සබන් යොදා අත් සේදීම

විකිපීඩියා වෙතින්
සබන් යොදා අත් සේදීම
Intervention
Hand washing with soap at a kitchen sink
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැති 2008 ගෝලීය අත් සේදීමේ දිනයේ උත්සවාකාර අංගයකදී, ශිෂ්‍යයෙක් ඔහුගේ අත් සබන් යොදා සෝදයි

ළමා මරණ වලින් බහුතරයකට එක්ව වගකියන පාචනීය රෝග සහ නියුමෝනියාව වළක්වාගැනුමට ඇති, අතිශයින් සඵලදායක සහ මිල අධික නොවන ක්‍රියාමාර්ග අතර සබන් යොදා අත් සේදීම වෙයි. [1] 2015 වන විට වයස අවුරුදු පහෙන් අඩු දරුවන් අතර මරණ සංඛ්‍යාව තුනෙන්-දෙකකින් අඩු කිරීමේ සහස්‍ර ප්‍රවර්ධන ඉලක්කය සපුරාලීම සඳහා වැදගත් මෙහෙවරක් මෙම පුරුද්ද විසින් ඉටු කෙරෙන බවට අරමුණු කෙරෙයි. [1] එක්සත් ජාතීන් විසින් ජාතික සෞඛ්‍යාරක්ෂක වසර ලෙසින් නම් කෙරුණු 2008 වසරේදී ගත් තීරණයක් අනුව, ගෝලීය අත් සේදීමේ දිනය ලෙසින්, ඔක්තොම්බර් 15 සැමරේ.

සෘජු ස්පර්ශය තුලින් හෝ වක්‍ර ලෙසින් පෘෂ්ඨයන් ඔස්සේ හෝ, රෝග-ඇති කරන ව්‍යාධිජනක පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රැගෙන යන, වාහකයන් ලෙසින්, බොහෝවිට අත් ක්‍රියාකරයි. අනෙක් පුද්ගලයන්ගේ අත්, හිසකෙස්, නහය, සහ මුහුණ ස්පර්ශ කිරීමෙන්, මිනිසුන් විසින් බැක්ටීරියා පතුරුවා ලිය හැක. මිනිස් හෝ සත්ත්ව අසූචි, නාසික බහිස්ස්‍රාවයන් වැනි දේහ තරල, සහ දූෂිත ආහාර හෝ ජලය හා ස්පර්ශ ව සිටි මිනිසුනට, නොදැනුවත් ධාරකයන් වෙත, බැක්ටීරියා, වයිරස සහ පරපෝෂිතයන් පරිවහනය කල හැක. සබන් යොදා අත් සේදීම විසින්, රෝග සම්ප්‍රේෂණයට සමාප්තිය යොදමින්, මෙය වැලැක්වීමට ඉවහල් වෙයි. [2] සබන් යොදා අත් සේදීම සඵලදායක අයුරින් සිදුකිරීමට නම් තත්පර 8 – 15 දක්වා භාවිතා කර ඉන්පසු ගලායන ජලයෙන් අත් සේදිය යුතු වෙයි. [3]

සබන් යොදා අත් සේදීමෙන් රෝග නිවාරණය[සංස්කරණය]

අත් සේදීමෙන්, පාචනීය රෝග (ෂිගලෝසිස්, ටයිෆොයිඩ් සහ කොළරා අඩංගු විය හැක),[4] උග්‍ර ශ්වසන ආසාදන ( සාර්ස් සහ කුරුළු උණ[5] ද අඩංගු), හෙල්මින්ත ආසාදන (විශේෂයෙන් ඇස්කරයිසිස්[4]), සහ අක්ෂි ආසාදන වළක්වාගත හැක.[4]

රෝග සම්ප්‍රේෂණය හා නිවාරණය පිළිබඳ F- රූපය. මූලාශ්‍රය: වැග්නර් ඇන්ඩ් ලැනොයි

2007 නොවැම්බර් මසදී, බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලය විසින් ප්‍රකාශයට පත් කෙරුණු පර්යේෂණයක් පරිදී, නිතොර කෙරෙන අත් සේදීම් සහ මුකවාඩම්, අත්වැසුම් සහ ලෝගු පැලඳීම, වැනි භෞතික බාධකයන් විසින්, ඉන්ෆ්ලුවන්සා සහ සාර්ස් වැනි ශ්වසන වයිරස පැතිරීම වැලැක්වීමේදී, ඖෂධ වලට වඩා සඵලදායක ප්‍රතිඵල ගෙන දෙයි. එවැනි ශ්වසන රෝග පිළිබඳ සැලකූ කල, ඔබගේ ඇස්, නහය හෝ මුව ස්පර්ශ කිරීමට පෙර, ඔබගේ අත් සේදීම විශේෂයෙන්ම වැදගත්ය. මෙම හෙළිදරව්ව ප්‍රකාශයට පත්වූයේ, කිසියම් අනාගත උණ වසංගතයකට සූදානම්වීමක් වශයෙන්, ප්‍රතිවයිරස ඖෂධ සංචිතය දෙගුණ කරන බවට බ්‍රිතාන්‍යය විසින් ප්‍රකාශයට පත්කිරීමත් හා සමගය. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ, ජාතික වසංගත ආපතිකතා සැලසුම් වලදී, සරල, අඩු-වියදම් භෞතික ක්‍රියාමාර්ගයන්ට ප්‍රමුඛතාවය දිය යුතු බවයි.

සබන් යොදා අත් සේදීම කල යුතු තීරණාත්මක අවස්ථා[සංස්කරණය]

ඔබගේ අත් පිරිසිදු කල යුතු වැදගත් අවස්ථා කිහිපයක් පහත දැක්වෙයි:[6]

  • ආහාර සහ සුළු ආහාර පරිභෝජනයට පෙර හා පසු
  • කුඩා ළමුන් සුරතල් කිරීමට පෙර
  • මහජනයාට පොදු පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් පසු
  • ආහාර, විශේෂයෙන් අමු මස්, කුකුළු, තාරා ආදීවුන්ගේ මස්, හෝ මුහුදු ආහාර පිළියෙල කිරීමෙන් පෙර හා පසු
  • වැසිකිළි භාවිතා කිරීමෙන් පසු
  • අත් කිළිටව තිබෙන විට
  • සතුන් ස්පර්ශ කිරීමෙන් පසුව
  • ඔබ හෝ ඔබ අවට යමෙකු හෝ අසනීපයෙන් සිටින විට

මෙයද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 (ඉංග්‍රීසි) ප්ලෑනර්ස් ගයිඩ් ෆෝ ග්ලෝබ්ල් හෑන්ඩ්වොෂිං ඩේ
  2. (ඉංග්‍රීසි) ලෝනා ෆිව්ට්‍රෙල්, කවුෆ්මාන් ආර්.බී., කේ ඩී., ඉනනෝරියා ඩබ්., හේලර් එල්., ඩෑන් කෝල්ෆර්ඩ් ජේ.එම්.සී., කණි 2005. "වෝටර්, සැනිටේෂන්, ඇන්ඩ් හයිජීන් ඉන්ටර්වෙන්ෂන්ස් ටු රෙඩියුස් ඩයරියා ඉන් ලෙස් ඩිවලප්ඩ් කන්ට්‍රීස්: අ සිසටමටික් රිවිව් ඇන්ඩ් මෙටා ඇනලිසිස්." ද ලැන්සට් ඉන්ෆෙක්ෂස් ඩිසීසර්ස්, වෙළුම. 5, නිකුතුව 1:42-52. එමෙන්ම, කර්ටිස්, වී. සහ කෙයාන්ක්‍රොස්, එස්. 2003. "එෆෙක්ට්ස් ඔෆ් වොෂිං හෑන්ඩ්ස් විත් සෝප් ඔන් ඩයරියා රිස්ක් ඉන් ද කොමියුනිටි: අ සිස්ටමටික් රිවිව්." ද ලැන්සට් ඉන්ෆෙක්ෂස් ඩිසීසර්ස්, වෙළුම.3, මැයි 2003, පිටු 275-281.
  3. (ඉංග්‍රීසි) එෆෙක්ටිව් හෑන්ඩ් වොෂිං විත් නොන්-මෙඩිකේටඩ් සෝප් ෆො රිමූවිං බැක්ටීරියා සංරක්ෂණය කළ පිටපත 2012-12-31 at the Wayback Machine
  4. 4.0 4.1 4.2 (ඉංග්‍රීසි) වෙල් ෆැක්ට්ෂීට්
  5. (ඉංග්‍රීසි)වර්ල්ඩ් බෑන්ක්: ස්පීක් අවුට් ඉන්ටර්විව් විත් ෆ්‍රොංස්ව ලි ගෑල්: නිව් ග්ලෝබල් ත්‍රෙට්ස් සංරක්ෂණය කළ පිටපත 2010-07-18 at the Wayback Machine
  6. (ඉංග්‍රීසි) ඇලබාමා කෘෂිකර්ම සහ යාන්ත්‍රික විශ්වවිද්‍යාලය සහ ඕබර්න් විශ්වවිද්‍යාලය: ෆූඩ් සේෆ්ටි: ඉට්ස් ඉන් යුව හෑන්ඩ්ස්! සංරක්ෂණය කළ පිටපත 2014-06-11 at the Wayback Machine
"https://si.wikipedia.org/w/index.php?title=සබන්_යොදා_අත්_සේදීම&oldid=593625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි