වෘෂභ රාශිය

විකිපීඩියා වෙතින්
වෘෂභ රාශියේ සංකේතය ගවයා

වෘෂභ Taurus (Latin for "the Bull"; symbol: , Unicode: ♉) රාශිය යනු රාශි චක්‍රෙය් දෙවන රාශියයි.මෙය රාශි චක්‍රෙය් අංශක 30 ත් 60 අතර ස්ථානගතව පවතී.සූර්‍යයයා අප්‍රියෙල් 21 ත් මැයි 21 අතර වෘෂභ රාශිය මගින් ගමන් කරනබව තාරකා විද්‍යාඥයන් පවසයි[1] බටහිර ජොතිෂ්‍ය මත අනුව හිරු වෘෂභ රාශියේ ගතකරන්නේ මැයි 16 ජුනි 16 වෙද්දී පෙරදිග වෛදික මත අනුව මැයි 14 ජුනි 14 අතරවෙයි [2]ජෝතිෂ්‍ය මත අනුව නැගෙනහිර කිෂිතිජයෙන් වෘෂභ රාශිය උදාවී ඇති මොහොතක උපන් අයකු වෘෂභ රාශියෙන් උපන්නකු ලෙස සලකයි.[3][1]

ඉතිහාසය[සංස්කරණය]

වීනස් දෙවගන

මෙසපොතේමියානු ශිෂ්ටාචාරවාසීන් විසින් මුල්වරට මෙම තරු රටාව හදුනාගෙන ඇත. මෙම තරුරටාව දෙවියන් විසින් එවූ ගවයා යන අරුතින් මෙම තරුරටාව නම් කළේය.එයට හේතුව සූර්‍යයයා මෙම රාශියට පැමිණෙන විට වසන්ත ඍතුවේ සුන්දරම කාලය උදාවන නිසාය.මෙම අවධියේ ගස්වැල් මලින් බරවී සමෘධිමත්වේ.පරාණ ඊජිත්තුවාසීන් වෘෂභ රාශිය හාතර් නම්වූ සුන්දරත්වය ආදරය හා සතුටට අධිපති දෙවගන ලෙසින් දිටීය., රෝමානු ජොතිෂ්‍යෙව්දීන්ට අනුව වෘශභ රාශියේ අධිපතීක්වය ඔවුන්ගේ සුන්දරත්වයට අධිපති දෙවගත වූ වීනස් දෙවගනට අයත්ය..පෙරදිග වෛදික ජෝතිෂ්‍ය මත අනුව ද වෘෂභ රාශියේ අධිපතීත්වය සුන්දරත්වයට හා ආදරයට අධිපති ලෙස සැලකෙන සිකුරු ග්‍රහයාට අයත්ය.ග්‍රීක බසින් වීනස් නමින් හදුන්වන්නේ ද සිකුරු ග්‍රහයාමය.මෙම තරු රටාවට තාරකා 23 අන්තර්ගතය.හද්දින්නත් තරු රටාව පිහිටියේද මෙම වෘෂභ තාරකා රාශිය තුලය.

වෛදික ජොතිෂ්‍ය මත[සංස්කරණය]

සිකුරු ග්‍රහයා

වෛදික ජොතිෂ්‍ය මත අනුව වෘෂභ රාශිය ගොනකු සංකේතවත් කරන අතර රාශි වක්‍රෙය් දෙවන රාශියයි.කැති නැකතේ 2ෙ.3.4 පාදයන්ද රෙහෙණ නැකතේ පාද හතරමද මුවසිරස නැකතේ 1.2 යන පාදයන්ද වෘෂභ රාශිය තුල පිහිටයි.වෘෂභ රාශිය ස්ත්‍රී රාශියකි පඨවි රාශියකි තිර රාශියකි සෞම්‍ය රාශියකි.අධිපති ග්‍රහයා ග්‍රහලොව මනාලිය ලෙස සැළකෙන ආදරයට හා සුන්දරත්වයට අධිපති සිකුරු ග්‍රහයායි.වන්ද්‍රයාගේ උච්ච රාශිය වන අතර බුධ ශනි රාහු යන ග්‍රහයන්ගේ මිත්‍ර රාශියකි.රවී හා ගුරුගේ සතුරු රාශියකි.කුජට වෘෂභය සමවේ.

සටහන්[සංස්කරණය]



බාහිර සබැදුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වෘෂභ_රාශිය&oldid=593412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි