සාකච්ඡාව:චන්ද්‍රා වික්‍රමසිංහ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙය අනුව නිවැරැදි උච්චාරණය චන්ද්‍රා වික්‍රමසිංහ වෙයි. හින්දි, බෙංගාලි හා මරාටි යන ඉන්දීය භාෂාවන්හී Chandra යන්න ශබ්ද නැගෙනුයේ චන්ද්‍ර ලෙසිනි. එහෙත් මෙම පුද්ගලයා සිංහලයෙකි. -- ශ්වෙත (talk) 07:25, 2 ජූනි 2013 (යූටීසී)[reply]

I am a born sighalese & has living most of my life in Sri Lanka. As far as I know චන්ද්‍රා is a female name & චන්ද්‍ර is a male name. I know several females with the name චන්ද්‍රා and couple of men with the name චන්ද්‍ර in person. Never seen other way round. Singhalawap (talk) 07:49, 2 ජූනි 2013 (යූටීසී)[reply]
මෙයාගේ නම එතකොට වැරදිද? නැත්නම් ගෑණු ළමයෙක් නාලන්දාවට වැරදිලා ඇතුළු කරගෙනද? නැත්නම් පසුකළෙක ලිංග මාරුවක් සිදු වෙලාද? --ශ්වෙත (talk) 07:53, 2 ජූනි 2013 (යූටීසී)[reply]
I can remember චන්ද්‍ර වික්‍රමසිංහ was mentioned in my school සමාජ අධ්‍යයනය text book too. Other than that I trust the common sense in these type of issues rather than how Male from United States pronounce a name of Sinhala person foreign website. Singhalawap (talk) 07:55, 2 ජූනි 2013 (යූටීසී)[reply]
චන්ද්‍රා ඇම්බුල්දෙනිය ගැන මම දන්නෙ නෑ. හැබැයි මුල් කාලෙ ආන්නද, නාලන්ද වැනි විදුහල් වලට ඉස්සර ගෑණු ළමයි ගත්ත බවත් මියුසියස් වැනි විදුහල් වලට ඉස්සර පිරිමි ළමයි ගත්ත බවත් මං දන්නවා. ඔයාට ඕනෙනං ලිපිය ආයෙ චන්ද්‍රා වික්‍රමසිංහ වෙත ගෙනියන්න. මට ඔබේ අනවශ්‍ය රංඩු ඇති වෙලා.Singhalawap (talk) 08:02, 2 ජූනි 2013 (යූටීසී)[reply]
මම යස් සර් කියන වංදි භට්ටයෙක් නම් නොවෙයි. චන්ද්‍රා තෝමස් ඇඩොල්පස් ෂාෆ්ටර් කියල ප්‍රසිද්ධ මහත්තයෙකුත් ලංකාවේ හිටියා මතක ඇති. ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමට සම්බන්ධයි. ඕන නම් එහෙ කට්ටියගෙන් අහන්න පුළුවන් එතුමා ඇමතුවේ කෙහොමද කියලා. කෝට්ටේ පැත්තේ තියෙනවා චන්ද්‍රා ද සිල්වා ක්‍රීඩාංගණය කියල එකක්. ඒක හදල තියෙන්නේ කෝට්ටේ හිටපු පුරපති චන්ද්‍රා ද සිල්වා මහතා සිහි වෙන්න. ඒක කිට්ටුවට ගිහිල්ලා කාගෙන් හරි අහන්න පුළුවන් එතුමාගේ හරි නම මොකක්ද කියල. ජේ. ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලයේ රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්ද්‍රා කරුණාරත්න කියල මහත්තයෙකුත් හිටිය. ඕන නම් තව දිගටම ලැයිස්තුවක් ලියල දෙන්න පුළුවන්. --- ශ්වෙත (talk) 08:52, 2 ජූනි 2013 (යූටීසී)[reply]
ඔබේ එක් පරිකථනයක් මම දැක්කේ නැහැ, ඒක අනුච්ඡේදනය (ඉන්ඩෙන්ට්) කරල තිබුණ නැති නිසා. උච්චාරණ වෙබ් අඩවියෙහි ඒක කරපු මහත්තයා එක්සත් ජනපදයෙහි පිරිමියෙක් කියලා පහත් කරල තිබුණා. ඒ මහත්තයා හොඳ සිංහල මහත්තයෙක් වෙන්න ඕන. මෙතනට ගිහිං බැලුවොත් පේනවා තව වචන 19 ක් විතර හොඳට සිංහලයෙන් උච්චාරණය කරල තියෙනවා. --ශ්වෙත (talk) 09:12, 2 ජූනි 2013 (යූටීසී)[reply]
මම හරි කියලා විශ්වාස කරනදේ මම කලා. වැරදියි කියලා හිතනවනං ආපහු වෙනස් කරන්න. මාත් එක්ක වාද කලා කියලා නියම උච්චාරණය ලැබෙන්නෙ නෑනෙ.
මට විකියේ කවුරුත් සර් කියන්න ඕන නෑ.
මම කාවවත් පහත් කලේ නෑ. එක්සත් ජනපදයෙහි පිරිමියෙක් කිවුවෙ පහත් කරන්න නෙමේ, ඹබ දීපු ලිංක් එකේ Pronunciation by npg3p2 (Male from United States) කියලා තිබ්බ හිංදා.
Singhalawap (talk) 15:58, 2 ජූනි 2013 (යූටීසී)[reply]