විලී රත්නායක
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ ;මෙම ලිපිය importance or significance a real person පිලිපඳව වන නිසාවෙනි. Note that this applies to an article about the person him/herself, not about his/her books, albums, software etc. CSD A7 බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. Please confirm before deletion that the page doesn't seem to be intended as the author's userpage. If it does, move it to the proper location instead. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. |
| විලී රත්නායක | |
|---|---|
| [[File:thumb|විලී රත්නායක|frameless|alt=Profile of the artist]] විලී රත්නායක 1990 දී | |
| උපතේදී නම | විලියම් රත්නායක |
| උපත | ජුනි 14, 1949 රන්න, ශ්රී ලංකාව |
| කලත්‍රයා | ජයන්ති ජයවික්‍රම |
| ජාතිකත්වය | සිංහල |
| ක්ෂේත්රය | ලැකර් වෙළෙඳ නාම පුවරු ඇඳීම, රිජිෆොර්ම් කැටයම් සිනමා අත්කම් ග්‍රැෆික් සලය්ඩ් නිර්මාණය කිරීම |
| ව්‍යාපාරය | විජයන්ති කලා, |
විලී රත්නායක ප්‍රාදේශීය ව්‍යවහාරික කලා ශිල්පියෙකි. ඒ වගේම සර්පිනා වාද්‍ය ශිල්පියෙකි. ඔහු නියැලුණ ව්‍යවහාරික කලා කටයුතු අතර සිනමා කටවුට් පින්තාරු කිරීම, පෝස්ටර් ඇඳීම, පිරිත් මණ්ඩප සැළසුම් කිරීම හා ඒවාට කඩදාසි කැටයම් කැපීම, මගුල් පෝරු නිර්මාණය කිරීම, පිළි ගැනීමේ තොරණ නිර්මාණය කිරීම, බැනර් ඇඳීම, ලැකර් වෙළෙඳ නාම පුවරු පින්තාරු කිරීම, රිජිෆොර්ම් කැටයම් කැපීම, වෙළෙඳ බිතු සිතුවම් පින්තාරු කිරීම, ආලේඛ්‍ය පින්තාරු කිරීම, සිනමා අත්කම් ග්‍රැෆික් සලය්ඩ් නිර්මාණය කිරීම, ස්ක්‍රීන් මුද්‍රණ කටයුතු කිරීම ආදී කටයුතු විය. ඔහු හැරුණු විට ඔහුගේ කලා වැඩ හා වැඩ රටාවට සමානව වැඩ කළ එවකට සමකාලීන ප්‍රාදේශීය වෙනත් ශිල්පීහු කිහිප දෙනෙක් වෙති.විලී ද ඇතුළු ඔවුන් ජනප්‍රිය වී තිබුණේ ඔවුනගේ සැබෑ නමින් නොව ඔවුන් කලා ක්‍රියාකාරකම මත තබන අත්සනේ නමිනි. එම අත්සන් වචන කියවිය හැකි ආකාරයකට භාවිතා කෙරිණි. ඒ වගේම එම නාම සියල්ලක්ම පාහේ භාවිතා කරේ ඔවුනගේ මුල නම සමග ඔවුන් පදිංචි ප්‍රදේශයේ නම එකට දැක්වීමෙනි. ඒ අනුව 'කරූ අම්බලන්තොට' 'සිරිසඳ අම්බලන්තොට' 'දයා අම්බලන්තොට' 'ජයා මිද්දෙනිය' 'දයා බෙලිඅත්ත' 'චන්ද්‍රා තංගල්ල' 'ටුටී හුංගම' 'සරා හුංගම' යන නාම වේ. විලී රත්නායක සිය කලා කටයුතුවල අත්සන් තැබුවේ 'විජයන්ති කලා හුංගම' යන නාමයෙනි.
විලී රත්නායක ඉපදුණේ 1949 ජුනි 14 වැනිදා රන්න දී ය. ඔහුගේ පියාගේ නම බණ්ඩා රත්නායක ය. විලී පවුලේ සහෝදර සහෝදරියන් නම දෙනෙකුගෙන් යුක්ත පවුලේ වැඩිමහල් සාමාජිකයා ය. හෙතෙම හුංගම විජයබා මාධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. අඟුණකොළපෑලැස්ස හස්ති සිනමා ශාලාවට කොන්ත්‍රාත් වැටුපට පෝස්ටර් සහ කටවුට් නිර්මාණය කළ වාණිජ චිත්‍ර ශිල්පියකු හැටියටත්, අම්බලන්තොට සාලිය සිනමා ශාලාවට කොන්ත්‍රාත් වැටුපට පෝස්ටර් සහ කටවුට් නිර්මාණය කළ වාණිජ චිත්‍ර ශිල්පියකු හැටියටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් එරමිනියාය සේවා සංස්කරණ ආයතනයේ අනියම් චිත්‍ර ශිල්පියකු හැටියටත්, ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවේ මාතර රුහුණු සේවයේ සංගීත වැඩසටහන් සඳහා සර්පිනාව වාදනය සඳහා කොන්ත්‍රාත් වැටුපට සේවය ලබා ගත් වාද්‍ය ශිල්පියකු හැටියටත් කටයුතු කර ඇත.අම්බලන්තොට සාලිය සිනමා ශාලාව එවකට නාට්‍ය රඟ දැක්වීම සඳහාද ලබා දුන් සිනමා ශාලාවකි. කොළඹ රඟ දැක්වූ බොහෝ ජනප්‍රිය නාට්‍ය ගෙන්වා එහි රඟ දැක්වීය. ජයන්ත චන්ද්‍රසිරිගේ 'අත් ' වේදිකා නාට්‍යය රඟ දක්වන දිනකදී නාට්‍ය කණ්ඩායම සමග පැමිණි විනී හෙට්ටිගොඩ යන අය සිනමා ශාලාවේ හිමිකරු වන හාරදාස් මුදියන්සේ යන අයගේ දියණිය වූ සුනේත්‍රා කුමාරි යන අය මාර්ගයෙන් නාට්‍ය කණ්ඩායමේ ම සාමාජිකයකු හැටියට එහි පැමිණි යුවති පුවත්පතේ ලේඛකයකු වූ චන්ද්‍රකුමාර වික්‍රමරත්න යන අයට විලී රත්නායක හඳුන්වා දී ඇත. එම අවස්ථාවේ පැවැත් වූ සම්මුඛ සාකච්චාවක් ඇසුරින් 'සූෂ්ක නගරයේ චිත්‍ර ශිල්පියා ' යන හිසින් ලිපියක් 1986 ජූනි 02 දින යුවති පුවත්පතේ පළ වී ඇත. එම විස්තරය එම පුවත්පතේම ලේඛකයා විසින් ආරම්භයේම සඳහන් කොට ඇත. ( ඡායාරූප 1.බලන්න.) එහිදී විලී රත්නායක සිය මතකය එක් තැනක අවධි කොට ඇත්තේ මෙසේ ය. thumb|පින්තූරය 1. 'සූෂ්ක නගරයේ චිත්‍ර ශිල්පියා' මැයෙන් විලී රත්නායක පිළිබඳව 1986 ජූනි 02 දින යුවති පුවත්පතේ පළ වූ ලිපියේ ඡායා පිටපතක්. thumb|පින්තූරය 2.විලී රත්නායක ඔහුගේ වැඩිමහල් පුත් වන සුජිත් රත්නායක සමග 2000 දී රන්න, සිය නිවස පිහිටි ගෙවත්තේදී
මම කොළඹ ගියේ අඳුරණ කව්රුවත් ඉඳලවත් නෙමෙය්. කකුල් දෙක ගෙවෙනකම් හැම වීදියකම වගේ ඇවිදලා වැඩක් හෙව්වත් කව්රුවත් මාව ගණන් ගත්තේ නෑ. අවසානයේ මුදලාලි කෙනෙක් ලඟට ගිහිල්ල කිව්වා වෙළෙඳ සැලේ බෝඩ් එක ඇඳල දෙන්නම් මට තීන්තය් තහඩුය් අරන් දෙන්න හොඳනම් සල්ලි දෙන්න කියල. මම ඔහුගෙ වෙළෙඳ සැලේ නාමපුවරුව ලස්සනට ඇන්දා. ඒක බලන් හිටපු මුදලාලිල දෙතුන් දෙනෙකුගෙන්ම ඉල්ලුම ආවා. ඒත් ඒ අය මට ගෙවීම් කළේ හරිම අසාධාරණ අන්දමට. හැකියාව, දක්ෂතාව තිබුණත් කොළඹ වටපිටාව තේරුම් නොගෙන සිටි නිසා මගේ දහදිය සූරන් කාපු එක තමය් සිදු උනේ. ඒ අතරෙදි හමු වූ මිතුරෙක් සමග පුංචි ස්ථානයක වැඩ පටන් ගත්තා. ඒ මිත්‍රය තමය් මට සෑහෙන්න උදව් කළේ. කොළඹ ගත කළ සුළු කාලයේදී මම සෑහෙන අධ්‍යයනයක් ලැබුවා. සූෂ්ක නගරයේ චිත්‍ර ශිල්පියා, යුවති, 1986 ජූනි 02 දින
විලී රත්නායක සහ ජයන්ති ජයවික්‍රම යුවළට දරුවෝ හය දෙනෙක් වෙති. ඉන් තිදෙනෙක් කලා ක්ෂේත්‍රයට යොමු වී ඇත. සුජිත් රත්නායක, ප්‍රගීත් රත්නායක හා ගයාන් රත්නායක එම තිදෙනා වෙති. සුජිත් ඔහුගේ වැඩිමහල් පුතු වේ.
රෙජිෆෝම් කැටයම් කලාව
ලංකාවේ සිංහලයන්ගේ ජන සමාජය තුළ ජන කලාවට අයත් ජන කලා ප්‍රභේද අතර එකක් හැටියට ශාඛ කොටස් වලින් කරන සැරසිලි කලා සැළකිය හැකිය. මේ සඳහා ගොක් කොළ, කෙසෙල් කොළ, කෙසෙල් කඳන් හා එම කඳ වල පතුරු, හබරල කොළ ආදිය ගන්නා ලදි. මේවායෙන් කරන සැරසිලි කලා ශාන්ති කර්ම, බලි යාග, පිරිත් සජ්ජායන පවත්වන මණ්ඩප, කථින පෙරහැර, මළ ගේ වල සැරසිලි, විවාහ මංගලෝත්සව ආදී සැරසිලි සඳහා ගන්නා ලදි. මෙම ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රේය සැරසිලි කලාවට පසුකාලීනව එකතු වූ අලුත් මාධ්‍යයක් වූයේ ෆෝම් ශීට් ය. මෙම ෆෝම් ශීට් සමාජය තුළ ජනප්‍රිය වූයේ රෙජිෆෝම් නමිනි. රෙජිෆෝම් ශීට් කැපීම සඳහා ඒ වෙනුවෙන්ම සාදා ගත් දික් වූ සිහින් පිහියක් භාවිතා කළ අතර එය සකසා ගනු ලැබූයේ හැක්සෝ ( hacksaw ) තල මගිනි. මෙම හැක්සෝ පිහි මගින් සිංහලයන්ගේ සාම්ප්‍රදාය්ක සැරසිලි අතර එන සංකේත, රූප ආදිය රෙජිෆෝම් ශීට් වලින් කපා සැරසිලි සඳහා ගැනීම 1970, 1980 දශක වල අතිශය ජනප්‍රිය විය. ඝනත්වයෙන් යුතු අකුරු හැටියට විශේෂයෙන් මෙම රෙජිෆෝම් ශීට් මගින් කපා අලවා ඉදිරිපත් කිරීමට ප්‍රාදේශීය කලාකරුවන් පෙළඹිණ. ලෑලි වලින් සකසා ගත් ආකෘතියක පසුබිමක් සරසා ගැනීම බොහෝ දුරට රෙජිෆෝම් සැරසිලි මගින් සිදු විය. රෙජිෆෝම් ශීට් මගින් කපා ගන්නා අකුරු හෝ රෙජිෆෝම් සැරසිලි අංග වල හිඩැස් තුළට පරිප්පු, මුං ඇට, හාල් ආදී විවිධ වර්ණ වලින් යුතු ධාන්‍ය හා තේකොළ යන දේවල් පාප්ප ගල්වා එතුළට පිරවීම සිදු විය. විලී රත්නායක මෙම කලා මාදිලිය තුළ ප්‍රවීණයකු වූ අතර විශේෂයෙන් ඝනත්වයෙන් වැඩි එනම් අඟල් හතර ප්‍රමාණය ඉක්මවූ රෙජිෆෝම් ශීට් වලින් කැටයම් කැපීමට ඔහු කුසලතා පූර්ණ විය.
සිනමා අත්කම් ග්‍රැෆික් සලය්ඩ් නිර්මාණය කිරීම
thumb|පින්තූරය 3. විලී රත්නායක ගීතයක් පුහුණු වෙමින්. 2000 මුල් දශකයේ පමණ 'සිනමා ශාලාව තුළ දුම් බීම තහනම්' ' ඉදිරි ආසන මත කකුල් තැබීම තහනම්' වැනි විධාන මෙන්ම ඉදිරියේ පැමිණෙන සිනමා පට පිලිබඳ විස්තර සහ ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාර පිලිබඳ දැන්වීම් නිශ්චල දැන්වීම් හැටියට සිනමා ශාලාව මගින් සිනමාපටය ආරම්භ වීමට පෙර සහ විවේක කාලයේ විශේෂ සරල ප්‍රක්ෂේපණ තාක්ෂණයකින් තිරය මත එවක ප්‍රක්ෂේපණය කෙරිණ. ඒ සඳහා භාවිත කළ ස්ලය්ඩ් දෙයාකාරයකට සකසා ගනු ලැබිණ. එක ක්‍රමයක් වූයේ අඟල් 3 x 3 ප්‍රමාණයේ සම චතුරශ්‍රාකාර වීදුරු කැබැල්ලක් මත සරල තාක්ෂණයකින් නිම කර ගැනීම ය. මේ සඳහා පාසල් කලු ලෑලි වල සටහන් තැබීමට ගන්නා හුණු කූරු සියුම්ව කුඩු කර වතුර සහ ගම් ස්වල්පයක් සමග කවලම් කොට ස්ලය්ඩ් එක සඳහා ගන්නා වීදුරු කැබැල්ලේ තවරා වේලුණු පසු හූරා අදාළ දැන්වීම සකසා ගැනීම සිදු වූ නමුත් වඩාත් ප්‍රශස්තව එය කිරීමට කැන්වස් සපත්තු වල ආලේප කිරීමට ගන්නා දියරය ගම් සමග මිශ්‍ර කර ගැනීම ද සිදු විය. මෙම ආලේපිත තරලය වේලුණු පසු එය සීරීමට ගනු ලැබූයේ ඉත්තෑ කූරුය. ඉත්තෑ කූරු වල තිබුණේ එතරම් තද නැති මොලොක් තුඩකි. ඇල්පෙනෙති, සියුම් පිහි තුඩවල් ආදියෙන් හූරා දැමූ විට වීදුරු මතුපිට සහ වානේ තුඩ අතර පමණට වඩා තද ඝර්ෂණය නිසා හුරා දමන රේඛා, පදාස හැටියට ගැලවී අකුරු වල හැඩ විකෘර්ති වීම සිදු විය. මෙයාකාරයෙන් සකසා ගන්නා ස්ලය්ඩ් බොහෝ දුරට එදිනෙදා නිරන්තරව සකසා ගනු ලබන අවස්ථාවේ හැටියට අවශ්‍ය වූ ඒවා ය. ස්ලය්ඩ් සැකසීමට ගත් අනෙක් තාක්ෂණය වූයේ බ්‍රොමය්ඩ් - පොසිටිව් මුද්‍රණ තාක්ෂණයෙන් ස්ලය්ඩ් සකසා ගැනීම ය්.
-
පින්තූරය 4. විලී රත්නායක සහ ඔහුගේ බිරිඳ ජයන්ති ජයවික්‍රම 1965 දී පමණ
-
පින්තූරය 5. විලී රත්නායකගේ වැඩිමහල් පුත් සුජිත් රත්නායක 1999 දී ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත් වූ සිය කුළුඳුල් ඒක පුද්ගල ප්‍රදර්ශනයේ සමාරම්භක මොහොතේ සහභාගී වී සිටින විලී සහ ඔහුගේ බිරිඳ ජයන්ති ජයවික්‍රම. ඔවුන් සමග සිය දෙවැනි පුතුගේ දියණියද සිටී.