සාකච්ඡාව:කොළඹ නාලන්ද විදුහලේ චිරප්‍රකට ආදි සිසු ලැයිස්තුව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මේ ලිපිය අවශ්‍ය ද​?[සංස්කරණය]

මෙම ලිපිය අවැසි නැත​. ආදි නාලන්දියයෝ යන ප්‍රවර්ගය සෑහේ. නංගයා මතන්න 13:08, 30 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

මෙය වැරදි පූර්වාදර්ශයන් සපයන ලිපියකි. චරිතාපදාන ලිපි සහ විකිපීඩියා ලිපියක් වීමට ඇති සුදුසු කම් ගැන සිංහල විකියේ ප්‍රතිපත්ති මාලාවක් සකසා ගත යුතු යයි යෝජනා කරමි.   | අනංගයා | සංවාදය​ | 17:55, 19 ජූලි 2016 (යූටීසී)[reply]
ප්‍රවර්ගයක් පමණක් සෑහේ යන්න මමද සිතමි.--L Manju (talk) 08:31, 20 ජූලි 2016 (යූටීසී)[reply]
අපේ ගමේ ඉස්කෝලේ ලැයිස්තුවත් තියෙනවා දාන්නද ?--RsEkanayake 15:38, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]
ප්‍රවර්ග වල භූමිකාව සහ ලැයිස්තු වල භූමිකාව එකම නොවේ. ලැයිස්තුවල සෑම සාමාජිකයෙක්ම ලිපියක් නොසදයි. ප්‍රවර්ග එසේ නොවේ. මෙවන් ලැයිස්තු විකීපීඩියාවෙහි පවතින බැවින් මෙය නොපැවතීමට හේතුවක් නොමැත. ගමේ ඉස්කෝලේ ලැයිස්තුවත් තියෙනවා නම් එය සඳහා විකිපීඩියාව විවෘතයි. පරිශීලකයන් ඉදිරිපත්වී එය සදන්න. තහනමක් නැත. ---- Shwetha (talk) 15:55, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]
චිරප්‍රකට යැයි කියන ආදි සිසුන් හදුනාගන්නා නිර්ණායක මොනවාද? ලැයිස්තු කියලා අපිට ආස ආස අයගේ නම් පවා මීට එක්කල හැකියි. notability ප්‍රතිපත්ති අනූව මෙම ලිපියෙන් නම් ගණනාවක් අඩුකර දැමිය හැකි බව පෙනෙයි. --L Manju (talk) 18:36, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]
විකිපීඩියාවේ ඕනෑම අයෙකුට ඕනෑම අදහසක් ඉදිරිපත්කිරීමද ඕනෑම ලිපියක් සංස්කරණය කිරීමද හැකිවෙයි. අවශ්‍ය අඩුකිරීම් ඔබ සිදු කරන්න. ලැයිස්තුවෙහි මුඛ්‍ය ඡේදයෙහි මෙසේ සඳහන් කල හැකියි: "මෙම ලැයිස්තුවෙහි චීරප්‍රකට යැයි සැලකෙන්නේ විද්‍යාලයෙහි A වසර ගණනක් උගත්, කිසියම් රජයේ හෝ පුද්ගලික ආයතනයක හෝ සේවාවක B වසර ගණනකට වඩා සේවය කර ඇති පුද්ගලයන් වෙති" ....... ආදි වශයෙන් (නිදසුනක් ලෙසිනි).එවිට ඔබට පසුව මෙය සංස්කරණය කරන අයට එය අනුගමනය කල හැකියි. ----Shwetha (talk) 23:43, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]

ඉන්ද්‍රාණි ඊරියගොල්ල[සංස්කරණය]

සිංහල කාන්තාභිවෘද්ධි හා සංවර්ධන පදනමෙහි සභාපතිනිය ඉන්ද්‍රාණි ඊරියගොල්ල නාලන්ද විදුහලේ ආදි සිසුවියක්ද? ---ශ්වෙත (talk) 01:28, 5 අප්‍රේල් 2012 (යූටීසී)[reply]