විජය (පුවත්පත)

විකිපීඩියා වෙතින්
විජය
වර්ගයසතිපතා ළමා පුවත්පත
අයිතිකරුWijeya Newspapers
ප්‍රකාශකවිජය පුවත්පත් සමාගම
ඇරඹුනේ1980.07.20
භාෂාවසිංහල

විජය ශ්‍රී ලංකාවේ සතිපතා ප්‍රකාශනයට පත්වන පුවත්පතකි. රංජිත් විජයවර්ධන මහතා විජය පුවත්පත් සමාගම ආරම්භ කරන්නේ සුබසිංහ මහතා හා ඔහුගේ අගසව් පර්සි ජයමාන්න මහතාත් සමගය. ඉන්පසු රෝලන්ඩ් අබේසිංහ දසනායක යන මහත්වරුන් සම්බන්ධ කරගත් අතර කර්තෘ මණ්ඩලයට ලක්ෂ්මන් ජයවර්ධන හා දෙල්තොට චන්ද්‍රපාල යන මහත්වරු සම්බන්ධ වූහ. 1980 වර්ෂයේ මාර්තු 21 වැනිදා ‘සතුට’, අප්‍රේල් 30 වැනිදා ‘සිරිකත’, ජූලි 20 වැනිදා ‘විජය’ පුවත්පත, විජය පුවත්පත් සමාගම ආරම්භ කළ අතර 1983 වසරේ ජූලි 21 වැනිදා ‘තරුණයා’ ද 1984 වසරේ ‘සුරතලා’, 85 වසරේ ‘ලිට්ල් ස්ටාර්’ පුවත්පත ද 1986 වසරේ පෙබරවාරි 23 වැනිදා ‘ඉරිදා ලංකාදීප’ පත්‍රය ද 1989 වසරේ ජුනි මාසයේ පෙබරවාරි 23 වැනිදා ‘වනිතා විත්ති’ පත්‍රය ද ආරම්භ කර ඇත.

විජය පුවත්පත මෙරට ළමා පුවත්පතක් වන හෙයින් ඒවායේ ඉලක්ක ගත පාඨක කණ්ඩාම ළමා පරපුරවේ. එම නිසා විජය පුවත්පත් සමාගමේ ළමා පුවත්පහි පරමාර්ථ ළමා අධ්‍යාපනය සැකසිමට ඉවහල්වන ආකාරයේ පුවත් සහ දැනුම ලබාදීමේ අරමුණු සමග පෙරදැරිව ඇත. ළමා පුවත් පතකින් ඉටුවිය යුතු කාර්යභාරය කුමක්දැයි මුලින්ම වටහා ගැනීම වැදගත්ය. ජාතික පුවත්පතකින් බොහෝදුරට එදිනෙදා ප‍්‍රවෘත්ති පාඨකයන් වෙත ගෙනයාම සිදුවන බව නොරහසකි. එසේ නොවුණ හොත් ජාතික පුවත්පතකින් ඇති ප‍්‍රයෝජනතාව බිඳ වැටේ. එමෙන්ම ළමා පුවත්පතකන් ඉටුවිය යුතු කාර්යය වන්නේ ළමයින් වෙත ප‍්‍රවෘත්ති ගෙනයාම නොව ළමා අධ්‍යාපනය සාරවත් කරගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම වේ. මේ කර්තව්‍ය සිදුකිරීම එතරම් පහසු නොවේ.

විජය පුවත්පත මෙරට ළමා පරපුර උදෙසා බිහි වූ පුවත්පත් අතර සුවිශේෂි ළමා පුවත්පතකි. ළමා පුවත්පතක් ලෙස විජය පුවත්පත ආරම්භ වන්නේ 1980 ජූලි 20 දාය. ආරම්භක කතුවරයා වන්නේ කිත්සිරි සමරනායක මහතා ය. ඉන්පසුව දෙල්තොට චන්ද්‍රපාල මෙහි කතුවරයා වූයේය. ආරම්භයේ දී පිටු 16 කින් සමන්විත වූ විජය පුවත්පත ප්‍රධාන කර්තෘ පියල් උදය සමරවීර මහතාගේ වකවානුව වන විට පිටු 32ක් දක්වා වර්ධනය වී ඇත.

මෙම කාල පරාසය තුළ ගැබ්ව ඇති අධ්‍යාපනික කරුණු ඔවුන් සහ විජය පුවත්පත අධ්‍යාපනය ලබන 6 වසරේ සිට 12 වසර දක්වා වූ වස අවුරුදු 11ත් 17 අතර ශිෂ්‍ය කණ්ඩායම් විජය පුවත්පතෙහි ඉලක්කගත කණ්ඩායම් වේ. ඔවුන් සඳහා ගැපපෙන අධ්‍යාපනික තොරතුරු විජය පුවත්පත තුළින් හැම විටම ඉදිරිපත් කෙරේ.

සතිපතා පලවන විජය පුවතපත සෑම සතයකම අඟහරුවා දා දින ප‍්‍රකාශයට පත්වේ. විජය පුවත්පත මුද්‍රණයේ දී එක් එක් පළාත් සඳහා විශේෂ වූ අතිරේක ද මුද්‍රණය කරයි.එවැනි අතිරේක හතරක් මුද්‍රණයවේ. රන්මුතු (කොළඹ, ගම්පහ කළුතර) ගජමුතු (මහනුවර, නුවරඑළිය, ති‍්‍රකුණාමලය, අනුාධපුර, පොලොන්නරුව, කෑගල්ල, කුරුණෑගල) මිණිමුතු (ගාල්ල,මාතර, අම්පාර, මොනරාගල, රත්නපුර) දිරියමුතු (හම්බන්තොට විශේෂ කලාපය) විජය පුවත්පතෙහි මෙම අතිරේක හතර ඒ ඒ ප‍්‍රදේශ වලට අදාල පරිදි ප‍්‍රාදේශීය ළමා පුවත්, එකි ප‍්‍රදේශවලට අයත් පාසල් දුවා දරුවන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනු ලැබේ.

විජායි (දමිල මාධ්‍ය පුවත්පත)

විජය පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලබන විජය පුවත්පතේ සහෝදර පුවත්පත වන විජායි ළමා පුවත්පත දමිළ මාධ්‍ය දරුවන්ගේ දැනුම, කුසලතා ආකල්ප පෝෂණය කිරීම වෙනුවෙන්නිර්මාණය කරනු ලැබූ දමිල මාධ්‍ය ළමා පුවත් පතයි. විජායි පුවත්පතේ ප්‍රධාන කර්තෘ වි.රෙඩ්ලි හැරිසන් මහතා කටයුතු කරනු ලැබේ.

විජය බ්‍රේල් පුවත් පත ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිතයන් වෙනුවෙන් මෙරට ප්‍රථම බ්‍රේල් පුවත් පත ලෙස පාසල් දරුවන් සදහා “විජය බ්‍රේල්” පුවත්පත හදුන්වා දෙනු ලැබිණ. බාලදක්ෂ ව්‍යාපාරයේ JOTA /JOTI ජම්බෝරිය වෙනුවෙන් රත්මලාන අන්ධ විද්‍යාලයේදී පැවති උත්සවයකදී මේ සඳහා මූලික පිඹුරු පත් සැකසුණු අතර පසුව එය ජාත්‍යාන්තරයේද අවධානයක් දිනාගත් පුවත් පතක් බවට පත්විය. ඇගයීමක් වශයෙන් බාලදක්ෂයන් සඳහා ද පිටුවක් වෙන්කරනු ලැබිණ.

මල් මාමා

ශ්‍රී ලාංකික දුවා දරුවන් බොහෝ දෙනෙකු විජය පුවත්පත කියවා ඇති අතර විජය ලාංඡනය ඕනෑම අයෙකුගේ මතකයේ රැදී ඇති චිත්‍ර කතාවෙ ප්‍රධාන චරිතය තමයි මල්මාමා. මල්මාමා පෙනී සිටින මකාගේ යලක් කතාවේ. විජය පුවත්පතේ පළ වන මල් මාමා” කාටුන් කතාව නොදත් 80 දශකයෙන් පසු ඉපදුන දරුවෙකු ලංකාවේ නොමැති තරම්. පියල් උදය සමරවීර මහතා විසින් සතිපතා අඳිනු ලැබූව. කතාවෙ හැටියට මනුස්සයෙක් මලක සුවඳ බලන්න ගිහින් ඒ මලේ තිබ්බ ඇටයක් නහයෙ හිරවෙනවා. පස්සෙ ඒ ඇටේ මනුස්සයගෙ නහයෙ පැල වෙලා නහයෙ මලක් පිපෙනවා. ඉතින් එයාට තමා මල් මාමා කියලා කියන්නෙ. මේකට බෙහෙත් අරන් එන අතරෙ අලිරාලගෙ ඇගේ හැපිලා දෙන්නගෙ බෙහෙත් බෝතල් මාරු වෙනවා. වගාවට ගහන්න ගත්ත පොහොර තියෙන බෝතලේ මල් මාමා පාවිච්චි කරපු නිසා ඊළග දවසේ මල් ගහක් වෙනවා. ඉතින් එයා උත්සාහ කරණවා ඔය මල ගලවගන්න. මල ගැලෙව්වොත් එයා මැරෙනවලු. පස්සෙ තීරණය කරනවා මලත් එක්කම ජීවිතය ගෙවන්න. ඔය කතාව තමයි මල්මාමාගෙ කතාව.

විජය බාලදක්ෂ කඳවුර

සිඟිති, පෝතක, බාලදක්ෂ දරුවන්ට සිය හසුරු කුසලතා වර්ධනය කර ගැනීමටත්, බාලදක්ෂ ව්‍යාපාරය දේශීය ළමා පරපුරට සමීපව කටයුතු කිරීමටත් ලබා දී ඇති අමිල සහයෝගය සැබවින්ම අගයකලයුතු වේ. වසර 40වැඩි ඉතිහාසයකට උරුමකම් කියන විජය පුවත්පත් සමාගමේ ප්‍රධානතම ළමා පුවත්පත වන විජය පුවත් පත හා ළබැදිව වසර 30කට වඩා අතීතයක සිට දිග හැරෙන විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂිකා ආලෝකය, විජය බාලදක්ෂිකා කඳවුර මෙරට බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් අතර සමීපව බැඳී ඇති විශේශාංගයකි. මීට සමගාමීව දමිල විජායි පුවත්පතේ ද බාලදක්ෂ කඳවුර විශේෂාංගයක් සතිපතා මුද්‍රණය කෙරේ.

"https://si.wikipedia.org/w/index.php?title=විජය_(පුවත්පත)&oldid=655690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි