමනකාරී බලපෑම් ඇතිවේ.වැටුප් රේටයන් වැඩිවීමට එක් හේතුවක් ලෙස ශ්‍රමයට ඇති අධි ඉල්ලුම දැක්විය හැක.පූර්ණ සේවා නියුක්ති මට්ටමේ ආර්ථිකය පවතින වි‍ට,මුදල් ආදායමේ වැඩිවීමක් උද්ධමනය වැඩි වීමට හේතු සාධක වේ.

-ලාභයෙන් තල්ලු වු උද්ධමනය[සංස්කරණය]

සැපයුම් අංශයේ තවත් එක් උද්ධමනකාරී සාධකයකි.මෙය ශ්‍රමිකයන් වැටුප් රේටයන් වැඩි කරගැනීමට ක්‍රියාකරන සේම සමහර ඒකාධිකාරී හා කතිපයාධිකාරී ආයතන පිරිවැය වැඩිවනවාට වඩා වැඩි වේගයකින්,මිල වැඩි කරගැනීමට උත්සාහ කරයි.පොදු වැටුප් උද්ධමනයක් සදහා සංවිධිත වෘත්තීය සමිති පැවතිය යුතු සේම ලාභයෙන් තල්ලුවු උද්ධමනයක් ඇති වීම සදහා අසම්පුර්ණ වෙළදපලවල් පැවතීම අත්‍යවශ්‍ය වේ.ගැනුම්කරැවන්ගේ හා විකුණුම්කරැවන්වගේ තරගයක් තුලින් මිල තීරණය වීමකදී,විකුණුම්කරුට මිල ඉහල දැමීමේ අවස්ථාවක් උදා නොවේ.නමුත් බොහෝ භාණ්ඩවලට මෙවැනි පුර්ණ තරඟයක් ඇති නොවේ.එහිදී මිල තීරණය කරීම සිදු කරනුයේ විකුණුම්කරු විසිනි.මෙවැනි ‍වෙළ‍දපල තත්වයක් පවතින රටක,විකුණුම්කරැවන් විසින් පිරිවැය ඉහල යන වේගයට වඩා වැඩියෙන් මිල ඉහල දමා,අධික ලාභයක් ඉපයීමට උත්සුක වේ.එහිදී ලාභයෙන් තල්ලුවු උද්ධමනයක් ඇති වේ.

උද්ධමනයේ ප්‍රතිවිපාක[සංස්කරණය]

උද්ධමනය නිසා ආර්ථික දුර්විපාක එයට එක්වන සමාඡ දුර්විපාක වලින් තවත් තීව්‍ර වේ.අ‍දායම් රටාවන්වල ඇතිවන වෙනස්කම් ,සේවා වියුක්තිය ඉහල යෑම ආදිය නිසා සමාඡ දුර්විපාක උද්ධමනය නිසා ඡනිත වේ.තවද සීඝ්‍ර ලෙස පහත වැටෙන ඡනතා ඡීවන තත්වය නිසා දේශපාලන කරලිය තුලද මහා ඝට්ඨනයක් හා කැලඹීම් ඇති වේ.මේ නිසා ආර්ථික විද්වතුන්ගේ ඒකමතික අදහසනම්,තිරසාර ආර්ථික සංවර්ධනයක් ලගාකර ගැනීම සදහා අත්‍යාවශ්‍ය මුලික සාධක‍යක් ලෙස මිල ම‍ට්ටම්වල ස්ථායීතාවය පෙන්වාදිය හැකි බවයි.උද්ධමනයේ ආර්ථික ප්‍රතිවිපාක විවිධ වේ.ඒවා එකක‍ට එකක් වශයෙන් සම්බන්ධව පවතී.එක් උද්ධමන විචල්‍යයක ඇතිවන වෙනසක් තවත් විචල්‍යයක වෙනසකට හේතු වේ.උද්ධම‍න ප්‍රතිවිපාක කිහිපයක් පහත දැක්වේ.

  • ආදායම් නැවත බෙදීයාමක් ඇති වීම.

උද්ධමන කාලයකදී ස්ථිර ආදායම්(වැටුප්) ලබන අයගේ මුර්ථ ආදායම්,විචල්‍ය ආදායම් ලබන අයට සාපේක්ෂව අඩුවේ.ස්ථිර ආදායම් ලබන අයගේ සිට විචල්‍ය ආදායම් ලබන අයට ආදායම් ප්‍රති බෙදීයාමක් හා ගලා යෑමක් දක්න‍ට ලැබේ.ණය ගැතියන් විසින් ගෙවන වාරික පොලී වල නාමික අග‍ය වෙනස් නොවුවත් ඒවා‍යේ මුර්ත අගය අ‍ගය අඩු වේ.එ‍ය මගහැරීමට තරම් අවශ්‍ය ප්‍රමාණයකට පොලී අනුපාත වැඩි නොවේ.

  • උද්ධමනය මුල්‍ය වෙළදපලට අහිතකර බලපෑම් එල්ල කරයි

මුල්‍ය වත්කම් වල ආයෝඡනය හා ඉතිරිකිරීම් කිරීම සදහා කිසිම දිරිගැන්වීමක් උද්ධමන කාලයකදී ඇති නොවේ.ආයෝඡනය හා ඉතුරැම් අධෛර්යමත් වේ.සමහර අවස්ථාවලදී ඉතුරැම් සදහා ලැබෙන සත්‍ය ඵලදායී පොලිය සෘණ(-) අගයක් ගනී.එ‍සේ වන්නේ පොලී අනුපාත වල ඇති දැඩි බව නිසයි.පොලී අනු‍පාත උද්ධමන අනුපාතයට වඩා අඩු වන විට ණය සදහා විශාල අධි ඉල්ලුමක් ඇති වේ.එනිසා විශාල මුල්‍ය ප්‍රසාරණයක් ඇති වන බැවින් අධිකාරි විසින් ණය පාලනය කිරීමට උත්සුක වේ.

  • ආර්ථිකය තුල නිෂ්පාදන රටාව වෙනස් වීම

උද්ධමනකාරී තත්වයක් මැඩ පැවැත්වීම සදහා රඡයක් විසින් කරනු ලබන සමාඡ පොදු කාර්යය,ආයෝඡන අඩු කිරීම් කරනු ලබයි.මෙම පොදු කාර්යය ආයෝඡනයක් කරනු ලබන්නේ ආර්ථික සංවර්ධනය උත්තේඡනය කිරීමටයි.ප්‍රමාණාත්මක පාලනයක් මගින් ආනයන සීමා කිරීම නිසා මෙම භාණඩ සදහා දේශීය වෙළදපල තුලට නැඹුරැ වීමක් දක්නට ලැබේ.‍දේශීය වෙළදපලේ එවැනි භාණඩ වර්ගයන්ට ලැබෙන ඉහල මිල ගනන් නිසා ආයෝඡකයින් මෙම ක්ෂේත්‍රවලට යොමු වීමක් දක්නට ලැබේ.තවද අනෙකුත් ක්ෂේත්‍රවලින් මෙම ක්ෂේත්‍රවල‍ට සම්පත් මාරැ කිරීමද දක්නට ලැබේ.මේනිසා ආයෝඡන ව්‍යුහය සහමුලින්ම අවුල් තත්වයට පත්වේ.

  • උද්ධමනය නිසා මිල ක්‍රමයත් සම්පත් වෙන් කිරීමත් අවුල් වේ.

උද්ධමනකාරී තත්වයකදී සෑම මිලක්ම එක ලෙස ඉහල නොයයි.රඡයක් විසින් වැදගත් පාරිභෝගික භාණ්ඩ මෙම උද්ධමනකාරී ප්‍රවනතාවෙන් මුදවා ගැනීමට,මිල පාලනයන් ක්‍රියාත්මක කරයි.එනිසා සාපේක්ෂ මිල ගණන් හා සම්පත් වෙන් කිරීම ව්‍යාකූල වේ.පොදු මිල මට්ටම් සමග වැඩි වීමට ඉඩ නොදෙන භාණ්ඩ සදහා,ආයෝඡනය කිරීමට ආයෝඡකයන් අධෛර්මත් වේ.

අති උද්ධමන ආර්ථිකයක්[සංස්කරණය]

අති උද්ධමන සමයේදි රත්‍රන් ඉතා වටිනා තැන්පතුවකි

krugerrond කාසියක් හා Sovereign කාසි 3 ක් මෙහි ඇත උද්දධමනය සමයන්හි රන්මිල, නෝට්ටුවල වටිනාකමට වඩා ශිග්‍රයෙන් ඉහළ යයි. අති උද්ධමයකට මුහුණ දෙන රටවල බැංකු විසින් විශාල වටිනාකම් ඇති නෝට්ටු හඳුන්වාදිම සිදුකරයි. කුඩා අගයක් ඇති නෝට්ටුවල වටිනාකම ඉතා අඩුවීයාම ඊට හේතුවයි. මෙහිදි ඉතා විශේෂ නෝට්ටු නිපදවේ. 1 000 000 000 (බිලියන 1) හා ඊට වැඩි නෝට්ටු මීට ඇතුළත්ය.

1923 අගභාගයේ වෙයිමාර් සමුහාන්ඩුව විසින් මිලියන පනහක අගයක් ඇති නෝට්ටුවක් හා මුද්දර නිකුත් කරන ලදී. වැඩිම අගයක් ඇති නෝට්ටුව මාර්ක් ට්‍රිලියන 100 නෝට්ටුවයි. මෙම නෝට්ටු මුද්‍රණය කරන රිච් බැංකුවට (Reichboke) 32,776,899,763,734,490,417.05 ක (මිලියනයේ අගයන් මිලියන 33 ක් පටන් ගෙන හෝ Qwrtrillion ක්වින්ට්‍රිලියනය 33 ක් ) මෙතෙක් නිකුත් කළ ඉහළ අගය ඇති නෝට්ටුව 1964 භංගේරියානු ජාතික බැංකුව විසින් නිපදවු ක්වින්ට්‍රියන 100 ක නෝට්ටුවයි (මීට වඩා 10 ගුණයක් වටිනා නෝට්ටුවක් මුද්‍රණය කර තිබුණත් එය නිකුත් කළේ නැත. පෙන්ගෝ 1021 වටිනා නෝට්ටුවකි) කෙසේ වෙතත් මෙම අගය නෝට්ටුව සදහන් නොවිය. පෙන්ගො (penigo) බිලියන 500 වුගෝ ස්‍ලේම් ඩිනාර් (rugoselev diner) 1 ක් ලෙස මුද්‍රණය විය. දෙවන ලෝක යුද්ධ සමයේ මාසික උද්ධමනයේ ඉහළ අගයේ වාර්තාව භංගේරියාව තැබීය. මාසික උද්ධමනය 41 900 000 00 000 000% (4.9 ×10 16) - සියයට ක්වින් ට්‍රිලියන 42 ක් පමණ අගයක් 1946 ජුලි මස වාර්තා වු අතර සැම පැය පහළවකටම වතාවක් මිල දෙගුණ විය.

ඉහළ අගයක් මුද්‍රණය වැළැක්විමට ඇති ක්‍රමය නම් නව මුදල් ඒකක හදුන්වාදිමයි. ඩොලර් බිලියන 10 නෝට්ටුවක් මුද්‍රණය වෙනුවට නව ඩොලර් 12 නොට්ටුවක් මුද්‍රණය කළ හැකිය. උදා ලෙස 2005 ජනවාරි 1 සිදුවු ටර්කිහි ( ) ලීරා ( ) මුදල් ප්‍රතිප්‍රමාණයේදී පැරණි ලීරා මිලියනයක් නව ලිරා 1 ක් ලෙස නම් කළේය. මෙහිදී සත්‍ය මිල අගය පහත නොවැටෙන අතර මෙය නාවික මිල කිරීම ලෙස හදුන්වයි. ඕනෑම සම්මත උද්ධමනයක් ඇති රටක් කාලයක් සමග මෙවන් නැවත මිල කිරිම් කරන නමුත් අති උද්ධමනයක් ඇති රටක එලෙස කිරීමට පෙර සිග්‍රයෙන් මිල ඉහළ නගී.

සමහර බැංකු නෝට්ටු සම අගය වෙනස්වීම පෙන්විමට ලකුණක් විය. ඊට හේතුව නව නෝට්ටු මුද්‍රණය කිරිම ප්‍රමාද විම නිසා, ඒවා මුද්‍රණය කරන විට එහි අගය භාවිතා කිරිමට නොහැකි තරම් පහළ ගොස් තිබිම නිසාය. ලෝහ කාසි අති උද්ධමනයේ ආවපාතිකයක් විය. ලෝහයේ අගය කාසියේ වටිනාකම වැඩි විමට හෙතුවයි. බොහෝ කාසි උණුකර විදේශ ව්‍යවහාර මුදල් ලෙස අපනයනය කරන ලදි. ඇමරිකා එක්සත් ජනපදේ "පෙනි" කාසියට මෙසේ වර්තමානයේ සිදුවේ.

රජයකට සත්‍ය උද්ධමනය හැංගිමට ක්‍රම ඇත. සංඛ්‍යාන වාර්තා විකෘති කිරීම (සැපයුම, උද්ධමනය හෝ සංචිතය) මෙම සංඛ්‍යාත පළ කිරීම මර්දනය මිල හා වැටුප් පාලනය ඉතිරි කිරිමේ ක්‍රම වලට බල කිරිම් මුදල් සංසරණය අවම කර ඉල්ලුම හා සැපයුම පාලනය මෙහි අරමුණයි. පාරිභෝගික මිල දර්ශකයේ ඇති මිල ශීග්‍රයෙන් වැඩිවන භාණ්ඩ එම ලැයිස්තුවෙන් ඉවත් කිරීම

ඉහත කුමන දේ කළත් උද්ධමනයේ හේතුව නැතිවෙන්නේ නැත. එමෙන්ම මෙවැනි සැගවිම් හසු වුවහොත් ජනතාව තුළ මුදල පිළිබද විශ්වාසය පළුදු වී තව දුරටත් උද්ධමනය ඉහළ යාමට හේතු විය හැකිය. මිල පාලනය හේතුවෙන් භාණ්ඩ සැඟවීම මගින් පාලන කල භාණ්ඩ වලට අධික ඉල්ලුමක් ඇතිවිය හැකි අතර එබැවින් සැපයුම අඩාල වි භාණ්ඩ නිෂ්පාදනය නැතිවි හැකිය. මිල පාලනය නිසා පාඩු ලැබීම නිෂ්පාදනය අඩාල විමට හේතුවයි.


උද්ධමනය පිළිබද මුල්‍යය වාදින්ගෙ අදහස[සංස්කරණය]

මෙහි දි අදහස් දෙකකි.එනම් මුල්‍යය ප්‍රමාණවාදි අනුවාදය මුදල් ප්‍රමාණවාදයේ නුතන අනුවාදය

මුල්‍යය ප්‍රමාණවාදි අනුවාදය[සංස්කරණය]

සම්භාව්‍යය අර්ථක විද්‍යයාව පාවිචිචි කරන ලද මුල්‍යය ප්‍රමාණවාදි අනුවාදය මෙමගින් නිරුපනය වේ.මෙහි මුලික සලකා බලනු ලබන්නේ

MV=PT බවයි,

M-මුදල් සැපයුම V-මුදලේ සංසරන ප්‍රවේගය P-මිළ මට්ටම T-ගනුදෙනුවල පරිමාව

මෙය උපකල්පන දෙකක් මත විග්‍රහ කරයි

ගනුදෙනු වල පරිමාව පුර්ණ සේවා නියුක්ති මට්ටමෙ පවති මුදලේ සංසරන ප්‍රවේගය දිගු කාලයේ ස්ථාවර අගයක් ගනි

මෙහි දි මුදල් සැපයුම ඉහළ යන්නේ නම් එම අනුපාතයේන් මිළ ඉහළ යයි.VහාT සඅථාවර යයි උපකල්පනය නොකලේ නම් මුදල් සැපයුම ඉහළ යන විට VහාTඉහළ යා හැක V පහළ යා හැක.මුදල් සැපයුම ඉහළ යාම හා මිළ මට්ටම ඉහළ යාම තුල ඍජු සම්බන්දතාවක් පවති.එහෙත් නිමවුම හෝ සේවා නියුක්ති මට්ටම වෙනස් නොවේ.

මුදල් ප්‍රමාණවාදයේ නුතන අනුවාදය[සංස්කරණය]

මෙහි දි සලකා බලනුයේ මුදල් වෙළද පොළ සමතුලිත නම්,

මුදල් ශේෂය=මුර්ත ශේෂය

මුර්ත ශේෂය සදහා ඉල්ලුම යනු මුදල් ඉල්ලුමයි,මේ සදහා බලපාන ලබන සාදක දෙකකි,

මුර්ත ආදායම පොලිය

මෙහිදි මුර්ත ශේෂය යනු ද්‍රවශිල ආකාරයේන් මුදල් අත තබා ගැනිමය.මුර්ත ආදායම වැඩිවන විට ද්‍රව ශිලතාවයත් වැඩි වේ.මුදල් ඉල්ලුම හා මුර්ත ආදායම අතර අනුලෝම සබදතාවයක් ඇත.පොලිය වැඩිවන විට ද්‍රවශිලතාවය අඩු වේ.එවිට වැඩි පොලි ආදායමක් ඉපයිමට හැකියාව ඇත.මුදල් ඉල්ලුම හා පොලිය අතර ප්‍රතිලෝම සම්බන්දතාවයක් පවති. නාමික මුදල් සැපයුම ඉහළ දමන විට මුල් අවස්ථාවේ මිළ වෙනස් නොවේ.මුර්ත මුදල් සැපයුම වැඩිවේ.මෙහි දි මුදල් ඉල්ලුම නොවෙනස්ව හා වෙළඳ පොළ අසම තුලිත තාවයක් පවති.මෙහි දි පොළිය වෙනස් වේ.මුදලේ මිල/පොලිය පහළ යයි,ආයෝජනය,පරිභෝජනය ඉහළ යන විට සමස්ත ඉහළ යයි.එවිට මිළත් ඉහළ යයි.ශ්‍රම ඉල්ලුම වැටුප් ඉහළ යයි එවිට නිශ්පාදන පිරිවැය ඉහළ යන විට මිළත් ඉහළ යයි.


උද්ධමනයේ පිරිවැය[සංස්කරණය]

මෙය පහත ආකාරය විස්තර කළ හැක.

  1. අපේක්ෂිත උද්ධමනය
  2. අනපේක්ෂිත උද්ධමනය

අපේක්ෂිත උද්ධමනය[සංස්කරණය]

උද්ධමනය පිළිබඳ අපේක්ෂාවන් තුළින් උද්ධමන හටගත හැක.අනාගතයේ ඉහළ උද්ධමනයක් අපේක්ෂා කළහොත්,

ශ්‍රමිකයන් ඉහළ වැටුප් ඉල්ලා සිටිම පාරිභෝගික මිළදිගැනිම් ඉදිරියට ගෙන එයි මෙම ක්‍රියාවලිය තුලින් උද්ධමන උත්තේජනය විය හැක


උද්ධමනය පිළිබඳ නිවරදි අපේක්ෂාවන් ඇති කරවිම සදහා දැනුම පැවතිය යුතුය හා ආර්ථකය ස්ථායි විය යුතුය.නිවරදි උද්ධමන අපේක්ෂණයන් ඇති ඇති කරගත හැකි නම් එවිට පවතිනුයේ අපේක්ෂිත උද්ධමනයයි.


අනපේක්ෂිත උද්ධමනය[සංස්කරණය]

මෙය ආකාර දෙකකින් ඇති විය හැක.

දැඩි උචිචාවචනයන්ට ආර්ථකය ලක් විමන් හා පුද්ගලයන් උද්ධමන අපේක්ෂණයන්ඇති කරලිමේ දොෂ නිසා.

උද්ධමනය සාර්ව ආර්ථක විචල්‍යයන්ට බලපාන ආකාරය[සංස්කරණය]

පරිභෝජනය

වර්තමාන උද්ධමනහන්ට වඩා අනාගත උද්ධමනය පහළ වේ යැයි සිතුවහොත් පරි‍භෝජනය පහළ දමයි. වර්තමාන උද්ධමනයට වඩා අනාගත උද්ධමනය ඉහළ වේ යයි සිතුවහොත් පරි‍භෝජනය ඉදිරියට ගෙනයයි එ තුලින් සමස්ත ඉල්ලුම ඉහළයාමෙන් උද්ධමනය ඇති වේ.

ඉතිරිකිරිම්

උද්ධමනය හේතු වෙන් ඉතිරි කිරිම්වල ක්‍රය ශක්තිය පහළ යයි

ආයෝජනය

උද්ධමනය නිසා නිශ්පාදන පිරිවැය ඉහළයන බැවින් ආයෝජනය පහළ යා හැක.එසේම උද්ධමනය හෙතුවෙන් අවිනිශ්තාව ඉහළයාම ආයෝජනය අඩුකිරිමට පෙළභෙ.


සේවා නියුක්තිය

මෙය ආකාර දෙකකින් බලපැම් ඇති වේ

සේවා නියුකතිය ඉහළ යාම තුලින්, එනම් මුල්‍ය ප්‍රසාරනය හො ෆිස්කල් ප්‍රසාරන ප්‍රතිපත්ති තුලින් සමස්ත ඉල්ලුම ඉහළ දමා ද.දේ.නි. ඉහළ දමා සේවා නියුකතිය ඉහළ යැම හේතුවෙන් ඉල්ලුම වැඩි වි උද්ධමනය ඇති විම

රාජ්‍ය අංශය

උද්ධමනය නිසා රාජ්‍යය වියදම් ඉහළ යයි මුර්ත රාජ්‍යය අයභාරය පහළ වැටේයි අන්තර් ජාතික වෙළඳ පොළ‍‍

උද්ධමනය නිසා හේතු වෙන් ආයාත ලාභ වේ, නිර්යාත පිරිවැය වැඩි වේ එම නිසා ගෙවුම් ශේෂයට අහිතකර වේ.

උද්ධමනය ආර්ථික වර්ධනයට බලපාන ආකාරය[සංස්කරණය]

උද්ධමනය හේතු වෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යන විට ලාභය පහළ යන අතර සමාගම් නිෂ්පාදනය වැඩි කිරිම හා ආයොජන කිරිමට මැලිවන නිසා අඩු අර්ථක වර්ධනයක් සිදුවේ.

උද්ධමනය හේතු වෙන් ශ්‍රමිකයන් ඉහළ වැටුප් ඉල්ලා සිටින අතර ඉහළ වැටුප් ලභා දුන් විට නිෂ්පාදන පිරිවැය ඉහළ යන අතර සැපයුම පහළ යයි.

උද්ධමනය හේතු වෙන් කුටුම්භවල ක්‍රය ශක්තිය පහළ යාම.එවිට සමස්ත ඉල්ලුම පහළ යන අතර නිමවුම හා සේවා සැපයුම පහළ යාම ආර්ථක වර්ධනයට අහිතකර වේ.

උද්ධමනය ආයාත හා නිර්යාත වලට බලපානු ලැබේ

උද්ධමන පාලන[සංස්කරණය]

  • ඉල්ලුම් පාලනය

සමස්ත ඉල්ලුම් පහළ දැම්ම තුලින් උද්ධමන පාලනය කල හැක,මේ සදහා රාජ්‍යය වියදම් පහළ දැම්ම,බදු ඉහළ දැම්ම,සහනාධාර පහළ දැම්ම කළ යුතුය.

  • මුදල් සැපයුම පාලනය කිරිම

මුදල් නිකුතුව සිමා කිරිම මහා බැංකු ණය ලබා දිම සිමා කිරිම විවෘත වෙළඳ කටයුතු තුලින් මුදල් සැපයුම සීමා කළ හැක

  1. වැටුප් සීමා කිරිම
  2. රජයේ මිළ පාලනය
  3. ඵලදායිතාවය ඉහළ දැමිම

සටහන්[සංස්කරණය]

සබැඳි පිටු[සංස්කරණය]

අඩවියෙන් බැහර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උද්ධමනය&oldid=497409" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි