කැපිටල් ස්කැන්ඩල්

විකිපීඩියා වෙතින්
(ස්කැන්ඩල් ඉන් ඕල්ඩ් සෝල් වෙතින් යළි-යොමු කරන ලදි)
කැපිටල් ස්කැන්ඩල්
කැපිටල් ස්කැන්ඩල් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේScandal in Old Seoul
Scandal in the Capital
Kyeongseong Scandal
Modern Romance
ප්‍රභේදයඓතිහාසික
ප්‍රේම කථා
සුඛාන්ත
නාට්‍ය
මත පදනම්වලී සුන්-මිගේ Love Story in the Capital ඇසුරෙන්
රචනය කලේජින් සූ-වන්
අධ්‍යක්ෂණය කලේහන් ජොන්-සෝ
රඟපෑමකං ජි-හ්වන්
හන් ජි-මින්
ර්යු ජින්
හන් ගෝ-ඉයුන්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන16
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)ජුං සුං-හ්යෝ
ලී සුං-සොබ්
ස්ථානය(න්)කොරියාව
ධාවන කාලයබදාදා සහ බ්‍රහස්පතින්දා 21:55ට (KST)
ප්‍රචාරණය
මුල් නාලිකාවකොරියානු විකාශන පද්ධතිය
මුල් ධාවනය6 ජුනි 2007 (2007-06-06) – 2 අගෝස්තු 2007 (2007-08-02)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේSeveral Questions That Make Us Happy
අනුගමනය වනුයේSayuksin
බාහිර සබැඳි
වෙබ් අඩවිය

කැපිටල් ස්කැන්ඩල් (කොරියානු경성 스캔들; ප්‍රරෝග්යොංසොං ස්‍යුකැන්ද්‍යුල්; සාහිත්‍යමය. "ග්යොංසොංහි අපවාදය") යනුවෙන් හැඳින්වෙන්නේ 2007 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ කං ජි-හ්වන්, හන් ජි-මින්, ර්යු ජින් සහ හන් ගෝ-ඉයුන් යන නළු නිළි පිරිස විසිනි. එරට KBS2 නාළිකාව ඔස්සේ විකාශය කෙරුණු මෙය 2007 ජූනි 6 දින සිට 2007 අගෝස්තු 2 දක්වා ධාවනය විය. එය බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල 21:55ට විකාශය කරන ලද්දේ කථාංග 16කින් යුක්තව ය.

මෙම රූපවාහිනී කතාමාලාව සඳහා පාදක කොටගෙන ඇත්තේ ලී සුන්-මිගේ නවකථාවක් වන Love Story in the Capital (අගනුවර පෙම් කථාව)[1] නැමැති ග්‍රන්ථයයි. මෙම කතාමාලාව මගින් 1930 දශකයේ සෝල් නගරයේ යටත් විජිත පාලන සමයේ වික්‍රමාන්විත ජපන් විරෝධී ව්‍යාපාරය පසුබිමින් දිවෙන යොවුන් පෙම් කථාවක් නිරූපණය වේ. එකල සෝල් නුවර හැඳින්වුණේ "ග්යොංසොං" යන නාමයෙනි. (මේ නිසා මෙම කතාමාලාව ස්කැන්ඩල් ඉන් ඕල්ඩ් සෝල් යන නාමයෙන් ද හඳුන්වයි) මෙකල ජාතිකවාදී නිදහස් සටන්කරුවන් ජපන්-හිතවාදී දේශද්‍රෝහීන්ට විරුද්ධව සටන් වැදුණු යුගයක් විය. එසේම මෙම කතාමාලාව මගින් සම්ප්‍රදායික ජොසොන්-යුගයේ කොන්ෆියුසියානු අගයයන් ඝට්ටනය වන අයුරුත්, වඩාත් නූතනරූපී දිවියක් ගැඩගැසෙන අයුරුත් නිරූපිත ය. ශෝකය, හාස්‍යය සහ ප්‍රේමයේ සම්මිශ්‍රණයකින් යුක්තව මෙම කතාමාලාව මගින් කොරියානු ඉතිහාසයේ අඳුරුම යුගයන්ගෙන් එකක් නිරූපණය කරයි.

සාරාංශය[සංස්කරණය]

සුන්වූ වන් (කං ජි-හ්වන්) යනු අගනුවර වෙසෙන වඩාත් කුප්‍රකටම සල්ලායන්ගෙන් අයෙකි.‍ ඕනෑම කාන්තාවක මිනිත්තු 10ක දී වරදට පොළඹවා ගැනීමට තමන්ට හැකි යැයි ඔහු පුරසාරම් පවසයි. මෙම කඩවසම්, ජේත්තුකාර සහ ධනවත් තරුණයා සිය රටේ ඉරණම කෙරෙහි කිසිසේත් වද නො‍වන්නෙකි. තමන්ට නා යෝ-ක්‍යුං (හන් ජි-මින්) හෙවත් "ජොමාජා" යන සුරතල් නාමයෙන් හැඳින්වෙන තරුණියව (ජොසොන් රාජවංශයේ අවසන් කාන්තාවයි) වරදට පොළඹවා ගත හැකි බවට ඔහු සිය මිතුරන් සමග ඔ‍ට්ටුවක් අල්ලයි. ඇය ප්‍රකට වී ඇත්තේ සිය පෙනුම පිළිබඳ සැලකිල්ලක් නොදක්වන සහ කාලානුරූපීව වෙනස් වීමට නොසිතන තැනැත්තියක ලෙසයි. පොත් වෙළඳසැලක් පවත්වාගෙන යන ඇය, දිළිඳු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡා ගුරුවරියක ලෙස කටයුතු කරන්නී ය. දැඩි අධිෂ්ඨානශීලී කාන්තාවක වන යෝ-ක්‍යුං සිය රට නුදුරු අනාග‍තයේ දී ජපානයෙන් නිදහස ලබාගනු ඇතැයි දැඩි විශ්වාසයකින් පසුවන්නී ය. පෙම්වතකු හමුවීම හෝ තමන්ට විවාහයක් සිදු කර ගැනීම පිළිබඳ ඇය සිතන්නේ සිය ස්වදේශික භූමිය නිදහස ලබාගැනීමෙන් පසු සිදුකළ යුතු බවකි.

මුලින් වන් සිය ඔට්ටුව එතරම් තදපල ලෙස නොගනියි. නමුත් අගනුවර සිදුවන සිදුවීම් දාමයත් සමග ඔහු තමන් යෝ-ක්‍යුං සමග ප්‍රේමයෙන් බැඳී ඇති බව වටහා ගනියි. ඇය ඔහු‍ගේ නෙත් තමන් වටා සිදුවන සමාජ අසාධාරණයන් කෙරෙහි විවර කරවන්නී ය. ඇගේ මෙම උත්සාහයන් සමග ඔහු නිදහස් ව්‍යාපාර ක්‍රියාකාරිකයකු බවට පත්වේ. වන් පවසන්නේ "නිදහස සහ විප්ලවය සඳහා වඩාත් ශක්තිමත්ම සහ ක්‍රියාකාරීම උපාය මාර්ගය ආදරය බවයි."

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

අතිශයින් "නූතන තරුණයෙකි". වඩාත් නූතනම විලාසිතාවලින් සැරසුණු සුන්වූ වන් ජෑස්, සූදුව සහ කාන්තාවන් කෙරෙහි ඇල්මක් දක්වයි. ඔහු නිතරම රාත්‍රී සමාජශාලා වෙත යයි. ග්යොංසොං නුවර වෙසෙන වඩාත් සෙල්ලක්කාර තරුණයා වන වන් සිතන්නේ තමන්ට ඕනෑම තරුණියක මිනිත්තු දහයකින් වසඟ කරගත හැකි බවයි. එක් දිනෙක ඔහු ඔට්ටු අල්ලන්නේ, තමන්ට රූමත් සහ අයහපත් තරුණියන් පමණක් නොව, ජොමාජා යනුවෙන් හැඳින්වෙන් නිදහස් ක්‍රියාකාරිණිය පවා වසඟයට ගත හැකි බවයි. මුලින් ව්‍යාජ ප්‍රේමයක් පෙන්වාලන ඔහු ක්‍රමයෙන් ඇයට සැබෑ ලෙසම ප්‍රේම කරයි. පළමු වතාවට ප්‍රේමය යනු කුමක්දැයි ඔහු අත්විඳියි. එය ක්‍රමයෙන් දේශානුරාගය බවට පෙරළෙයි. මෙලෙසින් පරමසුඛවාදියා නිදහස් ක්‍රියාකාරියකු බවට පත්වේ.
යුගයේ බොහෝ ස්ත්‍රීන් මෙන් නොව, යෝ-ක්‍යුං හොඳින් අධ්‍යාපනය හදාළ තැනැත්තියක මුත්, පූර්ව-නූතනවාදී චින්තනය පිළිගැනීමට ඇය සූදානම් නැත. ඇය තවමත් අඳින්නේ සම්ප්‍රදායික සුදු පැහැ සැට්ටය සහ කළු සායයි.ඇය දැඩි අධිෂ්ඨානශීලී යුවතියකි. බොහෝ තරුණයින් ඇයව දිනා ගැනීමට උත්සාහ කළ ද, ඔවුහු අසමත් වූහ. ඇයව පිටතට රැගෙන යාමට බියවීම සම්බන්ධයෙන් පැයක් පමණ ඇය මිනිසකුට බැණ වැදි බවට කටකථා පැතිර යයි. මේ නිසා ග්යොංසොං තරුණයින් ඇය පිළිබඳ ආශාව අත්හැර තිබිණි. මේ නිසා ඔවුහු ඇයට උපහාසාත්මකව ජොමාජා ලෙස අමතති. එහි අරුත "ජොසොන්හි අවසන් ස්ත්‍රිය" යන්නයි.
ටෝකියෝවේ උසස් අධ්‍යාපනය හදාළ සූ-හ්‍යුන් දක්ෂ, යහපත් ගති පැවතුම් ඇති, පිළිවෙල තරුණයෙකි. ඔහුට ඉක්මණින්ම කොරියාවේ ජපන් රජය තුළ උසස් වීම් හිමි වේ. ජපන් ඉහළ නිලතල දරන නිලධාරියකු වන උඒඩා මමොරු ඔහුව දැඩිව විශ්වාස කරන බව සෑමදෙනාම දන්නා කරුණකි. නමුත්, ඔහුගේ හැකියාව නිසාම, සූ-හ්‍යුන් වටා සතුරන් රැසක් ගොඩනැගේ. මේ අතර ජපන් සේවකයින්, කොරියානු සේවකයින් සහ ඔහුගේ ළමාවියේ මිතුරකු වන සුන්වූ වන් පවා වේ. තමන් මව්බිමට ද්‍රෝහී වන බව පවසන අයගේ බස් ඔහු නොපිළිගනියි. කිසිදු හැඟීමකින් තොර ඔහුගේ මුහුණ කිසිවිටෙක රහස්වලට පිටු නොපායි. තීරණාත්මක අවස්ථාවල පමණක් ඔහු මඳක් සිනහසෙයි.
සුප්‍රකට ගිසෙංවරියකි. මන බඳනා රූ සපුවකට හිමිනම් කියන සොං-ජූ නර්තනයට සහ ගායනයට සමත්කම් දක්වන්නී ය. උසස් සමාජ තත්ත්වයක් සහිත පුරුෂයන්ට පමණක් ඇයව හමුවිය හැකි විය. පෞද්ගලිකව ඇයව හමුවීමට තරම් මුදලක් හෝ බලයක් නොමැති පුද්ගලයන්ට ග්යොංසොං ගුවේවිදුලියෙන් ඇගේ ගීත ශ්‍රවණය කළ හැක. නැතහොත් දුම්රියපළේ ඇති ඇගේ සිනහ මුහුණ සහිත ජපන් පෝස්ටර නැරඹිය හැක. යුගයේ සුප්‍රකටම තැනැත්තිය වූයේ මැයයි.

සහායක චරිත[සංස්කරණය]

මුල් නාදපථය[සංස්කරණය]

  1. Gyeongseong Scandal - ඒරු
  2. Because of you - ජොන් දෝ-යොං
  3. Elegy
  4. Dance with me
  5. You who believe this is the end - ජේ
  6. No Life Without You (feat. Soseol)
  7. Winds of Gyeongseong
  8. Gyeongseong Scandal (වාදනය)
  9. Sweet Song - නෝ ජින්-යොං
  10. Gyeongseong BLUES
  11. Mong (dream)
  12. Waltz of Destiny
  13. Elegy Tango
  14. You who believe this is the end (වාදනය)
  15. One Summer
  16. Because of you (වාදනය)
  17. In a Mood

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මානය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2007
KBS නාට්‍ය සම්මාන[3]
විශිෂ්ට සම්මානය, කෙටි කතාමාලාවක නළුවා කං ජි-හ්වන් දිනාගති
විශිෂ්ට ස්මමානය, කෙටි කතාමාලාවක නිළිය හන් ජි-මින් දිනාගති
හන් ගෝ-ඉයුන් නිර්දේශිත
හොඳම සහාය නළුවා කං නම්-ගිල් නිර්දේශිත
හොඳම සහාය නිළිය හන් ගෝ-ඉයුන් දිනාගති
හොඳම යොවුන් නළුවා චෝයි වූ-හ්‍යුක් දිනාගති
නෙටිසන් සම්මානය, නිළිය හන් ජි-මින් දිනාගති
ජනප්‍රියතා සම්මානය, නළුවා ජං ජි-හ්වන් නිර්දේශිත
ජනප්‍රියතා සම්මානය, නිළිය හන් ජි-මින් නිර්දේශිත
හොඳම යුවළ සම්මානය කං ජි-හ්වන් සහ හන් ජි-මින් දිනාගති
2008
44වන බෙක්සං කලා සම්මාන
හොඳම නළුවා (රූපවාහිනී) කං ජි-හ්වන් නිර්දේශිත
හොඳම නිළිය (රූපවාහිනී) හන් ජි-මින් නිර්දේශිත
හොඳම නවක අධ්‍යක්ෂක (රූපවාහිනී) හන් ජූන්-සෝ නිර්දේශිත
බෑන්ෆ් ලෝක මාධ්‍ය උළෙල
රොකී සම්මානය කැපිටල් ස්කැන්ඩල් දිනාගති

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Capital Scandal". KBS World. සම්ප්‍රවේශය 2013-07-12.
  2. Wee, Geun-woo (23 December 2009). "Kang Ji-hwan's Movie Picks". 10Asia. සම්ප්‍රවේශය 2013-07-11.
  3. "2007 Year-end Korean drama awards round-up". Hancinema. 7 January 2008. සම්ප්‍රවේශය 2013-08-25.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කැපිටල්_ස්කැන්ඩල්&oldid=410089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි