විද්‍යුත් සිගරට්

විකිපීඩියා වෙතින්
දුම්කොළ සිගරැට්ටුවක් ලෙස පෙනෙනසේ නිපදවූ E සිගරැටිටුවක්

විද්‍යුත් සිගරට් හෙවත් e සිගරට් යනු විදුලිය මගින් නිකොටින් වාශ්ප නිකුත්කර දුම්කොල සිගරට් උරාබීම සමානාකෘති කිරීම සඳහා යොදුගන්නා ක්‍රමයකි.


සෞඛ්‍යය[සංස්කරණය]

ඇබ්බැහිවීම[සංස්කරණය]

විද්‍යුත් සිගරට් හේතුකොට ළමුන් අතර නිකොටින් සහ සිගරට් භාවිතය සහ ඇබ්බැහිවීම ඉහලයන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධාන කනස්සල්ල පලකොට ඇත.

ආරක්‍ෂිත බව[සංස්කරණය]

සාම්ප්‍රදායික දුම්කොල සිගරට් තරම් විෂ වර්ග සංඛ්‍යාවක් මේවායේ අඩංගු නොවේ.

දුම්බීම නැවැත්වීමේ ආධාරකයක් ලෙස[සංස්කරණය]

දුම්කොළ දුම් බීමට ඇබ්බැහි වූවන් ඉන් මුදවාගනු පිනිස විද්‍යුත් සිගරට් භාවිතය ඵලදායී නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වාදී ඇත.

භාවිතය[සංස්කරණය]

ක්‍රි.ව. 2008 දී 50000ක් වූ විද්‍යුත් සිගරට් වෙළෙඳාම 2012 වනවිට ලක්‍ෂ 35 දක්වා ඉහළ ගොස් ඇත.

නීතිමය තත්‍වය[සංස්කරණය]

යුරෝපය[සංස්කරණය]

ක්‍රි.ව 2013 ඔක්තොම්බර් 8 දින යුරෝපියානු පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවට අනුව විද්‍යුත් සිගරට්ද නීතිය ඉදිරියේ දුමකොළ නිෂ්පාදන ලෙසම සැලකෙනු ඇත. මේ අනුව අවුරුදු 18ට අඩු පුද්ගලයන්ට විද්‍යුත් සිගරට් විකිණීම සහ විද්‍යුත් සිගරට් වෙළෙඳ ප්‍රචාරණය තහනම්ය.

උතුරු ඇමරිකාව[සංස්කරණය]

  • ඇමරිකා එක්සත් ජනපදය: ක්‍රි.ව. 2010 ජනවාරි මසදී ෆෙඩරල් අධිකරණයක් දුන් තීන්දුවකට අනුව "මෙම (විද්‍යුත් සිගරට් සබැඳි) උපකරණ ඖෂධ වලට අදාල නීතිය යටතේ නොව දුම්කොළ සම්බන්ධ නීති යටතේ පාලනය විය යුතුය. "
  • කැනඩාව : සෞඛ්‍ය සබැඳි වාසි ඇති බව සඳහන් නොකර විකිණීමට අවසර ඇත.

මැද පෙරදිග[සංස්කරණය]

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය: විකිණීම සහ භාවිතය සපුරා තහනම්ය

ආසියාව[සංස්කරණය]

  • ශ්‍රී ලංකාව: මෙම උපකරණ වෙළෙඳ ප්‍රචාරණය සහ වෙළෙඳාම නිදහසේ සිදුවන අතර මේ හා සම්බන්ධ කිසිදු නීතියක් හෝ රෙගුලාසියක් හෝ නැත.
  • ජපානය : මේ සම්බන්ධයෙන්ම සැකසූ නීති නැත.
"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යුත්_සිගරට්&oldid=302379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි