මාර්තු 28: ටිබෙටයෙහි ප්‍රවේණිදාස විමුක්ති දිනය (1959);

ජේම්ස් කැලගන්
1802 – ඉතිහාසයේ හමුවූ දෙවන ග්‍රහකය වූ 2 පැලස් ග්‍රහකය සොයා ගැනියි.
1961 – ජර්මනියේ ඉජෙන්ස්ඩෝෆ් ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 52 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
1979 – බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ජේම්ස් කැලගන්ගේ (සේයාරුව) රජය විශ්වාසභංග යෝජනාවකින් එක් ඡන්දයකින් පරාජයට පත් වෙයි.
1999 – කොසෝවොහි ඉස්බිකා ප්‍රදේශයේ සිදුවූ සමූලඝාතනයෙන් පුද්ගලයන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.
2005 – ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ ඇතිවූ භූමිකම්පාවකින් 1,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
2020 – කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය: ශ්‍රී ලංකාව ඇතුළත කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් වාර්තා වූ පළමු මරණය තහවුරු වෙයි.
තවත් සිදුවීම්: මාර්තු 27 – මාර්තු 28 – මාර්තු 29