ස්වාල්බාඩ්
ස්වාල්බාඩ් Svalbard | |
---|---|
තත්ත්වය | අභ්‍යන්තර භූමිප්‍රදේශය |
අගනුවර සහ විශාලතම නගරය | ලෝන්ගියර්බෙන් |
නිල භාෂා(ව) | නෝර්වේජියානු, රුසියානු |
ජනවාර්ගික කණ්ඩායම් |
|
රජය | නෝර්වේ රාජ්‍යයට අයත් ඈඳානොගත් ප්‍රදේශය |
Kjerstin Askholt (2015–) | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 61,022 km2 (23,561 sq mi) |
ජනගහණය | |
• 2012[1] ඇස්තමේන්තුව | 2,642 |
ව්‍යවහාර මුදල | නෝර්වේජියානු ක්‍රෝන් (NOK) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
ඇමතුම් කේතය | +47 |
අන්තර්ජාල TLD | .no a |
ස්වාල්බාඩ් (ඉංග්‍රීසි: Svalbard; නෝර්වේජියානු උච්චාරණය: [ˈsʋɑ(ː)lbɑːɾ]; එහි ලන්දේසි නාමය වන ස්පිට්ස්බර්ජන් යන නමින් මුලින් හඳුන්වන ලදී) යනු නෝර්වේ රාජ්‍යයට අයත්, ආක්ටික් මුහුදේ ඇති දූපත් සමූහයකි. එය යුරෝපා මහාද්වීපයේ ප්‍රධාන භූමියට උතුරින්, නෝර්වේ භුමිය සහ උත්තර ධ්‍රැවය අතරමැද ප්‍රදේශය තුල පිහිටා ඇත. මෙම දූපත් සමූහයට අයත් දූපත්, උතුරු අක්ෂාංශ 74° සිට 81° දක්වාත්, නැගෙනහිර දේශාංශ 10° සිට 35° දක්වාත් වන ප්‍රදේශය තුල පිහිටයි. ඒවායෙන් විශාලතම දූපත ස්පිට්ස්බර්ජන් වන අතර, නෝඩවුට්ලැන්ඩට් සහ එජෝයා දූපත් පිලිවෙලින් ඊළඟ විශාලතම දූපත් වේ.
පරිපාලනමය වශයෙන් මෙම දූපත් සමූහය නෝර්වේ රාජ්‍යයේ කිසිදු පළාතක්, දිස්ත්‍රික්කයක් හෝ එවැනි පරිපාලනමය ඒකකයකට අයත් නොවේ. එබැවින් එය පාලනය කරනු ලබන්නේ නෝර්වේ රජය විසින් පත්කරනු ලබන ආණ්ඩුකාරවරයෙකු විසිනි. 2002 වසරේ සිට ස්වාල්බාඩ්හි ප්‍රධාන ජනාවාසය සහ අගනුවර වන ලෝන්ගියර්බෙන්හි ඡන්දයෙන් පත්කරනු ලබන දේශීය රජයක් ඇති අතර, එය නෝර්වේ ප්‍රධාන භූමියේ ඇති නගරසභා වලට තරමක් සමාන වේ. ස්වාල්බාඩ්හි ඇති අනෙකුත් ජනාවාස අතර රුසියානු පතල් කැණීමේ ප්‍රජාවක් ජීවත් වන බැරන්ට්ස්බර්ග්, පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටා ඇති නි-ඇලසන්ඩ් සහ තවත් දුරස්ථව පිහිටි පතලක් වන ස්වියාගෘවා ප්‍රධාන වේ. ස්වාල්බාඩ් යනු ලෝකයේ වඩාත්ම උතුරින් පිහිටි, ස්ථීර සිවිල් ජනගහනයක් ඇති මිනිස් ජනාවාසය වේ. තවදුරටත් උතුරින් පිහිටා ඇති ජනාවාස තිබුනද, ඒවා ස්ථීර ජනගහනයක් නොමැති, පර්යේෂකයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාවන් වේ; උදා: ඇලර්ට්, නුනාවුට්—වඩාත්ම උතුරින් පිහිටි වසර පුරා ක්‍රියාත්මක ප්‍රජාව.
මෙම දූපත් පළමුවරට භාවිත කරනු ලැබූයේ තල්මසුන් දඩයම් කිරීම සඳහා වේ. ඒ 17වන සහ 18වන ශතවර්ෂයන් හි දී වන අතර, පසුව එය අත්හැරදමන ලදී. 20වන සියවස ආරම්භයේදී ගල්අඟුරු කැණීම ඇරඹුන අතර ස්ථීර ජනාවාසද ආරම්භ විය. 1920 දී ඇතිකරන ලද ස්වාල්බාඩ් ගිවිසුම මගින් දූපත්හි ස්වෛරී අයිතිය නෝර්වේ රාජ්‍යට හිමිවුණ අතර, 1925 දී ඇතිකරන ලද ස්වාල්බාඩ් පනත මගින් ස්වාල්බාඩ් භූමිය සම්පූර්ණයෙන්ම නෝර්වේ රාජධානියේ කොටසක් බවට පත් කරන ලදී. එමෙන්ම, නෝර්වේ රාජ්‍යය විසින් ස්වාල්බාඩ් දූපත්, නිදහස් ආර්ථික කලාපයක් සහ යුධ සේනාංක වලින් තොර කලාපයක් බවට පත් කරන ලදී. ස්වාල්බාඩ් හි දැනට ඇති කැණීම් සමාගම් වනුයේ නොර්වේහි Store Norske සහ රුසියාවේ Arktikugol පමණි. පර්යේෂණ සහ සංචාරක කර්මාන්තය ස්වාල්බාඩ් හි ප්‍රධාන සැපයුම් කර්මාන්ත බවට පත්ව තිබේ. ස්වාල්බාඩ් විශ්වවිද්‍යාල මධ්‍යස්ථානය (UNIS) සහ ස්වාල්බාඩ් ගෝලීය බීජ සුරක්ෂිතාගාරය එහිදී වැදගත් කර්තව්‍යයක් ඉටු කරයි. ස්වාල්බාඩ් හි ජනාවාස සම්බන්ධ කරමින් මාර්ග තනා නොමැත. එමනිසා හිම මත ධාවනය වන විශේෂ වාහන, ගුවන්යානා සහ බෝට්ටු සේවා මගින් අන්තර්-ජනාවාස ප්‍රවාහන කටයුතු සිදුකෙරේ. ස්වාල්බාඩ් වෙතට ඇතුල් වන ප්‍රධාන ද්වාරය වන්නේ ස්වාල්බාඩ් ගුවන්තොටුපලයි.
ස්වාල්බාඩ් දූපත් සමූහය ආක්ටික් කාලගුණයක් සාමාන්‍යයෙන් පෙන්නුම් කරන නමුත්, එකම අක්ෂාංශයේ පිහිටි අනෙකුත් ප්‍රදේශ වලට වඩා සැලකියයුතු ලෙස වැඩි උෂ්ණත්වයක් පවතී. මෙහි ඇති ශාක ප්‍රජාව විසින් ධ්‍රැව රාත්‍රිය නිසා ඇතිවන පාඩුව, දීර්ඝ කාලයක් පවතින මධ්‍යම රාත්‍රී සූර්යයාගෙන් හානිපූරණය කරගනී. ස්වාල්බාඩ් යනු මුහුදු පක්ෂි විශේෂ රැසකගේ මෙන්ම, හිම වලසුන්, පිනිමුවන්, ආක්ටික් නරි සහ මුහුදු ක්ෂීරපායීන් රැසකගේ අභිජනන භූමියද වේ. මෙම දූපත් සමූහය තුල ජාතික වනඋද්‍යාන හතක් සහ ස්වභාවික රක්ෂිත 23ක් ඇති අතර, එමගින් සමස්ත භූමියෙන් තුනෙන් දෙකක් ආවරණය කරන්නේ තවමත් නොඉඳුල් සහ නැවුම් ස්වාභාවික පරිසරය ආරක්ෂා කරමිනි. දූපත් සමූහයෙන් 60%ක් ආවරණය වී අත්තේ ග්ලැසියර වලින් වන අතර දූපත් සමූහය පුරා කඳු සහ කඳු අතර ඇති පටු බෑවුම් (fjord) දැකිය හැක.
ස්වාල්බාඩ් සහ ජැන් මයේන් පොදුවේ ISO 3166-1 ඇල්ෆා-2 කේත ක්‍රමය අනුව "SJ" දේශීය කේතයට අනුගත කර ඇත. මෙම ප්‍රදේශ දෙකම නෝර්වේ රාජ්‍යය විසින් පාලනය කරනු ලබයි. ඒවා එකිනෙකට නාවික සැතපුම් 500ක් (සැතපුම් 600ක් හෝ කිලෝමීටර 950ක්) දුරින් පිහිටා ඇති අතර ඒවායෙහි එකිනෙකට වෙනස් පරිපාලනමය ව්‍යුහයන් පවතී.
භූගෝලීය පිහිටීම
[සංස්කරණය]- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;islandsize
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "The .bv and .sj top level domains". Norid. 23 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 March 2010.