දෙසැම්බර් 13: මෝල්ටාවේ ජනරජ දිනය (1974)
1758 – ඩියුක් විලියම් නම් ඉංග්‍රීසි නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී යයි. එහිදී පුද්ගලයන් 360 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
1867 – එක්සත් රාජධානියේ, ලන්ඩන් අගනුවර ක්ලෙර්කෙන්වෙල් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 50 දෙනෙකු තුවාල ලැබෙයි.
1943 – ග්‍රීසියේ සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයන් 693 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
1988 – දෙවන ජවිපෙ කැරැල්ල: දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය වැලිකඩ බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කරයි.
2001 – ඉන්දීය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල (සේයාරුව) ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය අන්තවාදී පිරිසක් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කරයි.
2024 – සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයක් හේතුවෙන් අශෝක රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි. එමගින් ඔහුගේ ධූර කාලය දින 22කට සීමා වූ අතර කෙටිම කාලයක් එම ධුරය දැරූ පුද්ගලයා බවට ඔහු පත්වෙයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 12 – දෙසැම්බර් 13 – දෙසැම්බර් 14