ශ්‍රී ලංකා ජාතික කොඩිය
නාමය | සිංහ කොඩිය |
---|---|
භාවිතය | Civil and state flag and civil ensign |
සමානුපාතිකය | 1:2 |
භාවිතයට ගැනුණේ | 22 මැයි 1972 |
නිර්මාණය | මෙරූන් පැහැ ඍජුකෝණාස්රකාර කොටසේ රත්‍රං පැහැති සිංහයකු දකුණු පාදයෙන් කස්තානේ කඩුවක් ඍජුව දරා ගෙන ඇති අතර ඍජුකෝණාස්රකාර රාමුවේ මුලු සතරේ බෝ කොළ සතරක් ඇත. කොඩිය ඔසවනයට යාබදව තැඹිලි සහ ටීල් පැහයෙන් යුතු සිරස් ඉරි ඇති අතර කහ පැහැති රේඛාවකින් මේ සියල්ල සම්බන්ධ වී ඇත. |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යේ ප්රභේද්ය ධජය | |
භාවිතය | Auxiliary ensign used by merchant ship commanded by reserve naval officer Vexillological description |
සමානුපාතිකය | 1:2 |
භාවිතයට ගැනුණේ | 1972 |
නිර්මාණය | A blue field with the flag of Sri Lanka in the canton. |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යේ ප්රභේද්ය ධජය | |
භාවිතය | President's Colour [[ගොනුව:FIAV president's colour.svg|23px|Vexillological description]] |
සමානුපාතිකය | 1:2 |
භාවිතයට ගැනුණේ | 1972 |
නිර්මාණය | A defaced flag of Sri Lanka with the Emblem of Sri Lanka |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යේ ප්රභේද්ය ධජය | |
භාවිතය | Naval ensign |
සමානුපාතිකය | 1:2 |
භාවිතයට ගැනුණේ | 1972 |
නිර්මාණය | A white field with the flag of Sri Lanka in the canton. |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යේ ප්රභේද්ය ධජය | |
භාවිතය | Civil ensign |
සමානුපාතිකය | 1:2 |
භාවිතයට ගැනුණේ | 1972 |
නිර්මාණය | A red field with the flag of Sri Lanka in the canton. |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යේ ප්රභේද්ය ධජය | |
භාවිතය | ගුවන් හමුදා ලාංඡනය Vexillological description |
සමානුපාතිකය | 1:2 |
භාවිතයට ගැනුණේ | 2010 |
නිර්මාණය | A defaced sky-blue ensign with the flag of Sri Lanka in the canton and Air Force roundel. |
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සිංහ කොඩිය නමින්ද හැදින්වෙන අතර එහි රත්‍රං පැහැති සිංහයෙක් කඩුවක් දකුණු අතින් ඍජුව දරාගෙන සිටින්නේ,මෙරූන් පැහැති පසුබිමක් තුළ බෝ කොළ සතරක් සෑම මුල්ලකම සිටින අයුරිනි. පසුබිම අසලම වන්නට කහ තීරුවක් ද ඇත. එසේම පසුබිමට වම් පසින් කොළ සහ තැඹිලි තීරු දෙකක් සමාන අගයකින් යුක්තව පිහිටා ඇති අතර කහ තීරුව සිංහයාට සමීපවම පිහිටයි. සිංහයාගෙන් පෙන්නුම් කරනු ලබන්නේ ශ්‍රී ලාංකික ජාතියේ වීරත්වය වන අතර බෝ කොළ සතරෙන් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ පෙන්නුම් කරයි. තැඹිලි පැහැති තීරුවෙන් හා කොළ පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකිය මුස්ලිම්, දෙමළ ජනයා සහ මැලේ, බර්ගර් වැනි සුලු ජාතීන්. නියෝජනය වේ. තද රතු( ලේ වල වර්ණය) පැහැති පසුබිම තුලින් බහුතර මහජනයා වු සිංහල ජනයා ද පෙන්වයි. පැරණි ජාතික කොඩි තුල මෙවැනිම වු සිංහයකු සහ වර්ණයන් රජවරු විසින් යොදාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වු ඩී.ඇස්.සේනානායක මහතා විසින් 1950 වර්ෂයේදී කමිටුවක නිර්දේශයක් මත මෙම ජාතික කොඩිය නිර්මාණය කරවීය. 1978 වර්ෂයේ දී වර්තමාන ජාතික කොඩිය එළිදක්වන ලදී
ඉතිහාසය
ශ්‍රී ලංකාවේ පළමු රජු වු විජය රජතුමා, බු.ව.486 දී ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන විට ඔහු සිංහ සංකේත සහිත කොඩියක් රැගෙන ආ බව පැවෙසේ. එදා සිට සිංහයාගේ සංකේතය ඉතා වැදගත් සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුලින් පැමිණේ. දකුණු ඉන්දියාවෙන් ආ පාලකයකු වු විජය රජු මෙය භාවිතා කලේ නිදහස සහ බලාපොරොත්තුව සංකේතවත් වන අයුරිනි. දුටුගැමුණු රජු එකල උතුරු හා බටහිර ප්‍රදේශවල බලය අත්පත් කරගෙන සිටි එළාර රජු සමග යුධ වැදීමේදී එම යුද කටයුතු වලට ද සංකේතාත්මක ධජ භාවිතා කල බව ඉතිහාසයෙන් පැවසේ. දුටුගැමුණු රජු යුධ වැදිමෙදී ඔහු සමගින් රැගෙන ගිය ධජය තුල ඉහලින් හිරු හා සඳු තිබූ අතර තේජාන්විත සිංහයකු දකුණු අතින් කඩුවක් දරා ගෙන සිටිය බව ද පැවසේ.
ඉන් පසුව ධජයක් භාවිතා වූයේ 1815 දී මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වු අන්තිම රජුගේ රාජ්‍ය පාලන කාලය අවසන් වීමේදී, නුවර රදලපෙළයන් විසින් බ්‍රිතාන්‍ය සමග මාර්තු 2 දින අත්සන් තැබු නුවර ගිවිසුමේදීය. මෙම ගිවිසුම මගින් තුන් වන ජෝර්ජ් රජු ශ්‍රී ලංකවේ රජු බවට පත්විය. එහිදී සිංහලයන් රැගෙන ආ සිංහ කොඩිය එක්සත් කොඩිය බවට පත් වී එය ජාතික කොඩිය බවට නම් කලහ. ඉංග්‍රීසි ජාතිකයන්ගේ භාවිතයට ඔවුන්ගේම වු කොඩියක් තිබිණ. එම සිංහ කොඩිය ඉංග්‍රීසින් විසින් එංගලන්තයට රැගෙන ගොස් එය රාජ්‍ය ආරෝග්‍යශාලා භූමියේ තැම්පත් කල බව පැවසේ.
වර්ෂ 1948 දී එවකට පැවැති කොඩිය ජාතික කොඩිය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තීරණය කලද එය 1953 හා 1972 යන වර්ෂ වලදී වෙනස්කම් වලට භාජනය විය. එම වර්ෂය තුලදීම කොඩියට බෝ ගසේ කොළ සතරක් සෑම මුල්ලකම පිහිටන අයුරින් ඇතුලත් කරනු ලැබුවේ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතාගේ මූලිකත්වය මතය. එකල ඔහු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා සහ ජාතික ලාංඡන හා කොඩිය නිර්මාණ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. එතුමා විසින් ඇතුලත් කල මෙම සතර බෝ කොළ තුලින් මෙත්තා ( ආදරය ), කරුණා ( කරුණාව හා දයාව ), මුදිතා ( සතුට ) සහ උපේක්ඛා ( උපේක්ෂාව ) යන සතර ගුණයන් නිරූපනය වේ.
සංකේත භාවිතය
ශ්‍රී ලංකාවේ ජාතික ධජය මගින් නිරූපණය වන්නේ ප්රතාපවත් දේශයක් සමගින් ලාංකික උරුමයන් ඔප් නංවමින්, සුළු ජනයා සමගින් බහුතර ජනයාද එකමුතුව ජීවත් වන බවයි. කෙසේ වෙතත් සුළු ජනයා පෙන්නුම් කරනු ලබන්නේ යම් ප්‍රතිශතයක් පදනම් කරගෙනයි. ජාතික කොඩියේ ඇති සෑම සංකේතයකටම විශේෂ අර්ථයක් ගැබ්ව පවතී.
සංකේතය | නිරෑපණය |
---|---|
කහ පැහැයෙන් වර්ණවත් වු සිංහයා | ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය හා උදාරත්වය පෙන්නුම් කරයි. |
බෝ කොළ සතර | බෞද්ධ ජාතිය හා එහි බලපෑම වන අයුරුයි. මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා යන සුචරිත ලක්ෂණ මෙයින් පිළිබිඹු වේ. |
සිංහයාගේ කඩුව | ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ ජනයාගේ බලපරාක්රමයයි. |
සිංහයාගේ හිසෙහි ඇති රැලි ගැසු කෙස් | ආගමික පිළිවෙත්, ප්‍රඥාව සහ ධ්‍යානයයි. |
කෙස් අටක් ඇති සිංහයාගේ වලිගය | ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. |
සිංහයාගෙ රැවුල | පවිත්‍ර වචනයි. |
කඩුවෙ ඇති මිට | වාතය, ජලය, ගින්දර සහ පොළව යනාදියෙන් රට සමන්විත වු බවයි. |
සිංහයාගෙ නාසය | බුද්ධිමත්කමයි. |
සිංහයාගේ ඉදිරි පාද දෙක | සම්පත් පරිහරණයේ නිවැරදි බවයි. |
තැඹිලි පැහැති තීරුව | දෙමළ ජනවර්ගයයි. |
කොළ පැහැති තීරුව | මුස්ලිම් ජනවර්ගයයි. |
කහ පාටින් වට වු මායිම | සිංහල,දෙමළ,මුස්ලිම් සහ බර්ගර් ඇතුළු සියලුම ජාතීන් සහ සංස්කෘතීන් වල සිටින මිනිසුන් එකට එක්ව සමගියෙන් වාසය කරන බවයි. |
තද රතු පැහැති පසුබිම | බහුතර සිංහල ජනයාය. සිංහයා මෙන්ම මෙම වර්ණයද රජවරුන් විසින් පැරණි කොඩිවල භාවිතා කර ඇත. |
ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිම
ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිමකට ලක් කලේ 1972 දිය. එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල නිශ්ශංක විජයරත්න ගේ මග පෙන්විම හා උපදේස් මතය. මුලු හතරේ බංකු කකුල් වෙනුවට බෝපත් හදූන්වා දූන්නේ විජයරත්න විසින් වන අතර මෙත්තා, කරුණා, උපේක්ෂා හා මුදිතා ඵයින් නිරූපනය කරයි.[1]
මේවා බලන්න
ආශ්රිත
- ^ අපේ ජාතික කොඩියේ ඉන්නේ කිනිස්සක් ගත්තු විකෘති සිංහයෙක්!. Divaina, සම්ප්‍රවේශය on 01th July 2018.
- Lanka Library
- The Proposer of the lion flag. Mudaliyar Sinnalebbe
- Sri Lanka Government Web Portal
- The Sri Lankan Lion flag -how it came to be
බාහිර සබැදීම්
- A few examples of European Heraldic Lions and the Sri Lankan national flag සංරක්ෂණය කළ පිටපත 2012-06-18 at the Wayback Machine
- Lion Flag as depicted in the Constitution of Sri Lanka