Jump to content

ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014

විකිපීඩියා වෙතින්
ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය
බ්‍රහස්පතින්දා, 18 සැප්තැම්බර් 2014
ස්කොට්ලන්තය ස්වාධීන රටක් විය යුතුද?
ප්‍රතිඵල
ඔව් හෝ නැහැ ඡන්ද ප්‍රතිශතය
ඔව් 1,617,989 &0000000000000044.70000044.7%
නැහැ 2,001,926 &0000000000000055.30000055.3%
වලංගු චන්ද 3,619,915 &0000000000000099.91000099.91%
අවලංගු හෝ හිස් ඡන්ද 3,429 &0000000000000000.0900000.09%
මුළු ඡන්ද 3,623,344 100.00%
ඡන්දය දැමීම &0000000000000084.59000084.59%
කොට්ඨාශය 4,283,392
පුරසභා ප්‍රදේශය අනුව ප්‍රතිඵල
  ඔව්
  නැහැ

ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014 යනු ස්කොට්ලන්තය නිදහස් රටක් විය යුතු ද යන බව විමසා බැලීමට පැවැත් වූ ජනමත විචාරණයක් වන අතර එය 2014 සැප්තැම්බර් 18 වන බ්‍රහස්පතින්දා පැවැත්වුණි.[1] පැය 22:00 බීඑස්ටී (21:00 යූටීසී) වන විට ඡන්දය විමසීම අවසන්වූ විට, ඡන්දය ගණන් කිරීම ආරම්භ වූ අතර සැප්තැම්බර් 19 දින උදෑසන ම ප්‍රතිඵල නිකුත් විය. සමස්ත ප්‍රතිඵලය වූයේ "නැත" පාර්ශවයේ ජයග්‍රහණයයි: 55.3% ක් නිදහසට විරුද්ධ ව ඡන්දය ප්‍රකාශ කළහ.[2]

ස්කොට්ලන්ත සහ එක්සත් රාජධානි රජයයන් අතර ඇතිවුනු එකඟතාවයක් පරිදී,[3] මෙම ජනමත විචාරණයට විධිවිධාන සලසන ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණ පණත, ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසින් 2013 නොවැම්බරයේදී සම්මත කරන ලදි.[4][5][6] මැතිවරණ කොමිසම විසින් නිර්දේශ කල පරිදී, ජනමත විචාරණ ප්‍රශ්නය වන්නේ, "ස්කොට්ලන්තය ස්වාධීන රටක් විය යුතුද?" – ඡන්දදායකයන් විසින් ඔව් හෝ නැහැ ලෙසින් පිළිතුරු දිය හැකිය.[7] ස්ථිර වීම සඳහා, නිදහස පිළිබඳ යෝජනාවට සරල බහුතරයක් ලැබිය යුතුය. සමහරක් ව්‍යතිරේකයන්ට යටත්ව, වයස 16ක් හෝ ඊට වැඩි සියළු ස්කොට්ලන්ත වැසියනට, එනම් මිලියන 4.3 පමණ ජනතාවකට, ඡන්දය ප්‍රකාශ කල හැක.

නිදහස සඳහා ප්‍රධාන ඡන්ද ව්‍යාපාර කණ්ඩායම වන්නේ යර්ස් ස්කොට්ලන්ඩ් වන අතර, සුසංගමය පවත්වාගෙන යෑම සඳහා ප්‍රධාන ඡන්ද ව්‍යාපාර කණ්ඩායම වන්නේ බෙටර් ටුගෙදර් වෙයි. අනෙකුත් ඡන්ද ව්‍යාපාර කණ්ඩායම්, දේශපාලන පක්ෂ, වෙළෙඳ ව්‍යාපාර, පුවත්පත් සහ ප්‍රමුඛ පුද්ගලයන් බොහෝමයක් මේ සඳහා සම්බන්ධ වී ඇත. ඡන්ද ව්‍යාපාරය තුලදී ඉස්මතුවූ ප්‍රමුඛ වාද විෂයයන් අතර, නිදහස් ස්කොට්ලන්තයක් භාවිතා කරනුයේ කුමන ව්‍යවහාර මුදලක්ද, රාජ්‍ය වැය සහ උතුරු මුහුදේ තෙල් විය.[8]

ඉතිහාසය

[සංස්කරණය]

ස්කොට්ලන්තය සහ එක්සත් රාජධානිය ස්ථාපනය

[සංස්කරණය]

මධ්‍යතන යුග තුලදී, ස්කොට්ලන්ත රාජධානිය සහ එංගලන්ත රාජධානිය, ස්වාධින රටවල් ලෙසින් සංස්ථාපනය කෙරිණි. 14වන සියවසෙහිදී, යුද්ධ මාලාවක් සටන්කිරීමෙන් පසුව, 1603 වසරෙහිදී, රාජාණ්ඩු දෙක විසින් පුද්ගලික සුසංගමයකට එළෙඹ ( කීරීටයන්ගේ සුසංගමය), ස්කොට්ලන්තයේ සයවන ජේම්ස් රජ එංගලන්තයෙහි පළමුවන ජේම්ස් රජ බවටද පත් විය. 1653 වසරෙහිදී, පොදු රාජ්‍ය මණ්ඩලයක පරිණායක සාමිවරයා ලෙසින් ඔලිවර් ක්‍රොම්වෙල් ප්‍රකාශයට පත් කෙරුණු විට, ජාතීන් දෙක එක් රජයක් යටතේ තාවකාලිකව එක්සත් වූ නමුත්, 1660 වසරෙහිදී, රාජාණ්ඩුව ප්‍රතිසංස්ථාපනය කෙරුණු විට විසුරුවා හැරිණි. 1707දී ස්කොට්ලන්තය සහ එංගලන්තය එක්සත් වූයේ මහා බ්‍රිකාන්‍ය රාජධානිය තැනීමටය. 1801දී අයර්ලන්ත රාජධානිය හා සමග එක්සත්වූ මහා බ්‍රිතාන්‍යය, මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්තය එක්සත් රාජධානිය තැනීය. 1922 වසරෙහිදී, අයර්ලන්තයෙන් බොහෝ කොටසක්, අයර්ලන්ත නිදහස් රාජ්‍යය ලෙසින් සුසංගමයෙන් ඉවත් විය. ; එබැවින් ස්වෛරී රාජ්‍යයේ වර්තමාන සම්පූර්ණ නම වනුයේ මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානිය යන්නයි.

බලය බෙදා හැරීම

[සංස්කරණය]

1920 ගණන් වලදී, කම්කරු පක්ෂය වෙතින්, ස්කොට්ලන්තයේ ස්වදේශ පාලනය වෙනුවෙන් කැපවීමක් පල කෙරුණු නමුත්, පසුකාලීනව, එහි න්‍යාය පත්‍රයෙන් ගිලිහී ගියේය.[9] 1934 වසරෙහිදී ස්කොට්ලන්ත ජාතික පක්ෂය (SNP) ස්ථාපනය කෙරුණු මුත්, 1960 ගණන් වන තුරු සැලකිය යුතු තරම් මැතිවරණ සඵලත්වය ළඟා කර ගැනුමට අපොහොසත් විය.[9] ස්වදේශ පාලනය ඉල්ලා සිටිමින්, ස්කොට්ලන්ත ප්‍රතිඥාතය නම් ලේඛනයක්, 1940 ගණන් වල අගභාගයේදී මිලියන 2 ක ජනතාව (මිලියන 5 ක ජනගහණයක් අතරින්) අත්සන් තබන ලදි.[9] 1970 ගණන් වල අග භාගයේදී, ජිම් කැලහන්ගේ කම්කරු පක්ෂ රජය වෙත SNP වෙතින් මැතිවරණ පීඩනය එල්ල වන තුරු, දැනට ස්කොට්ලන්ත බලය බෙදා හැරීම ලෙසින් හැඳින්වෙන ස්වදේශ පාලනය, බරපතළ යෝජනාවක් බවට පත් නොවීය.[9]

විමධ්‍යගත ස්කොට්ලන්ත මන්ත්‍රණ සභාවක් සඳහා යෝජනාවක් 1979දී ජනමත විචාරණයකට ඉදිරිපත් කෙරිණි. වෙනස අනුමත කරමින් ඉතා පටු බහුතරයක් සහිත ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබුණද, එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණේ, මුළු ඡන්ද ප්‍රමාණයෙන් 40% ඉක්මවන 'ඔව්' ඡන්ද ප්‍රමාණයක් ලැබිය යුතු බවට වූ අවශ්‍යතාවය නිසාය.[10]


බීබීසී නැඹුරුවක් පිළිබඳ චෝදනා

[සංස්කරණය]

නිදහස වෙනුවෙන් ආධාරකරුවන් සමහරක් විසින්, මැතිවරණ ව්‍යාපාරය අතරතුර චෝදනා එල්ලකලේ, —එරාහී ජාතික විද්‍යුත් ප්‍රචාරකයා—බීබීසී, ස්කොට්ලන්ත නිදහසට එරෙහි නැඹුරුතාවයක් දක්වන බවයි.[11]


ජනමත විමසීම්

[සංස්කරණය]
2014 සැප්තැම්බර් 11 විට ප්‍රතිඵල


ප්‍රතිඵලය

[සංස්කරණය]
මනාපය ඡන්ද %
Referendum failed නැත 2,001,926 55.30
ඔව් 1,617,989 44.70
වලංගු ඡන්ද 3619915 99.91
අවලංගු හෝ හිස් ඡන්ද 3,429 0.09
මුළු ඡන්ද 3,623,344 100
ලියාපදිංචි ඡන්දදායක ඡන්දය දීම 4,283,392 84.59%


ප්‍රදේශය අනුව

[සංස්කරණය]
ඡන්ද කොට්ඨාශය[12] සඳහා ඡන්ද විරුද්ධව ඡන්ද සඳහා (%) විරුද්ධව (%) වලංගු ඡන්ද ඡන්දය ප්‍රකාශ කිරීම (%)
ඇබර්ඩින් 59,390 84,094 41.4% 58.6% 143,484 81.7%
ඇබර්ඩීන්ෂයර් 71,337 108,606 39.6% 60.4% 179,943 87.2%
ඇංගස් 35,044 45,192 43.7% 56.3% 80,236 85.7%
අගාල් ඇන්ඩ් බෙයට් 26,324 37,143 41.5% 58.5% 63,467 88.2%
ක්ලක්මනෙන්ෂයර් 16,350 19,036 46.2% 53.8% 35,386 88.6%
ඩම්ෆ්‍රීස් ඇන්ඩ් ගැලොවේ 36,614 70,039 34.3% 65.7% 106,653 87.5%
ඩන්ඩී 53,620 39,880 57.4% 42.6% 93,500 78.8%
නැගෙනහිර එයෂයර් 39,762 44,442 47.2% 52.8% 84,204 84.5%
නැගෙනහිර ඩම්බට්න්ෂයර් 30,624 48,314 38.8% 61.2% 78,938 91.0%
නැගෙනහිර ලෝදියන් 27,467 44,283 38.3% 61.7% 71,750 87.6%
නැගෙනහිර රෙන්ෆ්‍රෙෂයර් 24,287 41,690 36.8% 63.2% 65,977 90.4%
එඩින්බරා 123,927 194,638 38.9% 61.1% 318,565 84.4%
ඒයිලයින් ෂියා 9,195 10,544 46.6% 53.4% 19,739 86.2%
ෆොල්කර්ක් 50,489 58,030 46.5% 53.5% 108,519 88.7%
ෆයිෆ් 114,148 139,788 45.0% 55.0% 253,936 84.1%
ග්ලාස්ගෝ නගරය 194,739 169,347 53.5% 46.5% 364,086 75.0%
හයිලන්ඩ් 78,069 87,739 47.1% 52.9% 165,808 87.0%
ඉන්වර්ක්ලයිඩ් 27,243 27,329 49.9% 50.1% 54,572 87.4%
මිඩ්ලෝතියන් 26,370 33,972 43.7% 56.3% 60,342 86.8%
මෝරේ 27,232 36,935 42.4% 57.6% 64,167 85.4%
උතුරු එයෂයර් 47,072 49,016 49.0% 51.0% 96,088 84.4%
උතුරු ලනෙක්ෂයර් 115,783 110,922 51.0% 48.9% 226,705 84.4%
පර්ත් ඇන්ඩ් කින්රෝස් 41,475 62,714 39.8% 60.2% 104,189 86.9%
රෙන්ෆ්‍රෙෂයර් 55,466 62,067 47.2% 52.8% 117,533 87.3%
ස්කොටිෂ් බෝර්ඩර්ස් 27,906 55,553 33.4% 66.6% 83,459 87.4%
දකුණු එයෂයර් 34,402 47,247 42.1% 57.9% 81,749 86.1%
දකුණු ලනෙක්ෂයර් 100,990 121,800 45.3% 54.7% 222,790 85.3%
ස්ටර්ලිං 25,010 37,153 40.2% 59.8% 62,163 90.1%
බටහිර ඩම්බාට්න්ෂයර් 33,720 28,676 54.0% 46.0% 62,396 87.9%
බටහිර ලෝදියන් 53,342 65,682 44.82% 55.18% 138,226 86.2%
ඕර්ක්නී දිවයින් 4,883 10,004 32.8% 67.2% 14,887 83.7%
ෂෙට්ලන්ඩ් දිවයින් 5,669 9,951 36.3% 63.7% 15,620 84.4%
එකතුව 1,617,989 2,001,926 44.7% 55.3% 3,619,915 84.6%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ස්කොට්ලන්ඩ් ටු හෝල්ඩ් ඉන්ඩිපෙන්ඩන්ස් පෝල් ඉන් 2014 – සෑමන්ඩ්". බීබීසී නිවුස් (බීබීසී). 10 ජනවාරි 2012. http://www.bbc.co.uk/news/uk-scotland-16478121. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 අප්‍රේල් 2014. 
  2. ^ "ස්කොට්ලන්ඩ්ස් රෙෆරන්ඩම්: ස්කොට්ලන්ඩ් වෝට්ස් නෝ ටු ඉන්ඩිපෙන්ඩන්ස්". BBC News. 19 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2014.
  3. ^ "අග්‍රීමන්ට් බිට්වීන් දි යුනයිටඩ් කිංඩම් ගවර්න්මන්ට් ඇන්ඩ් ද ස්කොටිෂ් ගවර්න්මන්ට් ඔන් රෙෆරන්ඩම් ඔන් ඉන්ඩිපෙන්ඩන්ස් ෆො ස්කොට්ලන්ඩ්" (PDF). 15 ඔක්තොම්බර් 2012. සම්ප්‍රවේශය මැයි 2013. {{cite web}}: Check date values in: |accessdate= (help)
  4. ^ "රෙස්පොන්ස් ටු රෙෆරන්ඩම් කන්සල්ටේෂන්". Scotland.gov.uk. සම්ප්‍රවේශය 11 ඔක්තොම්බර් 2012.
  5. ^ "ස්කොටිෂ් ඉන්ඩිපෙන්ඩන්ස් රෙෆරන්ඩම් බිල්". Scottish.parliament.uk. සම්ප්‍රවේශය 31 ජනවාරි 2014.
  6. ^ Official text of the ස්කොටිෂ් ඉන්ඩිපෙන්ඩන්ස් රෙෆරන්ඩම් ඇක්ට් 2013 as in force today (including any amendments) within the United Kingdom, from the UK Statute Law Database
  7. ^ "ගවර්න්මන්ට් ඇක්සෙප්ට්ස් ඕල් ඉලෙක්ටරල් කමිෂන් රෙකමෙන්ඩේෂන්ස්". සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2014.
  8. ^ "ස්කොටිෂ් ඉන්ඩිපෙන්ඩන්ස්: අ ගයිඩ් ටු ද බිග් ඩිෂිසන් – පොලිටික්ස් – දි ඔබ්සර්වර්". ද ගාර්ඩියන්. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2014.
  9. ^ a b c d "ඩිවලූෂන්ස් ස්විංස් ඇන්ඩ් රවුන්ඩ්අබවුට්ස්". බීබීසී නිවුස්. බීබීසී. 7 අප්‍රේල් 1999. සම්ප්‍රවේශය 28 අගෝස්තු 2014.
  10. ^ "දි 1979 රෙෆරන්ඩම්ස්". බීබීසී නිවුස් (බීබීසී). http://www.bbc.co.uk/news/special/politics97/devolution/scotland/briefing/79referendums.shtml. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජනවාරි 2012. 
  11. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; BBCIndy නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  12. ^ "ස්කොටිෂ් ඉන්ඩිපෙන්ඩන්ස් රෙෆරන්ඩම් - රිසල්ට්ස්". BBC. 18 September 2014. සම්ප්‍රවේශය 18 සැප්තැම්බර් 2014.