Jump to content

ෂිහාලියන් පරික්ෂණය

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: 56°40′4″N 4°5′52″W / 56.66778°N 4.09778°W / 56.66778; -4.09778

ෂිහාලියන් පරික්ෂණය යනු, පෘථිවියෙහි මධ්‍යන්‍ය ඝනත්වය නිර්ණය කෙරුමට 18වන-සියවසෙහි සිදුකෙරුණු පරික්ෂණයකි. රාජකීය සංගමයෙහි මූල්‍ය ප්‍රදානයක් අරමුදලක් ලෙස යොදා ගනිමින්, පර්ත්ෂයර් හී පිහිටි ස්කොට්ලන්ත ෂිහාලියන් කන්ද අවට 1774 වසරෙහි ගිම්හාන සමයෙහිදී මෙය සිදු කෙරිණි. අවට පිහිටි කන්දක ගුරුත්ව ආකර්ෂණය හේතුවෙන් අවලම්බයක සිදු වන ඉතා කුඩා උත්ක්‍රමය මෙම පරික්ෂණයට භාවිතා කෙරිණි. එහි හුදෙකලා පිහිටීම සහ බොහෝදුරට සමමිතික හැඩය නිසා, අපේක්ෂක කඳු සඳහා සිදුකෙරුණු විමසුමකින් අනතුරුව ඉතාමත් සුදුසු ස්ථානය ලෙසින් ෂිහාලියන් තොරා ගැනිණි. මෙම පරික්ෂණයට එක් පූරනයක් වූයේ මේසන්–ඩික්සන් රේඛාව සඳහා සිදු කෙරුණු සමීක්ෂණයෙහිදී සටහන් කර ගත් විෂමතා වෙති. [ලිපි දේහය තුල සත්‍යෙක්ෂණය කොට නොමැත]

We look across green fields to a mountain rising behind a line of trees. Its flanks are bare, and the mountain shows a distinctly symmetrical peak.
ෂිහාලියන් හී හුදෙකලා පිහිටීම සහ සමමිතික හැඩය, පරික්ෂණය සඳහා එය භාවිතා කිරීමට ඉවහල් විය

ඔහුගේ ගුරුත්වය පිළිබඳ නියමය ප්‍රායෝගික ලෙසින් ආදර්ශනය කිරීම සඳහා මෙම පරික්ෂණ අයිසැක් නිව්ටන් විසින් සමාලෝචනයට පාත්‍ර කරන ලද මුත් පසුව ප්‍රතික්ෂේප කෙරිණි. කෙසේවෙතත්, විද්‍යාඥයින් පිරිසත් විසින්, සංගණ්‍ය වශයෙන් රාජකීය තාරකා විද්‍යාඥ නෙවිල් මැස්කලීන් විසින්, මෙම ආචරණය අභික්ෂණය කල හැකි බව ඒත්තු ගෙන සිටි අතර මෙම පරික්ෂණය සිදු කිරීමෙහි කාර්යය භාර ගති. . පෘථිවියෙහි සහ කන්දෙහි සාපේක්ෂ ඝනත්වයන් සහ පරිමාවන් මත උත්ක්‍රමණ කෝණය රැඳී පැවතිණි: ෂිහාලියන් හී ඝනත්වය සහ පරිමාව නිර්ණය කල හැකි නම්, පෘථිවියෙහි එම පරාමිතීන්ද නිර්ණය කල හැකිව තිබිණි. මෙම අගයයන් දැනගත් පසුව, එහි ප්‍රතිඵලයක් වශයෙන්, අනෙකුත් ග්‍රහලෝකයන්හී, ඒවායෙහි චන්ද්‍රයන්ගේ සහ සූර්යයාගේ, පෙරදී සාපේක්ෂ අනුපාතයන් ලෙසින් දැන සිටි මෙම පරාමිතීන්ගේ දළ අගයයන් සොයා ගත හැකිව තිබුණි. අමතර ප්‍රතිලාභයක් වශයෙන්, කන්ද මිනුම් සමීක්ෂණය සඳහා ක්‍රමවේදය සරල කිරීම සඳහා තැනුණු සමෝච්ච රේඛා පිළිබඳ සංකල්පය, පසුව සිතියම් විද්‍යාවෙහි සම්මත ශිල්පීක්‍රමයක් බවට පත් විය.

පසුබිම

[සංස්කරණය]

සමමිතික ගුරුත්වජ ක්ෂේත්‍රයකදී අවලම්බයක් කෙලින්ම පහළට එල්ල කරයි. කෙසේවෙතත්, සැලකිය යුතු තරම් විශාල ස්කන්ධයක් අසබඩ පිහිටයි නම්, එහි ගුරුත්වජ ආකර්ෂණය විසින් අවලම්බයෙහි ලඹ-කැටය සත්‍ය පිහිටීමෙන් සුළු වශයෙන් වෙනස් කොට පිහිටුවයි (එය පෘථිවියෙහි ස්කන්ධ කේන්ද්‍රය වෙත එල්ල නොකරයි). දන්නා වස්තුවකට සාපේක්ෂව ලඹ-කැට කෝණයෙහි වෙනස්වීම, කත්දෙහි ‍දෙපස සිට පරිස්සමින් මැනිය හැකි වෙයි. එහි පරිමාව සහ එහි පාෂාණ වල මධ්‍යන්‍ය ඝනත්වය නිර්ණය කිරීමෙන්, කන්දෙහි ස්කන්ධය ස්වායත්ත ලෙසින් සොයා ගත හැකි නම්, මෙම අගයයන් අනුසාරයෙන් පෘථිවියෙහි මධ්‍යන්‍ය ඝනත්වය සහ එහි ස්කන්ධය ගණනය කල හැකි වෙයි.

ප්‍රින්චිපියා තුලදී අයිසැක් නිව්ටන් විසින් මෙම ආචරණය පිළිබඳ අවධානය යොමු කල නමුදු,[1] සාර්වාශුභවාදී ලෙසින් සිතුවේ කිසියම් සත්‍ය කන්දක් විසින් ඇති කරනු ලබන උත්ක්‍රමණය මැනීමට තරම් නොවන කුඩා එකක් වනු ඇති බවයි. [2] ඔහු සටහන් කර තැබුවේ, ගුරුත්වජ ආචරණ, විඤේය (තේරුම් ගත හැකි) වනුයේ ග්‍රහතාරකාමය පරිමාණයක පමණක් වන බවයි.[2] නිව්ටන්ගේ සාර්වාශුභවාදය ප්‍රතිෂ්ඨා-විරහිත බව පෙනී ගියේය: ඔහුගේ ගණනය කිරීම් වෙතින් කෝණයෙහි විචලනය චාපයක කලා  2 (අනුභූතිමය තුන-සැතපුම් උස [5 km] කන්දක් සඳහා) කට වඩා අඩු බවක් හඟවා තිබුණද, එය ඉතා කුඩා අගයයක් වුවද, එම කාලයෙහිදී තිබුණු මිනුම් උපකරණවල සෛද්ධාන්තික මිනුම් හැකියාව ඇතුළත එය මැනිය හැකිව තිබුණි. [3]

නිව්ටන්ගේ අදහස විමසීමට පරික්ෂණයක් සිදු කලේ නම්, ඔහුගේ සාර්වත්‍ර ගුරුත්වය පිළිබඳ නියමය සඳහා ආලම්බන සාක්ෂි සපයා ගත හැකිව තිබුණා මෙන්ම, පෘථිවියෙහි ස්කන්ධය සහ ඝනත්වය ඇස්තමේන්තු කර ගත හැකිව තිබුණාද වෙයි.

සටහන්

[සංස්කරණය]


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ ඩේවිස්, ආර්.ඩී. (1985). "අ කොමමරේෂන් ඔෆ් මැස්කලීන් ඇට් ෂිහාලියන්". රාජකීය තාරකා විද්‍යාත්මක සංගමයෙහි ත්‍රෛමාසික ජර්නලය. 26 (3): 289–294. Bibcode:1985QJRAS..26..289D.
  2. ^ a b නිව්ටන් (1972). ෆිලොසොෆියා නැටුරාලිස් ප්‍රින්චිපියා මැතේමැටිකා. Vol. II. p. 528. ISBN 0-521-07647-1.[භින්න වූ සබැඳිය] පරිවර්තනය: ඇන්ඩ්‍රෑ මොට්ටෙ, පළමුවන ඇමරිකානු සංස්කරණය. නිව්යෝර්ක්, 1846
  3. ^ සිලිටෝ, ආර්.එම්. (31 ඔක්තොම්බර් 1990). "මැස්කලීන් ඔන් ෂිහාලියන්: අ ලෙක්චර් ටු ද රෝයල් ෆිලෝසොෆිකල් සොසයිටි ඔෆ් ග්ලාස්ගෝ". සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2008.
"https://si.wikipedia.org/w/index.php?title=ෂිහාලියන්_පරික්ෂණය&oldid=442544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි