විශ්වීය ශිෂ්ඨාචාර

විකිපීඩියා වෙතින්

බලශක්තිය ගැන සහ විශ්වීය ශිෂ්ඨාචාර ගැන සවිස්තරාත්මකව මේ ලිපිය හරහා කතා කරමු.ඔබ දන්නා සහ නොදන්නා කරුණු රාශියක් මෙහි අන්තර්ගත කොට තිබෙනවා. මේ කතාකරන්නේ අපේ අනාගතය ගැන වගේම පිටසක්වළ ජීවයක වර්තමානය වීමට පුළුවන්.

බලශක්ති අර්බුදය කියන්නේ අපිට අලුත් දෙයක් නෙවේ. තව සියවස් කිහිපයකින් අපි බාවිතා කරන පොසිල ඉන්ධන නැතිනම් බොරතෙල් ඉවර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?නිකමට හිතන්න මීට අවුරුදු 150 කට විතර කලින් අපිට එතරම් බලශක්තියක් අවශ්‍ය වුනේ නෑ. නමුත් අද තත්වය එසේ නෙවයි. එහෙනම් තව අවුරුදු 100කින් විතර මොකක් වෙයිද? කෙතරම් බලශක්තියක් අපිට ඕනා වෙයිද? මොන දෙයියට කියලද මේ ශක්තිය හොයාගන්නේ?😬

ඒ වෙන කාගෙන්වත් නෙවයි, විද්‍යාත්මකව ගත්තොත් අපේ සැබෑ ශක්ති ප්‍රභවය වන, අපේ මව් තාරකාව සුර්යයා ගෙන් 🌞💪

මෙහිදී මෙම සූර්ය ශක්තිය ලබාගන්නා ප්‍රමාණය සහ ආකාර අනුව ශිෂ්ඨාචාර 3කට අපූරුවට වර්ගීකරණය කර තිබෙනවා. මෙය හදුන්වන්නේ කාඩශේව් පරිමාණය (Kardashev scale)කියල . මෙය ඉදිරිපත් කරන ලද්දේ රුසියානු තාරකාවිද්‍යාඥ නොකොලායි කාඩශේව්(Nikolai Kardashev) විසින්. සමහර විට ඔබ මේ පිලිබදව අහල ඇති දන්නවා ඇති. නමුත් මේ ලිපිය අවසානය වනතෙක් අනිවාර්යයෙන් කියවන්න. ඔබ අළුත් දෙයක් දැනගනීවියයි සහතිකයි.☝😉

Kardashev scale එන ශිෂ්ඨාචාර පිලිබදව දැන් කතාකරමු

*Type I civilization - planetary civilization (ග්‍රහලෝක ශිෂ්ඨාචාර)🌎

මෙහිදී තම ග්‍රහලෝකයට, සිය මව් තාරකාවෙන් ලැබෙන සියළුම ශක්තිය බාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. 🌍🌤

මෙම ශක්තිය වොට් [ W - තත්පරයට ජූල් ( ජූල් යනු ශක්තිය මනින සම්මත ඒකකයයි )] වලින් ගත්තොත් 10**16 W පමණ විශාල ප්‍රමාණයක්.

[මෙහි ** යනු බලය වේ. උදා: 2**3 = 8]

අපේ සුර්යයා මගින් පෘථිවිය වෙත 7 x 10**17 W ශක්තියක් නිකුත් කරනවා. ☀

නමුත් අදවන විට අපි ඉන් ප්‍රයෝජනයට ගන්නේ ටෙරා වොට් 17 පමණ සුළු ප්‍රමාණයක් [ 1 Tera Watt = 1 x 10**12 watts]

ඉතින් සම්පුරණ ශක්තියම ලබාගන්න නම් මුළු පෘථිවියම සුර්ය පැනල වලින් ආවරණය කරන්න වෙනවා [ ඕනනම් දිවා කාලය තියෙන පැත්තට ස්වයංක්‍රීයව හැඩගැහෙන අර්ධ කවාකාර ගෝලයක් වෙන්නත් පුළුවන් ] 🔘

හැබැයි මේකනම් ලොවෙත් වෙන්නේ නැති වැඩක්. මොකද එහම කරොත් පෘථිවි පෘෂ්ඨයට සුර්යයාලෝකය ලැබෙන්නේ නැතුව යනවා. එකෙන් වෙන අහිතකර ප්‍රතිපල ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. [ මේ වන විට විනිවිද පේන සූර්යපැනල කිහිපයක් නිර්මාණය කර තිබුනත් අවශෝෂණය කරගන්නේ සුළු ප්‍රමාණයක් නිසා ,ඒවයි කාර්යක්ෂමතාව ගොඩක් අඩුයි] නමුත් අවශ්‍යතාව පරිදි ඉදිරියේදී අළුත් අදහස් මේ සදහා ගොඩනගාවි. ඔබත් හිතල බලන්න ප්‍රායෝගික ක්‍රම පිලිබදව.🤔😉

අපි අමතක කරන්න හොද නෑ සූර්ය ශක්තිය පෘථිවිය තුලත් ගබඩා වී ඇති බව. බොරතෙල් කියන්නෙත් වක්‍රාකාරයෙන් ගත්තොත් සූර්ය ශක්තියම තමයි. මෙහිදී කාර්යක්ෂමතාව වැඩි ශක්ති ප්‍රමාණයක් නිපදවිය හැකි ක්‍රමයක් තමයි න්‍යෂ්ඨික විලයනය.(සරලව කිව්වොත් මෙහිදී වෙන්නේ පරමාණුක න්‍යෂ්ටි එකතුවී වැඩි ස්කන්ධ ක්‍රමාකයක් ඇති න්‍යෂ්ටි බවට පත්වීම. මෙසේ සෑදෙන න්‍යෂ්ටි ස්කන්ධයෙන් වැඩි නිසා බැර න්‍යෂ්ටි ලෙස හදුන්වනවා ⚫)

අපට හයිඩ්‍රජන් - හීලියම් බවට පත්කිරීමේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව බාවිතා කරලා විශාල ශක්ති ප්‍රමාණයක් නිපදවා ගන්න පුළුවන්. සුර්යයා තුල සිද්ද වෙන්නෙත් මේ ප්‍රතික්‍රියාවමයි. 🔅🔆

Type I civilization එකක මට්ටමට එන්නනම් ආසන්න වශයෙන් තත්පරයට හයිඩ්‍රජන් කිලෝග්‍රෑම් 280 ක් ප්‍රතික්‍රියා කරවන්න සිද්ද වෙනවා. අවුරුද්දකට ගත්තොත් 8.9×10**9 kg ක වගේ ප්‍රමානයක්. 😲

ඉතින් පෘථිවිය තුල කොහෙන්ද අපි ඔච්චර හයිඩ්‍රජන් හොයාගන්නේ.

දන්නවනේ පෘථිවියේ තුනෙන් දෙකක්ම තියෙන්නේ ජලය. 🌏ඉතින් ජලය කියුබික් කිලෝමීටර් එකක හයිඩ්‍රජන් 10 **11 kg පමණ තිබෙනවා. ඒ වගේම පෘථිවිය තුල ඇති සාගරවල ජල ප්‍රමාණය ගත්තොත් කියුබික් කිලෝමීටර් 1.3 x 10**9 ජලය අඩංගුව තිබෙනව. එනම් හයිඩ්‍රජන් කිලෝග්‍රෑම් 1.3 x 10**21 පමණ ප්‍රමාණයක් පෘථිවිය තුල සාගරවලින් ගන්න පුළුවන්. 😳 [ 1 cubic meter = 1m**3 = 1,000 liters ]

එච්චර තියේනම් ඇයි අපි තාම න්‍යෂ්ටික විලයනය බාවිතා කරලා ශක්තිය නිපදවා ගන්නේ නැත්තේ. අද වන විට න්‍යෂ්ටික බලාගාරවල සිද්ද වෙන්නේ න්‍යෂ්ඨික විකන්ඩන ප්‍රතික්‍රියා විතරයි. [ මේ විලයනයේ අනෙක් පැත්ත එනම් මෙහිදී කරන්නේ බැර න්‍යෂ්ටියකට නියුට්‍රෝන වලින් පහර දීල කුඩු කරලා දාන එක. මේ සිද්දය දිගින් දිගට දාම ප්‍රතික්‍රියාවක් විදිහට සිද්ද වෙලා තමයි ශක්තිය පිටවෙන්නේ 👊🤜💥🤛]

විලයනය නැති එකට හේතු තමයි!

1. හයිඩ්‍රජන් නිස්සාරණය කර ගන්න එක හිතන තරම් ලේසි කටයුත්තක් නොවීම. එමෙන්ම විශාල මුදලක් ඒ සදහා වැය වෙනවා.

2. ඩියුටීරියම්, ට්‍රිටියම් වැනි බැර හයිඩ්‍රජන් සමස්ථානික තිබුනත් න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාවක් කරන්න අවශ්‍ය පරිසර තත්වයන් නිරමාණය කරන එක සෑහෙන්න අමාරු කාර්යයක්. සිංහලෙන්ම කිව්වොත් හෙන ගේමක් දෙන්න වෙන වැඩක්.⚛

මේ විදිහේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවකදී හයිඩ්‍රජන් විශාල පීඩනයකට ලක්කරන්න වෙනවා. 🤜💥🤛

රුසියාවේ මේ වැඩේ කරන්න පුළුවන් ප්‍රතික්‍රියාකාරකයක් තිබෙනවා. මේක ඩෝනට් හැඩේ එකක්. නම Tokamak .මෙහි විද්‍යුත්චුම්බක කේෂ්ත්‍ර බාවිතා කරලා ඇතුලත පීඩනය සහ උෂ්ණත්වය වැඩි කරනව.

හැබැයි ප්‍රශ්නේ මේකෙන් ලැබෙනවාට වඩා ශක්තියක් වැඩේ කරන්න යොදවන්න වෙන එක.ඉතින් එහෙම දේකින් තේරුමක් නෑනේ.

[A/L කරන නංගිලා මල්ලිලාට පදාර්ථය සහ විකිරණය පාඩම ගැන ලිපි කිහිපයක් ඉදිරියේ ලියන්නම් :D]

planetary civilization එක තුල ශක්තිය නිපදවිය හැකි තවත් ක්‍රමයක් තමයි. ප්‍රතිපදාර්ථ (Antimatter) බාවිතය. මෙහිදී ප්‍රතිපදාර්ථ සහ පදාර්ථ ගැටීම මගින් විශාල ශක්තියක් නිපදවා ගන්න පුළුවන්. මේ ක්‍රියාවලියට අපි කියවනවා Annihilation ❇ කියල. ඉතින් මෙතනදී Antimatter වල සම්පුරණ නිසල ස්කන්ධයම ශක්තිය බවට පරිවර්තනය වන නිසා කාර්යක්ෂමතාව උපරිමයි. ප්‍රතිපදාර්ථ 1kg කින් පෙටාජූල් 180ක ශක්තියක් නිපදවා ගන්න පුළුවන් ( 1 peta joule = 1 x 10**15 joules) මේක එසේ මෙසේ ගානක් නෙවේ ඉතා විශාල ශක්තියක් 🤤💥

එත් කොස්සකට තියෙන්නේ තාම අපිට හදාගන්න පුළුවන් වෙලා තියෙන්නේ ප්‍රතිපදාර්ථ නැනෝ ග්රෑම් කිහිපයක් විතරයි. එකත් සෑහෙන්න මුදලක් වියදම් කරලා. 😕

▶ප්‍රතිපදාර්ථ(Antimatter)

දැන් යන තත්වයත් එක්ක තව අවුරුදු 100කින් අපිට planetary civilization එකක් දක්වා දියුණු විය හැකි බව සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ Michio Kaku විසින් රචිත Physics of the Future ග්‍රන්ථයෙහි සදහන්ව තිබෙනවා ( අනිවාර්යයෙන්ම follow කල යුතු සුපරි විද්වතෙක්👍)

එහි සදහන් වන අන්දමට අන්තර්ජාලය නිසා ලෝකය සීග්‍රයෙන් දියුණු වීමට පටන් අරන්. මුළු පෘථිවිය දැන් Connected. ඔයාල මේ පොස්ට් එක කියවන්නෙත් ඒ නිසානේ.😉 ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංගමය , යුරෝපා සංගමය වැනි සංවිධාන Type I civilization එකක ආර්ථිකය ගොඩනැගීමේ ආරම්භක පියවරවල් වෙලා තිබෙනවා. අනෙක් අතට ඉංග්‍රීසි වැනි සන්නිවේදනය සදහා පොදු භාෂාවක් ලොව පුරා පැතිරී තිබීමත් දියුණු වීමේ ලක්ෂණයක් බවයි එතුමා සදහන් කරන්නේ. 🤔

*Type II civilization - stellar civilization (තරීය ශිෂ්ඨාචාර) 🔆

මේ ශිෂ්ඨාචාරයට ලගා වුනාම සිය මව් තාරකාව සම්පුර්ණයෙන් ආක්‍රමණය කරන්න පුළුවන් වෙනවා. එනම් මව් තාරකාව මගින් නිපදවන සියළුම ශක්තිය ලබා ගැනීමට සමත් වෙනව.😮

ග්‍රහලෝකයක් ගත්තොත් ඊට ලැබෙන්නේ තාරකාවේ ශක්තියෙන් ඉතා සුළු ප්‍රමාණයක් විතරයි. අනික් සියල්ලම අපතේ යනවා. ඉතින් මේ Type II civilization එකකට පුළුවන් ඒ අපතේ යන ශක්තියත් ලබාගන්න. එය ප්‍රමාණාත්මකව ගත්තොත් ආසන්න වශයෙන් 10**26 W විතර වෙනවා. අපේ සුර්යයා ගෙන් 4×10**26 W ප්‍රමාණයක් ගන්න පුළුවන්. 🌞💪

මේ වැඩේට පාවිච්චි කරන්නේ Dyson sphere එකක්. එනම් තාරකාව වටේට විශාලව නිර්මාණය කරපු ගෝලයක්. 🙌⭕

මේ ගෝලයේ තියෙන සුර්ය පැනල සහ අනෙකුත් ශක්ති අවශෝෂක උපාංග මගින් ශක්තිය ලබාගන්නවා

මේ අදහස ගෙන එන්නේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ සහ ගණිතඥවරයෙක් වන Freeman Dyson විසින්.

Dyson sphere එකක් වුනාම මේක ගෝලයක් වෙන්න ඕනෙම නෑ Dyson swarm එකක් වෙන්නත් පුළුවන්.

එනම් තාරකාව වටේට නිරමාණය කරපු වළලු කිහිපයක් හෝ චන්ද්‍රිකා පද්ධතියක් වෙන්නත් පුළුවන්.

ඒ වගේම තරීය ශිෂ්ඨාචාර වලට මව් තාරකාවේ පදාර්ථ කොටස් ලබාගෙන ශක්තිය නිපදවා ගන්නත් පුළුවන්. 😱

මේ දේට කියන්නේ Star Lifting ක්‍රියාවලිය කියල . මේකෙ සිංහලෙන් කිව්වොත්

ඔව්! ඒක තමයි

තරුව උස්සනවා. 😇😉

මෙහි අතුරු නිෂ්පාදනයක් විදිහට ප්‍රතිපදාර්ථ වුනත් නිර්මාණය කරගන්න බැරි කමක් නෑ.

මේ සියල්ලම දැවැන්ත ඉංජිනේරු කාර්යයන්. නමුත් stellar civilization එකකට ඒක සුළු දෙයක්.

*Type III civilization - galactic civilization (ගැලක්සීය ශිෂ්ඨාචාර)🌌

දැන් කතාකරන්න යන්නේ Guardian of the galaxy ගැන 🕵

ආ... නෑ ! පොඩ්ඩක් වැරදුනා. මේක ඊට ටිකක් වෙනස් දෙයක් 😌

මේ ශිෂ්ඨාචාරවලට පුළුවන් මන්දාකිණිය පුරාවට තියෙන තාරකාවල ශක්තිය ලබාගන්න. එය දල වශයෙන් 10**36 W ප්‍රමාණයක්.

ඒ වගේම ගොඩක් මන්දාකිණිවල මධ්‍යයේ පිහිටා ඇතැයි විශ්වාස කරන Supermassive black holes (අති විශාල කළු කුහර ) යෙනුත් ශක්තිය ලබාගන්න පුළුවන්.🙌🕳

ඊට අමතරව gamma-ray bursts සහ quasars වලින් නිකුත් කරන ශක්තියත් අවශ්‍යනම් ලබා ගැනීමට පුළුවන්.💠

Kardashev scale එක මෙතනින් අවසන් වුනත් එහි දිගුවක් ලෙස Type IV civilization එකක් ගැනත් සදහන් වෙනවා.

මේ ශිෂ්ඨාචාර අපේ පවතින විද්‍යාත්මක දැනුමෙන් එහා ගිය දෙයක් . බහු විශ්වීය( Multiverse) සංකල්පයත් එක්ක මොවුනට එක් විශ්වයක ඇති සියළුම ශක්තිය ලබාගන්න පුළුවන්. එහිදී විශ්වය ප්‍රසාරණය වීමට දායක වන අදුරු ශක්තියත් (Dark Energy) මොවුනට ලබාගත හැකියි. 😵😳

▶අඳුරු ශක්තිය සහ විශ්වයේ ප්‍රසාරණය?⤵

දැන් එතකොට මෙවැනි ශිෂ්ඨාචාර මේ විශ්වය තුල ඉන්නවනම් අපිට හමුවෙන්න එපැයි. කොහෙද මේ කස්ටිය.🤔❓

අනිවාර්යෙන් අපේ ක්ෂීරපතය තුල Type III civilization එකක්නම් නෑ. එහෙනම් අනිවාර්යෙන් අපිට එයාලව හමුවෙන්න ඕන.

එතකොට Type II civilization එකක්වත් නැද්ද ?

අන්න එතනදී කුතුහලය දන්වන එක් ප්‍රධාන සාක්ෂියක් තිබෙනවා. ඒ KIC 8462852 තාරකාව පිලිබදව. මේ තරුව Tabby’s Star කියලත් හදුන්වනවා. ඒකට හේතුව මෙහි මෙම අත්බූත ලක්ෂණය සොයාගත්තේ තාරකා විද්‍යාඥවරියක් වන Tabetha S. Boyajian විසින් වීම.

මෙහිදී transit method එක හරහා මෙම තාරකාව නිරීක්ෂණයෙන් ලැබුණ දත්ත අනුව වෙනස්ම රටාවක් ලැබී තිබෙනවා.

ඊට හේතුවක් විදිහට Dyson sphere එකක් වැනි දැවැන්ත නිර්මාණයක් විසින් මේ තාරකාවේ ශක්තිය උරාගැනීම යැයි අදහසක් තිබෙනවා . මේ සදහා ස්වාභාවික හේතුන් කිහිපයකුත් ඉදිරිපත් වී ඇතත් කිසිවක් තවම නිවැරදිව ඔප්පුකරගෙන නෑ. පසුගිය දිනවලත් ( 2017 මැයි ) කලින් විදිහෙම අත්බූත රටාව නැවතත් නිරීක්ෂනයට හසු කරගන්න ලැබී තිබෙනව. මේ නිරීක්ෂණ සිදු කරන්නේ NASA Kepler Planet hunter Project එකට ස්වාච්චාවෙන් එකතු වූ Citizen Scientist ල විසින්. ඔබටත් තාරකා විද්‍යාව පිළිබදව දැනුම තිබේනම් ඒ හා එක්විය හැකියි.

නිකමට හිතන්න Dyson Sphere එකක් කියන්නේ ශක්තිය ලබාගන්න නිර්මාණයක් විතරක් නෙවේ. එය විශ්වය හරහා පණිවිඩ යැවීමටත් භාවිතා කරන්න පුළුවන්. අනික් අතට ඉහත කතාකරපු තාරකාව තියෙන්නේ ආලෝක වර්ෂ 1,280 දුරින් .ඉතින් අපි ඇත්තටම දකින්නේ ඒ තාරකාවේ ඈත අතීතය. Dyson sphere කතාව හරිනම් දැන් එම ශිෂ්ඨාචාරය ඊටත් වඩා දියුණු තත්වයක ඇති. 👽👀

Type I civilization එකක් ගැනනම් තවම කිසිදු ප්‍රබල සාක්ෂියක් හමුවී නෑ.

ඉතින් මහාපරිමාණයෙන් Kardashev scale එකේ කතාකරද්දී වෙනස්ම සංකල්පයක් බ්‍රිතාන්‍ය cosmologist Jhon Barrow විසින් ගෙන එනවා .

මෙහි කතාකරන්නේ කුඩා පරිමාණය වෙනතෙක් යා හැකි ශිෂ්ඨාචාර ගැන. එනම් plank length( එක දක්වා දිවයන තාක්ෂණික දැනුම ගැන)

හිතන්න ලොකු ලොකු අතු අල්ලනවා වගේම පොඩි පොඩි අතු අල්ලන්නත් පුරුදු වෙන්න ඕන. අනික ලෝකයේ ලොකු අතුවලට වඩා පොඩි අතු ඕනෑතරම් තියෙනවා.😌

මේ Barrow scale එකේදී පහලට යන නිසා minus ක්‍රමේට තමයි වර්ගීකරණය කරල තියෙන්නේ.

*Type Ⅰ-minus

මෙයාලට සාමාන්‍ය ප්‍රමාණයේ වස්තුන් පාලනය කරන්න සහ නිර්මාණය කරන්න පුළුවන් 🎲

Type Ⅱ-minus

මෙවැනි ශිෂ්ඨාචාරයකට ජීවී දේවල් සහ ජාන පාලනය කිරීමට හැකියාව ඇති අතර ජාන කේතයන් කියවීමට හා වෙනස් කිරීමට හැකියාව ලැබෙනවා

Type Ⅲ-minus

අණු සහ අනුක බන්දන පාලනය කිරීමටත් , ඒ හරහා නවතම වස්තුන් නිර්මාණයකිරීමටත් මොවුන් සමත් ♨

Type Ⅳ-minus

තනි පරමාණු පාලනය කිරීමට සහ නැනෝ තාක්ෂනය බාවිතා කොටගෙන කෘතීම වස්තුන් මෙන්ම ජීවින් නිර්මාණය කිරීමට මේ ශිෂ්ඨාචාරයට පුළුවන්.

Type Ⅴ-minus

පරමාණුක න්‍යෂ්ටි පාලනය කිරීමට හා එමගින් නියුක්ලියෝන( ප්‍රෝටෝන සහ නියුට්‍රෝන් ) නිර්මාණය කිරීමටත් මොවුනට හැකියාව ලැබෙනවා.⚛

Type Ⅵ-minus

මේ ශිෂ්ඨාචාරය පදාර්ථය සෑදී ඇති ප්‍රාථමික අංශුන් සියල්ලම පාහේ (quarks and leptons) පාලනය කිරීමේ උච්චතම අවස්ථාවට ලගාවෙනවා.

මින් එහාට තිබෙන ශිෂ්ඨාචාරය කෙසේ වෙයිදැයි අපසතු විද්‍යාත්මක දැනුමෙන් නිර්ණය කල නොහැකියි. නමුත් අවසානයේ එන ශිෂ්ඨාචාරය තමයි

Type Omega-minus

ඔවුනට කාල අවකාශයේ මූලික නිර්මිතයන් පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. 〰☸

මොවුනට බොහෝවිට WormHole වැනි දෑ නිර්මාණය කරන්න පුළුවන්.

ඉහත කතාකරපු Barrow scale එක පදනම් වෙන්නේ අණුක විද්‍යාව , ක්වන්ටම් භෞතික විද්‍යාව , අංශුමය විද්‍යාව , ක්වන්ටම් කේෂ්ත්‍ර න්‍යාය , String Theory වැනි පදාර්ථය සහ ශක්තිය පිලිබදව පර්යේෂණ සිදුවෙන විෂය කෙෂ්ත්‍ර අනුබද්ධ කරගෙන.

නිකමට හිතන්න මීට අවුරුදු ගානකට කලින් අපි හිතන් හිටියේ පරමාණු තමයි කුඩාම තැනුම් ඒකකය කියල , පස්සේ උප පරමාණුක අංශුන් හොයාගත්තා. එතනින් නොනැවතී ක්වාර්ක්, ලේප්ටෝන්ස් වැනි ප්‍රාථමික අංශුන් හමුවුනා. දැන් ක්වන්ටම් කේෂ්ත්‍ර න්‍යාය එක්ක හැමදේම කේෂ්ත්‍ර මගින් නිර්මාණය වෙලා තිබෙන බවට කියනවා. String Theory වල කුඩාම තැනුම් ඒකකය String එකක් කියනව. ඒ වගේම උසස් මාන සහ බහුවිශ්ව ගැනත් කතාවෙනවා . ඉතින් විද්‍යාව මේ විදිහට දිනෙන් දින අලුත් සොයාගැනීම් එක්ක ඉදිරියට යනවා.🤔

ලෝකේ තියෙන විශාලම සහ වැඩිම මුදලක් වියදම් කරපු ඉංජිනේරු නිර්මාණය tතමයි CERN ආයතනයේ Large Hydrogen collider –LHC අංශු ත්වරකය. මීට අවුරුදු ගානකට කලින් ඒක හීනයක් විතරයි. අද එය සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ මගින් ඉදිරිපත් කරන න්‍යායන් ප්‍රායෝගික නිරීක්ෂණ මගින් ඔප්පු කරන කෙළිබිමක් වී හමාරයි. කලින් කියපු නැනෝ ග්‍රෑම් කිහිපයක ප්‍රතිපදාර්ථ නිර්මාණය කලෙත් මෙය තුල. ඉතින් අනාගතේ මොන වගේ නිර්මාණ අපි බිහි කරාවිද ? 🤔🙌

හිතන්න අවුරුදු 200 කට විතර කලින් කුඩා වස්තුවක් මගින් අති විශාල ශක්තියක් නිපදවන්න පුළුවන් කිව්වොත් ඒක විහිළුවක්. වැඩිය ඒ ගැන කතාකරන්න ගියානම් ගුටි කන්න වෙන්නේ. එත් අද න්‍යෂ්ටික විද්‍යාවත් එක්ක ඒ විහිළුව යතාර්තයක් වී හමාරයි. 💠

ඉතින් මේ ලිපියෙත් තියෙන්නේ අදට සාපේක්ෂව තනිකර විහිළුවක් විතරයි. එත් අනාගතයේ..... එය ඔබට බාරයි! 🙂👈

අවසානයේ තව එක දෙයක් කියන්නම්. අපේ ලංකාව ගත්තොත් එහි ස්වර්ණමය යුගය රාවණා යුගය යැයි විශ්වාසයක් තිබෙනවා. එමෙන්ම දැනටත් දෘෂමාන සාක්ෂි විදිහට පවතින සීගිරිය , වාරි කර්මාන්ත ගැන කතාකරද්දී ගැටළුවක් මතුවෙනවා මේ ශිෂ්ඨාචාරවලට මොකද වුණේ කියල. එම දැනුම, සමාජය, ආක්‍රමණත් එක්ක විකෘති වුනාද ? ඇත්තටම කොහොමද මේ දේවල් එකපාරට අතුරුදහන් වුනේ. හිතන්න ඒ තරම් තාක්ෂනයක් අපිට තිබ්බනම් නැවත ඒ තත්වයට එන්න අපිට බැරිද ?🤔

ශක්‍යතාව තිබෙනවා ක්‍රියාත්මකවීමයි වැදගත් ! 🙂

✍ Hashan Lakmal

"https://si.wikipedia.org/w/index.php?title=විශ්වීය_ශිෂ්ඨාචාර&oldid=470808" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි