න්‍යෂ්ටික ශක්තිය
ගොනුව:Susquehanna steam electric station.jpg
Sasguehanna වාෂ්ප විද්‍යුත් බලාගාරය, එවැනි උතුරන ජල ප්‍රතික්‍රියාකාරිත්වයට හොඳම උදාහරණයකි. මෙවැනි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සෘජුකෝණාස්‍රාකාර ගොඩනැගිලි වල අභ්‍යන්තරව සිසිලන කුළුනු තුළ සිදුවේ. මෙම කුළුනු වල පසුබිමෙහි ජලවාෂ්ප පිටවීමට කුඩා සිදුරු තිබේ.
න්‍යෂ්ටික ශක්තිය න්‍යෂ්ටික තාක්ෂණයේ නිර්මාණයකි. පාලනයක් සහිතව සිදු කෙරෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මඟින් පරමාණුක න්‍යෂ්ටියේ ඇති ශක්තිය ප්‍රයෝජනවත් අයුරින් ප්‍රයෝජනයට ගැනේ. මෙහිදි න්‍යෂ්ටික ශක්තිය ලබා ගන්නා පොදු ක්‍රමය වන්නේ න්‍යෂ්ටික විඛණ්ඩනයයි. අනෙකුත් ක්‍රම ලෙස න්‍යෂ්ටික සංයෝජනය හා විකිරණ ක්ෂයවීම සැලකිය හැකිය. වර්තමානයේ න්‍යෂ්ටික ශක්තිය ප්‍රයෝජනයට ගෙන (අධික තාප ශක්තිය ) විදුලිය ජනනය කෙරේ. එහිදී උපදවන තාපයෙන් ජලය වාෂ්ප වීමට සලස්වා එමඟින් යාන්ත්‍රික ක්ෂමතාවක් ඇතිවී විදුලිය නිපදවේ. වත්මන් ලෝකයේ විද්‍යුත් ජනනයෙන් 15% වඩා වැඩි ප්‍රමාණයක් ජනනය කෙරෙන්නේ න්‍යෂ්ටික බලයෙනි. මේ වනවිට න්‍යෂ්ටික බල සහිත නිෂ්පාදනයක් වන විකිරණ සමස්ථානික රොකට් ද නිපදවා ඇත.