Jump to content

වෙස්ටර්මාර්ක් ආචරණය

විකිපීඩියා වෙතින්

වෙස්ටර්මාර්ක් ආචරණය, හෝ ප්‍රතිලෝම ලිංගික කාවැදීම යනු, ඔවුන්ගේ ජීවිතයේ මුල් වසර කිහිපය තුලදී කිට්ටු ගෘහාශ්‍රිත සමීපත්වයෙහි ජීවත්වන පුද්ගලයන්, එය නිසාම, පසුකාලීන ලිංගික ආකර්ෂණයක් කෙරෙහි විසංවේදී වන බව පැවසෙන උපකල්පිත මනෝවිද්‍යාත්මක ආචරණයකි. ව්‍යාභිචාර තහංචිය සඳහා එක් පැහැදිලිකිරීමක් වන මෙම සංසිද්ධිය, ඔහුගේ ද හිස්ට්‍රි ඔෆ් හියුමන් මැරේජ් (1891) ග්‍රන්ථය වෙතින්, මුලින්ම උපන්‍යාස කලේ, පින්ලන්ත ජාතික මානව විද්‍යාඥ ඒඩ්වර්ඩ් වෙස්ටර්මාර්ක් විසිනි. වෙස්ටර්මාර්ක් ආචරණය ස්පුඨ කෙරුම සඳහා ඉවහල් වන සාක්ෂ්‍ය වශයෙන් භාවිතා කළ හැකි කරුණු, එතෙක් පටන් බොහෝ ස්ථාන සහ සංස්කෘතීන්හී නිරික්ෂණ කර ඇති අතර, ඒ අතර ඊශ්‍රායෙල කිබුට්ස් ක්‍රමය, සහ චීන සිම්-පුවා විවාහ චාරිත්‍රයද, එමෙන්ම ජීවවිද්‍යාත්මක ලෙසින් ඥාතිත්වයක් දරන පවුල් ද වෙති.

ඊශ්‍රායෙල කිබුට්ස් ක්‍රමයේදී (සමූහ ගොවිපොළ), දරුවන් ඇති දැඩි කරනුයේ, ඔවුන්ගේ ජීව විද්‍යාත්මක ඥාතිත්වය පරිදී නොව, ඔවුන්ගේ වයස පදනම් කරගත්, සමපදස්ථ කණ්ඩායම් ලෙසිනි. ජීවිතයේ පසු අවදියකදී සිදුවූ මෙම දරුවන්ගේ විවාහ රටා පිළිබඳ අධ්‍යයනයකින් හෙළිවූ පරිදී කිබුට්ස් ක්‍රමය තුල විවාහ 3,000 පමණ සිදුවී ඇතත්, එකම සමපදස්ථ කණ්ඩායම් තුල සිටි දරුවන් අතර සිදුවී ඇත්තේ විවාහ 14 ක් පමණක් බවයි. මෙම දසසතර අතුරින්, කිසිවෙකු හෝ ඔවුන්ගේ දිවියෙහි පළමු සය වසර තුල එක්ව ඇති දැඩි කර නොමැත. මෙම ප්‍රතිඵලය දක්වනුයේ උපතේ සිට වයස අවුරුදු හයක් වන තුරු වෙස්ටර්මාර්ක් ආචරණය ක්‍රියාත්මක වන බවයි. [1]

මෙම අවධි යුගය තුලදී සමීප ලෙසින් ඇතිදැඩිව නොපැවති කල — නිදසුනක් වශයෙන්, කිසිදා හමු නොවෙමින්, සොහොයුරෙක් හා සොහොයුරියක් වෙන් වශයෙන් ඇති දැඩි කළහොත් — වැඩිහිටියන් ලෙස ඔවුන් එකිනෙකා මුණ ගැසුනු විට, ප්‍රවේණි ලිංගික ආකර්ෂණය යන කල්පිතය මත, ඔවුන් විසින් එකිනෙකා වෙත අධික ලෙසින් ලිංගිකමය ආකර්ෂණීය බවක් අත්විඳිය හැකි විය හැක. ආචරණය ප්‍රදර්ශනය නොකරන ගහනයන් තුල පවතින සමාභිජනනයේ හානිකර ආචරණ නිසා, වෙස්ටර්මාර්ක් ආචරණය ප්‍රදර්ශනය කරන ගහණයන් අතිප්‍රමුඛ බවක් පෙන්වන්නේය යන සිද්ධාන්තය, මෙලෙසින් ස්පුඨ වෙයි.

වෙස්ටර්මාර්ක් සහ ෆ්‍රොයිඩ්

[සංස්කරණය]

ෆ්‍රොයිඩ් කර්ක කලේ, ළමුන් වශයෙන් සිටියදී, එකම පවුලේ සාමාජිකයන් ස්වභාවයෙන්ම එකිනෙකා කෙරෙහි රාගී ලොල් බවෙන් පෙලෙන බැවින් ( ඊඩිපස් සංකීර්ණය බලන්න), සමාජයන් විසින් ව්‍යාභිචාර තහංචි තනවා පැනවිය යුතුය යයි නමුත්,[2] වෙස්ටර්මාර්ක් කර්ක කලේ ප්‍රතිලෝම ආකාරයෙන් වන අතර, ඔහු කීවේ සහජ ආකල්ප නිසාවෙන් ස්වභාවික වශයෙන් මෙම තහංචි පැන නගින බවයි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ ෂෙපර්, ජෝසප් (1983). ඉන්සෙස්ට්: අ බයොලොජිකල් වීවු. මානව විද්‍යාව පිළිබඳ අධ්‍යයන. නිව්යෝර්ක්: ඇකඩමික් ප්‍රෙස්. ISBN 0-12-639460-1. LCCN 81006552.
  2. ^ ෆ්‍රොයිඩ්, එස්. (1913) ටොටම් ඇන්ඩ් ටැබූ ඉන් ද ස්ටෑන්ඩර්ඩ් එඩිෂන් ඔෆ් කම්ප්ලීට් සයිකොලොජිකල් වර්ක් ඔෆ් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, වෙළුම XIII
"https://si.wikipedia.org/w/index.php?title=වෙස්ටර්මාර්ක්_ආචරණය&oldid=260961" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි