ස්මයිලින් බුද්ධා - න්‍යෂ්ටික අත්හදාබැලීම

විකිපීඩියා වෙතින්
ස්මයිලින් බුද්ධා (මඳසිනා පාන බුදුන් වහන්සේ)
සක්‍රීයත්වය 1967-1974
රට ඉන්දියාව
රාජපාක්ෂිකභාවය  ඉන්දියාව
අංශය  ඉන්දියාව යුද්ධ හමුදාව
අපනාමය පොක්රාන්-I
ආඥාපතියන්
සංගණ්‍ය
ආඥාපතියන්
ඉන්දිරා ගාන්ධි

ස්මයිලින් බුද්ධා (මඳසිනා පාන බුදුන් වහන්සේ), පොක්රාන්-I අයුරින් විධිගත ලෙසින් නම් කෙරුනු, යනු 1974 මැයි 18 දිනදී පොක්රාන් හිදී ඉන්දියාව විසින් සිදු කෙරුනු පළමු න්‍යෂ්ටික අත්හදාබැලීම් පිපිරවීමෙහි කේත නාමයයි. කැනේඩියානු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හා විශේෂඥ-ඥානය අනුග්‍රහයෙන් සැලසුම් කොට ක්‍රියාත්මක කෙරුනු මෙය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි ස්ථීර සාමාජීකයන් පස්දෙනා ට පරිබාහිර ජාතියක් විසින් සිදු කල බවට තහවුරු කෙරුනු පළමු න්‍යෂ්ටික අත්හදාබැලීම ද වෙයි. බෝම්බයෙහි ස්ඵෝටක ප්‍රතිලාභය වාර්තාගත වූයේ කිටො 8 ක් ලෙසිනි.[1]

සූදානම් වීම හා සැලසුම[සංස්කරණය]

1972 සැප්තැම්බර 7 දිනදී, අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් බාබා පරමාණුක පර්යේෂණ කේන්ද්‍රයෙහි (BARC) විද්‍යාඥයින් වෙත වාචිකව බලය ලබාදුන්නේ ඔවුන් විසින් සැලසුම් කොට අත්හදා බැලීමට සකසා තිබූ න්‍යෂ්ටික මෙවලම නිෂ්පාදනය කරන ලෙසටයි. එහි ප්‍රවර්ධනය පුරාවටම, මෙවලම විධිගත ලෙසින් හැඳින්වුනේ "සාමකාමී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍යයක්" ලෙසින් වුවද, එය සාමාන්‍ය ලෙසින් හැඳින්වුනේ ස්මයිලින් බුද්ධා (මඳසිනා පාන බුදුන් වහන්සේ) ලෙසිනි.

විද්‍යාඥයින් හා ඉංජිනේරුවරුන් කණ්ඩායම[සංස්කරණය]

ප්‍රවර්ධන කණ්ඩායමෙහි ප්‍රධානත්වය දැරුවේ ආචාර්යය. රාජා රාමන්නා ය. ආචාර්යය හෝමි එන්. සෙත්නාගේ අධීක්ෂණය යටතේ වූ අනෙකුත් ප්‍රධාන පුද්ගලයන් අතර ආචාර්යය. පී. කේ. ඉයෙන්ගර්, ආචාර්යය. රාජගෝපාල චිඩම්බරම්, ආචාර්යය. නාගපට්ටිනම් සම්බසිව වෙන්කටේසන් , ආචාර්යය. අබ්දුල් කලාම් හා ආචාර්යය. වාමන් දතත්රේය පට්වර්ධන් වූහ. 1967 සිට1974 දක්වා වූ කාල සීමාව තුලදී ව්‍යාපෘතිය වෙනුවෙන් විද්‍යාඥයින් හා ඉංජිනේරුවන් 75 දෙනෙකුට වඩා සේවා දායකයන් ලෙසින් යොදවා නොගන්නා ලදි . පර්යේෂක ජෙෆ්රි රිචෙල්සන් ට අනුව මෙසේ කුඩා සේවා දායකයන් සංඛ්‍යාවක් යොදවා ගැනුම නිසාවෙන් රහස්‍ය භාවය සුරැකීමට පහසු වන්නට ඇත.[2]

ඉන්දීය න්‍යෂ්ටික පර්යයේෂණ ආයතනයන්හී භූමිකාව[සංස්කරණය]

දෙවන ලෝක යුද්ධය සමයෙහි ඇමරිකානු සැලැස්ම පදනම් කොට ගෙන චන්ඩිගාර් හි DRDO ටර්මිනල් බැලිස්ටික්ස් රිසර්ච් ලැබෝරටරි (TBRL) හිදී ප්‍රවර්ධනය කෙරුනු අධි ස්ඵෝටක පද්ධතියක් මෙම මෙවලම සඳහා භාවිත වී තිබුණි. ආස්ඵෝටන උපකරණයන්හී ප්‍රස්ඵෝටන පද්ධතිය ප්‍රවර්ධනය කෙරුනේ පුනේහී DRDO හී හයි එනර්ජි මෙටීරියල්ස් රිසර්ච් ලැබොරටරි (HEMRL) හි දීය. ප්ලූටෝනියම් කිග්‍රෑ 6 සපයා ගැනුනේ BARC හි CIRUS ප්‍රතික්‍රියකාරකය වෙතිනි. නියුට්‍රෝන් ආරම්භකය, පොලෝනියම්-බෙරිලියම් වර්ගයෙහි (මෙය නැවතත් ෆැට් මෑන් ගණයෙහි මුල් එ.ජ. බෝම්බ තුල භාවිත කල මෙන්) වූ අතර "ෆ්ලවර් (පුෂ්පය)" යන කේත-නාමය ලදි. අත්හදාබැලීම් ස්ථානයට ප්‍රවාහනය කිරීමට පෙර සමස්ත ආන්තරකය එකලස් කරන ලද්දේ ට්‍රොම්බේ හිදීය.

පොක්රාන්-I
වර්ගය ආස්ඵෝටන ගණයේ අවිය
සම්භවය ඇතිවූ ස්ථානය  ඉන්දියාව
නිෂ්පාදන ඉතිහාසය
තැනුනු සංඛ්‍යාව 1
පිරිවිතර
බර 1400 කිග්‍රෑ
දිග 107 මීටර
විෂ්කම්භය 1.25 මිටර

ස්ඵෝටක ප්‍රතිලාභය 8 kilotons of TNT (33 TJ)[3]


කේත නාමය[සංස්කරණය]

ව්‍යාපෘතියෙහි කේත නාමය වූයේ ස්මයිලින් බුද්ධා (මඳසිනා පාන බුදුන් වහන්සේ) වූ අතර පුපුරවා හැරීම සිදු කිරීමට නියමිතව තිබූ 1974 මැයි 18 දින (නිල අත්හදාබැලීම් දිනය) යෙදී තිබුන, බුද්ධ ජයන්ති දිනය, ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ උප්පත්තිය සිහි කරමින් ඉන්දියාව පුරා උත්සව පැවැත්වුනු දිනයක් විය. එජ හමුදා ලේඛනයන්හී ව්‍යාපෘතිය සඳහා කේත නාමය ලැයිස්තුගත කර තිබූයේ හැපි ක්‍රිෂ්නා (සතුටු ක්‍රීෂ්නා) මෙහෙයුම ලෙසිනි.[තහවුරු කර නොමැත]


ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඉන්ඩියාස් නියුක්ලිය වෙපන්ස් ප්‍රෝග්‍රම් - ස්මයිලින් බුද්ධා: 1974". න්‍යෂ්ටික අවි සංරක්ෂණාගාරය.
  2. රිචෙල්සන්, ජෙෆ්රි ටී. (1999). ස්පයිං ඔන් බොම්: ඇමරිකන් නියුක්ලිය ඉන්ටෙලිජන්ස් ෆ්‍රොම් නාසි ජර්මනි ටු ඉරාන් ඇන්ඩ් නෝත් කොරියා. ඩබ්ඩබ් නෝටන්. p. 233. ISBN 978-0393053838. {{cite book}}: Unknown parameter |month= ignored (help)
  3. http://nuclearweaponarchive.org/India/IndiaSmiling.html