විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව/2016

විකිපීඩියා වෙතින්

උපදෙස් අවශ්යයි[සංස්කරණය]

පරිපාලකයෙකු වන්නේ කෙසේද ? 175.157.87.134 19:21, 12 අගෝස්තු 2016 (යූටීසී)[reply]

පරිපාලකවරුන්ගේ අවධානයට යොමුවිය යුතු කරුණක් නොවේ. --Lee (talk) 13:59, 29 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

නීති විරෝධි සංස්කරණය[සංස්කරණය]

ගරු පරිපාලක තුමනි
කරුණාකර මෙම සංස්කරණය දෙස බලන්න. මෙහි ප්‍රතිඵලයක් ලෙස අදාල ලිපි සාකච්ඡා පිටුවෙහි දැනට අවසානයට ඇති සටහන මම විසින් තබන ලද සටහනක් ලෙසින් පෙනෙයි. එනමුදු මගේ කාල මුද්‍රා සටහන එලෙසම තබා සටහනෙහි ශීර්ෂය සහ අන්තර්ගතය කූඨ ලෙස දනුෂ්ක නමැති පරිශීලකයා විසින් වෙනස් කොට ඇත. මෙම පරිශීලකයා වහාම වාරණය කරන මෙන් ඉල්ලමි. ---Shwetha (talk) 14:25, 27 ජූලි 2016 (යූටීසී)[reply]

මොහු තවදුරටත් විකිපීඩියාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද?--Lee (talk) 14:06, 29 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

නවක පරිපාලකයෙක් අවශ්‍යයි[සංස්කරණය]

මෙහි දැනට ක්‍රියාකාරීව සිටින්නෙ පරිපාලකයන් දෙදෙනකු පමණයි. ඔවුන් දෙදෙනාගේ සෙවයට අමතරව මෙය ගැන වග කියන, මෙයට ආරක්ෂා කිරීමට බැදීමක් ඇති නවක පරිපාලකයෙක් පත්කරන ලෙස ඉල්ලා සිටිමි. අනෙක් කරුණ නම් සිංහල විකිපීඩියාව දැන් බොහෝසෙයින් පිරිහෙන ස්වරූපයක් ගනී. Dear පරිපාලකවරුනි කරුණාකර මෙයට නවක පරිපාලකයෙක් (දෙදෙනකු නම් බොහෝ අගෙයි.) පත් කරන ලෙස ඉල්ලා සිටිමි. කරුණාකර මෙයට පියවරක් ගනු මැනවී.--Ravindu Navin (talk) 07:23, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

Ravindu Navin පුතේ, හොඳ යෝජනාවක්. නවක පරිපාලකයෙක් පත්වීම ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. සුදුසු කෙනෙක් සිංහල විකිපීඩියා ප්‍රජාවේ එකඟතාවයෙන් තමයි පත්වෙන්නෙ. සමහරවිට ඒ ඔබම විය හැකියි. හදිස්සි වෙන්න එපා. ජය ! Singhalawap (talk) 07:38, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
සිංහල වැප් මහතානණී, අපට කැමැති කෙනෙක්ව නම් කරන්න ඡන්දයක් පවත්වනවා නම් අගෙයි. අපි විමසා බලමු අනෙක් පරිශීලකයන්ගේ අදහස්. එහෙම නේද? ඔබටම කියලා මේකේම ඉන්න බැහැනෙ නේද?--Ravindu Navin (talk) 07:44, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඇත්ත. ඔබටම මෙය සිදුකල හැකියි. Singhalawap (talk) 08:46, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඔබ විසින් මෙය සංවිධානය කරන්නේ නම් අගෙයි. මා හටද යෝජනා කිරීමට පරිශීලකයෙක් ඇත.--Ravindu Navin (talk) 09:26, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
  1. විරුද්ධත්වය පළ කරමි.දැනට පරිපාලකයෙකුගේ අවශ්‍යත්වයක් කිසිසේත්ම නැත. පදනම් විරහිත යෝජනාවකි. යෝජනාව ඉල්ලීමට හේතුවූ කරුණු ඔප්පු කර නැත. හේතුවූ කරුණු අපැහැදිලිය.මගේ දැනීමේ හැටියට යම් මතයක් සමග කරුණු විශ්ලේෂණයක් දැක්වීමට අවසර!යෝජනාවේ අදහස් කර ඇති පරිදි පරිපාලකයෙක් පත්කළ යුත්තේ පහත කරුණු නියාවෙන්ලු.එනම් විකිපීඩියාව දැනට ආරක්ෂා නොවන බැවින්ලු එසේ හෙයින් ආරක්ෂා කිරීමට බැදීමක් ඇති කෙනෙක් අවශයලු සහ විකිපීඩියාව ගැන වග කියන පරිපාලකයෙක් පත්කළ යුතුලු . හේතු භුත වූ අනිත් කාරණය වන්නේ සිංහල විකිපීඩියාව දැන් බොහෝසෙයින් පිරිහෙන ස්වරූපයක් ගන්නා නිසවෙන්ලු.යෝජනාව ඉදිරිපත් කරන්නේ රවිදු නවීන්.වයස අවු 16යි.එතුමාගේ ගිණුම ආරම්භ කරන්නේ 30 June 2016‎ දිනයි. මෙම කාරණයේදී ඔහු ඇතුළු මෙම යෝජනාව පිටුපස සිටිනා බලවේග පෙන්නා දිය යුතුයි දැනට සිංහල විකිපීඩියාව ආරක්ෂා නොවන්නේනම් ඒ කුමකින්ද යන්නත්? , දැනට සිටින පරිපාලකයින් එසේ අනාරක්ෂිත තත්වයකට පත් කර ඇති අංශ කවරෙක්ද යන්නත්?,ඔවුන් දැනට ආරක්ෂා කිරීමට බැදීමක් නැති අංශය, වග නොකියන කාරණය සහ අංශය යන්නත් ? සිංහල විකිපීඩියාව දැන් පිරිහී ඇත්තේ කුමන පැත්තෙන්ද කියාත් ඔහු කියන්න ඕන ? ඔහුට කියන්න බැරිනම් මෙම යෝජනාව පිටුපස සිටින්නා එය සෘජුව පැවසිය යුතුය.ඉන් අනතුරුව තමයි ඔහුගේ මතය සාකච්චාවට සලකා බැලිය යුත්තේ.නිකන් පදුරට ගැහුවාට වැඩක් නෑ.හරියට හාවට විදින්න ඕන.
    අපි දැන් බලමු අපිට තවත් පරිපාලකයෙක් අවශ්‍ය ද කියන ඒක.මොවුන් සමහර විට මෙම යෝජනාව ගෙන එනුයේ ඉංග්‍රීසි විකිපීඩියාවට සාපේක්ෂව විය හැකිය.සිංහල විකිපීඩියාව කිසිසේත්ම ඉංග්‍රීසි විකිය අනුකරණය කල යුතු නොවේ.ඉංග්‍රීසි විකියේ බොහෝ ක්‍රියාකාරී පරිශීලකයින් සිටියත් සිංහල විකියේ සිටින මද්‍යන ක්‍රියාකාරී පරිශීලකයින් ගණන 6-7 පමණ වේ.පරිපාලකයෙක් සහ autopatroller,rollbacker අතර වෙනස කුමක්ද යන්නත් මේ අවස්ථාවේදීම පහදන්නේ නම් මෙම ක්‍රියාවලිය පැහැදිලි කරගැනීමට තවත් පහසුයි.Autopatroller,Rollbacker එපාද?ඇඩ්මින්ම ඕනද ? යොජනාව ගෙන එන Ravindu Navin ළමා මහත්මයා ස්ථාන කීපයකදී දිගින් දිගට ඔහුගේ මෙම අවශ්‍යතාවය පවසා සිටිනවා.යම් විනිශ්චයක් දීම සදහා දැනට සිටින පරිපාලකයින් ඉතාමත් සුදුසුය. ඔවුන් ප්‍රමාණවත්ය. ඔවුන්ට පුද්ගලික අරමුණු නැති බව පැහැදිලිය.වෙනත් අයට නැති පරිපාලකයින්ට ඇති පරිපාලක මෙවලම් රැගෙන කුමක් කරන්නද යන්නේ ඔබතුමන්ලා? පිටු මකාදැමීමද? සහ IP ලිපින අවහිරයද? පරිශීලකයින් වාරණය කිරීමද?පිටු ආරක්ෂා කිරීම්ද? මොන පිටුවද ඔබට ආරක්ෂා කරන්න උවමනා වන්නේ ? මේ කඩිමුඩියේ? එසේ ඔබ සහ ඔබ කණ්ඩායමට සතුව විශේෂිත පිටුවක් තියෙනවානම් ආරක්ෂා කරගන්න අපි උදවු කරන්නම්,එයට පරිපාලකත්වය අවයමද? මෙය අසරණයින් ගොදුරුවන ලොකු සැලසුමක අරම්භයක්ද  ? නව පරිපාලක වරයෙකුට ඔහු වෙත පවරා ඇති මෙවලම් භාවිතා කලයුත්තේ කුමන අවස්ථාවේද යන්න අවබෝධ වීම සදහා ඔහුට යම් කලක් ගතවේ. අයදුම්කරුවා ඔබද? හදිස්සියේ මෙය ඔබේ හිතට ආවේ කෙසේද ? 30 June 2016 දින ඔබ මෙහි ලියාපදිංච් වීමට ප්‍රථම ඉංග්‍රීසි විකියේවත් වැඩ කරාද? මෙතරම් දැනුමක් ඔබට ලැබී තිබෙන්නේ කෙලෙසද? මේ මාස 4ට මෙපමණ දෙයක් ඉගෙන ගත්තේ කෙසේද ? ඔබගේ කාමරයේ සිට විකිපීඩියාව ගැන වෙනත් කෙනෙක් ඔබට උගන්වනවාද? ඔබට පරිපාලකයෙකු පත්කරන්න මෙතරම් අමාරුවක් උනන්දුවක් ඇත්තේ ඇයි? හුදෙක් මෙම අයැදුම වෙනත් අයෙකුගේ අවශ්‍යත්වායකට පෙරැත්තට ඔබ ඉල්ලනවාද? අවශ්‍ය අය ඉන්නවානම් තනිවම ඔවුන්ටම අයදුම් කල හැකි නොවේද ? මෙහි සිටිනා එක් විශේෂිතවූ අයදුම් කරුවෙකු වෙනුවෙන් නම් හදවතින්ම ඔබ මෙය නොඉල්ලන බව ඉතා පැහැදිලිය.නමුත් එක්තරා අපේක්ෂකයෙකු වෙනුවෙන් ඔබ හද උණුවී වත්ද? ඔබ යෝජනා කරන නම කුමක්ද කියා දැන්මම කියනවද? පදනම් විරහිත මෙම යෝජනාව සදහා ලස්කිරිඥ්ඥා හමුදාවේ අය පමණක් සහයෝගය දක්වයි.එසේ වුවහොත් ඒ ඔවුන්ට නොතේරෙන කමටය .හැංගි හැංගි වෙසමුණු බැන්දත් නටන්න වෙන්නේ රගමඩලේ එළිපිටලු තව කතාවක් තියෙනවා යන යකා දැන් කොරහත් බිදගෙනම යනවා කියලා.කතාවේ හොදම කෑල්ල තමයි මේකේ ,පික් පොකට් ගහපු හොරා බය වෙලා.මිනිහා හොරා හොරා හොරා කියලා පැනලා යනවලු. වටේ පිටේ ඉන්නා සෙනග හොරාත් එක්කම හොරා හොයන්න යනවාලු.හරිම විනෝද ජනකයි.කවම දාකවත් හොරා අල්ලගන්න බැරි වෙනවාලු.හොරා හැමදාම පික්පොකට් ගහනවා.--RsEkanayake 16:48, 11 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]


කාරුණික මහත්මයාණෙනි, මේ ඉහත ඇති බොළඳ යෝජනාව නිෂ්ප්‍රභ වී තිබිය දී ඔබ යල් පැනගිය පසු මම විරුද්ධයි කීම ගැන නම් මා හට හේතුව නොවැටහේ. මා කවරෙකුගේ හෝ පපට් ද, සෝක් ද එකෙක් නොවෙයි. අනන්‍යතාව පෙන්වීමට ඕනෑ දෙයක් ඉදිරිපත් කරමි. නවක පරිපාලකවරුන් ලෙස පත් කළ යුතු යැයි පෙරදී මා හට හැඟුණේ ස්වේත හා මංජු යන පරිශීලක වරුන් දෙදෙනයි. මන්ද මා පරිනත පරිශීලකයෙකු නොවෙයි.--Ravindu Navin (talk) 08:36, 12 නොවැම්බර් 2016 (යූටීසී)[reply]