සුජිත් රත්නායක

විකිපීඩියා වෙතින්
සුජිත් රත්නායක

சுஜித் ரத்நாயக்க

Sujith Rathnayake
[[File:
සුජිත් රත්නායක 1999 දී,  ඡායාරූපය - තුෂාන්ත රත්නායක
|frameless|alt=]]
උපතේදී නමසුජිත් සමන්ත ප්‍රියදර්ශන රත්නායක
උපතදෙසැම්බර් 25, 1971(1971-12-25)
රන්න, ශ්‍රී ලංකාව
කලත්‍රයාජානකී චාන්දනී මුණසිංහ
ජාතිකත්වයසිංහල
ක්ෂේත්‍රයචිත්‍ර, මූර්ති මිශ්‍ර මාධ්‍ය දෘශ්‍ය කලා
පුහුණුවවිලී රත්නායක අවිධිමත් අධ්‍යාපනය, හුංගම.

ශ්‍රී ලංකා සෞන්දර්ය අධ්‍යයන ආයතනය, තංගල්ල.

කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ සෞන්දර්ය අධ්‍යයන ආයතනය, කොළඹ.
ව්‍යාපාරයපශ්චාත් බන්දුල පීරිස් සෞන්දර්ය මානය,
කෘතීන්පුරහල බෝම්බය, කීකරු සමාජය, අකුරු අසපුව, තුවාල විකුණනු ලැබේ, ව්‍යාකූල මිනිසා
ප්‍රණාම1999 වසරේ කලාකරුවා සම්මානය, ජෝර්ජ් කීට් පදනම


සුජිත් රත්නායකගේ අත්සන 2018 දී

සුජිත් රත්නායක සමකාලීන දෘශ්‍ය කලාකරුවෙකි. ප්‍රචාරක දෘශ්‍ය කලා කටයුතු, කාර්මික හා ඩිජිටල් තාක්ෂණයෙන් ව්‍යාප්ත වීමට පෙර වැඩිමනක් කටයුතු අත්කම් ශිල්ප විධීන්ගෙන් නිර්මාණය කරන සමාජ පසුබිමේ සිය සුහුඹුල් අවධියේ ම ප්‍රාදේශීය ව්‍යවහාරික කලා කටයුතුවල නියැලුණ අයෙකි. ඒ වගේම ප්‍රාදේශීය ජන කලා ආශ්‍රේය කලා කටයුතුවලද 80 දශකයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ව්‍යවහාරික කලා කටයුතු වලද, 90 දශකයේ මුල භාගයේ රුහුණ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ව්‍යවහාරික කලා කටයුතු වල සහ එවකට ආරිය බුලේගොඩ නායකත්වය දැරූ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව පිහිටුවා ගත්   'ජාතිය ගලවා ගැනීමේ ව්‍යාපාරය' නමැති දේශපාලන ව්‍යාපාරයේ කලා කටයුතු වලද ඇතුලු සමාජ දේශපාලන ව්‍යාපාරවල ව්‍යවහාරික කලා කටයුතුවල නියැලුණ අයෙකි. ගාල්ලේ සරත් වීරසිංහ යන අය මුණ ගැසීමෙන් පසු මොඩර්න් කලාව ය කියා වහරණ කලා ප්‍රභේදයක ආභාසය ඔහු ලබන අතර ඉන් අනතුරුව ඔහුගේ කලා ක්‍රියාවලිය ගමන් කරන්නේ ලක්දිව හා හිරු යන විකල්ප පුවත්පත් මගින් සංවිධානය කළ ජනතාවාදී කලා උළෙල විසින් ඇති කරන ලද ජනතාවාදී හා විරෝධාකල්පිත ය කියන ආකල්ප මතින්ද විනී හෙට්ටිගොඩ, බන්දුල පීරිස්, එස්.එච්. සරත්, අනුර හඳුන්නෙත්ති, රෝහණ පල්ලෙපොළ, සරත් ගුණසිරි පෙරේරා, සරත් චන්ද්‍රජීව, ආදීන් හරහා ඔවුනගේ අඩු - වැඩි ආභාසයන්ගෙන්ද වේ.

1994 දී හෙතෙම කොළඹ සෞන්දර්ය අධ්‍යයන ආයතනයට යාමෙන් අනතුරුව 90 දශකයේ මැද භාගයේ සිට 90 දශකය අගභාගය දක්වා කලු වර්ණයෙන් පමණක් චිත්‍ර නිර්මාණය කිරීම හේතුවෙන් කොළඹ බුර්ෂුවා සමාජ පන්තිය තුළ විශේෂ අවධානයක් ඔහුටද ලැබේ. පළලින් වැඩි පින්සලකින් වේගයෙන් දමා ගසමින්, වේගයෙන් උලා දමමින් චිත්‍රයේ රූපවල විස්තරාත්මක අංග ( detail ) මතු නොකරන ආරක් මෙම අවස්ථාව වනවිට ඔහුගේ කලා කෘති තුළ දිස් විය. ඒ වනවිට කොළඹ බුර්ෂුවා සමාජයේ විශේෂ අවධානයක් ලබා සිටි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් අතර චන්ද්‍රගුප්ත තේනුවර, සස්කියා පින්ටලෝන්,ජගත් වීරසිංහ, තිලක් සමරවික්‍රම, තිස්ස ද අල්විස්, දෘවින්කා මඩවල, ටී ශානාදනන්, රොහාන් අමරසිංහ ආදීහු වෙති. පින්සල පමණක් ආශ්‍රයෙන් කලු - සුදු සෞන්දර්ය ආරක් පෙන්වූ ඔහුගේ කලාව කෙමෙන් කෙමෙන් ග්‍රැෆික් ලක්ෂණ සහිත මොන්ටාජ් ලක්ෂණ පෙන්නුම් කරන්නට ගත් අතර 2000 වර්ෂයේ පුරහල බෝම්බ සිදුවීම පාදක කර ගනිමින් ඔහු විසින් නිර්මාණය කරන ලද පුරහල බෝම්බය කෘතිය මගින් එතෙක් පැවති දෘශ්‍ය කලාවේ සෞන්දර්ය ප්‍රවේශ, සෞන්දර්ය සම්ප්‍රදා, ගුරුකුල, සියල්ල අභියෝගයට ලක් වේ. ප්‍රස්තුතය තුළ පමණක් බහා අදාළ කර ගැනීමට බල කෙරෙන පරිදි සිදුවීමේ ප්‍රධාන චරිත දෙක වන චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මුහුණ හා බෝම්බය පුපුරුවා ගත් එල්.ටී.ටී.ඊ. තරුණියගේ සැබෑ මුහුණු ඡායාරූප මාධයෙන් දැක්වීමත්, බෝම්බය සිදුවෙන අවස්ථාවේ කලාකරු අධ්‍යාපනය ලෑබූ කලා ආයතනයේ ශිෂ්‍යාවන්ගේ සැබෑ මුහුණු එම සිදුවීමත් සමග අර්ථ පිණිස ගැලපීමත් ඊට හේතු වශයෙන් යෝජනා කළ හැකිය. එම කෘතිය මගින් විශද කළ  ග්‍රාම්‍ය ව්‍යවහාරයෙන් හඳුන්වන 'අමු ගතිය' නිසා  එය බුර්ෂුවා සමාජයේ අප්‍රසාදයටද ලක් වූ අතර එමගින් චිත්‍ර කලා සමාජයේ සම්මත වී තිබූ සාම්ප්‍රදාය්ක පින්තාරු තාක්ෂණයද අභියෝගයට ලක් විය. ඊජිප්තු පිරමිඩ චිත්‍ර, ඉතාලි පුනරුද සමය තෙක් ක්‍රිස්තියානි පල්ලි  හා බැඳුනු බටහිර චිත්‍ර, ඉන්දියාවේ අජන්තා චිත්‍ර, ලංකාවේ නුවර යුගයේ චිත්‍ර ආදී  මොඩර්න් කලාවට පෙර කතාන්දර කියන කලා ප්‍රභේදයක් හැටියට චිත්‍ර භාවිත වූ ඉතිහාසයෙන් පසු නව සන්දර්භයකින්   කතාන්දරයක් කියන අති නවීන අනූපම ශ්‍රී ලාංකේය භාවිතයක් වූයේ එම කෘතිය ය. ආගමික හා රාජ්‍ය දෘෂ්ටිවාදයේ මානයන්ගෙන් බැහැරව කතාන්දරයක් යන්න දෘශ්‍ය කලාව තුළ අභිනවයෙන් 'පුරහල බෝම්බය' කෘතිය පිහිටවීම සුවිශේෂ විය. ඒ වගේම එතෙක් දෘශ්‍ය කලා සමාජය තුළ කලා කෘති නම් කරනු ලැබූයේ සිදුවීම්, හෝ පෙනෙන දෙය්න් නොව වක්‍ර වූද, සංකේතාත්මක වූද, ගැඹුරු වූද, දෘශ්‍ය කලාවේ මූලිකාංග පාදක වූද නම් වලිනි. කාලීන සිදුවීමක් පාදකව සිදුවීමේ නමින් ම කලා කෘතියක් නිම කොට නම් කරනු ලබන්නේ මෙම කෘතිය මගිනි. ඒ වගේම එම කෘතිය කලා කෘතියක රාමුව යන්න ද අභියෝගයට ලක් කළ කෘතියකි. රාමුවෙන් පිටත දක්වා කතාන්දරය පතුරුවන සෞන්දර්ය ආකෘතියක් එමගින් විශද විය. පුරහල බෝම්බයෙන් පසු දෘශ්‍ය කලා කෘතිය සෞන්දර්යාත්මක තල තුනකට බෙදා 'ක-ග-ජ' යනුවෙන් නම් කොට කළ කලා මාලාව, 'ලබ්ධියක කතාවක්' කලා මාලාව, අක්ෂර වලට මුල් තැන දී අක්ෂර වලින් පමණක් කළ 'අක්ෂර පාදක කලා මාලාව' ආදී කලා මාලා කිහිපයක් ඔහු විසින් කලා සමාජයට අභිනවයෙන් හඳුන්වා දෙන ලදී.

මුල් විය


[[ගොනු|thumb|සුජිත් රත්නායක 1982 දී පමණ. හුංගම, තුඩුව නිවසේදී සිය සහෝදර සහෝදරියන් සමග. ඡායාරූපය විලී රත්නායක]] හෙතෙම 1971 දෙසැම්බර් 25 වන දින ලංකාවේ රන්න හිදී ඉපදිණි. ඔහුගේ පියා විලී රත්නායක ප්‍රාදේශීය ව්‍යවහාරික කලා ශිල්පියෙකු වූ අතර පියාගේ මග පෙන්වීම හා ආභාසයෙන් ඔහු චිත්‍ර කලාවට අදාළ මුලික ශිල්පීය දැනුම ලබා ගත්තේය. පියා නියැලුණ ව්‍යවහාරික කලා කටයුතු අතර සිනමා කටවුට් පින්තාරු කිරීම, පෝස්ටර් ඇඳීම, පිරිත් මණ්ඩප නිර්මාණය කිරීම, මගුල් පෝරු නිර්මාණය කිරීම, පිළි ගැනීමේ තොරණ නිර්මාණය කිරීම, බැනර් ඇඳීම, වෙළෙඳ නාම පුවරු ඇඳීම, වෙළෙඳ බිතු සිතුවම් පින්තාරු කිරීම, ආලේඛ්‍ය පින්තාරු කිරීම, සිනමා අත්කම් ග්‍රැෆික් සලය්ඩ් නිර්මාණය කිරීම, ස්ක්‍රීන් මුද්‍රණ කටයුතු කිරීම ආදී කටයුතු විය. පියා හැරුණු විට පියාගේ කලා වැඩ හා වැඩ රටාවට සමානව වැඩ කළ එවකට සමකාලීන ප්‍රාදේශීය වෙනත් ශිල්පීහු කිහිප දෙනෙක් වෙති. ඔවුන් ජනප්‍රිය වී තිබුණේ ඔවුනගේ සැබෑ නමින් නොව ඔවුන් කලා ක්‍රියාකාරකම මත තබන අත්සනේ නමිනි. එම නාම සියල්ලක්ම පාහේ භාවිතා කරේ ඔවුනගේ මුල නම සමග ඔවුන් පදිංචි ප්‍රදේශයේ නම එකට දැක්වීමෙනි. ඒ අනුව 'කරූ අම්බලන්තොට' 'සිරිසඳ අම්බලන්තොට' 'දයා අම්බලන්තොට' 'ජයා මිද්දෙනිය' 'දයා බෙලිඅත්ත' 'චන්ද්‍රා තංගල්ල' 'ටුටී හුංගම' 'සරා හුංගම' යන නාම වේ. සුජිත්ගේ පියා සිය කලා කටයුතුවල අත්සන් තැබුවේ 'විජයන්ති කලා හුංගම' යන නාමයෙනි.[1]

පියා ඇතුළු මොවුනට වෙනස් මගක් ගනිමින් පසුකාලීනව මූර්ති කලාව තුළද නියැලෙමින් ව්‍යවහාරික කලාවට අමතරව නිදහස් කලා කෘති නිර්මාණය කරමින් විශේෂ අවධානයක් ප්‍රාදේශීයව ලබා ගැනීමට ජගත් වන්නිආරච්චි යන අය උත්සුක විය. ප්‍රදේශයේ ඉහත  කිසිවෙකුවත් කලා ප්‍රදර්ශන නොපැවැත්වූ අතර වන්නිආරච්චි 1985 දී ඒකපුද්ගල කලා ප්‍රදර්ශනයක් හුංගම නගරයේ පැවැත්වීමටද කටයුතු කළේය. ඔහුගේ කලා ආර එවකට සුප්‍රසිද්ධ ස්ටැන්ලි අබේසිංහ, තිලක් අබේසිංහ, ජයසිරි සේමගේ, මහින්ද අබේසේකර ආදී දෘශ්‍ය කලාකරුවන්ගේ නිර්මාණ ආභාසයෙන් කළ ප්‍රාදේශීයව අළුත් අද්දැකීමක් විය. පියාගේ කලා  වැඩ හා වැඩ රටාවට අනුගතව සිය සුහුඹුල් කාලය ගෙවූ සුජිත්, ජගත් වන්නි ආරච්චිගේ කලා මගට යොමු නොවී ය. ඔහු ඒ වෙනුවට පියාගේ කලා  වැඩ හා වැඩ රටාවට සපුරා වෙනස් ව්‍යවහාරික කලා වැඩ මාදිලියක් හැටියට පසු කලෙක  එනම් 1987, 1988 හා 1989 යන වර්ෂ වල ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ව්‍යවහාරික කලා කටයුතු වලට ස්වකීය පෙර යොවුන් වියේදී සම්බන්ධ විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ බොහෝ කලා කටයුතු කෙරුණේ  චීන විප්ලවය පිළිබිඹු කළ චීන මූර්ති ආභාසයෙනි.  thumb|1986 දී සුජිත් රත්නායක පිළි ගැනීමේ තොරණක් සදහා කරන ලද රෙජිෆෝම් ක්‍රාෆ්ට් අංගයක යටි ආලේපනය කරමින්. 
සුජිත් රත්නායක 1989 දී. ඡායාරූපය සේන ප්‍රභා ස්ටූඩියෝ, තංගල්ල.

සුජිත්ගේ මුල් පදිංචිය වන්නේ හුංගම, තුඩුව ග්‍රාමය ය. ඔහුගේ පදිංචිය මුල් වරට වෙනස් වන්නේ 1988-1989 භීෂණය හේතුවෙන් අනපේක්ෂිත සිදුවීමකිනි. ඔහු, ඔහුගේ පියාගේ නිවසේ වැසිකිලියට වැසිකිලි උපාංගයක් හැටියට අඟල් හතරේ පී.වී.සී. බට කැබැල්ලක් රැගෙන ඒමට අම්බලන්තොට නගරයට යන අතර එය රැගෙන බස් නැවතුමට එන අතර ඒ වනවිට පාරේ ගමන කරමින් සිටි හමුදා ජීප් පෙළක් නතර කොට ඔහුව එක් ජීප් රථයක් වෙත නංවාගෙන අම්බලන්තොට ථෙරපුත්ත හමුදා කඳවුරට භාර දී ඇත. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වෙනුවෙන් පෝස්ටර්, බැනර්, කටවුට් තමන් පිළියෙළ කිරීම ගැන කණ වැකී තමන් හමුදා භාරයට පත් වූ බවට ඔහුගේ කල්පනාව වී ඇත. හුංගම නගර මධ්‍යයේ සවි කොට තිබූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික සුමිත් අතුකෝරල මරා දැමීම සිහි කරමින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ඉල්ලීමට ඔහු විසින් පිළියෙළ කළ කටවුට් එකක් ගලවා රැගෙන විත් එම කඳවුරේ පැත්තක තිබෙන අයුරු පසුව ඔහුගේම ඇස ගැටී ඇත. නමුත් තමන් රැගෙන විත් ඇත්තේ අඟල් හතරේ පී.වී.සී. බට බිම් බෝම්බ හැදීමට ගන්නා බැවින් ඒ ගැන සැකයට ය. හමුදාව කඳවුර තුළදී ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ එය නිමිති කරගෙන මිස ඔහු නියැලුණ බව කියන ජවිපෙ කලා කටයුතු සම්බන්ධයෙන් නොවේ. එහෙත් හමුදාවේ ප්‍රශ්න කිරීම් හමුවේ කොය් වෙලාවක හෝ රහස එලි වේය කියා බියෙන් සිටි ඔහුට ථෙරපුත්ත හමුදා කඳවුරෙන් ගැලවී යාමට මාර්ගය පෑදෙන්නේ අනපේක්ෂිත ව ය. ඔහුගේ පියා එවකට සේවය කරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් අඟුණකොළපෑලැස්ස, එරමිනියාය සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ අනියම් කලා ශිල්පියකු හැටියට ය. එවක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටම අයත් ගොවිපලක් හුංගම බටඅත තිබූ අතර එම ගොවිපලට අයත් ජීප් රථයක් රියදුරු සමගම අම්බලන්තොට ථෙරපුත්ත හමුදා කඳවුර භාරයට ලබාගෙන ඇත. මෙම රියදුරු ඔහුව හඳුනාගෙන ඇති අතර ඔහුගේ නිවසට ආරංචිය රැගෙන ගොස් ඇත. සුජිත්ගේ පියා චිත්‍ර කලා කටයුතුවලට අමතරව සර්පිනාව වාදනය කිරීමේ හා ගායනයේ කුසලතාවෙන් යුක්ත අයකු වූ අතර එනිසා කොන්ත්‍රාත් පදනමින් ඉඳහිට ගුවන්විදුලි සංස්ථාවේ මාතර 'රුහුණු සේවය' පියාගේ සේවය ලබාගෙන ඇති අයෙකි. පියා මේ සඳහා හඳුන්වා දී ඇත්තේ එවකට අම්බලන්තොට උදය රෙකොර්ඩ් බාර් හි හිමිකරු වන ජයන්ත සෙල්ලහේවා යන අය ය. ඔහු ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ හිටපු සහන නිවේදකයකු ය.

පියා තම පුතු ගැන දැන ගැනීමට අම්බලන්තොට ථෙරපුත්ත හමුදා කඳවුරට ගිය අවස්ථාවේ එහෙම අයකු කඳවුරට නොගෙනා බව කඳවුරෙන් දැනුම් දීමෙන් පසු ඔහු ඉන් අනතුරුව උදය රෙකොර්ඩ් බාර් හි සෙල්ලහේවා යන අය හමු වී පුවත සැළ කොට ඇත. හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී සමග දියතලාව හිදී උදය යන අය එකට ඉගෙන ගෙන ඇති සමකාලිකයෙකි. ඔහු කඳවුරට ගොස් අණදෙන නිලධාරී සමග සාකච්චා කිරීමෙන් අනතුරුව තමන් ඇප වන බවට අත්සන් කොට සුජිත් ගලවාගෙන ඇත. ඉන් නොබෝ කලකින් හුංගම ගුරුපොකුණ ප්‍රදේශයේ හුංගම පොලීසියේ ජීප් රථයක් ඉලක්ක කර ගනිමින් බිම් බෝම්බයක් පිපිරෙන අතර උපන්දා සිට හැදී වැඩුණු හුංගම, තුඩුව ග්‍රාමයෙන් පළමු වරට පිට වී පියාගේ ද අනුදැනුම හා මග පෙන්වීමෙන් හුංගම, බටඅත ට පලා යාම සිදු වේ.[2] අනතුරුව සුජිත්ගේ කලා භාවිතයට අදාළ තීරණාත්මක හැරවුම් ලක්ෂය වූයේ ගාල්ලේ සරත් වීරසිංහ අඳුනා ගැනීමට ලැබීමය. සරත් වීරසිංහ එවකට කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් ලලිත කලාවේදී උපාධි ලත් ප්‍රාදේශීයව ජනප්‍රිය වූ දක්ෂ ගුරුවරයකු විය.ස්ටැන්ලි අබේසිංහගේ කලා ආරේ ප්‍රකාෂනශීලී ගුණය සරත් වීරසිංහගේ චිත්‍ර වල තීව්‍ර ලක්ෂණයක් විය.


සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ශිෂ්‍ය අවධිය හා කලා ප්‍රදර්ශන කෙරෙහි උද්‍යෝගය

සුජිත් ශිෂ්‍යයකු හැටියට සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ උපාධි පාඨමාලාව හදාරණ ගමන්ම කලා ප්‍රදර්ශනවලට ඉදිරිපත් විය. ඔහු සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ උපාධි පාඨමාලාව හැටියට හදාරනු ලැබූයේ මූර්ති පාඨමාලාව ය. එහෙත් ඔහු කලා ප්‍රදර්ශන සඳහා මුළුමනින්ම පාහේ දායක වූයේ චිත්‍ර හෝ හතරැස් රාමුගත මිශ්‍ර මාධ්‍ය කලා කෘති මගිනි.ඔහු එවකට ජෝර්ජ් කීට් පදනම මගින් සංවිධානය කරන ලද සෑම කලා ප්‍රදර්ශනයකට ම තෝරා ගනු ලැබිණි. එම පදනමෙන් පවත්වන ප්‍රදර්ශන සඳහා කලා කෘති තෝරා ගනු ලැබූයේ තේරීම් මණ්ඩලයක් විසිනි. එම මණ්ඩලය මහාචාර්ය එස්. බී. දිසානායක, මහාචාර්ය ඈෂ්ලි හල්පේ, තිස්ස දේවේන්ද්‍ර, විජය මලලසේකර, නිහාල් රොද්‍රිගු, හාන්ස් යන අයගෙන් සමන්විත විය. හෙතෙම 1999 දී ජෝර්ජ් කීට් පදනමෙන් ප්‍රදානය කළ 'වසරේ කලාකරුවා' සම්මානයට ද පාත්‍ර විය. මීට අමතරව තරුණ සේවා සභාව සංවිධානය කළ යව්වන සම්මාන උළෙල, රාජ්‍ය චිත්‍ර - මූර්ති උළෙල ආදී රාජ්‍ය කලා ප්‍රදර්ශන හා උළෙලවල් ද ඔහු නියෝජනය කෙරීය.මෙම වපසරියට අමතරව ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ 'බිහිදොර අබියස' කලා උළෙල, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 'වේදිකාවෙන් මහ පොළොවට' කලා උළෙල, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 'මාගේ දේශය අවධි කරනු මැන' කලා උළෙල, රුහුණ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ 'අස්වැන්න' කලා උළෙල ආදී ශිෂ්‍ය කලා උළෙලවල් සඳහා නිර්මාණාත්මක ශිල්පීය සහාය ලබා දී ඇති අතර සමහර උළෙලවල් නියෝජනය ද කෙරිණි. ඊට අමතරව විදේශීය කලා ප්‍රදර්ශන සඳහා ද ලංකාවේ පැවැත් වූ ජාත්‍යන්තර කලා කඳවුරු, වැඩමුළු ආදිය සඳහා ද තෝරා ගන්නා ලදී. 1999 දී චිත්‍ර - මූර්ති අනු මණ්ඩලයේ සභාපති වූ සරත් සූරසේන යන අයද එවකට සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර - මූර්ති අධ්‍යනාංශයේ අංශාධිපති සරත් චන්ද්‍රජීව යන අයද ඒ වගේම සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය දයා එදිරිසිංහ යන අයද විසින් 2000 වර්ෂයේ ජපානයේ ෆුකොව්කා ආසියානු කලා කෞතුකාගාරයේ Winds of Artists in Residence වැඩසටහන සඳහා ඒකමතිකව ඔහුව නිර්දේශ කරන ලදී.
ජෝර්ජ් කීට් පදනම පස්වන වරට සංවිධානය කළ  'නව කලාකාරුවෝ' ප්‍රදර්ශනය 1998 දී ජාතික කලා භවනේදී පැවැත්වූ අතර මේ එය නිමිති කර ගනිමින් Sunday  Leader දෙසැම්බර් පුවත්පතක ඒ පිළිබඳව පළ වූවකි. මෙහි සුජිත් රත්නායක සමග ඔහු  චිත්‍ර සහ මූර්ති සුසංයෝගයෙන් ඉදිරිපත් කළ 'නිරුත්තර සමූහය' යන කෘතිය දක්වා ඇති අතර  ඉහලින් දක්වා ඇත්තේ එම  අවුරුද්දේ 'වසරේ කලාකරුවා' ට හිමි සම්මානය ලැබූ ජගත් රවීන්ද්‍ර සහ ඔහුගේ කෘතිය ය.

ෆුකොව්කා ආසියානු කලා කෞතුකාගාරය 1999 දී ස්ථාපිත කරන ලද අතර වාර්ෂිකව තෝරා ගත් ආසියානු කලාකරුවන් හතරදෙනෙකුගෙන් සමන්විතව පවත්වන පළමු Winds of Artists in Residence වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔහුට සහභාගී වීමට හැකි විය. ඒ වනවිට ජගත් වීරසිංහ යන අය ෆුකොව්කා ආසියානු කලා කෞතුකාගාරයේ නිත්‍ය කලා කෘති එකතුවට තෝරා ගත් කලාකරුවෙකු හා කලා ප්‍රදර්ශන අභිරක්ෂකයකු උවද උක්ත වැඩසටහන සඳහා තෝරා ගැනීමට අදාළ නිර්දේශ ලබා ගැනීමට කෞතුකාගාරය කටයුතු කරන්නේ කෞතුකාගාරය සමග සෘජු සම්බන්ධයක් නොතිබුණ කලා ඇකඩමියට අදාළ බලධාරීන් හා චිත්‍ර - මූර්ති අනු මණ්ඩලයේ බලධාරියා මාර්ගයෙනි. සුජිත් විසින් පුරහල බෝම්බය කෘතිය නිර්මාණය වීමත්, Winds of Artists in Residence වැඩසටහනට තේරී පත් වීමත් අතරේ සුජිත් ද ඇතුලත් Made in IAS නමින් කඩිනම් ප්‍රදර්ශනයක් ජගත් වීරසිංහ විසින් සංවිධානය කරන්නේ මෙම පසුබිම තුළ ය.  

අධිග්‍රාෆික මොන්ටාජ්කරණීය සෞන්දර්ය ප්‍රවිෂ්ටය

ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව තුළ මුල් වරට ග්‍රැෆික් ආශ්‍රේය ශිල්පීය ලක්ෂණ පෙන්නුම් කරන්නේ රාජා සෙගාර් ය. පින්සල පාදක කලු - සුදු ප්‍රකාශන ආරක නියැලුණ සුජිත්ගේ චිත්‍රණය තුළ අනූවේ දශකයේ අග භාගය වන විට චිත්‍රණය සමග ෆොටෝ කොෆි කපා අලවා කරන ග්‍රැෆික් කටයුතු දකින්නට ලැබිණ. සමහර ග්‍රැෆික් කටයුතු අධික ලෙස මහන්සි වීමෙන් පින්සලෙන් වර්ණ පදාස තවරනවා තරමට අසීමාන්තිකව පිහියෙන් ෆොටෝ කොෆි කපා අලවන ග්‍රැෆික් ආරක උපරිම තත්වයක් පෙන්වීය. එබඳු තත්වයන් අධිග්‍රාෆික ශිල්පීය අක්ෂයක් හැටියට දෘශ්‍ය කලාව තුළ සැළකේ. ඒ වගේම එම ග්‍රැෆික් කටයුතු පසු කලෙක ස්ථිර දෘශ්‍යමාන රූප මැවීම සඳහා මෙන්ම, එකම තලයේ ගොඩ නගන පරස්පර රූපණ හැටියට ඒවා මතින් වෙනත් බහු පාඨනයන් කරා යොමු කරවන සවුන්දර්ය අද්දැකීමක් ද ඇති කරවීය. එනම් අධිග්‍රාෆික සමෝධානයක් හෙවත් අධිග්‍රාෆික මොන්ටාජ්කරණීය සෞන්දර්යයක් ඇති කරවීය.ශ්‍රී ලංකාව තුළ මෙම සෞන්දර්ය ප්‍රවිෂ්ටයේ ඓතිහාසික කූටප්‍රාප්තිය වන්නේ ඔහු විසින් නිමවන ලද පුරහල බෝම්බය කෘතිය ය.





පුරහල බෝම්බය කෘතිය

ආන්දෝලනාත්මක 'පුරහල බෝම්බය' කෘතිය කලාකරු විසින් මහජන අවකාශයක් තුළ පෙන්වන්නේ ප්‍රදීප් චන්ද්‍රසිරි, මනෝරංජන හේරත් හා කෝරලේගෙදර පුෂ්පකුමාර යන තුන්දෙනා සමග පවත්වන හතරදෙනෙකුගේ සමූහ ප්‍රදර්ශනයක් හැටියට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී 2000 වර්ෂයේ මාර්තු මාසයේදී ය. මෙම ප්‍රදර්ශනයේ කලාකරුවන් හතර දෙනා අතුරින් සුජිත්ගේ පුරහල බෝම්බය කෘතිය චිත්‍ර, මූර්ති, ග්‍රැෆික්, ස්ථාපන, ඩ්‍රෝවින්, මියුරල්, ඡායාරූප, මුද්‍රණ, කොලාජ් යන කිසිදු ප්‍රවර්ගයක් යටතේ හඳුන්වා දිය නොහැකි පසුබිමක් තුළ එම කෘතිය මුල් කරගෙන ප්‍රදර්ශනයේ කෘති පොදුවේ දෘශ්‍ය කලාව ලෙස ප්‍රවර්ග වී ඇති බව පෙනේ. එම ප්‍රදර්ශනය වෙනුවෙන් කිසිදු විශේෂණ නාමයක් යොදා නොගන්නා අතර එය නම් කරනු ලබන්නේ 'දෘශ්‍ය කලා ප්‍රදර්ශනය' යන ප්‍රවර්ග නාමයක් හැටියට පමණකි. කලාගාර වල තබන ප්‍රදර්ශන ඊට පෙර හඳුන්වනු ලැබූයේ විශේෂණ පදයක් ඇතුව හෝ නැතුව 'කලා ප්‍රදර්ශන', 'චිත්‍ර ප්‍රදර්ශන' හා 'මූර්ති ප්‍රදර්ශන' යන ප්‍රවර්ග හැටියටය. දෘශ්‍ය කලා ප්‍රදර්ශනය හැටියට කලාගාරයක පවත්වන කලා ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ග කරනු ලබන්නේ පළමු වෙනි වතාවට මෙම ප්‍රදර්ශනය මගිනි. චිත්‍ර, මූර්ති, ග්‍රැෆික්, පිරි සැළසුම් ( Design ), මුද්‍රණ යන විෂය ප්‍රවර්ග පහක් යටතේ සිව් අවුරුදු උපාධි පාඨමාලාවන් පවත්වාගෙන ගිය සෞන්දර්ය අධ්‍යයන ආයතනයට අයත් ඊට අදාළ අධ්‍යනාංශයේ නාමය වූයේද චිත්‍ර - මූර්ති අධ්‍යනාංශය මිස දෘශ්‍ය කලා අධ්‍යයනාංශය යන්න නොවේ. කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් හැටියට තිබුණ සෞන්දර්ය අධ්‍යයන ආයතනය එමගින් නිදහස් කොට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය යටතේ 2005 දී ප්‍රති ව්‍යුහගත වූ අතර ඉන් අනතුරුව චිත්‍ර - මූර්ති අධ්‍යනාංශය යන්න දෘශ්‍ය කලා පීඨය බවට පත් විය.

පුරහල බෝම්බය කෘතිය සහ එයට Made in IAS ප්‍රදර්ශනය ඇති කළ අර්බුදය


පුරහල බෝම්බය කෘතිය හා මේඩ් ඉන් අයි.ඒ.එස්. ප්‍රදර්ශනය (Mede in IAS ප්‍රදර්ශනය)

ප්‍රදීප් චන්ද්‍රසිරි, මනෝරංජන හේරත් හා කෝරලේගෙදර පුෂ්පකුමාර හා සුජිත් රත්නායක යන හතරදෙනාගේ ප්‍රදර්ශනයෙන් අනතුරුව එම අවුරුද්දේම ජූලි මාසයේ සුජිත් රත්නායකගේ 'පුරහල බෝම්බය' කෘතිය ද ඇතුලත්ව තවත් තරුණ -තරුණියන් 15 දෙනෙකුගේ කෘති'ඇතුලත් කොට ප්‍රදර්ශනයක් ‘Made in IAS’ නමින් එවකට පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්යවරයකු මෙන්ම, සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු වූ ජගත් වීරසිංහ විසින් සංවිධානය කොට බෙයාර්ෆූට් කලාගාරයේදී ඉදිරිපත් කරන ලදි.එම ප්‍රදර්ශනයට ‘Made in IAS’ යන නාමය තබා ඇත්තේ ප්‍රදර්ශනයේ සියලු සහභාගීකරුවන් සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් වීම පදනම් කරගෙන ය. සෞන්දර්ය අධ්‍යයන ආයතනය යන්න ඉංගිරිසියට පෙරලෙන්නේ Institute of Aesthetic Studies යනුවෙන් වන අතර ඒ අනුව 'IAS' යන්න යොදාගෙන ඇත්තේ of යන්න හැර ඉතිරි වචන වල මුල් අකුරු හැටියට කෙටි කොට දැක්වීමක් හැටියට ය. සෞන්දර්ය අධ්‍යයන ආයතනය යන ආයතනයට එවකට සමහරකු කෙටියෙන් 'IAS' යනුවෙන්ද 'සෞන්දර්ය' යනුවෙන්ද ව්‍යවහාර කරන ලදී. 'ඔයා කොහේද ස්ටඩි කරන්නේ' යනුවෙන් කෙනෙකු විමසූ විට 'මම සෞන්දර්යෙ' යනුවෙන් සිය අධ්‍යයන ආයතනය එවක කෙටියෙන් හඳුන්වන ව්‍යවහාරයක් ද සමාජය තුළ තිබිණ. 'Made in' යන්න ඉදිරියෙන් භාවිත කොට 'IAS' සමග එකතු වූ පසු තේරුම 'සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ නිෂ්පාදනය කරන ලදි' යන තේරුමකි. ජගත් වීරසිංහ විසින් ඉදිරිපත් කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා ‘Made in IAS’ ලෙස භාවිත කොට ඇති පදනම මේ අනුව සෞන්දර්ය අධ්‍යයන ආයතනයටම විශේෂ වන කෘති ඇතුලත් ප්‍රදර්ශනයක් ලෙස උක්ත ප්‍රදර්ශනය හුවා දැක්වීමක් බව ඒ අනුව සිතිය හැකිය.

Made in IAS’ - 90 දශකයේ ප්‍රවණතාවට සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ දායකත්වය’ මැයෙන් ප්‍රදර්ශන සමරු කලාපයේ මුල් පිටුවේ එම ප්‍රදර්ශනයේ ස්වභාවය උධෘත කොට දක්වන අතර ප්‍රදර්ශන සමරු කලාපයට අනුව ප්‍රදර්ශනය ඉදිරිපත් කරනු ලබන්නේ 'Club Made in IAS' යන සංවිධානයක් මගිනි. එහි ලිපිනය ප්‍රදර්ශන සමරු කලාපයේ දක්වා ඇත්තේ ඉංග්‍රීසියෙන් 45/3, Temple road, Kalubowila, Dehiwala, Sri Lanka. හැටියට ය. 2000 වර්ප්‍ෂයේ මේ ප්‍රදර්ශනය ඉදිරිපත් කිරීම වෙනුවෙන් ප්‍රදර්ශන සමරු කලාපය තුළ දක්වා ඇති 'Club Made in IAS' යන්න ඉන් අනතුරුව මෙය යාවත්කාලීන කරන 2020 පෙබරවාරි 04 වන අද දින දක්වා කිසිදු ක්‍රියාකාරීත්වයක් පෙන්වා නැත. සමරු කලාපයේ දක්වා ඇති අනු පිළිවෙලට සියලු සහභාගිකරුවන්ගේ නම් පහතින් ඉදිරිපත් කෙරේ. ප්‍රදර්ශන සමරු කලාපයේ Brief Biography යන ඉංගිරිසි යෙදුම යටතේ ඉංග්‍රීසියෙන් කෙටි විස්තරයක් දක්වා ඇති අතර එහි සහභාගිකරුවන්ගේ උපන් දිනය , ඉගෙන ගත් පාසල් හා තමන් අයත් ප්‍රදේශ දක්වා ඇත. ප්‍රස්තුතයට අදාළ අධ්‍යයන මුලාශ්‍රයක් හැටියට ගැනීම පිණිස සහභාගිවූවන්ගේ නම් සමග ඔවුනගේ ප්‍රදේශද මෙහිලා දක්වනු ලැබේ.


1. සුජිත් රත්නායක - රන්න ( හම්බන්තොට දිස්ත්‍රික්කය ) 2.උපුල් චමිල බණ්ඩාර - තඹුත්තේගම ( අනුරාධපුර දිස්ත්‍රික්කය ) 3.සුසිල් රෝහණ - බලංගොඩ ( රත්නපුර දිස්ත්‍රික්කය ) 4. පාල පොතුපිටිය - දෙනියාය ( මාතර දිස්ත්‍රික්කය) 5.ඉන්ද්‍රචාපා රාජගුරු - ලේවැල්ල ( නුවර දිස්ත්‍රික්කය ) 6.චතුරි රාජපක්ෂ - ගම්පහ ( ගම්පහ දිස්ත්‍රික්කය ) 7. පල්ලියගුරුගේ අමරජීව - අම්පාර ( අම්පාර දිස්ත්‍රික්කය ) 8. බන්දු මනම්පේරි - බණ්ඩාරගම ( කළුතර දිස්ත්‍රික්කය ) 9. සරත් ප්‍රේමසිංහ - ගම්පහ ( ගම්පහ දිස්ත්‍රික්කය ) 10. ප්‍රසන්න රණබාහු - දෙල්වල ( රත්නපුර දිස්ත්‍රික්කය ) 11.මුදිතා අස්කින් - හැටන් ( නුවරඑළිය දිස්ත්‍රික්කය ) 12. ප්‍රියන්ති මග්ගොනගේ - අගලවත්ත ( කළුතර දිස්ත්‍රික්කය ) 13. නීල් රාජකරුණා - මල්වල ( රත්නපුර දිස්ත්‍රික්කය ) 14. සරත් සමරවීර - වතුරේ ( කෑගල්ල දිස්ත්‍රික්කය ) 15. අනුරාධ හේනක ආරච්චි - හෙට්ටිමුල්ල ( කෑගල්ල දිස්ත්‍රික්කය ) 16. සුනෙත් බෝකුල - පල්ලෙකැලේ ( නුවර දිස්ත්‍රික්කය )

'Made in IAS' ප්‍රදර්ශනය අලලා ප්‍රදර්ශන සමරු කලාපයෙහි 'Made in IAS' යන ඉංගිරිසි මාතෘකාව යටතේ සිංහල හා ඉංගිරිසි යන භාෂා දෙකෙන්ම ප්‍රදර්ශනයේ අභිරක්ෂක ජගත් වීරසිංහ විසින් ලිපියක් සම්පාදනය කොට ඇති අතර එම ලිපිය මේ ප්‍රදර්ශනය ගැන කෙරෙන හැදින්වීම වේ. එහි 4 සහ 5 පිටුවල ඔහු විසින් මෙසේ දක්වා ඇත.

මේ ප්‍රදර්ශනයේ මූලික අරමුණ වෙන්නේ ශ්‍රී ලාංකීය චිත්‍ර කලාවේ 90 දශකයේ ප්‍රවණතාවට සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් මෑත කාලයේ බිහි වන තරුණ තරුණ සිත්තරුන්  අතින් සිදු වන දායකත්වය සහ සෞන්දර්ය අධ්‍යයන ආයතනය තුළ නිෂ්පාදිත කලාත්මක ක්‍රියාවන්ගේ අධිබල පිපිරුම පාඨනය කළ හැකි පරිදි ගොනු කර තැබීමය්. ඒ වගේම ඊට අමතර වූත්, සුක්ෂම වූත් දේශපාලන අරමුණක් ද මේ ප්‍රදර්ශනය පිටුපස පවතී . එනම් ස්වදේශීය වශයෙන් නිෂ්පාදිත ශ්‍රී ලාංකික බුද්ධිමය,  චිත්තෝත්පාදක සම්පත්වල ශක්තිසම්පන්න භාවයත්, ජීවීභාවයත් ලෝකයට හඬ ගා ප්‍රකාශ කිරීමය්.  ඒ වගේම බුද්ධිමය වශයෙන් දැනුවත් වූ නිර්මානශීලීත්වයකට නතු කරන ලද සහ පිළි  ගැනීමකට ලක් කරන ලද තරුණ ජවයන්ගේ අප්‍රමාණ හැකියාවන් හා ශක්තිය විදහා දැක්වීමද මේ ප්‍රදර්ශනයේ මුඛ්‍යාර්ථයන්ගෙන් එකකි. එක් අතකින් බලන කල මේ තරුණ තරුණියන්ගේ ජීවිත ගෙවෙන්නේ භීෂණය, අහිමිවීම්, අපේක්ෂා භංගත්වය පිලිබඳ ස්මරණයන් අතරින්ද, අනෙක් අතින් නාගරික සංස්කෘතියේ වංචාකාරී, අපූර්ව සහ චපල ආකර්ෂණයේ ගොදුරු ලෙස යැය් ද යන අදහස මේ කලා කෘති තුළ ගැබ්ව ඇතය් සිතෙනු ඇත. එහෙත් මේ තරුණ ශක්තීන්ගේ ගාමක බලය වන්නේ හුදෙක් භීෂණය පිලිබඳ ස්මරණයන් සහිත වීම හෝ නාගරික සංස්කෘතියට අභව්‍ය ලෙස ආකර්ෂණය වීමත් හෝ නොව එවන් ස්මරණයන් සහ ආකර්ශනයෙන් උත්පාද කළ සමාජ දේශපාලනික අවකාශයේ පීඩිතයන් වීමත්, එනිසාම එම අවකාශය තුළ අවර වරප්‍රසාදිතයන් වීමත්, යන කරුණු ඒ සමාජ අවකාශය ජය ගැනීමට හෝ ඒ තුළ මානසිකව නොබිදී ජීවත් වීමට අවශ්‍ය ශක්තිය බවට පරිවර්තනය කිරීමේ අරගලය හෝ උත්සාහය යැය් ද කියාද තර්ක කළ හැකිය. වෙනත් අයුරකින් පවසන්නේනම් මොවුන් සමාජ දේශපාලන ව්‍යසනයන් ඉදිරියේ පීඩිත වීම සහ අපේක්ෂා භංගත්වයට පත් වීම, එවන් තත්වයන් බිහි කරන සමාජ අවකාශය තුළ ම ශ්‍රේෂ්ටත්වයට සහ උත්කෘශ්ටත්වයට පත් වීම සඳහා වන උපායන් බවට කලාව නමැති අදහස සහ ක්‍රියාකාරකම් හරහා පරිවර්තනය කරමින් සිටී. 

ඉහත සටහන මගින් ප්‍රදර්ශනයේ කෘති 'කලාත්මක ක්‍රියාවන්ගේ අධිබල පිපිරුමක' කෘති හැටියට සහ ප්‍රදර්ශනය අරබයා උධෘත වැකිය වන ‘Made in IAS’ - 90 දශකයේ ප්‍රවණතාවට සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ දායකත්වය’ යන වැකියට අනුව ගත් විට මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලාංකේය දෘෂ්‍ය කලා ඉතිහාසය තුළ සංධිස්ථානගත ප්‍රදර්ශනයකි !


Made in IAS ප්‍රදර්ශනය පැවැත් වූ 2000 වර්ෂයේම 'තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව' යන රාජ්‍ය නොවන සංවිධානය ජගත් වීරසිංහගේ ම පුරෝගාමිත්වයෙන් පිහිටුවීම මෙහි ඇති විශේෂ සිදුවීමකි. එදවස සිට පවත්වාගෙන යන එම සංවිධානයට අයත් වෙබ් අඩවියේ එම සංවිධානය හදුන්වා දීමට අදාලව 2000 වර්ෂයේ කලාකරුවන් 11 දෙනෙකුගෙන් එම සංවිධානය පිහිටුවන ලද බව සදහන් කොට ඇතත් එම කලාකරුවන් කව්ද යන්න මෙම යාවත්කාලීනය කරන ‎ '‎2020 පෙබරවාරි ‎04 වන අගහරුවාදා' දින දක්වා සදහන් කොට නැත. උක්ත Made in IAS ප්‍රදර්ශනයට පසු ප්‍රසන්න රණබාහු, බන්ධු මනම්පේරි, සරත් ප්‍රේමසිංහ සහ පාල පොතුපිටිය යන අය එම සංවිධානය ආශ්‍රේය ඒ වගේ ම එම සංවිධානය විසින් නිර්දේශ සපයන වැඩමුළු, කදවුරු, ප්‍රදර්ශන, ආදිය තුළ සාමාජිකයින් වන අතර ප්‍රසන්න රණබාහු සහ සරත් ප්‍රේමසිංහ යන අය එම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ වල කතෘන්ද වේ. එම අය එසේ වෙද්දී සුසිල් රෝහණ, ඉන්ද්රචාපා රාජගුරු, චතුරි රාජපක්ෂ, මුදිතා අස්කින්, නීල් රාජකරුණා, සුනෙත් බෝකුල, ප්‍රියන්ති මග්ගොනගේ සහ සරත් සමරවීර යන අටදෙනෙකු එම ප්‍රදර්ශනයෙන් පසු මෙම යාවත්කාලීනය කරන ‎ '‎2020 පෙබරවාරි ‎04 වන අගහරුවාදා' දින දක්වා කිසිදු ප්‍රසිද්ධ කලා ක්‍රියාකාරකමකට සහභාගි වී නැත. මෙම ප්‍රදර්ශනයට පෙර සුජිත් රත්නායක 1999 දී ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී සිය ඒකපුද්ගල ප්‍රදර්ශනය පවත්වන අතර හෙතෙම 1990 දශකයේ මුලභාගයේ සිට විවිධ සමූහ කලා ප්‍රදර්ශන, වැඩමුළු, කදවුරු, එවක ශිෂ්‍ය ව්‍යාපාරවල කලා උලෙලවල් ආදියට සහභාගි වී ඇති අතර ශ්‍රී ලංකාවෙන් පිටත 1999 දී බංගලාදේශ ද්විවාර්ෂික කලා උලෙලද නියෝජනය කරන ලද අයෙකි. ඒ වගේ ම ඔහු 1999 දී ජෝර්ජ් කීට් පදනම විසින් ප්‍රදානය කෙරුණු '1999 වසරේ කලාකරුවා' සම්මානයද ලැබූ අයෙකි. 2000 වර්ෂයේ Made in IAS ප්‍රදර්ශනයෙන් පසුවද කලාව විෂයෙහි ඔහු ක්‍රියාකාරී වී ඇති අතර 2018 වර්ෂය වන විට හෙතෙම ඒක පුද්ගල ප්‍රදර්ශන අටක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව හා විදේශයන්හි සමූහ ප්‍රදර්ශන වගේම ශ්‍රි ලංකාව තුළ විවිධ වෙනත් කලා මාදිලි වල ක්‍රියාකාරී වූ අයෙකි. සුජිත් හැර Made in IAS ප්‍රදර්ශනයේ අනෙකුත් පහලොස් දෙනාෙම එම ප්‍රදර්ශනයෙන් හා හා පුරා සමාජගත වන්නෝ ය. සුජිත් සහ පසුව තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව යන සංවිධානයට සම්බන්ධ වූ ප්‍රසන්න රණබාහු, බන්ධු මනම්පේරි, සරත් ප්‍රේමසිංහ සහ පාල පොතුපිටිය යන අය තිර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව යන සංවිධානයේ ක්‍රියාමයන්ට සමගාමීව ක්‍රියාකාරී වීමට සාපේක්ෂව ඉතාම අඩුවෙන් උවත් කලා ප්‍රදර්ශන වලට සම්බන්ධ වී ක්‍රියාකාරී වී ඇත්තේ‍ පල්ලියගුරුගේ අමරජීව, අනුරාධ හේනක ආරච්චි, උපුල් චමිල බණ්ඩාර, යන තිදෙනා පමණි. මේ තිදෙනා අතුරින් පල්ලියගුරුගේ අමරජීව යන අය Made in IAS ප්‍රදර්ශනයට පසු 2000 වර්ෂයේදී ම ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී 'නැගෙනහිර පළාත ඔබ සාදරයෙන් පිළි ගනී ' මැයෙන් ඒකපුද්ගල ප්‍රදර්ශනයක් පවත්වන නමුත් හෙතෙම ඉන් පසු මේ යාවත්කාලීනය කරන '‎2020 පෙබරවාරි ‎04 වන අගහරුවාදා' දින දක්වා කිසිදු ඒකපුද්ගල ප්‍රදර්ශනයක් පවත්වා නැත. පල්ලියගුරුගේ අමරජීව, උපුල් චමිල බණ්ඩාර සහ අනුරාධ හේනක ආරච්චි යන තිදෙනා Made in IAS ප්‍රදර්ශනයට සම්බන්ධ නැති චමින්ද ගමගේ යන අය සමග 'කොලෙමේබෝ ආර්ටිස්ට්ස්' යන කණ්ඩායම් නාමයක් යටතේ 2006 දී සමූහ ප්‍රදර්ශනයක් ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පවත්වන අතර ඉන්පසු ඔවුනගේ ප්‍රදර්ශන ක්‍රියාකාරීත්වයක් දකින්න ලැබෙන්නේ නැත. ( 'කොලෙමේබෝ ආර්ටිස්ට්ස්' යන කණ්ඩායම් නාමයට අනුව චමින්ද ගමගේ යන අය කොළඹ පදිංචිකරුවකු උවත් පල්ලියගුරුගේ අමරජීව නුගේගොඩ ද උපුල් චමිල බණ්ඩාර තලවතුගොඩ ද අනුරාධ හේනක ආරච්චි යන අය යක්කල ආදී වශයෙන් එහි කොළඹ නොවන සාමාජිකයෝ වීම විශේෂත්වයකි. ) පල්ලියගුරුගේ අමරජීව, උපුල් චමිල බණ්ඩාර සහ අනුරාධ හේනක ආරච්චි යන තිදෙනා 'තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව' යන සංවිධානයට කලාකරුවන් හැටියට සම්බන්ධ බවට සාක්ෂි නැතත් පල්ලියගුරුගේ අමරජීව යන අය විසින් 2000 වර්ෂයේ ම පිහිටුවන ලද 'නියෝ ග්‍රැෆික්ස් පුද්ගලික සමාගම' විසින් 'තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව' යන සංවිධානයේ 2006 පමණ තෙක් ප්‍රකාශන මුද්‍රණය කොට ඇත. මුල් කාලයේ පිටු සැකසුම් හා එම සංවිධානය වෙනුවෙන් එම සංවිධානය විසින් මෙහෙයවන ලද කලා ප්‍රදර්ශන හා වැඩමුළු ආදියේ ඡායාරූපකරුවකු හැටියට ද අමරජීව වැඩ කළ බවට එම සංවිධානය සිය ප්‍රකාශනවල සදහන් කොට ඇත.


Made in IAS ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දෘෂ්‍ය කලාවටත් දෘෂ්‍ය කලා සංස්කෘතියටත් බලපෑමක් කරන ලද ප්‍රදර්ශනයක් වන අතර එම බලපෑම ඥානනය කර ගැනීමට එම ප්‍රදර්ශනයේ කෘති සහ සහභාගිකරුවන් අරබයා දෘෂ්‍යමාන කරුණු තවදුරටත් අධ්‍යයනය කළ යුතු වේ. ඒ අනුව එම ප්‍රදර්ශනය අරබයා නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කළ හැකි ය.

‍විශේෂ ලක්ෂණ

1. සුජිත් රත්නායකගේ කෘතිය හැර සෙසු සියල්ලන්ගේ ම කෘති එවක සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර මූර්ති අධ්‍යයනාංශයේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් හැටියට අධ්‍යයනාංශයේ අධ්‍යයන පැවරුම් හා විභාග ව්‍යාපෘති වලට අයත් කෘති වීම. සුජිත් රත්නායක එවක සෞෟන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර මූර්ති අධ්‍යයනාංශයේ  උපාධි පාඨමාලාව හදාරන ලද අතර 'පුරහල බෝම්බය' කෘතිය කිසිදු ආකාරයකින් මූර්ති පාඨමාලාව යටතේ වූ අධ්‍යයන පැවරුමක් හෝ අවම වශයෙන් මූර්ති කලාව යටතේ වූ නිර්මාණයක් ද නොවූ අතර එය මුලුමනින් ම පාඨමාලාවෙන් පරිබාහිර නිදහස් නිර්මාණයක් වීම විශේෂත්වයකි. මෙම කලා කෘතිය එවකට සෞන්දර්ය අධයයන ආයතනයේ උපාධි පාඨමාලාව අවසන් කරන ලද  ප්‍රදීප් චන්ද්‍රසිරි, මනෝරංජන හේරත් හා කෝරලේගෙදර පුෂ්පකුමාර යන ජ්‍යෙෂ්ඨ විද්‍යාර්ථීන්  තුන්දෙනා සමග ඔවුනගේ ද නිදහස් කලා කෘති සමග සුජිත් ඇතුළු හතරදෙනකුගෙන් සමන්විතව සමූහ ප්‍රදර්ශනයක් හැටියට 2000 වර්ෂයේ මාර්තු මාසයේදී  ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පවත්වන ලද ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලද කෘතියකි.

2. සුජිත් රත්නායකගේ කෘතිය අධ්‍යයන පැවරුමක් නොවන නිදහස් කලා කෘතියක් වන පසුබිමක සෙස්සන්ගේ කෘති හැටියට තෝරා ගත් අධ්‍යයන පැවරුම් විශේෂයෙන් විභාග ව්‍යාපෘති ආශ්‍රේය අධ්‍යයන පැවරුම් සදහා අනුමැතිය ලබා ගැනීම අනීවාර්ය උවත් ඒ වෙනුවෙන් කිසිදු අනුමැතියක් අධ්‍යයනාංශයෙන් ලබා නොගෙන ශිෂ්‍ය-ශිෂ ්‍යාවන් 15 දෙනෙකු ප්‍රදර්ශනයට සහභාගි කර ගැනීම.

3.ප්‍රදර්ශනයේ සුජිත් රත්නායක හැර සියල්ලෝ ම ප්‍රථම වරට මේ ප්‍රදර්ශනය තුළින් කලඑලි බැසීම.

4.සියල්ලන්ගේ ම කෘති එකිනෙකට ශෛලිමය වශයෙන් වෙනස් කෘති වීම.

‍විශේෂ පොදු ලක්ෂණ

1. ප්‍රදර්ශනයේ සහභාගිකරුවන් කිසිවකුගේ කෘති කාය ව්‍යවච්ඡේදය, පර්යාවලෝකන සිද්ධාන්ත, එළිය-අදුර-සෙවණ-නියම පැහැය යන වර්ණ සාක්ෂරතාවයන් යනාදී ශාස්ත්‍රාලයීය කලා ශික්ෂණයට යටත් නොවුණ කෘති වීම.

2. ප්‍රදර්ශනයේ සහභාගිකරුවන් අතුරින් කිසිවකු කොළඹ දිස්ත්‍රක්කයට අයත් නොවීම

3. ප්‍රදර්ශනයේ සහභාගිකරුවන් සියල්ලෝ ම ඉංග්‍රීසි භාෂාව කතා කළ නොහැකි අය වීම

4. ප්‍රදර්ශනයේ සහභාගිකරුවන් එවක දෙවන අධ්‍යයන වර්ෂයේ සිට අවසන් අ ධ්‍යයන වර්ෂයේ සිසුන් දක්වා පැතිරුණ නියෝජනයකින් යුක්ත වීම. ඇතුළු ‘ස්ත්‍රී - පුරුෂ‘ ‘කණිෂ්ඨ - ජ්‍යෙෂ්ඨ‘, ‘පුහුණු - නොපුහුණු‘, ‘ක්ෂණීක - කාලානුධික‘ ආදී දෘෂ්‍යමාන සහ ප්‍රතිවිරුද්ධතාවන් යුක්ත වීම සැළකිය හැකිය.

5. එවක ප්‍රදර්ශනය සංවිධානය කොට ඉදිරිපත් කරන ලද පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිත්‍ය කථිකාචාර්යවරයකු වන ජගත් වීරසිංහ යන අය එවක සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍ය්‍යන වර්ෂ දෙකක් සදහා ‘කලා ඉතිහාසය‘ ඉගැන්වීමට පැමිණි බාහිර කථිකාචාර්යවරයකු වීම ද විශේෂ ලක්ෂණයකි. ඒ වගේ ම 2000 වර්ෂයේම පිහිට වූ තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව යන සංවිධානයේ සභාපතිවරයා වීමත් පුරා විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ පුරා විද්‍යාවට අදාලව ‘සංකීර්ණ සමාජ අධ්‍යයනය‘ යන විෂය උගන්වන කථිකාචාර්යවරයකු වීම.

ප්‍රදර්ශන සමරු කලාපයට අනුව Made in IAS ප්‍රදර්ශනය මගින් ජගත් වීරසිංහ විසින් අභිනවයෙන් හඳුන්වා දෙනු ලැබූ සුජිත් රත්නායක ඇතුළු 16 දෙනාගේ අවුරුදු 20 ක් තරම් එදා මෙදාතුර කලා භාවිතය සොයා බැලීමෙන් මේ ප්‍රදර්ශනය පිළිබඳව පරීක්ෂා කිරීමට හෝඩුවාවක් මතු කර ගත හැකිය. ඒ අනුව කලා ක්‍රියාකාරිත්වයේ දෘශ්‍යමාන තත්වයන් සලකා බලා ඔවුනගේ හැසිරීම මෙසේ වගුගත කොට දැක්විය හැකිය.

Made in IAS ප්‍රදර්ශනයෙන් පසු ප්‍රදර්ශනයේ සහභාගිකරුවන්ගේ තත්වය Made in IAS ප්‍රදර්ශනයේ සහභාගීකරුවන්
* තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකත්වය සහ ප්‍රකාශන වල ලේඛකය්න් හැටියට සිටින අය - 1.ප්‍රසන්න රණබාහු 2. බන්ධු මනම්පේරි 3. සරත් ප්‍රේමසිංහ 4. පාල පොතුපිටිය
* Made in IAS ප්රදර්ශනයයේ පමණක් මුල් වරට කෘති දැක ගත හැකි වූ සහ ඉන් අනතුරුව කිසිදු කලා ප්රදර්ශනයකට මෙතෙක් ( අවුරුදු 19 ක කාලයක් ) සහභාගී නොවූ මුළුමනින්ම අක්රීය අය - 1.සුසිල් රෝහණ 2.ඉන්ද්රචාපා රාජගුරු 3.චතුරි රාජපක්ෂ 4.මුදිතා අස්කින් 5. නීල් රාජකරුණා 6. සුනෙත් බෝකුල 7. ප්‍රියන්ති මග්ගොනගේ 8. සරත් සමරවීර
* වර්තමානය වනවිට තීර්ථට සම්බන්ධ නැති ඉතාම කලාතුරකින් ඉඳ හිට කලා කටයුතුවල නියැලෙන අය 1.උපුල් චමිල බණ්ඩාර 2. පල්ලියගුරුගේ අමරජීව 3. අනුරාධ හේනක ආරච්චි
* Made in IAS ප්‍රදර්ශනයට පෙර සිට කලාවේ නියැලුණ, තම කලා කෘති වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින ක්‍රියාකාරී අය - 1. සුජිත් රත්නායක

2000 වර්ෂයේ පවත්වන ලද 'Made in IAS' ප්‍රදර්ශනයෙන් පසු සහභාගිකරුවන්ගේ තත්වය නිරීක්ෂණය කිරීමේදී සහභාගිතරුවන් තුන් දෙනෙකු සිය නම් භාවිතා කරන ලද ආකාරයේද වෙනසක් දැකිය හැකිය. ප්‍රදර්ශන සමරු කලාපය තුළ 'සරත් සමරවීර' යනුවෙන් දක්වන ලද 'සරත් ආරච්චි' ලෙසද 'නීල් රාජකරුණා' යනුවෙන් දක්වන ලද අය 'නීල් ගජනායක' ලෙසද අය ‘පල්ලියගුරුගේ අමරජීව‘ යනුවෙන් දක්වන ලද අය 'ටී.පී.ජී. අමරජීව' ලෙසද ව්‍යවහාර කරන බව පෙනේ. ඒ වගේ ම ප්‍රදර්ශනයට පෙර අධ ්‍යයනාංශය තුළ ‘සෝමපාල පොතුපිටිය‘ යනුවෙන් ව්‍යවහාර කරන ලද අය ප්‍රදර්ශනය සමගින් ‘පාල පොතුපිටිය‘ ලෙස ව්‍යවහාර කරන ලද බවද දැක ගත හැකි ය.

බෝම්බය කෘතිය ගැන කලාකරුගේ ප්‍රසිද්ධ ප්‍රකාශ හා විචාර-ප්‍රතිචාර උපුටා දැක්වීම්

  • පුරහල බෝම්බය කියන වචනය ඇහෙද්දිත් අපේ හිත් ත්රස්ත වුණත් මේ නිර්මාණය ඇතුළේ මගේ ජීවිතයත් ගලායනවා. ප්රේයමණීය සංවේදනා, ආත්මීය කාරණා වගේම අන්තර්ජාතික වශයෙන් ලැබුණු සමාජ පිළිගැනීම පවා 'පුරහල බෝම්බය' ඇතුළේ තියෙනවා. ජපානයේ ෆුකොව්කා ආසියානු කලා කෞතුකාගාරයේ පළමු වැඩසටහන Winds of Artists in Residence වෙනුවෙන් 2000 අවුරුද්දේදී මාව නිර්දේශ වෙන්නත් මේ කෘතිය වැඩි වශයෙන් බලපෑවා. ඒ වගේම 2000 අවුරුද්දේ මුල් භාගයේදී මම මේ නිර්මාණය ලංකාවේ ප්රදර්ශනය කරල තිබුණා. මේ අතරේදීයි මගේ පුරහල බෝම්බය කෘතියත් ඇතුළත්ව Made in IAS නමින් ජගත් වීරසිංහ විසින් ප්රදර්ශනයක් සංවිධානය කරන්නේ. ඒ කාලේ මගේ කණ්ඩායමේ ඊට පහළ කණ්ඩායම්වල හිටපු ශිෂ්ය්යයෝ කීප දෙනෙකුගේ එකතුවෙන් 'සෞන්දර්ය අධ්යයන ආයතනයේ නිෂ්පාදනය කරන ලදි' කියන අදහසක් එක්ක. නමුත් 90 ප්රවවණතාවය නැත්නම් කලා ඉතිහාසයේ අධිබලැති පිපිරුම කියල කිව්ව මේ කතාවත් එක්ක ජගත් වීරසිංහ ලංකාවේ කලා ඉතිහාසය ලියන්න පටන් ගන්නවා. මෙතැන හිටියේම අත්දැකීමක් හෝ නැති, ප්රදර්ශනයක් හෝ නොතියපු අභ්යාස කරමින් හිටපු සිසුන්. ඒ වගේම මේ ලිවීම් ඇතුළේ කලා ඉතිහාසයේ මට අනන්යව කලාව, විචාරශීලිත්වය සහ මගේ නිසි තැන මකා දැමීමක් සැඟවීමක් සිද්ධ වෙනවා. මොකද Made in IAS හිටපු අනෙක් අයට සාපේක්ෂව මම විසින් සිදුකරපු අධ්යයනයන්, නව නිර්මාණයන්, පිළිගැනීම් එක්ක මගේ කලාව සම්බන්ධයෙන් පැහැදිලි ඉතිහාසයක් ගොඩනැගිලා තිබුණා. නමුත් ජගත් වීරසිංහ කලා ඉතිහාසය ලියන්නේ මාද ඇතුළු සියළු ශිල්පීන් එකම තලයක පිහිටුවලා, 90 ප්රවණතාවයෙන් බිහිවුණු එක කෙනෙක් විදියට. ඒ නිසාම අන්තර්ජාතික වශයෙන් පවා ඉහළ පිළිගැනීමක් ලැබුණු පුරහල බෝම්බය කෘතියට හිමි තැනත් කලා ඉතිහාසයෙන් මැකිල යනවා. මේ දේ පුරහල බෝම්බය නිර්මාණයට හෝ මට පමණක් සිදුවුණු දෙයක් නොවෙයි මේ විලංගුවේ වැටුණු තවත් පරිබාහිර ශිල්පීන් ඉන්නවා. ඔය කියන 90 ප්රමවණතාවයෙන් පස්සේ බිහිවුණු ශිල්පීන්ගේ කෘතීන් වෙන්කරල හඳුනගන්න තවමත් පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ විදියටයි ලංකාවේ කලා ඉතිහාසය වගේම ශිල්පීන්ගේ අනන්යතාවයන් සම්බන්ධයෙන් ඵෙතිහාසික ගැටළුවක් ගොඩ නැගෙන්නේ. - සුජිත් රත්නායක, ‘BORN TO BELIEVE‘ මැයෙන් නිමේෂා තන්ත්‍රිමුදලි විසින් කරන ලද සාකච්ඡාවක් ඇසුරින් සම්පාදනය කරන ලද ලිපියකිනි. GO සගරාව, 2019 සැප්තැම්බර් කලාපය, 80 පිටුව


අක්ෂර පාදක කලා  මාලාව

thumb|අකුරු අසපුව 2010, කඩදාසි මත තීන්තනූතනවාදී කලාවට පෙර ශ්‍රී ලංකාව තුළ පැවතුණ බෞද්ධ විහාරාරාම අශ්‍රේය බිතු සිතුවම් තුළ එම සිතුවම් වලට පහලින් එම සිතුවම කුමක්ද යන්න පින්තාරු කිරීමෙන් දක්වන ලද අතර එය හුදෙක් සිතුවම වචනයෙන් කුමක්ද යන්න පැහැදිලි කිරීමක් මිස අකුරු යන්න සිතුවමේ කොටසක් බවට පත් කර ගැනීමක් නොවී ය. ඒ වගේ ම ශ්‍රී ලංකාවේ නූතනවාදී කලා ව්‍යාපාරය තුළ ද සිතුවම් තුළ අක්ෂර භාවිතා නොකෙරිණි. දැනට ඇති තොරතුරු වලට අනුව  චිත්‍ර කලා කෘති තුළට අක්ෂර යොදා ගැනීම ශ්‍රී ලංකාව තුළ මුල් වරට කරනු ලබන්නේ සස්කියා පින්ටලොන් ය. ඇය සිය කෘති තුළ ඉංග්‍රීසි වචන මෙන් ම සිංහල වචන ද භාවිත කරන ලද අතර ඇයගේ කෘති තුළ සෞන්දර්ය ස්වභාවය වූයේ දුර්වලාකාර, ග්‍රැෆිටි ආකාර සහ ග්‍රැෆික් ආකාර ස්වභාවයකි. ඇය සුලබ වශයෙන් අත් අකුරු සහ පින්තාරුමය අකුරු සිය කෘති තුළ භාවිත කළ අතර ඇය චිත්‍රණය සහ වචනාර්ථ උත්ප්‍රාසජනකව සංයෝග කළ බවක් පෙනේ. ඇයගෙන් පසු ජගත් වීරසිංහ අක්ෂර භාවිත කළ අතර ඔහුගේ අක්ෂර භාවිතයද සස්කියා පින්ටලොන්ගේ ම සෞන්දර්ය තථ්‍යාකාරයේ ම උප ප්‍රවිෂ්ටයක් මිස අනූපම සෞන්දර්ය ප්‍රවිෂ්ටයක් නොවී ය. ඒ වගේ ම සුජිත් රත්නායකද 90 දශකයේ අග භාගයේ සිය කලා කෘති සදහා අක්ෂර භාවිත කරන ලද අතර එය සස්කියා සහ වීරසිංහ යන කලාකරුවන්ගේ අක්ෂර භාවිතයට ශෛලිමය වශයෙන් ඉදුරා වෙනස් උවත් එකී සෞන්දර්ය තථ ්‍යාකාරයට අනුව සමරූපී ස්වභාවයක් ඉසිලී ය. ඉන් අනතුරුව අක්ෂර භාවිතය මුළුමනින්ම වෙනස් අනූපම නව සවුන්දර්ය ප්‍රවිශ්ටයක් බවට  වසර 2004 දී සුජිත් විසින් පත් කරන ලද අතර එහි ඇති විශේෂත්වය වන්නේ චිත්‍රය මුළුමනින්ම අක්ෂරවලින් සමන්විත වීමය. කියවිය හැකි වචන සහ  වාක්‍ය පමණක් ඇති කෘති හැටියටද කියවිය හැකි වචන සහ වාක්‍ය නැති අකුරු පමණක් ඇති කෘති හැටියටද සුජිත් මෙහිදී සිය කලා කෘති තුළ අක්ෂර භාවිත කරන ලදී.

‘තුවාල විකුණනු ලැබේ‘ කලා මාලාව


මනෝභ්‍රාන්ති කලා මාලාව

සුජිත් රත්නායක, මනෝභ්‍රාන්ති IV, 2017, මිශ්‍ර මාධ්‍යය, ඡායාරූපය - කිත්සිරි කරුණාරත්න

ස්වභාවික විපත්, යුද්ධ ආදී ව්‍යසනයන් හා අධිපති රෙජිමයන්හි පීඩණය හමුවේ පශ්චාත් ව්‍යසන පසුබිමක මනුෂ ්‍යයාගේ විදවීම පෙන්නුම් කෙරෙන මනෝභ්‍රාන්ති තත්වය දෘෂ්‍ය කලාව මගින් ඉදිරිපත් කරන ලද කලා මාලාවකි. එය එඩ්වර්ඩ් මුන්ච්  ශ්‍රී ලාංකේය සංදර්භයක නව සෞන්දර්යයක පිහිටවීමක් බව කලාකරු විසින් ‘මනෝභ්‍රානිති‘ මැයෙන් 2017 දී ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පවත්වන ලද ප්‍රදර්ශනය අරබයා නිකුත් කළ සමරු කලාපයේ දක්වා ඇත.[3]

ආරාධිත ප්‍රසිද්ධ කලා කෘති සහ කලා ව්‍යාපෘති

thumb|රාජිත දිසානායකගේ වීරයා මැරිලා වේදිකා නාට්‍යයට සුජිත් රත්නායක කළ වේදිකා පසුතල නිර්මාණය. ඡායාරූපය - රාජිත දිසානායක දෘෂ්‍ය කලාකරුවන්ගේ කලාත්මක පරිකල්පනය ප්‍රසිද්ධ වාස්තු විද්‍යානුකූල ගොඩනැගිලි වල සෞන්දර්ය සමග ඒ වෙනුවෙන්ම ලත් ආරාධනයෙන් සංයෝග කිරීම වාස්තු විද්‍යාවේ ස්වභාවයකි.  ශ්‍රී ලංකාවේ නූතනවාදී වාස්තු විද්‍යාෙව් පුරෝගාමියකු වන ජෙෆ්රි බාවා ඔහුගේ වාස්තු නිර්මාණ සමග සංයෝග කිරීමට යොදා ගනු ලැබුයේ ලකී සේනානායක ය. බාවාගේ වාස්තු නිර්මාණ තුළ ඒ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද සේනානායකගේ කලා අංගයන් බාවාගේ වාස්තු අනන්‍යතාවයේ ම කොටසක් බවටද පත් විය. සුජිත් රත්නායකගේ කලාත්මක පරිකල්පනයද ද ප්‍රසිද්ධ වාස්තු නිර්මාණ සදහා යොදා ගන්නා ලද අතර පළමු වරට මේ සදහා සුජිත් ආරාධනා ලබන්නේ වාස්තුවේදී මහින්ද හේරත් විසින් සැළසුම් කළ වයඹ පළාත් සභා ගොඩනැගිල්ලේ සභා ගර්භයේ පිවුසුම සුජිත්ගේ සුවිශාල චිත්‍ර කර්මයකින් සැරසීමට ය. මේ සදහා ‘කල්ප ව ෘක්ෂය‘ යන සංකල්පය සුජිත් විසින් විචිත්‍රකරණයට ලක් කරන ලදි. මේ ව්‍යාපෘතිය සදහා නිර්මාණාත්මක සහාය  ඔහුගේ සහෝදරයකු වන ප්‍රගීත් රත්නායක විසින් ලබා දෙන ලදි. මෙම ගොඩනැගිල්ලට අමතරව චන්න දාස්වත්තගේ වාස්තු හා ගෘහ අභ්‍යන්තරික සැළසුම්හි තේමා හා සෞන්දර්යයන් සමග ඒ වෙනුවෙන්ම ලැබූ ආරාධනයෙන් සුජිත් විසින් ව්‍යවහාරික කලා කර්ම කළ අතර හිල්ටන් - කොළඹ, අනන්තරා - කටුකුරුන්ද, සන්රයිස් - පාසිකුඩා, චායා බේ - හික්කඩුව, බෙන්තොට බීච් - බෙන්තොට ආදිය වේ. මීට අමතරව වේදිකා නාට්‍ය සදහා පසුතල නිර්මාණය සදහා සුජිත් ආරා ධනා ලබන අතර එහි ප්‍රථම සහ අවසාන දායකත්නය වන්නේ රාජිත දිසානායකගේ වීරයා මැරිලා වේදිකා නාට්‍යය සහදා පසුතල නිර්මාණය කිරීම ය. වීරයා මැරිලා නාට්‍යය ශ්‍රී ලංකාවේ නාට ්‍ය කලා ඉතිහාසය තුළ පරිභෝජන සමාජ යථාර්ථය තුළ සෑම දෙයක් ම විකිණෙන යථාර්ථය හා එය අභිබවා ආත්මීය පරමාර්ථයන්ගෙන් යුක්තව සුදීමතකු හැටියට පැවතීමට උත්සාහ දරණ සුදීමතුන්ගේ ඛේදවාචකය නිරූපණය කරන ලද නාට ්‍යයකි.

ඒකපුද්ගල කලා ප්‍රදර්ශන

1999 ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ.

2000 පැරඩයිස් රෝඩ් කලාගාරය, කොළඹ.

2002 අදුරු පරිච්ඡේදය' ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ.

2004 බෞද්ධාලෝක මාවත කලාගාරය, කොළඹ.

2005 ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ.

2009 Alliance Frances, කොළඹ.

2017 'මනෝභ්‍රාන්ති' , ලයනල් වෙන්ඩ්ට් කලාගාරය . කොළඹ.

2018 'තනි අඛණ්ඩ රේඛාව'පැරඩයිස් රෝඩ් කලාගාරය, කොළඹ.

2020 'කෙටුම්පත් තෘෂ්ණාව' බෙයාර්ෆූට් කලාගාරය, කොළඹ.



සමූහ කලා ප්‍රදර්ශන / නේවාසික කලා වැඩසටහන්

1991 සමස්ත ලංකා පාසල් චිත්‍ර ප්‍රදර්ශනය, ජාතික කලා භාවන, කොළඹ. ශ්‍රී ලංකාව.

2009 දී ඇලියොන්ස් ‍ෆ්‍රන්සස් කලාගාරයේදී පැවැත් වූ කලා ප්‍රදර්ශනය වෙනුවෙන් කීර්තිමත් නාට්‍යවේදියකු වන ගාමිණී හත්තෙට්ටුවේගම විසින් කලාකරුවාගේ නමට ඇලියොන්ස් ‍ෆ්‍රන්සස් වෙත එවන ලද තැපැල් පත

1995 තරුණ සම්මාන උළෙල , චිත්‍ර ප්‍රදර්ශනය, ජාතික තරුණ මධ්යස්ථානය, මහරගම, ශ්‍රී ලංකාව..

1997 "තරුණ සමකාලීන කලාකරුවෝ " ජාතික කලා භවන, කොළඹ, ශ්‍රී ලංකාව.

1999 "නව කලාකරුවෝ " චිත්‍ර ප්‍රදර්ශනය, ජාතික කලාභවන, කොළඹ , ශ්‍රී ලංකාව.

1999 '9 වන බංගලාදේශ ආසියාතික ද්විවාර්ශිකය' , ශිල්ප කලා ඇකඩමිය, ඩකා, බංග්ලාදේශය.

2000 චිත්‍ර ශිල්පීන්ගේ ප්රදර්ශනය, ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.

2000 "Winds of Artists in Residence ", ෆුකුඕකා ආසියානු කලා කෞතුකාගාරය[permanent dead link], ෆුකූඕකා,ජපානය.

2001 OSAKA TRIENNALE, Contemporary Art Space, ඔසාකා, ජපානය.

2003 "Serendipity" , 'ඔක්තෝබර් කලාගාරය, ලන්ඩන්,  එක්සත් රාජධානිය.

2004 හබරණ ජාත්‍යන්තර කලා කඳවුර, කලාකරුවන්ගේ කෘති ප්‍රදර්ශනය, හැරල්ඩ් පීරිස් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.

2006 බෙයාර්ෆුට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.

2008 "ස්වාධීනත්වය පිළිබිඹු කිරීම", මොනා බිස්ස්මාර්ක් පදනම, පැරිස්, ප්රංශය.

2009 "රසවින්දනය: ශ්රී ලංකාවේ සිට නවීන පන්නයේ කලා". වංශ කථාව, වියානා, ඔස්ට්රියා.

2009 ‘යුද්ධය අතරතුර දී දර්ශනීය දර්ශන’ ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.

2010 '14 වන බංගලාදේශ ආසියාතික ද්විවාර්ශිකය' , ශිල්ප කලා ඇකඩමිය, ඩකා, බංග්ලාදේශය.

2015 සවුන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ 10 වන සංවත්සර චිත්‍ර ප්‍රදර්ශනය, ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.

2016 'ශ්‍රී ලංකා කලාකරුවෝ' , ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.

2017රාජ්‍ය චිත්‍ර හා මූර්ති කලා උළෙල (ආරාධිත කෘති සහභාගීත්වය), ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.

2017 මානව හිමිකම් කලා උළෙල හා ප්‍රදර්ශනය, ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.

2019 මැය් - Shades of Black & White, ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.

2019 අගෝස්තු - One Won ( එකම  ජය ), පාර්ක් ස්ට්‍රීට් මෙව්ස්, කොළඹ.  

2019 ඔක්තෝම්බර් - BE THE BREAK, ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.

විචාර-ප්‍රතිචාර උපුටා දැක්වීම්

  • ජොර්ජ් කීට් පදනම ඉදිරිපත් කරනු ලැබූ ‘නව කලාකරුවෝ 98‘ චිත්‍ර ප්‍රදර්ශනය පසුගිය නොවැ: 28 සිට දෙසැ: 6 දක්වා කොළඹ ජාතික කලාගාරයේදී පැවැත්විණි. එහිදී චිත්‍ර කලාවේ නව අංගයක්ද දැක ගත හැකි වූයේ ය. සුජිත් රත්නායක, ශිල්පියාගේ මිශ්‍ර මාධ්‍යයෙන් යුත් ( Mixed Media ) මූර්ති සහ චිත්‍ර ඇතුලත් ස්ථාපන ( Installation ) දෘෂ්‍ය කලා නිර්මාණය මෙම ප්‍රදර්ශනයේදී වඩාත් ම අවධානයට යොමු වූවකි.                               -  එම්.ජී.ආර්. සිසිර කුමාර, ‘නව ඉසව්වකට ගිය ගමනක්‘   1999 ජනවාරි කලාපය, සිව්දෙස සගරාව,
  • සුජිත් රත්නායක නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන් බිඳ දැමීම සහ චිත්‍ර කලාවේ සෞන්දර්යාත්මක අත්දැකීම්වල පරිපූර්ණත්වයට අභියෝගයකි. ඔහුට අවශ්‍ය වන්නේ කම්පනය, බිය ගැන්වීම, යටපත් කිරීම, මවිතයට පත් කිරීම, විස්මයට පත් කිරීම,  පහර දීම,  යනාදී  මාතෘකා මෙන් පෙනෙන වචනාර්ථ   අනාගත ප්‍රදර්ශන දක්වා බලාපොරොත්තුවකට ලක් කිරීම ය. සුජිත් රත්නායක  තම භූමිකාවේ  කොටස ඉටු කර ඇත; ඔහු මේ දශකයේ බැසිලිට්ස් සහ ඩේමියන් හර්ස්ට් වැනි කලාකරුවන් පරිශීලනය කිරීම වැදගත් විය හැකිය.  ඔහු තවමත් ඉතා තරුණ ය, ඔහු නැරඹීමට වටින කලාකරුවෙකි. - මහාචාර්ය ඇස්.බී. දිසානායක, 'සුජිත් රත්නායකගේ කලාව; පුදුමය සහ කම්පනයේ සංවේදීතාවන්', 1999 මැයි සන්ඩේ අයිලන්ඩ්
  • සුජිත් රත්නායක යනු කොළඹ සමකාලීන කලා ක්ෂේත්‍රයට බලපෑමක් ඇති කළ තරුණ චිත්‍ර - මූර්ති ශිල්පී  පරම්පරාවේ ශිල්පියෙකි.  ඔහු නිසැකවම ඔහුගේ පරම්පරාවේ වඩාත්ම ජවසම්පන්න හා ගතික පුද්ගලයෙකි.ඔහුගේ බොහෝ කෘති ක්ෂණික හා තීව්‍ර වන අතර ඒවා පැය කිහිපයකින් පින්තාරු කර ඇත. අභිනය සහ වේගය සමඟ ඒවා ශක්තිජනක වන අතර ඇතැම් විට එය අතිශය ලිහිල් බවක් පෙන්නුම් කරයි, නමුත් පින්තාරු කරන ලද ප්‍රස්තුත හා රූප මගින් ව්‍යුහයක් නැවත ලබා ගනී. එය කුමනාකාර ද යන්න සුජිත් සිතුවම් තුළ ගණනය කර ඇත. - ජගත් වීරසිංහ,23 May, 2000, පැරඩයිස් රෝඩ් කලාගාරයේදී පැවැත් වූ සුජිත් රත්නායකගේ දෙවන ඒකපුද්ගල ප්‍රදර්ශනයේ කැටලොගය තුළ ‘සුජිත් රත්නායක‘ හිසෙන් තබන ලද සටහනෙනි. පැරඩයිස් රෝඩ් කලාගාරයේ ප්‍රකාශනයක්
  • සුජිත් යනු තමාගේම සුවිශේෂී ශෛලියක් ඇති කලාකරුවෙකි, ඔහු සිය රළු සටහන් එලෙසම  සිතුවම් බවට පත් කිරීම ඇරඹුවේ ය. - රුහානි පෙරේරා විසින් කලාකරු සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් රචිත ‘‘වචන පහසුවෙන් එන්නේ නැත, නමුත් පින්සල් පහර පහසුය‘‘ ලිපියෙන් උපුටා ගන්නා ලදි. සන්ඩේ ටයිම්ස්, මිරර් සඟරාව,  2000  මැයි 28
  • මට හැඟෙන්නේ ඔහුගේ මූර්ති තරුණ ශ්‍රී ලාංකික කලාකරුවාගේ කෘතියේ විශාල වෙනසක් හෙළි කරන බවත්, පශ්චාත් නූතනවාදය හා ඉන් ඔබ්බට ගවේෂණය පෙන්වන බවත්, පරිසරය පිළිබඳ සවිඥානිකව ද්‍රව්‍ය භාවිතා කරන බවත්ය. ඔහුගේ සිතුවම් මූලික ප්‍රකාශන මාදිලිය බවට පත්ව තිබුණද ඔහු තවමත් මූර්ති නිර්මාණය කිරීම ගැන මම සතුටු වෙමි. සුජිත්ගේ සිතුවම් යනු අපගේ තරුණ ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ බොහෝ ‘වියුක්ත ප්‍රකාශන’ ශෛලියෙන් බැහැරවීමකි. ඔහු සිය කාර්යයට වඩාත් ත්‍රිමාන හා සමහර විට ආශ්චර්යමත් බලපෑමක් ලබා දෙන ‘මොන්ටාජ්’ මාධ්‍යය භාවිතා කරයි. වෙළඳ ප්‍රචාරණ ක්‍ෂේත්‍රයේ මීට පෙර ග්‍රැෆික් කලාවෙහි නියැලී සිටීම ඔහුගේ කෘතියට පැහැදිලිවම බලපා ඇත. - කළු සහ සුදු වර්ණයන්හි පරාවර්තනය; සුජිත් රත්නායකගේ කලාව , වරුණිකා හපුවත්ත, 2000 ජුනි,එක්ස්ප්ලෝ ශ්‍රී ලංකා සගරාව , පිටුව 26 සහ 27
  • කළු හා සුදු මගින් අත්‍යවශ්‍යයෙන්ම ඔහුගේ කෘති පුපුරන සුලු හා සජීවී ලෙස විස්තර කර ඇති අතර, එහිදී ඔහුගේ කැන්වසය තුළ ඒ සමඟ ඔහුගේ කලා නිදහසේ ඔහුගේ ආශාව පවතී. - මූර්ති ශිල්පියා චිත්‍ර ශිල්පියා බවට පත් විය, අනීෂා ආටිගල්ලේ, 2000 ද අයිලන්ඩ්
  • ඔහුගේ සිතුවම් ඔහුගේ ජීවිතය පිළිබඳ අර්ථ නිරූපණය පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර සමහර විට එය පුපුරන සුලු හා උද්‍යෝගිමත් වේ. කළු සහ සුදු සංධ්වනි, කීර්ති ශ්‍රී කරුණාරත්න, 2000 ද අයිලන්ඩ්,
  • මා ශාස්ත්‍රාලයීය කලා අධ්‍යාපනය ලැබූවෙක් නෙමෙයි. විවිධ ආකාරයෙන් කලාව පිළිබද පොත පත ඇසුරු කිරීමෙන්, පුද්ගල ඇසුරින් ලබන අත්දැකීම් තමයි මට ඒ සදහා බලපෑවේ. අපි කලා ක්‍රියාකාරිත්වයට යොමුවුණ 70 දශකය කියන්නේ අප තරුණ වියට එළඹුණ වකවානුව. ඒ යුගයේ අපට බලපෑ සමාජ දේශපාලනික කරුණු තමයි මුල් කාලයේ කලා ප්‍රකාශනයට බලපෑවේ. එවක මගේ කලා ප්‍රකාශන මාධ්‍යය වූයේ කටු පෑනෙන් චිත්‍ර ඇදීම. එස්. එච්. සරත්, මූර්ති ශිල්පී මහින්ද අබේසේකර, නාට්‍යෙවේදී ධම්ම ජාගොඩ ආදී මගේ සමකාලීනයින් සමග වූ සංවාදයෙන් මෙන් ම, 90 දශකයේ ජගත් වීරසිංහ, සුජිත්ලා ( සුජිත් රත්නායක ) ප්‍රදීප් ලා ( ප්‍රදීප් චන්ද්‍රසිරි ) ආදී ශිල්පීන් සමග ඇසුර, සංවාද, ඔවුන්ගේ කලා නිර්මාණ ඇසුර මේවා බලපෑවා. - රොහාන් අමරසිංහ, මගෙ සිහිනෙට ඉඩ හරින්න, ( සිසිර කුමාර මහගම සමග කළ සම්මුඛ සාකච්ඡාවකිනි ) සියත පුවත්පත, පිට 22, 2008 නොවැම්බර් 30
  • විහාරවල බිතු සිතුවම් ඇඳීම, බැනර් ඇඳීම ආදී කලාවේ විවිධ ක්‍රියාකාරකම්වල යෙදුණු අපි ඊට එහා කලාවේ ගැඹුරක් තියෙන බව දැන ගන්නවා. ඒ සඳහා අපිට පාලම හැදුවෙ සුජිත් රත්නායක. - චමිල ගමගේ , සියත පුවත්පත, 2010 පෙබරවාරි 10.
  • ඔබට ආශ්වාදයක් හෝ බලපෑමක් කරන කලාකරුවන්? සැල්වදෝර් ඩාලි, පැබ්ලෝ පිකාසෝ. එයාලගේ  කලාව පමණක් නොවෙය් , ඔවුන්ගේ ජීවිත ද මට ආශ්වාදයක්.  එයාල ජීවත්ව සිටියදී එයාලගේ  කෘති මිලියන ගණනකට විකුනුණා.  ඒකෙන්  එවකට සිටි ජනතාවගේ මානසිකත්වය පෙන්නුම් කරනවා. ෆ්‍රැන්සිස් බේකන්, ගුස්ටාව් ක්ලිමට්, චන්ද්‍රගුප්ත තේනුවර සහ සුජිත් රත්නායකගේ කෘතිවලටත්  මම කැමතියි. - ඩෙප් තුෂාර, 2013 මැය්. 24, Life online වෙබ් ජර්නලය
  • සුජිත් වගේ කෙනෙක් ගත්තම අපිට පේන්න තියෙන දෙයක් තමයි මොකක් ගැනද මේ ශෝකය, අසාර්ථක වීම්, නොගැලපීම්, විගැලපීම. දැන් සමහර පේන්ටර්ස්ලා ඉන්නවා මේ බුරුෂුවා සිස්ටම් එකට හොදට ම සෙට් වෙලා. ඒ ගොල්ලා ආර්ටිස්ට්ලා වෙලා. ඒ ගොල්ල සතුට ගැන කතා කරනවා. ආර්ට් වල අයිඩියොලොජි එක තමයි සතුට කියන්නෙ. අපි කාවවත් සතුටු කරන්න ඕන නැහැ. ඒ සතුටු කිරීම වෙළෙද පොළෙත් තියෙනවා. අපි ආර්ට් අදින්න ඕන්නෑ කාවවත් සතුටු කරන්න. අපි ෆුඩ් සිටියට ගියාම හොදට ම සතුටු වෙනවා. අපි ක්‍රෙඩිට් කාඩ් එකත් අරගෙන කවුන්ටරය ලගට යනකොට අපි කොච්චර සතුටෙන් ද ඉන්නේ. චිත්‍ර අදින්න ඕනද ? ක්‍රෙඩිට් කාඩ් අරං යන මිනිස්සු දිහා බලන්නකෝ. කොච්චර සතුටුද ? පැහැදිලි ද ? තව දුරටත් මේ යුගයේදී සතුට ඇන්දට වැඩක් නෑ. ශෝකය, දොම්නස, මේ හැලිසියුනේෂන්, මනෝභ්‍රාන්තිය මොකද්ද ? මේ උනේ කියලා තේරෙන්නෙ නෑ. එකක් අසූ අට අසූ නමය විශාල මිනිස් ඝාතන, ඊට පස්සෙ සුනාමි, ඊට පස්සෙ විශාල ඝාතන මේ සියලු දේවල් ඉවර උනාම කලාකාරයින්ගෙ ජීවිතයේ ප්‍රශ්න තමයි. කලාකාරයින් හිනා වෙවී නම් ඉන්නේ ඔහු කලාකාරයෙක් ද ? ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසිය යුතුයි. - හයිනාවො සිංහ දඩයමට කිට්ටු වන මොහොතක, සුජිත් රත්නායකගේ මනෝභ්‍රාන්ති කලා ප්‍රදර්ශනයේ සමාරම්භක දිනය වන 2017 අගෝස්තු 15 දින දීප්ති කුමාර ගුණරත්න විසින් කළ කතාවෙනි. ත්‍රිමාන වෙබ් ජර්නලයෙන් උපුටා ගන්නා ලදි.
  • බලාපොරොත්තු, සිහින එක්ක නැගිටිමු කියනවා වෙනුවට කුණාටුව තුළ සුනුවිසුණු වීම හැර වෙන කළයුත්තක් නැති බවක් නැහැ. එහෙම හිතන කොට ම මනෝභ්‍රාන්තිය දෙගුණ තෙගුණ වෙලා දැනෙනවා. ඒත් ගලා යාම සමග මුසු වීමට එහි කිසිම බාධාවක් නැහැ. අනවශ්‍ය දේවල් ගැන නොසිතා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා නම් කිසි දේකට බය වෙන්න දෙයක් නැහැ. සමහර අයට එහෙම පුළුවන්. ඒත් ගලායාම සමග එකග විය නොහැකිනම් කුමක් කළ යුතුද? මම හිතන්නේ සුජිත් ඒ කළ හැකි දේ කරනවා.සුජිත්! ජීවිතය දැන් කොහොමත් පහසු නෑ‘ , සුමුදු අතුකෝරල, 2017 අගෝස්තු 27, අනිද්දා පුවත්පත
  • 'තනි අඛණ්ඩ රේඛාව' සංකීර්ණ නොවූ අතර, එය කලාව තුළ ශක්තිමත් න්‍යායාත්මක පදනමක වැදගත්කම පිළිබඳ ඔහුගේ විශ්වාසයේ අවංක පිළිබිඹුවකි. ඔහු අපව නැවත කලාවේ හදවතට ගෙනයාමට රේඛාව භාවිතා කර ඇත. ඹන් ඩ්‍රෝවින් ද ලයින්, ඩලීනා සමාර, 2018 ජූලි 15, ද සන්ඩේ ටයිම්ස්
  • ‘සිතුවමක් යනු රේඛාවක් චාරිකාවක් යාමයි’ ඉරි නැත්නම් රේඛාව යන්නට පෝල් ක්ලී නම් චිත‍්‍රශිල්පියෙකු විසින් ලබාදුන් අදහසක් තමයි ඒ. මෑතකදී සුජිත් රත්නායක විසින් පැවැත්වූ ‘තනි අඛණ්ඩ රේඛාව’ චිත‍්‍ර ප‍්‍රදර්ශනයේ අපූරු චිත‍්‍ර එම අදහස ඒත්තු ගන්වන්නක් ලෙස මෙවෙලේ මතකයට නැගේ. ඉරි , සුමුදු අතුකෝරාල, 2019 ජූලි 07, අනිද්දා පුවත්පත
  • චිත්‍රයක් වනාහී හුදෙක් වර්ණවලින් නිමවන්නක් හැටියට සම්මත වී තිබුණු පසුබිමක් තුළ, ඔහු 1990 දශකයේ දී කාල වර්ණයෙන් පමණක් චිත්‍ර අඳින්නට වන්නේ, චිත්‍රය යනු තවදුරටත් වර්ණ පවා තීරණාත්මක නොවන නිදහස් වැඩ බිමක් බවට පත්කරමිනි. තවද 90 දශකයේ අගභාගය හා 2000 දශකයේ මුල භාගයේදී චිත්ර කලාව අධිග්රාෆික සෞන්දර්ය ප්රකාශනීය පරිවර්තනයකට ලක් කළේය. එපමණකින් නොනැවතී එතෙක් මෙතෙක් ලංකාවේ සමකාලීන චිත්ර කලා ඉතිහාසය තුළ නව්ය ප්රවණාතාවයන් මෙන්ම අන්වර්තිත ප්රවණතාවයන්ගේ ස්වරූප සහ විචල්යයන් පහදමින් ඔහුගේ කලා ජීවිතය ගලා යයි. කොළඹ සෞන්දර්ය අධ්යයන ආයතනයේදී සුජිත් රත්නායකයන් හමුවිය හැක්කේ මූර්ති කලාවෙන් ආශ්වාසනීය වූවෙකු ලෙසය. ඔහු චිත්ර කලාවේ මූලික පරිචය මෙන්ම සබැඳි අනෙකුත් කාරණා උගෙන තිබුණේ සිය පියා කෙරෙන් මෙන්ම චිත්ර ගුරු සරත් වීරසිංහයන්ගේ අනුබැඳුමෙනි. නමුදු පසුකාලීනව ඔහු චිත්ර කලාවේ නව මානයන් සොයා යන්නේ ස්වයං පරිකල්පනය තුළිනි. - ‘BORN TO BELIEVE‘, නිමේෂා තන්ත්‍රිමුදලි, GO සගරාව, 2019 සැප්තැම්බර් කලාපය, 80 පිටුව
  • එක ම ලක්ෂයකින් පටන්ගෙන සිය සිතේ මතුවන මහා සිතිවිලි සමුදායක් අංශුවකින් හෝ වෙනස් නො කර, නොකැඩුණු තනි ඉරක් ලෙස කැන්වසය මත සනිටුහන් කරන පරිකල්පනය, චිත්තාවලි සමූහය මා විස්මයට ද, අමන්දානන්දයට ද පත් කර ලී ය..!!එය මට කර බැලිය හැකිදැයි මොහොතකට සිතමි. පටන් ගන්නට පුලුවන. නමුත් අඩු තරමින් කඩදාසියේ, කැන්වසයේ වපසරියවත් හරියට ප්‍රමාණ කර ගන්නට මම අපොහොසත් වෙමි. මෙසේ ඇඳගෙන යන රේඛාවෙන් ගම්‍ය වන්නේ කුමක්දැයි මොහොතකටවත් සිතා ගන්නට අපොහොසත් ව උකටලී වෙමි. ඒසේ තනි ඉරකින් චිත්‍රයක් ඇඳගෙන යන්නට ඇවැසි මානසික ඒකාග්‍රතාව නොමැති බැවින් විස්සෝපයට ද පත් වෙමි.එකල් හි මම චිත්‍රයකට බද්ධ කළ නොහෙන වචන ගොන්නකින් දමා ගසමින් අසම්පූර්ණ සටහනක් ඔබට දෙමි.එනිසා ම සුජිත් රත්නායක මළණුවනි, මම ඔබ කෙරෙහි අතිශයින් ඊර්ෂ්‍යා පරවශ වෙමි...!! 'සුජිත් රත්නායකගේ තනි අඛණ්ඩ රේඛාව'  - ඉන්ද්‍රනාථ තේනුවර, 2019 දෙසැම්බර් 12, photokatha.blogspot.com/ වෙබ් අඩවියෙනි.

සුජිත් රත්නායක උධෘත

  • නිර්මාණ ශිල්පියා කලාගාරය තුළ, තම නිර්මාණ සමග රැදී සිටිමින් රසිකයාට මැදිහත් විය යුතු නැහැ. එය රසිකයාගේ වින්දනයට බාධාවක්.  - සුජිත් රත්නායක, ‘නව ඉසව්වකට ගිය ගමනක්‘ මැයෙන් පළ වූ එම්.ජී.ආර්. සිසිර කුමාර  පැවැත් වූ සාකච්ඡාවකිනි. 1999 ජනවාරි කලාපය,  සිව්දෙස සගරාව,
  • මා පින්තාරු කරන්නේ ඔබට මනෝභාවයක් ලෙස හැඳින්විය හැකි දෙයක් නොවේ. එය මගේ සමකාලීන ජීවිතය පිළිබඳ ප්‍රකාශය - මා දකින ආකාරයයි. මම ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා නොකරමි. මගේ සිංහල ද පරිපූර්ණ නොවේ. නමුත් මට සන්නිවේදනය කිරීමට වචනම අවශ්‍ය නැහැ; මගේ මාධ්‍යය මගේ කලාවයි. මට අවශ්‍ය වන්නේ වචනම නොමැතිව මිනිසුන් මාව තේරුම් ගැනීමයි. ‘‘වචන පහසුවෙන් එන්නේ නැත, නමුත් පින්සල් පහර පහසුය‘‘ - සුජිත් රත්නායක, රුහානි පෙරේරා විසින් කලාකරු සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් රචිත ලිපියකින් උපුටා ගන්නා ලදි. සන්ඩේ ටයිම්ස්, මිරර් සඟරාව,  2000  මැයි 28
  • අලුත්ව හිතන්න තරම් අපේ විචාරකයන්ට අභ්‍යන්තර කැරලි නැහැ. සමාජ කැරැල්ලකට පෙර තමන් තුළ කැරැල්ලක් ඇති විය යුතුයි. එවැන්නක් නැති අයට ඍජු විචාර කළ නොහැකියි.                                     -සුජිත් රත්නායක , ‘සමාජ කැරැල්ලකට පෙර තමන් තුළ කැරැල්ලක් ඇති විය යුතුයි.‘ හිසින් පළ වූ චමින්ද සිසිර ගමගේ සමග කළ සම්මුඛ සාකච්ඡාවකිනි.  ලංකාදීප, 2000 ( වර්ෂය පමණක් සොයා ගත හැකිය. දිනය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වේ )
  • “දිගු කාලීන පුහුණුව හෝ අත්‍යවශ්‍ය දෘශ්‍ය ව්‍යාකරණ නොසලකා හැරීමෙන් අද දෘශ්‍ය කලාව හුදු දෘශ්‍ය ප්‍රයෝග සහ සමාජ සංකල්ප පමණක් නිර්මාණය කිරීම සඳහා පටු වී ඇත.”                                            - සුජිත් රත්නායක , ‘’තනි අඛණ්ඩ රේඛාව: සුජිත් රත්නායකගේ රේඛීය කලාවන්හි විස්මිත ලෝකය ගවේෂණය කරන්න’’ හිසින් පළ වූ ලිපියකිනි. 2018 ජූනි , ටයිම් අවුට්  ශ්‍රී ලංකා සගරාව
  • ''දැන් ඉන්න ආර්ටිස්ට්ලාටයි කලා සහෘදයන්ටයි තියෙන්නේ ලීසිං, බැංකු ණය, ඉන්සූරන්ස් පියවීම. මේ අය තමන්ගේ මුලු ජීවිත කාලෙම කරන්නේ තමන්ට දරා ගන්න බැරි   භාණ්ඩ තොගයක් එක්ක විනෝද වෙන එක. චිත්‍ර ප්‍රදර්ශනයකට ආවත් මූණ දාලා යන්න, සිවිල් අය හමු වෙන්න එන්නෙ. සමහරු ගැලරියට මේ කොනෙන් ඇතුලු වෙලා එහා කොනෙන් පිටවෙනවා''  - සුජිත් රත්නායක, ‘‘කම්පනයෙන් වෙලා ගත් මොහොතක්‘‘ හිසින් පළ වූ තිලක් කෝදාගොඩ කළ සම්මුඛ සාකච්ඡාවකිනි. 2009 මැයි 24, රාවය පුවත්පත
  • ලංකාවෙ කලා ඉතිහාසය තුළ පමණක් නොවෙයි මුළු ලෝකයේ ම කව්රුවත් කරපු නැති අමුතුම ආකාරයේ කලාවට අයිති නැති බහුභූත වැඩක් කරන්නෙ ජගත් වීරසිංහයි.  ජගත් පුරා විද්‍යාඥයෙක්. ඔහු පුරා විද්‍යාවේ නියලෙන කලාකරුවකු හැටියට පුරා විද්‍යාව අවභාවිතයට ලක් කරමින් සිදුවීම් සිදු උන පිළිවෙළ අවුල් කරනවා විතරක් නෙමෙයි මාස දෙක තුනක තරම් කෙටි කාලයකින් කෘත්‍රිම ප්‍රවණතාවක් සමාජගත කරන්න වැඩ කරනවා. 'මේඩ් ඉන් අයි.ඒ. එස්' තමයි මේ ප්‍රදර්ශන උගුල. ලංකාවේ කලාවේ අධිබල පිපුරුමකැයි නියලා උද්ධෘතයක් සමග ඔහු ඔහුව මුල් කරගෙන බහුත්ව බහු ශෛලීය කලා ප්‍රවණතාවයක්  හැදුණාය කියලා කියන්න සහ ඔහු පුරා විද්‍යාවේ උගන්නන ‘සංකීර්ණ සමාජ අධ්‍යයනය’  කියන විෂය වෙනුවෙන් සමාජය හිතාමතාම සංකීර්ණ කරනවා. ඔහුගේ මේ වැඩේ අල්ල ගන්න හෝ ප්‍රශ්න කරන්න සමත් කව්රුවත් ඒ කාලෙ හිටියෙ නැහැ. කලා කණ්ඩායමක් හැටියට එකට සිටිය නොහැකි විසුරුණු බහුවිධ චරිතයි ඔහු ඔහුගේ සිවිල් බලය භාවිතා කරමින් එකට අමුණන්නෙ. ඇකඩමික අධ්‍යාපනයට අනුගත නොවූ අය, නවක වදය දෙන අය, කණිෂ්ඨ වසර වල අය, ජ්‍යෙෂ්ඨ වසර වල අය, පුහුණු අය, නොපුහුණු අය, අශ්ලීල උප සංස්කෘති වල ඉන්න අය, ග්‍රාමීය මූලයන් ඇති අය, මූලික සමාජ දැනුමවත් නැති අය, මුග්ධ පුරුෂාධිපත්‍යයෙන්  යුතු අය, කුලෑටි අය, කලාකරුවන් වීමට බලාපොරොත්තුවක් නොතිබුණු අය, දේශපාලනික විභවයක් තිබුණ අය සහ නොතිබුණ අය, පොප් සංස්කෘතිය වැළදගත් අය, වැඩවසම් අය...... ඔය වගේ බහුවිධ කටිටයකගේ ප්‍රදර්ශනයක් තමයි ඔහු සංවිධානය කරන්නෙ. මේ අය අතුරින් දෙතුන් දෙනෙකු හැර සියල්ලන්ගෙ ම අදහස් ඔවුන් ලියන ආකාරයට ප්‍රදර්ශන කැටලොග තුළ ලියන්නේ ද ජගත්මයි. මේ අයගෙන් සමහරෙක්  මේ ප්‍රදර්ශනයෙන් පස්සෙ ආගිය අතක් නෑ. සමහරු ජගත්ගෙ ගෙදරම නතර කරගෙන ඇකඩමියානු සම්‍රප්‍රදායය ද ඔහු අවභාවිතයට ලක් කෙරුවා.මම මේ බව මීට කලින් සියත පුවත්පතට ලිපි තුනක් හැටියට ලියලා තියෙනවා. ජගත් මේ අය ලෝකෙ වටේ අරගෙන යනවා. ජගත් මුල් කරගෙන 90 වේ ප්‍රවණතාව නමින් ප්‍රවණතාවක් ඇති උන බවට විශ්ව විද්‍යාල වලට ඉගැන්වීම සදහා විෂය මාලා සදහා ද හදුන්වලා දීලා තියෙනවා. පුදුමය කියන්නෙ ජගත් කියන ප්‍රවණතාවෙ ජගත් හැර මේ කිසි ම කෙනෙක් සමාජය ඉස්සරහට එන්නෙ නැතිකමයි. ලංකාවෙ කිසි ම ජනමාධ්‍යයක් මේවා ගැන ප්‍රශ්න කරලා නෑ. අර මහින්ද රාජපක්ෂ මාධ්‍ය සාකච්ඡා වලට එන්නෙ නෑ වගේ අද වන විට ජගත් ද මාධ්‍ය සාකච්ඡා වලට එන්නෙ නෑ.  ජගත් ඔහුගේ පුරෝගාමිත්වයෙන් මේ ප්‍රවණතාව හැදුණු බව කීමට 83 කළු ජූලියත් භිෂණ සමයත් යුද්ධයත් ඈද ගන්නවා. මේ සමාජ ඛේදවාචක හරහා එය පිළිබිඹු කරන කලාවක් බවත්, නාගරීකරණය වගේ ම ආසියානු නූතනවාදී කලාවත්, සංකල්පීය කලාවත්, ස්ත්‍රීවාදී කලාවත්, පශ්චාත් නූතනවාදී කලාවත්, දේශපාලනික කලාවත් එය වන බවත් ඔහු ලෝකයට පුරා විද්‍යාඥයකු හා ඉතිහාසඥයකු හැටියට  අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ එක් එක් ධාරාවන්ට පුද්ගලයින් ලේබල් කරගෙන එකට ම තියාගෙන ඉන්න එක තමයි තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගෙ සාමුහිකය කියන්නේ. -සුජිත් රත්නායක, ''කලාව බදා ගත්තොත් ගැලවීමක් නෑ'' තුෂාරා සෙව්වන්දි විතාරණ සමග කළ ලිඛිත සාකච්චාවක් ඇසුරින් සම්පාදිත ලීපියකිනි. මිරර් ආර්ට් වෙබ් ජර්නලය. 2017 පෙබරවාරි 02



ඡායාරූප ගැලරිය

රචිත ලිපි

  • 1997 නොවැම්බර් 15, දිවයින පුවත්පත - කලාව විදිමුද - යථාර්ථය විදිමුද ?
  • 2002 කාණ්ඩ අංක 02, කලාප අංක 08, දිගන්තය සගරාව - 90 දෘෂ්‍ය කලා ප්‍රවණතාව, මම, මම සමග
  • 2002 ‘සංක්‍රාන්ති‘ ප්‍රදර්ශනය, ජාතික කලා භවන, කොළඹ, ප්‍රදර්ශන සමරු කලාපය, ‘සංක්‍රාන්තිය හම්බන්තොට තරුණ සිත්තර කණ්ඩායමකගේ කුළුදුලු සමාජාවතීර්ණය‘
  • 2009 ජනවාරි 04, සියත පුවත්පත - 90 දශකය ජගත්ගෙ නම් අහස අපේ
  • 2009 ජනවාරි 11, සියත පුවත්පත - අනූවෙ රැහැනින් අප මුදවනු මැනවි
  • 2009 ජනවාරි 18 , සියත පුවත්පත - ඔය මූණෙ මොන හැගීමද මට අයිති
  • 2015 ඔක්තෝම්බර් 30, ත්‍රිමාන වෙබ් අඩවිය - ස්ත්‍රී රූපය අධිමානුෂීයත්වයට නංවා වාණිජ්‍ය ස්ත්‍රී නිරූපණයට අභියෝග කිරීම
  • 2019 ජුනි 02, අනිද්දා පුවත්පත - ධර්ම චක්‍රයේ හුටපටය ; චිත්‍ර කලාවේ ඇසින්
  • 2019 ජුලි 28, අනිද්දා පුවත්පත - ශුෂ්ක නගරයේ චිත්‍ර ශිල්පියා දෙස නැවත හැරී බැලුවෙමි. ඒ අපේ තාත්තා ය.
  • 2019 ඹක්තෝම්බර් 10, අනිද්දා පුවත්පත - සමකාලීන දෘෂ්‍ය කලාව දෘෂ්‍ය කලා සංස්කෘතියට අදාළ නිරීක්ෂණ හා ප්‍රශ්න කිහිපයක්
  • 2019 නොවැම්බර් 17, අනිද්දා පුවත්පත - පියෙටා සෞන්දර්ය අබියස
  • 2019 දෙසැම්බර් 01, අනිද්දා පුවත්පත - මුද්දරයක් තරම් කුඩා කළ ද ඈතට පේන ස්කන්ධ මූලධර්මය විෂද කළ ලොව අසහාය කෘතිය
  • 2019 දෙසැම්බර් 04, යුක්තිය නිවුස් වෙබ් ජර්නලය, ස්ත්‍රී භෞතිකය හා ග්‍රෑෆිටි රැල්ල
  • 2020 ජනවාරි 12, අනිද්දා පුවත්පත, මොකද්ද මේ විශ්ව විද්‍යාලය ? සිංහලෙන් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ! ඉංග්‍රීසියෙන් University of the Visual and Performing Arts !
  • 2020 ජනවාරි 26, අනිද්දා පුවත්පත, ජාතික කලාගාරයක් නැතුව විශ්ව විද්‍යාලයකට පැවතිය හැකිද ?



ප්‍රසිද්ධ දේශන

  • 2016 අප්‍රේල් 07, කලාව සහ ප්‍රදර්ශන කාමය, දෘෂ්‍ය කලා පීඨ හේවුඩ් මන්දිරය, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය,
  • 2019 ජූලි 19, චිත්‍ර -මූර්ති කලා කෙතේ අලුත් මූණු මතු නොවීමේ රහස, සංස්කෘතික මධ්‍යස්ථානය, මාදිවෙල, මහරගම.

ගුවන් විදුලි සහ රූපවාහිණී වැඩසටහන්

  • 2019 දෙසැම්බර් 8, ITN FM ගුවන් විදුලිය, පෙ.ව. 8 සිට සජීව විකාශය, බිත්ති පින්තාරුව. අභිනවයෙන් ඇති වූ ග්‍රැෆිටි කලා ප්‍රවණතාව ගැන සංවාදමය වැඩසටහනකි. ජානක තිලකරත්න සහ ජගත් ජයසිංහ සමග. මෙහෙයවීම - මයුරි ලියනගේ. මාතෘකාව - රැල්ල සුනාමියක් කරගෙන සංස්කෘතිය සෝදාපාලු කර ගන්නවාද ? අපි ආනන්දයෙන් ආනන්දයට යමුද ? ආනන්දයෙන් ප්‍රඥාවට යමුද ?

මෙයද බලන්න


බාහිර සබැඳි

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

මූලාශ්‍ර

  1. සුජිත් රත්නායක, ශුෂ්ක නගරයේ චිත්‍ර ශිල්පියා දෙස නැවත හැරී බැලුවෙමි. ඒ අපේ තාත්තා ය අනිද්දා පුවත්පත, අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඩ්, 2019 ජුලි 28, -
  2. සුජිත් රත්නායක සමග කේ. සංජීව කළ සම්මුඛ සාකච්ඡාවකි , මම චිත්‍ර ඇන්දේ නිදහස් වෙන්න අනිද්දා පුවත්පත, අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඩ්, 12/08/2018,
  3. සුජිත් රත්නායක, මනෝභ්‍රාන්ති ගැන අත්‍යවශ්‍ය ව්‍යතිරේඛයක්, මනෝභ්‍රාන්ති ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපය, ප්‍රදර්ශනය 2017
"https://si.wikipedia.org/w/index.php?title=සුජිත්_රත්නායක&oldid=593816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි