සාකච්ඡාව:කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සාවද්‍ය මඩ ප්‍රචාර විකිපීඩියා තුල පවත්වා ගැනීමට අවසර ලබා දීම පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.[සංස්කරණය]

මෙම පිටුවේ අන්තර්ගතව පවතින තොරතුරු වලින් බහුතරය සාවද්‍ය තොරතුරු වේ. ඒවා සංස්කරණය කළද නැවත නැවත එම තොරතුරු එකතු කිරීම පිළිබඳව වගකිවයුත්තන් අවධානය යොමු කළ යුතුය. එසේ ම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ චරිතයට අපහාස වන පරිදි සටහන් කර ඇති එම අභූත චෝදනා සහ ඉතාමත් නින්දිත ආකාරයෙන් ඉදිරිපත් කර ඇති සමහර තොරතුරු විකිපීඩියාව තුල පළකිරීමට ඉඩ ලබා දීම දැඩිව හෙලා දැකිය යුතුය.

විකිපීඩියාව යනු අසංයම බ්ලොග් අඩවියක් නොවී නිවරදි තොරතුරු ලබා ගැනීමට හැකි අවකාශයක් කිරීමට ඇඩ්මින් වරුන්ගේ අවධානය යොමු වීම ඉතාමත් වැදගත් වේ. එසේ නොවුනහොත් සිංහල විකිපීඩියාව පෞද්ගලික අමනාපකම් කොන්තර පිරිමසාගැනීමට අවභාවිතා කරන ලද අවකාශයක් වීම වලක්වා ගත නොහැකි වනු ඇත.

Amilaupathissa (talk) 08:34, 10 ජූනි 2020 (යූටීසී)[reply]

@Amilaupathissa: ඇඩ්මින් වරුන්ට විකිපීඩියාවට අයිතිවාසිකම් කිව නොහැක. මෙම කරුණ සම්බන්ධයෙන් සංවාදයක් අරඹන්න. එයින් එන ප්‍රජා තීරණය ඇඩ්මින් වරයෙකුට ක්‍රියාත්මක කළ හැක. --Lee (talk) 22:48, 10 ජූනි 2020 (යූටීසී)[reply]

නිර්ණාමික සංස්කරණයන් සහ විකිපීඩියාවේ ගුණාත්මක භාවය[සංස්කරණය]

ථේරවාද බෞද්ධ භික්ෂුවක් වන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ චරිතයට අපහාස වන අයුරින් නිර්ණාමිකව සිදුකරණ සංස්කරණයන් නිසා උන්වහන්සේගේ කීර්ති නාමයට ඉතා විශාල හානියක් සිදුවෙම්න් පවතින බව පෙනේ. එවනි කාරණා සඳහා ඉඩ තැබීම තුලින් සිංහල විකිපීඩියා වල ගුණාත්මක භාවය අභියෝගයට ලක්වීම වලක්වා ගත නොහැකි වනු ඇත. එම නිසා නිර්ණාමිකව සිදුකරණ සංස්කරණයන් සඳහා විධිමත් වැඩපිළිවලක් අවශ්‍යව ඇත.

Amilaupathissa (talk) 09:07, 10 ජූනි 2020 (යූටීසී)[reply]

නිර්නාමික පරිශීලකයන් හට සංස්කරණ හැකියාව වාරණය කරන ලදී. --Lee (talk) 22:48, 10 ජූනි 2020 (යූටීසී)[reply]