සාම්ප්‍රදායික සිංහල ගම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ලක්දිව සිංහල ජනයාගේ සාම්ප්‍රදායානුකූල ගම්ම්මාන සාම්ප්‍රදායික සිංහල ගම් ලෙස හැඳින්විය හැක. සිංහල සංස්කෘතියේ තොටිල්ල ලෙස මේවා සැලකිය හැක. වියලි කලාපයේ සාමාන්‍යයෙන් ගම ගොඩනැගුනේ වැව ආශ්‍රිතවය. වැව ආශ්‍රිතව පැන නැගුනු වී ගොවිතැන හා සමාජ චාරිත්‍ර, හැසිරීම් සහ විශ්වාස ජනතාව ගම තුල එකම බැම්මකින් බැඳ තබන ලදී. විදේශීය ආක්‍රමණ සහ යටත්විජිතවාදීන් අනුගමනය කල වෙළෙඳ ප්‍රතිපත්ති සහ පරිපාලන සාම්ප්‍රදායික සිංහල ගම්මාන වෙනස්වීමට ආරම්භ විය.

ආර්‍යයන් පැමිනීමට පෙර යුගයේ දී වාරි ජලය සහිත කෘෂිකර්මාන්තයක් පැවතිබවට පුරා විද්‍යාත්සක සාක්ෂි පවතී.ආර්‍යයන් විසින් ගංගා ද්‍රොණි ආශ්‍රීතව ජනාවාස ගොඩනගාගත් බව දැක්වේ.ඔවුන්ගේ ජනාවාස ගාම නමින් හැදින්වීය.ගාම යනු ගම යන්න පාලි භාෂාවෙන් යෙදෙන නාමයයි.විජය කුමරු ප්‍රමුඛ ඔහුගේ පිරිස විසින් මල්වත් ඔය මහවැලි නදිය වලවේ හා කිරිදි ඹය ඇසුරු කරගෙන අනුරාධගාම උපතිස්සගාම උජ්ජේනිගාම උරුවෙලාගාම හා විජිතගාම යන ගම් පිහිටුවාගත්බව මහාවංශයේ දැක්වේ.පසුව පඩුවස්දෙවු රජුගේ අගබිසව වූ භද්දකච්චායනා බිසවගේ සහෝදරයන් විසින් රාමගාම දීඝගාම රෝහණගාම ආදී ගම් පිහිටවූ බව සදහන්වේ.

ගමක ප්‍රධාන අංග[සංස්කරණය]

සාම්ප්‍රධායික සිංහල ගම පිළිබද අධ්‍යනයේ දී අපට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමට සිදුවන ප්‍රධාන අංග කිහිපයක් දක්නට ලැබේ.ඒ අතර කුඹුර ගෙවත්ත හේන කැළෑව වැව නිවාස පන්සල යන අංග ප්‍රධානය.

කුඹුර[සංස්කරණය]

අතීතයේ කුඹුර කෙත විය කුඹර යන නම්වලින් හදුන්වා ඇතිබව පිටිගල සෙල් ලිපිය වැනි සෙල්ලිපිවල දක්නට ලැබේ.සිංහල සාම්ප්‍රධායික ගම වැවට පහළින් පිහිටුවා තිබිණ.කුඹුරු නිර්මානය කරගෙන ඇත්තේ කැළැව එළිපෙහෙලි කිරීම මගිනි.මෙම කුඹුර අසුරින් සිදුකල වී වගාව ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ පැතිර පැවතින.ක්‍රිස්තු පූර්ව 4 වන සියවසයට අයත් තෝනිගල සෙල්ලිපියේ දැක්වෙන පරිදි පිටදඩහස අකලහස මැදෙහස යනුවෙන් කන්න තුනක්ම වීවගා කල බවයි.අහස් දියෙන් මෙන්ම වැව් දියෙන් වීවගාව සාර්තකව එකල සිදුවිය.එකල පිටදඩහස යනුවෙන් තොනිගල සෙල් ලිපියේ දක්වා ඇත්තේ ඊශාන දිග මෝසම් සුළගින් දියවර ලැබෙන වර්තමානයේ මහ කන්නය නමින් හදුන්වන කන්නයයි.මෙම සේ ලිපියේ අකලහස නමින් දක්වා ඇත්තේ නිරිතදිග මෝසම් කාලයට අයත් යල කන්නයයි.මෙම කන්නයේ දී වියලි කලාපයට ලැබෙන වර්ෂාපතනය අඩුවන අතර වැව්දිය වැඩි වශයෙන් භාවිත කරයි.මීලගට පෙන්වා ඇති මැදහස යනු මේ කන්න දෙකට අතරමාදි කන්නයක් බව පැහැදිළිය.අතීතයේ දී ගොඩ ඉඩම් මඩ ඉඩම් යනුවෙන් කොටස් දෙකක් වූ අතර මඩ ඉඩම් යනු කුඹුරුවිය.සාමාන්‍යයෙන් අතීත සාම්ප්‍රධායික ගමට අයත්වූ කුඹුරු යායවල් තුනකට බෙදා තිබිණි.ඒ මල් පොට හැරෙනපොට හා අස්වැද්දුම් පොට යනුවෙනි.වැවට සමීපතම කොටස මුල්පොටනම් විය හැරෙනපොට හා අස්වැද්දුම්පොට පිළිවෙලින් වැවේ සිට දුරින් පිහිටා ඇත.කෙසේ වෙතත් කුඩා ගම්වල අස්වැද්දුම් පොටක් නොතිබිණ.එහි පොටවල් දෙකක් පමණක්විය.මෙම කුඹුරු යායවල්වලට පිටතින් හෙළිපෙහෙළි කල භූමියක් විය එය වනාත නමින් හදුන්වා ඇත.මෙම වනාතක්ද ඉහළබාගේ මැදබාගේ පහළබාගේ යනුවෙන් කොටස්කර තිබිණ.අතීත සම්ප්‍රධායික ගමක කුඹුර ආශ්‍රිතව දැකියහැති විශේෂ ලක්ෂණයක්වූයේ කුරුල්ලන්ගේ ආහාරය සදහා වෙන්කල කුරුලුපාළුවයි.මෙය කුඹුරු යායේ වැව අසළ මුල්පොට සිට අස්වැද්දුම්පොට හෝ හැරෙනපොට දක්වාවූ තීරුව කුරුළුපාලුවට වෙන්කර ඇත.

අතීතයේ ගොවිතැන් කිරීම රාජකීයයන්ගේ සිට සාමාන්‍ය ජනයාද සිදුකර ඇත.ඉතා උසස් වෘත්තියක් ලෙස ගොවිතැන හැදින්විය.ඇතැම් කෘෂිකාර්මික උස්සව රාජානුග්‍රහයෙන් රජකීයයන්ගේ සහභාගීත්වයෙන් සිදුවී ඇත.කෙසේ වෙතත් ඇතැම් හීන කුලිකයන්ට ගොවිතැන් කිරීමට අතීතයේ අවසර නොවීය.

ගෙවත්ත[සංස්කරණය]

ගැමියාගේ නිවස පිහිටා ඇති අවට පරිසරය ගෙවත්ත ලෙස හදුන්වයි.

සාම්ප්‍රධායික ගැමි ගෘහ නිර්මාණ ශිල්ප[සංස්කරණය]

ග්‍රාමීය නිවාස නිර්මාණය ඉතා සරල ආකෘතියකින් සමන්විතවිය.

කුලය[සංස්කරණය]

මූලික ලිපිය කුලය - සිංහල සම්ප්‍රදායික

සම්ප්‍රධායික සිංහල ගම නිර්මාණයේ දී අතීතයේ කුලය ඉතා වැදගත් සාධකයක්විය.

සාම්ප්‍රධායික කිරුම් මිනුම්[සංස්කරණය]

අනුරාධපුර යුගය[සංස්කරණය]

"පපංචසුදනී" අටුවාවේ විස්තරයන්ට අනුව ක්‍රි ව 3වන 4 වන සියවස වන විට ලංකාවේ ගම මුල්කරගත් ප්‍රදාන ජීවනෝපායන් වුයේ ගොවිතැන,ගොඩබිම වෙළදාම,සාගරික වෙළදාම ගව පාලනය ,රාජ්‍ය සේවය ඈත් දත් ශිල්පය යන මේවාය.[1]

ක්‍රි.ව. 19වන සියවස[සංස්කරණය]

සාම්ප්‍රදායික සිංහල ගම කෙසේ පැවතුනිද යන්න ක්‍රි ව 1880 ලංකාවට පැමිණි ශ්‍රීමත් ජෝන් ඩබ් පියර්විස්තර කරන්නේ මෙසේය. "උස් තැනක සිට වැව නිරීක්ෂණය කරන විට බැබලෙමින් පැවති ජලාශයන් සහ සම්බන්ධවූ රන්වන් පැහැති ගොයම් කෙත් නැමති තිත් වලින් පුල්ලි වැටුණු අතරක් නොමැති කලාවක් සේ එය දිස්වේ.කේන්ද්‍රගත ගම ,ගමේ කුඹුරු අසබඩ පිහිටි නිවෙස් සමුහයකින් සෑදුනි.පලතුරු සහ එළවුළු වැවීම සදහා වු වත්තකින් සෑම නිවසක්ම වටවී තිබුණි.වරිචිචි බිත්ති යෙන් සහ පිදුරු සෙවිලි කල නිවස සාමාන්‍යයෙන් කාමර දෙකක් සහ බරාදයක් තිබුණි.ගෙපැල ඉදිරිපිට ධාන්‍ය තැන්පත් කර තැබීම සදහා වෙවැල් වලින් සාදන ලද දවුල් කදක හැඩයෙන් යුත් අටුවක් විය.ගෙය පිටුපස හරකුන් සදහා තනන ලද මඩුවකි.එම මඩුව තුල ගොවි උපකරණ තැන්පත් කරලීම සදහා අට්ටාලයක් විය"[2]. රීස් ඩේවිඩ්ස් සදහන් කරන ආකාරයට සෑම ගමකම පාහේ වැවක් සහ ඊට පහලින් වෙල්යායක් පළමුවෙන්ම ඇත. ඊලගට දක්නට ලැබෙන්නේ පලතුරු ගස් සෙවනේ පිහිටා ඇති පංගු කාරයින්ගේ පැල්පත්ය.මෙම පැල්පත් වැවු බැම්ම පහලින් හෝ කුඹුරු දෙපැත්තේ හෝ ඉදිකොට ඇත .මීලගට දක්නට ලැබෙන්නේ ගම සීමා තුල පිහිටි මුඩුබිම්ය.[3]. අයිවර්ස්(1880) සදහන් කල ආකාරයට ගමක බලධාරී සාමාජිකයා වුයේ පන්ගුකාරයාය.සාමාන්‍යයෙන් ගමක වාසය කලේ ඔවුනොවුන් නෑ සබදකම් ඇති එකම කුලයට අයත් පවුල්ය.සෑම ගමකම පරම්පරා ගත ගමරාළවරු එක්කෙනෙක් හෝ දෙදෙනෙක් විය.ඔවුන්ගේ ඉඩම් කොටස හැදින්වුයේ ගමේවසමලෙසය.[4]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  • ගුණවර්ධන ප්‍රිශාන්ත(2016)පුරාණ ගම සමන්ති පොත් ප්‍රකාශකයෝ හෙට්ටිගම ජාඇල
  • පපංචසුදනී අටුවාව, සයිමන් හේවාවිතාරණ සංස්කරණය .
  • Phear,Sir John Budd.,The Aryan Village in India and Ceylon(1880) London
  • Rhys Davids ,Report on Nuwarakalaviya(AR) 1871
  • Ivers,R.E Manual of North Central Province ,Ceylon,Ceylon Government Printer ,Colombo