පරිගණක මතකය

විකිපීඩියා වෙතින්

පරිගණකය තුල දත්ත ගබඩා කරගැනීම සඳහා "1" සහ "0" යන සංක්‍යයා ද්විත්වය භාවිත කරයි. මෙම ක්‍රමය ද්විමය ක්‍රමය (Binary Form) ලෙස හඳුන්වයි.

ප්‍රාථමික ගබඩාකරණය[සංස්කරණය]

ලබාදෙන දත්ත(Data) හෝ උපදෙස්(Instructions) පරිගණකය අභ්‍යන්තරයේ ගබඩා වන්නේ ප්‍රධාන මතකය තුලයි මෙය ප්‍රාථමික ගබඩාකරණය ලෙස ද හඳුන්වනු ලැබේ. පරිගණකය තුල දත්ත ගබඩා කර ඇත්තේ ද්විමය ආකාරයෙනි(Binary Form) . නමුත් පරිගණකය වෙත දත්ත සහ තොරතුරු ලැබෙනුයේ අක්ෂර (Characters) , සංකේත( Symbols) හෝ දශමය (Decimal) ආකාරයෙනි. එම තොරතුරු පරිගණකය තුල ද්විමය ආකාරයට ගබඩා කරගන පරිශීලකයා වෙත නැවත ලබාදෙනුයේ අක්ෂර, සංකේත හෝ දශමය ආකාරයට පරිවර්තනය කිරීමෙනි. මේ අනුව ප්‍රථමක ගබඩාකරණයේ දී ප්‍රධාන මාදිලි හතරක් භාවිත කරයි.

  1. රෙජිස්තර (Registers)
  2. තාවකාලික මතකය (Random Access Memory / RAM)
  3. කියවීම සඳහා පමණක් ඇති මතකය (Read Only Memory / ROM)
  4. අධිවේගී ව ආපසු ගත හැකි අතිරේක මතකය (Cache Memory)

රෙජිස්තර[සංස්කරණය]

පරිගනකයේ රෙජිස්තර මතකය යනු සකසනය මගින් සිදුකරන මෙහෙයුම් සදහා ඉඩ ලබාදෙන මතක ඒකකය වේ මෙය පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය තුළ පිහිටා ඇත.

තාවකාලික මතකය[සංස්කරණය]

සසම්භාවී පිවිසුම් මතකය ලෙසද මෙය හදුන්වනු ලබයි.(RAM – Random Access Memory) - සසම්භාවී පිවිසුම් මතකයේ කාර්යය වනුයේ මධ්‍ය සැකසුම් ඒකකය විසින් සකස් කිරීම්ට යොමු කරන තෙක් දත්ත තාවකාලිකව රඳවා තබා ගැනීමයි. එහි රඳවා ගන්නා දත්ත පරිගණකය ක්‍රියා විරහිත කළ විට මතකයෙන් ඉවත් වී යයි. පරිගණකයේ විදුලි බලය නොමැති විට දත්ත මැකී යන බැවින් මෙම මතකය නෂ්‍ය මතකය (Volatile memory) ලෙස හැඳින්වේ. එමෙන් ම තොරතුරු ප්‍රතිදානය කිරීම, තැන්පත් කිරීම සහ නැවත ලබා ගැනීම සඳහා ද්විතීයක මතකය වෙත යොමු කරන්නේ ද සසම්භාවී පිවිසුම් මතකයයි.මෙම මතකයෙහි ඕන්නැම ස්තානයකින් රිජුව දත්ත ආදානය කල හැකි අතර ඒ සදහා නිශ්චිත පිලිවෙලක් අවශ්‍ය නැත.

කියවීම සඳහා පමණක් ඇති මතකය[සංස්කරණය]

පරිගණය නිෂ්පාදනය කරන මෙහොතේම එම නිෂ්පාදන ආයතනය විසින් තැම්පත් කරනු ලබයි.එය ROM - Read Only Memory ලෙස හදුන්වනු ලබයි.මෙය විදුලිය මත රදා නොපතින මතකයකි.(Non - Volatile Memory ) .එනම් පරිගණකයේ විදුලි සැපයීම විරහිත කරා වුවද මෙම මතකය ඉවත් නොවේ. පරිගණකය ක්‍රියාකිරිම හෙවත් Boot වීමට අවශ්‍ය පරිගණක ක්‍රමලේඛණය වන BIOS Programme මෙහි තැම්පත් කර ඇත.

අධිවේගී ව ආපසු ගත හැකි අතිරේක මතකය[සංස්කරණය]

වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී නිතර බාවිතා වන උපදෙස් ගබඩා කර ගැනීමට බාවිතා කරයි මෙය වාරක මතකය(cache memory) ලෙස ද හදුන්වයි.මෙම වාරක මතක වර්ග 3 ක් තිබේ.

   1.පලමු මට්ටමේ වාරක මතක (L1)
   2.දෙවන මට්ටමේ වාරක මතක 
     (L2)
   3.තෙවන මට්ටමේ වාරක මතක 
     (L3)

පලමු මට්ටමේ වාරක මතකය...

  වාරක මතක වලින් වැඩිම වේගය ඇත්තේ මෙයට වන අතර ධාරිතාව ද අනෙකුත් මට්ටම්වලට වඩා වැඩි වේ.මෙය සකසනය(processor) තුල පිහිටා ඇත.

දෙවන මට්ටමේ වාරක මතකය...

  මෙය සකසනයෙන් පිටත මධ්‍ය සැකසුම් ඒකකය තුල පිහිටා ඇත.

තෙවන මට්ටමේ වාරක මතකය...

  මෙහි වේගය අනෙක් මට්ටම් දෙකටම වඩා අඩු අතර මෙයද සකසනයෙන් පිටත පිහිටා තිබේ.
"https://si.wikipedia.org/w/index.php?title=පරිගණක_මතකය&oldid=480304" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි