විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 18
පෙනුම
ජනවාරි 18: තායිලන්තයේ රාජකීය සන්නද්ධ හමුදා දිනය (1960);
- 1586 - ජපානයේ හොන්ෂූ දූපතේ ඇතිවූ භූමිකම්පාව සහ සුනාමියකින් පුද්ගලයන් 8,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 1954 – බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි (සේයාරුව), සබරගමුව සද්ධම්මවංශ නිකායේ මහානායක ධුරයට පත්වෙයි.
- 1977 - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ග්‍රැන්විල් ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 83 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 213 දෙනෙකු තුවාල ලැබෙයි.
- 1988 - චීනයේ චොංචිං නුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 108 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2014 - ජනමත විචාරණයකින් අනුමත කිරීමෙන් පසු ඊජිප්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වෙයි.
- 2019 - මෙක්සිකෝවේ හිඩාල්ගෝ ප්‍රදේශයේ තෙල් නලයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.