Jump to content

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ජල ධාරා

විකිපීඩියා වෙතින්
(ශ්‍රි ලංකාවේ ප්‍රධාන ඔයවල් සහ ගංගා වෙතින් යළි-යොමු කරන ලදි)
ගඟ

ශ්‍රී ලංකාවේ උස් ප්‍රදේශවල සිට මුහුද කරා ජල ධාරා ගනනාවක් ඇදී යයි. ඉන් ප්‍රධාන ජල ධාරා මෙම ලිපියට ප්‍රස්තුත වේ.

ශ්‍රි ලංකාවේ ජල ධාරා වර්ග

[සංස්කරණය]

දොළවල්, ගංගා සහ ඔයවල් ලෙස ජල ධාරා වර්ග 3කි. ඉන් ප්‍රධාන ජල ධාරා ගංගා හෝ ඔයවල් වේ.

ගංගා වල වසර පුරා අඩු වැඩි වශයෙන් ජලය ගලායන අතර ඔයවල් වසරේ වැඩි කාල සීමාවක් වැලි පෑදෙන තරමට වීයලී පවතී.

ශ්‍රි ලංකාවේ ගංගා පිහිටිම

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ජල ධාරා සිතියම

[සංස්කරණය]
ප්‍රධාන ගංඟා සහිත සිතියම

ප්‍රධාන ගංගා පිළිබඳ කෙටි හැඳින්විමක්

[සංස්කරණය]

මහවැලි ගඟ

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ දිගම ගඟ යි. මධ්‍යම කඳුකරයේ මහඑළිතැන්නෙන් ඇරැඹී ත්‍රිකුණාමලයේ කොඩ්ඩියාර් බොක්කෙන් මුහුදට වැටෙන මහවැලි ගඟ දිගින් කිලෝමීටර 335 කි. වාර්ෂිකව මහවැලි ගඟින් මුහුදට ඇදී යන ජලස්කන්ධය අක්කර අඩි 640000ක් පමණ වෙතැ යි මතයක් පවතී. මහවැලි ගඟ ගිරිතලේ, පරාක්‍රම සමුද්‍රය හා සොරබොර හා කන්තලේ අග්බෝ වැව ආදි පැරණි වැව් කිහිපයක් පෝෂණය කරයි. මහවැලි ගඟ පැරණි පොත්වල හැඳින්වුණේ මහා වාලුකා නදිය සහ මහා ගංගා යන නම්වලිනි.

මල්වතු ඔය

[සංස්කරණය]

මල්වතු ඔය ශ්‍රී ලංකාවේ දෙවැනියට දිගම ගංගාව වන අතර මෙය ශ්‍රී ලංකාවේ වියළි කලාපය හරහා වැස යන විශාල පෝෂක ප්‍රදේශයක් ඇති ගංගාවකි.මෙම ගංගාව ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ මුල්ම රාජධානිය වන අනුරාධපුර රාජධානිය පිහිටා ඇත.වර්තමානයේදී කරන ලද කැණීම් වලින් පෙර කාලයේ ( අනුරාධපුර යුගයේ ) දී ප්‍රවාහනය සදහා නිර්මාණය කරන ලද පැරණි සෙල්මුවා පාලමක් හමුවී ඇත.[1]

  • සෙල්මුවා - ශෛලමය

කැලණි ගඟ

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පූජනීයත්වයක් ආරෝපණය වී ඇති ප්‍රධාන ගඟෙකි. සමනොල කඳුවැටියෙන් ඇරැඹී කොළඹ නගරයට උතුරින් පිහිටි කාක දිවයින අසලින් මුහුදට වැටෙයි. එහි ජල වහන ප්‍රාදේශය වර්ග කිලෝමීටර් 2690ක් වේ. වාර්ෂික වැ ගඟට ලැබෙන ජලස්කන්ධය අක්කර අඩි 70190000ක් පමණ වන අතර එයින් මුහුදට යන්නේ 64% පමණි. මෙරට ජල විදුලිය නිපදවීම සදහා කලක සිට ම බෙහෙවින් දායක වී ඇති ගඟ මෙයයි. නිතර නිතර ජල ගැලීම් වල‍ට ප්‍රසිද්ධ ගඟෙකි.

කළු ගඟ

[සංස්කරණය]

කළු ගඟ රත්තපුර දිස්ත්‍රිකයට අයත් සමනළ අඩවියේ ඉදිකටුපාන අසලින් ආරම්භ වී කළුතර දිස්ත්‍රික්ය හරහා මුහුදට ටැටෙයි.ජල වහන ප්‍රදේශයේ විශාලත්වය හා වාර්ශික ලබන ජලස්කන්ධය අතින් දෙවැනි වන්නේ මහවැලි ගඟට පමණි.කළු ගඟේ ජලවහන ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 2690 ක් වේ.ඒ වගේම මෙය ශ්‍රී ලංකාවේ පළලම ගංගාව වේ.ගංගා ධාරයට වාර්ශිකව ලැබෙන වැසි ජල ප්‍රමාණය අක්කර අඩි 962500 කි.එය වාර්ශිකව මුහුට ගලා යන ජලස්කන්ධය අක්කර අඩි 616000 කි.කළු ගඟ දරැණු ජල ගැලීම් සම්බන්ධව නරක ප්‍රසිද්ධියක් උසුලයි.

වලවේ ගඟ

[සංස්කරණය]

සමනල කන්ද අඩවියෙන් ආරම්භ වී ගලා විත් අම්බලන්තොටින් මුහුදට වැටෙයි.වලවේ ගඟ හරහා උඩවලව ජලාශය ඉදිකර ඇත. ලංකාවේ ප්‍රධාන ගංඟා වලින් එකකි.දිග කිලෝමිටර් 137ක් පමණ වේ.වලවේ ගඟ හරහා උඩවලව ජලාශය ඉදි කර ඇත

කුඹුක්කන් ඔය

ප්‍රධාන ලිපිය: කුඹුක්කන් ඔය

ආරම්භය - මඩොල්සිම කඳු

* මුහුදට වැටෙන ස්තානය = කුමන ජාතික උද්‍යානය

* 116 km 72 mi

* ගලාබසින දිස්ත්‍රික්ක = බදුල්ල, මොනරාගල, අම්පාර .[2]

කුඹුක්කන් ඔයා යනු ශ්‍රී ලංකාවේ දොළොස්වන දිගම ගංගාවයි. එය ආසන්න වශයෙන් කිලෝමීටර 116 (සැතපුම් 72) කි. එය පළාත් දෙකක් සහ දිස්ත්‍රික්ක දෙකක් හරහා දිව යයි. එහි ජල පෝෂක ප්‍රදේශයට වසරකට cub න මීටර් මිලියන 2,115 ක වර්ෂාපතනයක් ලැබෙන අතර ජලයෙන් දළ වශයෙන් සියයට 12 ක් මුහුදට පැමිණේ. වර්ග කිලෝමීටර් 1,218 ක ජල පෝෂක ප්‍රදේශයක් එහි ඇත.

බෙන්තර ගඟ

[සංස්කරණය]

දකුණු පළාත සහ බස්නාහිර පළාත වෙන් කෙරෙන සිමාව සේ සැළකෙන්නේ බෙන්කර ගඟයි.දිග කිලෝමිටර් 72 කි.මෙහි අවට ප්‍රදේශය සංචාරක ව්‍යාපාරය සදහා ඉතා දියුණු තත්ත්වයක පවතී.

අඹන් ගඟ

[සංස්කරණය]

අඹන් ගඟ මහවැලි ගඟේ පහළ කොටසේ දී එයට එක් වන ප්‍රධාන අතු ගඟ යි. මෙය ඇරැඹෙන්නේ නාලන්ද සහ මාතලේ කඳු වලිනි. වේගයෙන් ගලන ගඟක් නොවේ. එහි ගමන් මග වංගු සහිතයි. මෙහි පහළ කොටසේ කුඩා වැලි දුපත් ඇත.

කළා ඔය

[සංස්කරණය]

යාන් ඔය

[සංස්කරණය]

දැදුරු ඔය

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප වන තෙත් කලාපය හා වියළි කලාපය වෙන් කරන ප්‍රධානම ස්වභාවික මං සලකුණකි.මෙම ගංගාව ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපය හරහා බැසයන ගංගාවකි.[3]

මැණික් ගඟ

[සංස්කරණය]

ඌව පළාතේ කඳු වැටිවල දකුණු බෑවුමෙන් ඇරැඹී රුහුණු වනෝද්‍යානය හරහා ගලාගොස් යාල නම් ස්ථානය හරහා මුහුදට වැටේ. දිගින් කිලෝම්ටර් 114 කි. මැණික් ගඟ අසබඩ පිහිටි කතරගම පුදබිම නිසා එය පුජනීයත්වයට පත් වී ඇත. අවුරුද්දේ වැඩි කලක් මැණික් ගඟ වතුර අඩුවෙන් ගලා බසී.

පින්තුර ගැලරිය

[සංස්කරණය]

මුලාශ්‍ර

[සංස්කරණය]

ශ්‍රි ලංකාවේ දිය ඇළි ගංඟා හා වනාන්තර

  1. ^ 8 වසර ඉතිහාසය පොත 9 වසර භූගෝල විද්‍යාව පොත
  2. ^ කුඹුක්කන් ඔය - විකිපීඩියා (wikipedia.org)
  3. ^ 9 වසර භූගෝලය පොත