සයිකොෂිකාව

විකිපීඩියා වෙතින්
ගොනුව:72727272.JPG

වර්ගීකරණය සහ බාහිර ප්‍රභව ICD –S , OMIM , Medline plus , MeSH මානසික විකෘතිතාවය යනු යථාර්ථය සමග පවතින සම්බන්ධය ගිලිහී යාම නිසා මනසේ ඇති වන තත්වයකි. මෙම රෝගයෙන් පෙළෙන අය සයිකෝෂීය රෝගීන් ලෙස හැඳින්වේ.

මානසික විකෘතිතාවයෙන් පෙළෙන්නන් නොපවතින දෙයක් පිළිබඳ සං‍වේදනය, මිත්‍යා විශ්වාස , පෞරුෂත්වයේ වෙනස්කම් සහ සිතීමේ අක්‍රමිකතා වැනි ලක්ෂණ පෙන්වයි. මෙම රෝග අමුතු සහ විකාර රූපී හැසිරීම්, සහ දෛනික කටයුතු , සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට අපොහොසත් වීම වැනි ලක්ෂණ සමග ද බැඳී පැවතිය හැක.

රසායනික සහ ව්‍යුහමය වෙනස්කම් නිසා ඇතිවන ක්‍රියාකාරී මානසික ආතතීන් මගින් මානසික විකෘතිතා ඇති කළ හැක. එම නිසා මානසික විකෘතිතා යනු මානසික රෝගයක් කැළඹීම ලෙස හැඳින්විය හැක.

නමුදු බොහෝ පුද්ගලයින් තම ජීවිතයට බාධාවක් නොමැතිව දිවියේ ඇතැම් කාලවල අසාමාන්‍ය සහ යථාර්ථය වෙනස් කරන සුළු අත්දැකීම් ලබා ඇත. උදාහරණ ලෙස ඇතැමුන් විවිධ ආකාරයේ දෘෂ්ටීන් අත්දැක ඇති අතර සමහර අය එමගින් ආගමික අනාවරණයක් හෝ අනුප්‍රාණයක් අත්විඳ ඇත. එම නිසා මානසික විකෘතිතා යනු සාමාන්‍ය සිහි බුද්ධියෙන් මුළුමනින්ම වෙන් වූවක් නොව සාමාන්‍යය සිහි බුද්ධිය හා බැඳී පවතින දෙයකි. මෙයට අනුව සායනික වශයෙන් මානසික විකෘතිතා ඇති පුද්ගලයින් තුළ විශේෂයෙන්ම තීව්‍ර සහ පීඩිතකාරී අත්දැකීම් ඇති බව කිව හැක.

සමකාලීන සංස්කෘතියට අනුව මානසික විකෘතිතා යන පදය මනෝව්‍යාධික හැසිරීම සමාන බවට වැරදි ලෙසට යොදා ගනී.

"https://si.wikipedia.org/w/index.php?title=සයිකොෂිකාව&oldid=472252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි