විශ්ලේෂණ එන්ජිම (Analytical Engine)

විකිපීඩියා වෙතින්
ලන්ඩන් විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මුද්‍රණ යාන්ත්‍රණයක් සහිත චාල්ස් බැබේජ්ගේ විශ්ලේෂණ එන්ජිමේ කොටසක්.

විශ්ලේෂණ එන්ජිම යනු, ඉංග්‍රීසි ගණිතඥයෙකු සහ පරිගණක පුරෝගාමියෙකු වන චාල්ස් බැබේජ් විසින් නිර්මාණය කරන ලද යෝජිත යාන්ත්‍රික පොදු කාර්ය පරිගණකයකි . [1] [2] සරල යාන්ත්‍රික ගණක යන්ත්‍රයක් ලෙස නිර්මාණය වූ චාල්ස් බැබේජ්ගේ ඩිෆරන්ස් එන්ජිමේ (Difference Engine) වැඩිදියුණු කිරීමක් ලෙස, 1837 දී එය ප්‍රථම වරට (සැලසුමක් ලෙස) හදුන්වා දෙනු ලැබීය

විශ්ලේෂණ එන්ජිමට නවීන පරිගණක සඳහා අඩිතාලම දැමූ ප්‍රධාන කොටස් කිහිපයක් අන්තර්ගත විය. සියලුම පරිගණකවල මූලික අංගයක් වන ගණිතමය මෙහෙයුම් සිදු කළ හැකි අංක ගණිත තාර්කික ඒකකයක් (ALU) මෙන්ම, වඩාත් සංකීර්ණ සහ නම්‍යශීලී ගණනය කිරීම් සඳහා ඉඩ සැලසෙන කොන්දේසි සහිත අතු සහ ලූප ආකාරයෙන් පාලන ප්‍රවාහයක් සහ වර්තමාන RAM සංකල්පයට සමාන ඒකාබද්ධ මතකයක් ද ඊට ඇතුලත් විය. මෙය සාමාන්‍ය කාර්ය පරිගණකයක් (general purpose computer) සඳහා වූ පළමු සැලසුම විය. නූතන අර්ථයෙන් Turing-complete යන්ත්‍රයක් ලෙස හැදින්විය හැකිය. [3] [4]වෙනත් ආකාරයකින් කිවහොත්, විශ්ලේෂණ එන්ජිමේ ව්‍යුහය ඉලෙක්ට්‍රොනික යුගයේ නිර්මාණය කළ විද්‍යුත් පරිගණකය නිර්මානය කිරීම සඳහා යොදා ගත් ආකෘතියට බෙහෙවින් සමාන විය. [2] විශ්ලේෂණ එන්ජිම චාල්ස් බැබේජ්ගේ වඩාත්ම සාර්ථක ජයග්රහණවලින් එකකි.

නමුත්, ඔහුගේ ප්‍රධාන ඉංජිනේරුවරයා සමඟ ඇති වූ ගැටුම් සහ ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් බැබේජ්ට කිසි විටෙකත් ඔහුගේ මෙම යන්ත්‍රය ඉදිකිරීම සම්පූර්ණ කිරීමට නොහැකි විය. [5] [6] 1837 දී චාල්ස් බැබේජ් විසින් මෙම විශ්ලේෂණ එන්ජිම යෝජනා කර සියවසකට වැඩි කාලයකට පසුව, Konrad Zuse විසින් පළමු පොදු කාර්ය පරිගණකය වන Z3 පරිගණකය නිර්මානය කළේය. [2]

  1. John Graham-Cumming (4 October 2010). "The 100-year leap". O'Reilly Radar. සම්ප්‍රවේශය 1 August 2012.
  2. 2.0 2.1 2.2 "The Babbage Engine: The Engines". Computer History Museum. 2016. සම්ප්‍රවේශය 7 May 2016.
  3. "Babbage". Online stuff. Science Museum. 19 January 2007. සම්ප්‍රවේශය 1 August 2012.
  4. "Let's build Babbage's ultimate mechanical computer". New Scientist. 23 December 2010. සම්ප්‍රවේශය 1 August 2012.
  5. Tim Robinson (28 May 2007). "Difference Engines". Meccano.us. සම්ප්‍රවේශය 1 August 2012.
  6. . 10 March 2000 https://books.google.com/books?id=m4SB4BHzFeIC&pg=PA84. {{cite book}}: Missing or empty |title= (help)