සර්ජි බ්‍රින්

විකිපීඩියා වෙතින්

සර්ජි බ්‍රින්
සර්ජි බ්‍රින් TED 2010 සමුළුවේදී.
උපත
සර්ජි මිකලොවිච් බ්‍රින්
Серге́й Миха́йлович Брин

අගෝස්තු 21, 1973 (1973-08-21) (වයස 50)
මොස්කව්, රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුව
නිවහනලොස් අල්ටස්, කැලිෆෝනියාව, ඇමරිකාව.
ජාතිකත්වය United States (ඇමරිකානු)
උගත් ශාස්ත්‍රාලයමේරිලන්ඩ් විශ්වවිද්‍යාලය (විද්‍යාවේදී 1993)
ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය (ආචාර්යය 1995)
රැකියාවපරිගණක විද්‍යාඥ, අන්තර්ජාල ව්‍යවසාධක
ප්‍රසිද්ධව ඇත්තේගූගල් (Google) ආයතනයේ සම-නිර්මාතෘ
වේතනය$1
ශුද්ධ වත්කමIncrease ඇමරිකානු ඩොලර් බිලියන 20.3 (2012වනවිට)
කලත්‍රයා(යන්)ඈන් වොජ්සිකි
දරුවන්2
වෙබ් අඩවියGoogle.com – සර්ජි බ්‍රින්
අත්සන
ආගමයුදෙව් ආගම

ඇමරිකානු පරිගණක විද්‍යාඥයෙකු මෙන්ම අන්තර්ජාල ව්‍යවසායකයෙකුද වන සර්ජි මිකලොවිච් බ්‍රින්, 1973 අගෝස්තු මස 21 වන දින රුසියාවේ දී උපත ලැබුවෙකි. ලොව ප්‍රමුඛතම හා වඩාත්ම ලාභ ලබන අන්තර්ජාල ආයතනය වන ගූගල් ආයතනය මොහු සහ ලැරී පේජ් විසින් ස්ථාපිත කරන ලද්දකි. 2012 වර්ෂය වන විට මොහුගේ ඇස්තමේන්තුගත පෞද්ගලික වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 20.3කි. මේ අතර මොහු සහ ලැරී පේජ් ගූගල් ආයතනයේ 16%ක කොටස් ප්‍රමාණයකට වර්තමානයේ හිමිකම් කියනු ලබයි.

වයස අවුරුදු 6ක් වන විට සර්ජි බ්‍රින් සෝවියට් සංගමයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිය දෙමාපියන් සමඟ ස්ථීර පදිංචිය සඳහා පැමිණ එහිදී වැඩිදුර අධ්‍යාපනය හදාරනු ලැබීය. සිය පියාගේ අඩිපාරේ ගමන් කරමින් ගණිතය හා පරිගණක විද්‍යාව මැනවින් ප්‍රගුණ කල සර්ජි මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබාගන්නා ලදී. මූලික උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔහු සිය ආචාර්යය උපාධිය හදාරනු වස් ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය වෙත පිවිසෙන ලදී. එහිදී ඔහුට පළමුවරට ලැරී පේජ් මුනගැසෙන අතර පසුව මොවුන් මිතුරන් බවට පත්වේ. මොවුන් දෙදෙනා සිය නිදන කාමරය තුල සිය පර්යේෂණ කටයුතු සිදුකිරීම සඳහා මිල අඩු පරිගණක පද්ධතියක් ස්ථාපනය කරගත් අතර එයට සර්ජි බ්‍රින්ගේ තොරතුරු කැණීම් පද්ධතිය වඩා උසස් වෙබ් සෙවුම් යන්ත්‍රයක් ලබාගනු පිණිස එක්කරනු ලැබීය. මෙම වැඩසටහන ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය තුල ඉතාමත් ජනප්‍රිය වූ අතර මොවුන් සිය ආචාර්යය උපාධිය සඳහා වූ අධ්‍යනය නවතා දමා කුලියට කාමරයක් ගෙන එහි ගූගල් ආයතනය පිහිටුවන ලදී.

'ද ඉකොනොමිස්ට්' සඟරාව විසින් සර්ජි බ්‍රින් ද්වීප්තිමත් පුද්ගලයෙක් ලෙස හඳුන්වා දෙනු ලැබීය. මේ අතර මෙතෙක් කල් පැවති "දැනුම සියල්ලටම වඩා ඉදිරියෙන් " යන මතයට නව අර්ථකතනයක් ලබා දෙමින් ගූගල් ආයතනය සිය ආදර්ශ පාඨය වන "ලොව තුල පවතින සියළු දැනුම ලෝකයටම පිවිසිය හැකි වන පරිදි සහ වැඩදායක ලෙස ලබාගත හැකි පරිදි සංවිධානය කිරීම " යන්න එළිදක්වන ලදී.

මුල් අවධිය සහ අධ්‍යාපනය[සංස්කරණය]

රුසියාවේ මොස්කව් නුවරදී උපන් සර්ජි බ්‍රින්ගේ දෙමව්පියන් වන්නේ මොස්කව් ජනපද විශ්වවිද්‍යාලයේ (Moscow State University) උපාධිදාරීන් වන යුදෙව් ජාතික (Russian Jewish) මයිකල් බ්‍රින් සහ යුගිනියා බ්‍රින් ය. සර්ජිගේ පියා මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ (University of Maryland) ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙක් වන අතර මව නාසා (NASA) ආයතනයේ ගොඩර්ඩ් අභ්‍යවකාශ ගගන මධ්‍යස්ථානයේ (Goddard Space Flight Center) පර්යේෂකයෙක් ලෙස සේවය කරන ලදී.

සෝවියට් දේශයේ ළමා කාලය[සංස්කරණය]

සර්ජි බ්‍රින් ට වයස අවුරුදු 6ක් වන විට සිය දෙමව්පියන් සමඟ එක්සත් රාජධානියට පදිංචිය සඳහා යාමට ඔහුට සිදුවිය. ගූගල් ස්ටෝරි (Google) ග්‍රන්ථයේ සමකර්තෘ වරයෙක් වන මාර්ක් මල්සීඩ් (Mark Malseed) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී සර්ජිගේ පියා තමන්ගේ අතීතය පිළිබඳව සිය මතකය අවධිකරමින් තමා තාරකා විද්‍යාඥයෙක් (astronomer) වීමට කුඩා කල සිට පැවති සිහිනය විශ්වවිද්‍යාල සමයේදීම අත්හැර දැමීමට සිදුවීමට බලපෑ කාරනය පිළිබඳව කරුණු දක්වන ලදී. සෝවියට් සමූහාණ්ඩුව විසින් සැමිටික් විරෝධී (Anti-Semitism) ප්‍රතිපත්තියක් නිළ වශයෙන් අනුගමනය නොකලද සර්ජිගේ පියා පවසා සිටියේ කොමියුනිස්ට් පක්ෂයේ (Communist Party) නිළධාරීන් විසින් යුදෙව් ජාතිකයන්ට ඉහළ වෘත්තීමය තනතුරුවලට යාමට තිබූ මංපෙත් සියල්ල වසාදමා තිබූ බවත් එම තනතුරුවලට අදාල විශ්වවිද්‍යාල පාඨමාලා පවා තොරාගැනීම යුදෙව් ජාතිකයන්ට තහනම් වූ බවත්ය. මේනිසා තමන්ටද භෞතික විද්‍යා (Physics) අංශයට ඇතුලත් වීමට නොහැකි වූ බැවින් තමන්ට ගණිතය හැදෑරීමට සිදු වූ බව පවසන ලදී. තවදුරටත් අදහස් ප්‍රකාශ කරමින් ඔහු පවසා සිටියේ කිසිඳු උපාධි පාසැලක් (Graduate school) තමන්ව සිය උපාධි පාසැලට ඇතුලත් කරගැනීමට උනන්දු නොවූයේ තමන් යුදෙව් ජාතිකයෙක් වූ නිසා බවත්ය. මොස්කව් ජනපද විශ්වවිද්‍යාලයේ (Moscow State University) පවත්වන විශ්වවිද්‍යාලයට සිසුන් අතුලත් කරගැනීමට පවත්වන පරීක්ෂණයද පවත්වනු ලබන්නේ යුදෙව් ජාතිකයින්ට වෙනස්ම ආකාරයකට බවත් එහිදී යුදෙව් ජාතිකයන්ව වෙනම ශාලාවකට දමා අන් සිසුන්ගෙන් වෙන්කොට පරීක්ෂණය සිදු කරන බවත් පැවසීය. යුදෙව් ජාතික අයඳුම්කරුවන්ගේ උත්තර පත්‍රද ඉතා දැඩිව පරීක්ෂා කල බවත් යුදෙව් ජාතිකයන් යනු ඉතා අප්‍රසන්න ජනකොට්ඨාශයක් (Gas chamber) ලෙසට හංවඩු ගසා තිබූ බවත් ඔහු වැඩිදුරටත් පවසන ලදී.

මොස්කව් හි පිහිටි සර්ජි වාසය කල කාමර 3ක් සහිත නිවසේ බ්‍රින් පවුල සමඟ සර්ජිගේ මිත්තණියද වාසය කර ඇති අතර සර්ජි විසින් මල්සීඩ්ට පවසා ඇති අන්දමට ඔහු දීර්ඝ කාලයක් යනතුරු සිය පියාට ඔහු කැමති වෘත්තිය තෝරා ගැනීමට නොලැබුන බවක් දැන නොසිටි බවත් එය පිළිබඳව තමා දැනගත්තේ තමන් එක්සත් රාජධානියේ පදිංචි වීමෙනුත් වසර ගණනාවකට පසු බවත් ප්‍රකාශ කර ඇත. නමුත් 1977 වසරේ දිනක් සිය පියා පෝලන්තයේ වර්සව් (Warsaw) හි පැවති ගණිත සමුළුවකට සහභාගී වී නිවසට පැමිනි අවස්ථාවක සිය මවට සහ බිරිඳට දැන් තමන්ට මෙහෙන් යාමට කාලය උදාවී අති බව පැවසූ බවත් තවදුරටත් සෝවියට් දේශයෙහි සිටිය නොහැකි බව පවසා සිටිය බවත් සඳහන් කර ඇත. අදාල සමුළුවේදී සර්ජි ගේ පියාට සිය ක්ෂේත්‍රයේ එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය වැනි රටවල සඟයන් මුණගැසී ඇති අතර ඔවුන් සිය රටවල පවතින නිදහස පිලිබඳව සිදු කරන ලද ප්‍රකාශ සර්ජි ගේ පියාට සිය රට හැරයාම පිළිබඳව අදහසක් ජනිත වීමට හේතුකාරනා වූවා විය හැකියැයි තවදුරටත් සඳහන් කර ඇත. තවද සර්ජිගේ පියා විසින්ම පවසා ඇති අන්දමට සිය රට හැර දමා යාමට ඔහුට තිබූ තරම් අවශ්‍යතාවයක් සිය පවුලේ වෙන කිසිඳු සාමාජිකයෙකුට පැවතී නැත.

සර්ජිගේ මව උපන්දා සිට තමන් හැදී වැඩුන මොස්කව් පිහිටි සිය නිවස දමා යාමට වැඩි කැමැත්තක් නොදැක්වූ අතර, මෙම තීරණය සිය සැමියා විසින් ඔහුගේ මෙන්ම සර්ජිගේ අනාගතය ගැනද සිතාබලා ගත් තීරණයක් බැවින් අවසානයේ ඇයද මෙම තීරණයට කැමැත්ත පළකරනු ලැබුවාය. 1978 වසරේ සැප්තැම්බර් මාසයේදී සර්ජිගේ පියා විසින් හැරයාමේ වීසා (Visa) ලබා ගැනීම සඳහා අයඳුම් කල අතර මේ හේතුවෙන් ඔහුට මෙම තීරණය ගැනීමට බලපෑ හේතු දැක්වීමද සිදු කළ යුතු වූ අතර සිය රැකියාව පවා අහිමි විය. එපමණක් නොව සර්ජිගේ මවටද සිය රැකියාව හැරදායාමට සිදුවිය. ඒ හේතුවෙන් මෙතැන් පටන් පුරා අටමසක කාලයක් මොවුන්ට ගතකිරීමට සිදුවූයේ කිසිඳු ස්ථීර ආදායමක් නොමැතිව තාවකාලික රැකියා මගින් උපයාගත් මුදල් වලිනි. මේ අතර මොවුන් අයඳුම්කල වීසා ප්‍රතික්ෂේප වේ යැයි දෙගිඩියාවෙන් යුතුව කල්ගත කර ඇති අතර මේ කාලය තුලදී සර්ජිගේ පියා සර්ජිට පරිගණක වැඩසටහන් සම්පාදනය (Computer programming) පිළිබඳව තමන් සතු දැනුම ලබා දෙන ලදී. මේ අතර 1979හි මැයි මාසයේදී මොවුනට නිළ වශයෙන් හැරයාමේ වීසා පිරිනැමුනු අතර මේ අනුව ඔවුනට සිය රට හැරදා යාමට නීතියෙන් අවසර ලැබුණි. 2000 වසරේ පැවති සම්මුඛ සාකච්ජාවකදී මේ පිළිබඳ අදහස් දැක්වූ සර්ජි පවසා ඇත්තේ ඔහු සිය දෙමාපියන් අත්විඳි දුෂ්කරතා දන්නා බවත් ඔවුන් එක්සත් ජනපදයට සංක්‍රමණය වීම පිළිබඳව සිය ස්තූතිය ඔවුනට හිමිවන බවත්ය.

1990 වසරේ ගිම්හාන සෘතුවේ සිය 17වන උපන්දිනයට සති කිහිපයක් තිබියදී සර්ජි ට නැවතත් සෝවියට් දේශයට යාමට අවස්ථාවක් උදාවූයේ එවකට ක්‍රියාත්මක වූ දෙසතියක හුවමාරු වැඩසටහනක් (Student exchange program) යටතේය. මෙහිදී මොහු පාසැලේ ගණිත සිසුන්ගෙන් අදාල වැඩසටහනට තෝරාගත් කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අතර එම කණ්ඩායම මෙහෙයවන ලද්දේ ඔහුගේ පියා වීමද විශේෂත්වයකි. සර්ජි පැවසූ පරිදි මෙම සංචාරය ඔහුගේ රුසියානු අධිකාරීත්වය පිළිබඳ වූ ළමා කාලයේ බිය අවදි කල බවත් ඔහුට තවදුරටත් ආවර්ජනය වූයේ සෝවියට් මර්ධනකාරීත්වයට එරෙහි ඔහුගේ ප්‍රථම ආවේගශීලී ක්‍රියාව වූ පොලිස් රථයකට ගල් කැට වලින් ගැසීමත් යන්න බවත් මල්සීඩ් ගේ සඳහනෙහි දැක්වේ. සිය සංචාරයේ දෙවන දිනයේදී ශිෂ්‍ය කණ්ඩායම මොස්කව් නගරය ආශ්‍රිතව තිබූ ගම්බඳ ස්වස්ථාලයක් (Sanatorium) නැරඹීමට ගිය විටදී සර්ජි විසින් සිය පියාණන්ගේ අත ගෙන ඔහුගේ දෑස් දෙස බලා "අපි සියළුදෙනාවම රුසියාවෙන් පිටතට රැගෙන ගිය එකට බොහෝම ස්තූතියි" යන්න පැවසූ බවත් සඳහන් වේ.

එක්සත් ජනපදයේදී ලබාගත් අධ්‍යාපනය[සංස්කරණය]

සර්ජි සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබාගැනීම සඳහා රුසියාවේ මේරිලන්ඩ් (Maryland) හි පිහිටි පේන්ට් බ්‍රාන්ච් මොන්ටිසෝරි (Montessori) පාසැලට ඇතුලත් කරනු ලැබීය. ඒ අතරම ඔහු සිය පියාගෙන් වැඩිදුර අධ්‍යාපනය නිවසේදී ලබාගත් අතර එවකට සිය පියා මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ (University of Maryland) ගණිත පීඨයේ මහාචාර්යවරයෙක් ලෙස සේවය කරමින් සිටියේය. එබැවින් ඔහු සර්ජි හට ගණිතය ඉගෙනගැනීම සඳහා මනා රුකුලක් ලබා දුන් අතර සිය පවුල් පසුබිම නිසා ඔහුට රුසියානු භාෂා ප්‍රවිණත්වයද ලබා ගැනීමට හැකිවිය. 1990 වසරේ සැප්තැම්බර් මස සර්ජිට මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට හැකි වූ අතර එහිදී ඔහු පරිගණක විද්‍යාව සහ ගණිතය පිළිබඳව විද්‍යාවේදී උපාධියක් (Bachelor of Science) හදාරනු ලැබීය. 1993 වසරේ මැයි මාසයේදී ඔහු සිය විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරන ලදී.

අනතුරුව සර්ජි පරිගණක විද්‍යා අංශයෙන් සිය පශ්චාත් උපාධිය සඳහා වැඩිදුර අධ්‍යාපනය ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කරන ලදී. ඒ සඳහා ඔහුට ජාතික විද්‍යා පදනමින් (National Science Foundation) පිරිනැමුනු අධිශිෂ්‍යත්වය (graduate fellowship ) උපකාරී විය. 1993දී ඔහු මැතමැටිකා (Mathematica) පරිගණක වැඩසටහන නිපදවන වොල්ෆ්‍රාම් පර්යේෂණ කණ්ඩායම (Wolfram Research) සමඟ වැඩකිරීම තුලින් අත්දැකීම් රාශියක් ලබාගන්නා ලදී. අවසානයේදී 2008 වසරේදී සිය ආචාර්යය උපධිය ( Ph.D) සඳහා වන අධ්‍යනයෙන් පවා ඉවත්වන ලදී.

වෙබ් සෙවීම් යන්ත්‍ර සංවර්ධනය[සංස්කරණය]

ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ නවක සිසුන් සඳහා වූ පූර්ව අධ්‍යන වැඩසටහනේදී සර්ජි හට ලැරී පේජ් මුණගැසී ඇති අතර "ද ඉකොනොමිස්ට්" සඟරාව විසින් මෑතකදී පවත්වන ලද සම්මුඛ සාකච්ජාවකට සහභාගී වූ සර්ජි විහිළුවෙන් පවසා ඇත්තේ ඔහුට මුල් කාලයේදී ලැරීව පේන්න බැරි තරමට අප්‍රියජනක පුද්ගලයෙක් බවය. බොහෝ කාරණා සම්බන්ධව ඔවුන් දෙදෙනා තුල එකිනෙකට වෙනස් අදහස් පැවති අතර කාලය ගතවීමත් සමඟ ඔවුන් දෙදෙනා ආත්මීය බැඳීමකින් යුත් බුද්ධිමත් හා ඉතා සමීප මිතුරන් බවට පත් වී ඇත. සර්ජි සිය අවධානය මූලික වශයෙන් තොරතුරු කැණීම් පද්ධති සංවර්ධනය වෙත යොමු කල අතර පේජ් විසින් පර්යේෂණ පත්‍රයක ඇති වැදගත්කම පිළිබඳව තිබූ සංකල්පය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව සිය අධ්‍යනය සිදු කරනු ලැබීය. අනතුරුව මේ දෙදෙනා එක්ව මහා පරිමාණ "අධිවේගී වෙබ් සෙවීම් යන්ත්‍රයක ව්‍යුහ විද්‍යාව" නමින් පර්යේෂණ පත්‍රයක්ද එළිදක්වන ලදී.

දෙදෙනාගේම අදහස් සම්මිශ්‍රණය කරමින් මොවුන් සිය නිදන කාමරය තුල අඩු මිලැති පරිගණක පද්ධතියක් ස්ථාපිත කර ව්‍යාපෘතියක් ආරම්භ කල අතර එය භාවිතයෙන් මොවුන් සිය නව වෙබ් සෙවීම් යන්ත්‍ර සහ ඒවායේ සැලසුම් පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරන ලදී. මෙම ව්‍යාපෘථිය ඉතා වේගයෙන් වර්ධනය වූ අතර මෙම වෙබ් සෙව්ම් යන්ත්‍ර ව්‍යාපෘතිය​ සඳහා වැඩි කාලයක් යොමු කිරීමට මොවුන් දෙදෙනා සිය ආචාර්යය උපාධිය සඳහා වූ විශ්ව ව්ද්‍යාලයේ ලබාගත් අධ්‍යාපනය අතරමඟ නවතා දැමීමට තීරණය කරන ලදී.

මාර්ක් මල්සීඩ් දක්වා ඇති පරිදි සිය විශ්වවිද්‍යාල මිතුරන්ගෙන් සහ පවුලේ මිතුරන්ගෙන් ඉල්ලාගත් සුළු මුදලකින් සර්ජි සහ ලැරී විසින් සර්වර් ( Server) පරිගණක මිලට ගත් අතර අනතුරුව ඒවා මෙන්ලෝ පාර්ක් ( Menlo Park) හි පිහිටි ප්‍රසිද්ධ ස්ථානයකට බදු දෙන ලදී. මීට ටික කාලයකට පසුව සන් මයික්‍රොසිස්ටම්ස් ( Sun Microsystems) හි සම නිර්මතෘවරයෙක් වන ඇන්ඩි බෙක්ටොල්ෂෙයිම් ( Andy Bechtolsheim) විසින් ගූගල් ආයතනය නමට ඇමරිකන් ඩොලර් 100,000 ක් වටිනා චෙක්පතක් ප්‍රදානය කරන ලදී. නමුත් ඒ වනවිටත් ගූගල් නමින් ආයතනයක් නිළවශයෙන් නොතිබීම හේතුවෙන් සහ එයට අදාල ගිණුමක් නොතිබූ බැවින් මෙම චෙක්පත තැන්පත් කිරීම පිළිබඳ මොවුන් දෙදෙනාට ගැටළු මතුවිය.

"ද ඉකොනොමිස්ට්" සඟරාව විස්තර කරන පරිද්දෙන් සර්ජි ගේ මෙන්ම පේජ් ගේ ජීවිතය පිළිබඳව වූ දැක්ම ගූගල් ආයතනයේ ආදර්ශ පාඨය තුලින් නිරාවරණය වන අතර එමඟින් දැක්වෙනුයේ ලොව පවතින සම්පූර්ණ දැනුම ලෝකයේ සියළු දෙනාටම පරිහරණය කලහැකි විය යුතු බවයි. නූතන මුඳ්‍රණකරණයේ නිර්මතෘ වශයෙන් සැලකෙන ජොහාන්ස් ගුටෙන්බර්ග් ( Johannes Gutenberg) ද මෙවන්ම වූ දැක්මක් සහිතව තම වැඩකටයුතු සිදු කළ අයෙක් බව සඳහන් වේ.

1440 දී ජොහාන්ස් ගුටෙන්බර්ග් විසින් යුරෝපයේ ප්‍රථම යාන්ත්‍රික මුද්‍රණාලය ආරම්භ කල අතර එහිදී ප්‍රධානවශයෙන් මහා පරිමාණ මුද්‍රණ කටයුතු සිදුකෙරිණ. මෙමඟින් විශාල දැනුම් සම්භාරයක් බෙදාහැරීමට මඟ විවර වූ අතර මෙය යුරෝපීය පුනරුදය ( Renaissance) ඇතිවීමට ඉවහල් වූ ප්‍රධානතම හේතුවක් විය. ගූගල් ආයතනයද වර්තමානයේ සිදු කරනුයේ මීට සමාන කාර්යයභාරයක් වන අතර එහිදී ඔවුන් තාක්ෂණය මූලික වශයෙන් යොදාගෙන මෙම ක්‍රියාවලිය වඩා වේගවත් ලෙස කරගෙන යනු ලබයි.

ගූගල් ස්ටෝරි ග්‍රන්ථයේ කතෘවරුන් විසින් ඉහත සංසන්දනය සිදු කළ අතර ජොහාන්ස් ගුටෙන්බර්ග් ගෙන් පසුව සිදු කරන ලද කිසිඳු අළුත් සොයාගැනීමක් පුද්ගලයන්ගේ හැකියාවන් දියුණු කිරීමට සහ තොරතුරු ලබාගැනීමේ හැකියාව වෙනස් කිරීමට ගූගල් තරම් දක්ෂ වී නොමැත. මොවුන් දෙදෙනා විසින් තම නවතම සෙව්ම් යන්ත්‍රය හඳුන්වාදී වැඩි කලක් යාමට පෙරම අන්තර්ජලයෙන් ඔබ්බට ගිය තොරතුරු පිළිබඳව සිය අවධානය යොමුකරන ලදී. කෘතීන් ඉලෙක්ට්‍රොණික ගතකිරීම සහ සෞඛ්‍ය තොරතුරු ලබාගැනීමේ හැකියාව පුළුල් කිරීම මේවාට සාක්ෂි වේ.

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

සර්ජි බ්‍රින් 2005 වසරේදී

සර්ජි 2007 වසරේ මැයි මස බහමාස් ( The Bahamas) හි පදිංචි ඈන් වොජ්ක්සිකි ( Anne Wojcicki) සමඟ විවාහ වූ අතර ඇය යේල් විශ්වවිද්‍යාලයේ ( Yale University) උපාධිධාරියණිකි. 1996 වසරේදී ජීව විද්‍යාව ( Biology) පිළිබඳ විද්‍යාවේදී ( Bachelor of Science) විශේෂ උපාධියක් ලබාගත් ඇය මේ වන විට ජීව තාක්ෂණය ( Biotechnology) පිළිබඳ විශ්ලේෂකවරියක් ලෙස කටයුතු කරනු ලබයි. සෞඛ්‍යය තොරතුරු විද්‍යාව ( Health informatics) පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන ඇය සර්ජි හා එක්ව එම තොරතුරු භාවිතය වැඩිදියුනු කිරීම පිළිබඳව වැඩිදුරටත් කරුණු අධ්‍යනය කරමින් සිටියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මොවුන්ට මෙම ක්ෂ්‍රේත්‍රයේ සිටින හොඳම පර්යේෂකයන් සමඟ මානව ජීනෝම ව්‍යාපෘතිය ( Human Genome Project ) පිළිබඳව දැනුම හුවමාරු කරගැනීමට අවස්ථාව උදාවිය. එමඟින් ඒ තුල හසල දැනුමක් ලබාගැනීමට මොවුන් දෙදෙනාට හැකිවුන අතර සර්ජි විසින් තවදුරටත් ආවේණිගතව පැමිණෙන ජාන ( Genetics) වල වූ තොරතුරු ලබාගෙන ඒවා පරිගණක ගැටළු විසඳීමට ඉවහල් කරගැනීම පිළිබඳව කරුණු අධ්‍යනය කරන ලදී. ඔහුගේ බිරිඳ මේ සඳහා ඔහුට ඇගේ පූර්ණ සහයෝගය ලබා දුන් අතර ඒ සඳහා ඇය විසින් '23 ඇන්ඩ් මී' ( 23andMe) නමින් ආයතනයක්ද ආරම්භ කල අතර එමඟින් ප්‍රජාවගේ ජාන සැකසීම (වර්ණදේහ ( Chromosomes) යුගල් 23 )පිළිබඳව විශ්ලේෂණයක් සහ සංසන්දනය කිරීම සිදු කරනු ලබයි. මේ අතර 2008 වසරේදී සර්ජිට හා වොජ්ක්සිකි ට දාව බෙන්ජි නමින් පුතෙක් උපදින අතර 2011 වසරේ අගභාගයේදී දියණියක්ද ඉපදීම සිදුවේ.

සර්ජිගේ මව, යුගිනියා මේ කාලයේදී පාර්කින්සන් රෝගයෙන් ( Parkinson's disease) පීඩා විඳිමින් සිටි අතර සර්ජි විසින් 2008 වසරේදී සිය මව ප්‍රතිකාර ලබමින් සිටින මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ වෙද්‍යය පීඨයට ( University of Maryland School of Medicine) පරිත්‍යාගයක් පවා සිදුකර ඇත. 23 ඇන්ඩ් මී ( 23andMe) ආයතනය හරහා සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව ඔහු සොයාගනු ලැබුවේ පාර්කින්සන් රෝගය ආවේණිගත ( Hereditary) නොවන රෝගයක් වුවද LRRK2 නම් ජානය (G2019S) ( LRRK2) හා මෙම රෝගය අතර කිසියම් සම්බන්දතාවයක් ඇතිබවයි. එසේම තමගේ හා තම මවගේ මෙම ජානය කිසියම් වූ විකෘති තත්වයකට ( Mutation ) ලක්වී ඇති බවත් ඒ හේතුකොටගෙන තමාටද පසුකලෙකදී පාර්කින්සන් රෝගය වැළඳීමේ 20% සිට 80% ක් දක්වා ප්‍රවණතාවක් අතිබවත් ඔහු අනාවරණය කරගන්නා ලදී. සර්ජි පවසන අන්දමට මෙවන් තත්වයක් පිළිබඳව නොදැන සිටීම එතරම් සුභදායක කරුණක් නොවන අතර මෙය දැනගැනීම හේතුවෙන් තමාට මෙම තත්වය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳව හා මෙම තත්වය පාලනය කිරීමට ක්‍රමවේදයක් පවතීදැයි සෙවීමට පෙළඹීමක් ඇති වූ බව ප්‍රකාශ කර ඇත.මෙම කාරණය පිළිබඳව දිනක් 'ද ඉකොනොමිස්ට්' සඟරාවේ කතුවැකියකින් කියවූයේ සර්ජි ගේ ජානය විකෘති වූ නිසා ඔහුගේ ජාන කේතයෙහි ඇති වූ දෝෂය සහ දිනපතා ගූගල් ආයතනයෙහි පරිගණක ඉංජිනේරුවන් විසින් නිවැරදි කරනු ලබන පරිගණක කේතයන්හි පවතින දෝෂ අතර එතරම් වෙනසක් නොමැති බවයි. තවද මේ අවස්ථාවේදී මෙම රෝගයට පිළියමක් සොයාගැනීමට ඔහුට උපකාර කිරීම සියල්ලන්ටම ප්‍රයෝජනයක් ගෙනදිය හැකි කාරණයක් වනු ඇති බවත් එය වැඩි දුරටත් සඳහන් කරණු ලබයි. සර්ජි විසින් සෑම විටම තමන් වාසනාවන්ත යැයි සිතා කටයුතු කරගෙන ගියද මේ ඇතිවී ඇති තත්වය අනුව ඔහු විශාල ප්‍රශ්ණයක සිර වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව සඳහන් කරමින් එය ප්‍රශ්ණ කරනු ලබන්නේ සෑම විටම සෑම තොරතුරක්ම දැනගැනීම උචිත වන්නේද යන්නයි.

මේ අතර සර්ජි හා ඔහුගේ බිරිඳ විසින් 'ද බ්‍රින් වොජ්ක්සිකි පදනම' නමින් පදනමක් පිහිටුවා ඇත.

චීනයේ ගූගල් වාරනය[සංස්කරණය]

සිය ජීවිතයේ තමන් විසින් අත්විඳින ලද අමිහිරිතම මතකයක් වන සෝවියට් දේශය හැරදමා පැමිනීම පිළිබඳ මතකයටත් වඩා ගූගල් ආයතනය විසින් චීන කොමියුනිස්ට් ජනරජය ( China ) වෙත ගූගල් හි සංවේදී සෙව්ම් යන්ත්‍ර ප්‍රතිඵල ලබාදීමට ගත් තීරණය ඉතා අමිහිරි එකක් බව සර්ජි විසින් වරක් ප්‍රකාශ කර සිටි අතර ඔහු තවදුරටත් පවසා සිටියේ චීන ජනතාවට ගූගල් නොමැතිව වුවද තම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යා හැකි බවකි.

2010 ජනවාරි මස 12 වන දින ගූගල් ආයතනය සොයාගන්නා ලද්දේ සිය ආයතනයේ පරිගණක සහ අනෙකුත් සම්පත් වෙත දරුණු සයිබර් ප්‍රහාරයක් ( Operation Aurora ) මසක පමණ කාලයක සිට එල්ල වී ඇති බවයි. එය ජීමේල් ගිණුම් දෙකක් හරහා සිදුකර ඇති අතර ආයතනයේ වූ බුද්ධිමය දේපල එමඟින් සොරාගෙන ඇතිබව එමඟින් තහවුරු විය. මෙම සයිබර් ප්‍රහාරය චීනයේ සිට මෙහෙයවන ලද්දක් බව සොයාගැනීමෙන් අනතුරුව ගූගල් ආයතනය විසින් සිය සංවේදී සෙව්ම් යන්ත්‍ර ප්‍රතිඵල තවදුරටත් චීනයට ලබාදීමට එකඟ නොවූ අතර එය මුළු චීනයටම බලපාන පරිදි විය. ඩේවිඩ් ඩෘමන්ඩ් ( David Drummond ), ගූගල් ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයා පවසන අන්දමට මෙම ප්‍රහාරයේ මූලික පරමාර්ථය වී අත්තේ චීන මානව හිමිකම් ක්‍රියාකාරකම් පිළිබඳව අඩංගු ජීමේල් ගිණුම් වලට පිවිස ඒවායින් දත්ත සොරකම් කිරීමයි. එපමණක් නොව මෙම ප්‍රහාරයට තවත් ආයතන විස්සක් ගොදුරු වූ අතර එම ආයතන මූල්‍යමය, තාක්ෂණ, ජනසන්නිවේදන සහ රසායන යනාදී වශයෙන් විවිධ වූ ක්ෂේත්‍ර වල පවතින ඒවා විය. මෑතකදී සිදු කරන ලද අනාවරණ වලින් තහවුරු වූයේ මෙම ප්‍රහාරය ගූගල් ආයතනයේ වටිනාම සම්පත වන එහි ලොව පුරා වෙසෙන මිලියන ගණනක් වූ පරිශීලකයන්ගේ ගිණුම් ප්‍රවේශ තොරතුරු අඩංගු මුරපද පාලන පද්ධතියද ඉලක්ක කරගනිමින් එල්ල වූවක් බවය.

2010 වසරේ අගභාගයේදී නිළ වශයෙන් චීනය මූලික කරගත් සංවේදී සෙව්ම් යන්ත්‍රය ක්‍රියා විරහිත කල නමුත් එහි හොන්ග් කොන්ග් ( Hong Kong ) වෙබ් අඩවියට එයින් බාධාවක් සිදු නොවීය. ගූගල් ආයතනය වෙනුවෙන් දේශනයකට සහභාගී වූ සර්ජි දිනක් පවසා සිටියේ චීනය පිළිබඳව ගත් මෙම තීරණය ගැන තමා සතුටු වන බවත් එමඟින් අනෙකුත් රටවලට තමන්ගේම ෆයර්වෝලයක් භාවිතයෙන් ආරක්ෂාව සලසාගැනීමට වූ අවශ්‍යතාවය නැතිවී ගිය බවත් සඳහන් කරන ලදී. මේ අතර ස්පීගෙල් සමඟ පැවති තවත් සම්මුඛ සාකච්ඡාවකදී සර්ජි පවසා ඇත්තේ අද වනවිට මාතෘකාවට බදුන් වී අති අන්තර්ජාලයේ විවෘත භාවය ආරක්ෂා කිරීමට හැකි උපරිම ලෙස සටන් කල යුතු බවත් ගූගල් ආයතනය විශ්වාස කරන අන්දමට උක්ත තීරණය මඟින් ඔවුන් සිදුකලේ අන්තර්ජාලය තුල පවතින විවෘත හා නිදහස් භාවය හා ඒවාට අදාල මූලධර්ම සුරැකීමට ඔවුනට කලහැකි වඩාත්ම උචිත ක්‍රියාමාර්ගය බවත්ය.

සෙනට් සභික බ්‍රොන් ඩෝගන් ( Byron Dorgan ) ප්‍රකාශ කරන්නේ ගූගල් සමාගම විසින් ගත් මෙම තීරණය තොරතුරු ප්‍රකාශ කිරීමට හා භාවිතයට ඇති නිදහස ආරක්ෂා කිරීමට ලබාගත් ඉතා වැදගත් එකක් වන බවයි.තවද කොන්ග්‍රස් සභිකයෙකු වන බොබ් ගුඩ්ලට් ( Bob Goodlatte ) ද පවසා සිටියේ ගූගල් ආයතනය ලබාගත් මෙම නිර්භීත පියවර වන ගූගල් හි චීනය සඳහා වූ සංවේදී සෙව්ම් ප්‍රතිඵල අත්හිටුවීම පිළිබඳව තමන් බොහෝ සේ සතුටු වන බවයි. ගූගල් ආයතනය විසින් මෙම තීරණය ගැනීමෙන් පුද්ගල නිදහසට සීමා පවතින චීනයට ලබාදුන් පිළිතුර ඉතා කැපී පෙනෙන එකක් බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. ව්‍යාපාර දෘෂ්ඨිකෝණයෙන් සලකා බැලූවිට මෙම තීරණය ගූගල් ආයතනයේ ලාභය වැඩිවීමට බලවත් ලෙස හේතු වී ඇති අතර 'ද නිව් රිපබ්ලික්' සඟරාව පවසන්නේ ගූගල් ආයතනය මේ වන විට සිය ක්‍රියාදාමයන් තුලින් විද්‍යාව හා ස්වාධීනත්වය අතර සංදිස්තානයකට පැමිණ ඇති බව හා එය ඇන්ඩ්‍රෙ සාකෝව් ( Andrei Sakharov ) පවසන ආකාරයට බල පරාක්‍රමයක් බවත්ය.

සම්මාන සහ පිළිගැනීම්[සංස්කරණය]

2002 වර්ෂයේදී සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් වයස අවුරුදු 35න් පහල ලෝකයේ වූ හොඳම නවෝත්පාදකයන් 100 අතරට එක්වන බව ‘එම් අයි ටී ( Massachusetts Institute of Technology ) ටෙක්නොලොජි රිවීව් ( Technology Review ) TR100 ( TR100 )’ මඟින් නම් කරන ලදී.

2003 වසරේදී සර්ජි සහ පේජ් යන දෙදෙනාටම 'අයි ඊ බිස්නස් ස්කූල් ( IE Business School )' ආයතනය විසින් ව්‍යාපාර පරිපාලන ආචාර්යය ( Master of Business Administration ) ගෞරවාන්විත ( Honorary degree ) උපාධියක් පිරිනමන අතර මෙය ඔවුනට හිමිවුයේ නව ව්‍යාපාර ආරම්භ කිරීම හා නව ව්‍යාවසායකත්වය වෙනුවෙන් දක්වන ලද දායකත්වය අගය කිරීම උදෙසා වේ. 2004 වසරේදී මොවුන් උසස් ඉංජිනේරු කාර්යයන් සඳහා වූ 'මාකොනි පදනම' ( Marconi Foundation ) පිරිනමන ලද ත්‍යාගයකට උරුමකම් කී අතර කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ( Columbia University ) 'මාකෝනි' පදනම විසින් මොවුන් දෙදෙනා තම හවුල්කරුවන් ( Fellows ) ලෙස නම් කිරීමද වැදගත් සිදුවීමකි. මේ පිළිබඳව ප්‍රකාශයට පත්කිරීමේදී 'මාකෝනි' පදනමේ සභාපති වන ජේ සෙලින් පවසා සිටියේ සර්ජි සහ පේජ් විසින් සිය සොයාගැනීම් තුලින් වර්තමාන තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදය නව මඟකට ගෙන ඇති බවයි.

2004 වර්ෂයේදී සර්ජි පේජ් සමඟ චිකාගෝ හීදී පැවැත්වූ උත්සවයකදී 'ඇකඩමි ඔෆ් ඇචීව්මන්ට්ස් ගෝල්ඩන් ප්ලේට් ' ( Academy of Achievement's Golden Plate Award ) සම්මානය ලබාගන්නා ලදී.

2009 වසරේදී 'ෆෝබ්ස්' සඟරාව ( Forbes magazine ) මඟින් සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් ලෝකයේ සිටිනා බලවත්ම පුද්ගලයින් අතරින් පස්වන ස්ථානයේ සිටිනා බව පළකරන ලදී. එම වසරේම මුල්භාගයේදී, එනම් පෙබරවාරි මාසයේදී බ්‍රින් ව 'නැෂනල් ඇකඩමි ඔෆ් ඉන්ජිනියරින්' ( National Academy of Engineering ) වෙත ඇතුලත් කරන අතර මෙය ඉංජිනේරුවරයෙකුට ලඟාවිය හැකි උසස්ථම වෘත්තීමය ස්ථානයන්ගෙන් එකකි. එහිදී ඔහුට විශිෂ්ඨ ඉංජිනේරු පර්යේෂණයක් සිදුකිරීම සහ එහි ක්‍රමවේදය සඳහා ගෞරවාදර්ශයට පාත්‍රවිය. විශේෂයෙන් මේ සඳහා ඔහුව තෝරාගන්නා ලද්දේ ලෝක විසිරි වියමනහි වූ තොරතුරු මනා ලෙස සුචිගත කොට සමුද්ධරණය ක්‍රමවත් කිරීමට ඉවහල් වූ ක්‍රියාවලියක් ඇතිකිරීම වෙනුවෙන්ය.

ගූගල් ආයතනයේ හවුල්කරුවන්ගේ පැතිකඩයන් සලකා බැලීමේදී මොවුන්ට හිමිවූ තවත් සම්මාන පිළිබඳව තොරතුරු අනාවරණය කරගත හැක. විශේෂයෙන් ජාතික විද්‍යා පදනම( National Science Foundation ) හි පැතිකඩ හි පහත තොරතුරු අඩංගු වේ .

ලෝක ආර්ථික සැසිය ( World Economic Forum ) විසින් පවත්වන ලද තාක්ෂණය,රසාස්වාදය සහ සැලසුම් පිළිබඳ සමුළුවේ ආරාධිත කථිකයෙක් වශයෙන් ඇමතීමට සර්ජිට අවස්ථාව ලැබීම, 'පී සී මැගසින්' ( PC Magazine ) සඟරාව මගින් 1998 වසරේදී ලොව ප්‍රමුඛතම වෙබ් අඩවි සහ වෙබ් සෙව්ම් යන්ත්‍ර 10 අතරට ගූගල් වෙබ් සෙව්ම් යන්ත්‍රය නම් කරන ලද අතර 1999 වසරේදී නව වෙබ් වැඩසටහන් නිපදවීම සඳහා වූ තාක්ෂණික විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබීම, 2000 වසරේදී තාක්ෂණික සාධනය සඳහා වූ ජනතා සම්මානයක් වන 'වෙබී' සම්මානයෙන් ( Webby Award ) පිදුම් ලැබීම, 2001 වසරේදී "සර්ච් එන්ජින් වොට්ච් අවෝඩ්ස්" මඟින් වසරේ හොඳම වෙබ් සෙව්ම් සේවාව සඳහා වූ සම්මානය, හොඳම වෙබ් රෑපරාමු සෙවීම් යන්ත්‍රය සඳහා වූ සම්මානය, හොඳම වෙබ් සැලසුමට හිමි සම්මානය, හොඳම පරිශීලකමිත්‍ර වෙබ් සෙව්ම් උපකරණයට අදාල සම්මානය සහ හොඳම ගුණාංගික වෙබ් සෙව්ම් උපකරණයට හිමි සම්මානය යන සම්මානයන්ගෙන් පිදුම් ලැබීමද ඒ අතර වේ.

'ෆෝබ්ස්' ව්‍යාපාර සඟරාවට ( Forbes magazine ) අනුව සර්ජි 2012 වසරේ මාර්තු මාසය වන විට ඇමරිකන් ඩොලර් බිලියන 18.7ක වත්කමකට හිමිකම් කියමින් ලොව 24වන ධනවත්ම පුද්ගලයා ලෙසට නම් කොට ඇත.

අනෙකුත් යොමුවීම්[සංස්කරණය]

සර්ජි ගූගල් ව්‍යාපෘතියට අමතරව වෙනත් ව්‍යාපෘති වලද මීට සමගාමීව නිරතවී සිටියි. උදාහරණයක් වශයෙන් ඔහු සහ පේජ් විසින් ලොව කතාබහට බඳුන් වී ඇති තවත් මාතෘකාවක් වන බලශක්තිය හා කාළගුණය පිළිබඳව වූ ගැටළු වලට විසඳුම් සෙවීම සඳහා 'පිලන්ත්‍රොපික්( philanthropic ) ආර්ම් ගූගල්.( Google.org )'නම් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මෙමගින් විකල්ප බලශක්තීන් ( Alternative energy ), බලශක්ති ප්‍රතිනිර්මාණය ( Renewable energy ) සහ බලශක්ති නව්‍යකරණය යටතේ විමර්ශනය සිදු කරන අතර ඒ සඳහා මූල්‍යමය ආයෝජනයන් සිදු කරනු ලබයි.එනම් තාක්ෂණය භාවිතා කර මෙම ප්‍රශ්ණ වලට විසඳුම් සෙවීම මෙම ආයතනයෙහි මූලික අරමුණ වේ.

උදාහරණයක් ලෙස 2010 වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙම ව්‍යාපෘතිය මගින් අභ්‍යන්තර සුළං බලශක්ති සංවර්ධිත වැඩසටහනකට ආයෝජනය සිදු කළ අතර මෙය නැගෙනහිර වෙරල බලශක්ති සංචිතයට බලශක්තිය සැපයීම අරමුණු කරගෙන ඇතිකිරීමට බලාපොරොත්තු වන්නකි. මෙම යෝජිත ව්‍යාපෘතිය මහාපරිමාණ සුළං අභ්‍යන්තර බලශක්ති ව්‍යාපෘතියක් ලෙස හැදින්වේ. මෙම ව්‍යාපෘතිය හදුන්වා දීමට සතියකට පමණ පෙර මොවුන් නව මෝටර් රථයක් හඳුන්වා දුන් අතර එය කෘතිම බුද්ධියක් යටතේ වීඩියෝ කැමරා සහ රේඩාර් සංවේදක මඟින් පාලනය වන්නකි. අනාගතයේදී මෙවන් සංවේදක සහිත මෝටර් රථ වල රියදුරන් හට මාර්ග අනතුරු පිළිබඳ අවදානම ඉතා අවම මට්ටමකින් දැනෙනු ඇතැයි සදහන් වේ. එලෙසම මෙම ආරක්ෂිත වාහන ඉතාමත් සැහැල්ලු ආකාරයට නිපදවිය හැකි බවත් එමඟින් ඒවායේ ඉන්ධන පරිභෝජනයද ඉතා අවම මට්ටමක පවතින බවත් සඳහන්ය.මේ අතර මෙම ව්‍යාපෘතිය සදහා විවිධ ආයතන සමග අත්වැල් බැඳගෙන ලෝක බලශක්ති සැපයුම වැඩිකිරීම සඳහා තවදුරටත් සිදු කළ හැකි විසඳුම් පිළිබඳව අධ්‍යනය කිරීම සිදුවෙමින් පවතියි. තවද මොහු විසින් 'ටෙස්ලා මෝටර්ස්' ( Tesla Motors ) නැමති මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ආයෝජනය කර ඇති අතර මොවුන් විසින් 'ටෙස්ලා රෝඩ්ස්ටර්' ( Tesla Roadster ) නැමති සැතපුම් 244 (කිලෝමීටර 393) බැටරි පරාසයකින් යුත් යාන්ත්‍රික මෝටර් රථයක් ( Battery electric vehicle ) නිපදවා ඇත.

2004 වර්ෂයේදී සර්ජි සහ ලැරී පේජ් සතියේ ජනප්‍රියතම පුද්ගලයන් ලෙස 'ඒ බී සී වර්ල්ඩ් නිව්ස් ටුනයිට්'( ABC World News Tonight ) වැඩසටහන මගින් නම් කරන ලදී. 2005 වසරේ ජනවාරි මාසයේදී ඔහු ලෝක ආර්ථික සැසියේ ( World Economic Forum ) තරුණ ලෝක නායකයෙක් ලෙස සිය නාම යෝජනා බාරදීම සිදු කරන ලදී.මේ අතර සර්ජි සහ පේජ් විසින් 'බ්‍රෝකන් ඇරෝව්ස්' ( Broken Arrows ) නම් 2007 වසරේදී තිරගත වූ චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කොට ඇත. 2008 වසරේ ජූනි මාසයේදී සර්ජි ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක් 'ස්පේස් ඇඩ්වෙන්චර්ස්' ( Space Adventures ) නැමති වර්ජිනියා ( Virginia ) ආශ්‍රිතව ක්‍රියාත්මක වූ අභ්‍යාවකාශ සංචාරක ආයතනයට ( Space tourism ) ආයෝජනය කරන ලදී. මෙම ආයෝජනය 2011 වසරේ 'ස්පේස් ඇඩ්වෙන්චර්ස්' ( Space Adventures ) ආයතනය මගින් සිදුකිරීමට බලාපොරොත්තු වන අභ්‍යවකාශ ගමන් සඳහා වෙන් කරන ලදී. මේ අතර 'ස්පේස් ඇඩ්වෙන්චර්ස්' යනු සංචාරකයන් අභ්‍යවකාශයට ගෙනයන එකම ආයතනය වන අතර දැනට පුද්ගලයන් 5 දෙනෙකු මේ හරහා අභ්‍යාවකාශ සංචාරය පිණිස එක් කොට ඇත.

සර්ජි සහ පේජ් විසින් හවුලේ 'බෝයිං 767-200' ( Boeing 767–200 ) සහ 'ඩෝනියර් ඇල්ෆාජෙට්' ( Dornier Alpha Jet ) යන යානා වලට හිමිකම් කියන අතර වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් එහි නඩත්තුකිරීම් කටයුතු සඳහා වෙන් කරනු ලැබේ. තවද ගූගල් ආයතනය තවත් 'ගල්ෆ්ස්ට්‍රිම් V' ( Gulfstream V ) වර්ගයේ ජෙට් යානා 2කටද හිමිකම්කියන අතර ඒවා දැනට කැලිෆෝනියාවේ 'මොෆෙට්' ෆෙඩරල් ගුවන් තොටුපලේ ( Moffett Federal Airfield ) තබා ඇත. මෙම අභ්‍යවකාශ යානා සතුව 'නාසා' ( NASA ) ආයතනය මඟින් නිපදවා සවිකරන ලද විද්‍යාත්මක උපකරණ පවතින අතර එමඟින් අභ්‍යවකාශ තරණය සිදු කරන අතරවාරයේදී අවශ්‍යය පර්යේෂණාත්මක දත්ත සටහන් කරගැනීම සිදු කරනු ලබයි.

2012 වසරේදී සර්ජි 'ප්‍රොජෙක්ට් ග්ලාස්' ( Project Glass ) නැමති වැඩසටහනක නිරත වූ අතර එය ගූගල් ( Google ) ආයතනය මගින් මෙහෙය වූ 'ඔග්මන්ටඩ් රියලිටි ( Augmented reality ) හෙඩ්-මඋන්ටඩ් ඩිස්ප්ලේ ( Head-mounted display )' නැමති පර්යේෂණ වැඩසටහනට අයත් වූවකි.මෙම 'ප්‍රොජෙක්ට් ග්ලාස්'වැඩසටහන මගින් අපේක්ෂිත ප්‍රතිඵලය වනුයේ අන්තර්ජාලය හරහා තමන්ගේ මව් භාෂා තුලින් ශ්‍රව්‍යමය මාධ්‍යයෙන් ගණුදෙනු කිරීම සහ එමගින් අදාල සේවා ලබාගැනීමයි.

මීට සමගාමීව සර්ජි විසින් 'ගූගල් ඩ්‍රයිවර්ලස් කාර්' ( Google driverless car ) නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර 2012 මස අත්සන් කරන ලද 'කැලිෆෝනියා ඩ්‍රයිවර්ලස් වෙහිකල් බිල්' ගිවිසුම මගින් සර්ජි බලාපොරොත්තු වන්නේ වසර 5ක් ඇතුලත රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මකවන මෝටර් රථ සාමාන්‍ය මහජන භාවිතයට නිකුත් කිරීමටය.

යොමුව[සංස්කරණය]

ඉංග්‍රිසි ලිපිය

"https://si.wikipedia.org/w/index.php?title=සර්ජි_බ්‍රින්&oldid=486078" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි