විකිපීඩියා:තෝරාගත් ලිපිය/50

විකිපීඩියා වෙතින්
ගොනුව:TuneUp Utilities 2011.png

ටියුන්අප් යුටිලිටීස් යනු උපයෝජ්‍යතා මෘදුකාංග කට්ටලයක් වන අතර එය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය කරන ලද මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය මගින් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හැසිරවීම, නඩත්තු කරවීම, ගුණාත්මක බව ඉහල දැමීම, වින්‍යාසගත කරවීම සහ දෝෂ සමනය කිරීම සඳහා සහයක් දක්වනු ලබයි. මෙය ප්‍රභූත කිරීම සහ වර්ධනය කිරීම ටියුන්අප් සොෆ්ට්වෙයර් ජීඑම්බීඑච් ආයතනය විසින් සිදු කරනු ලබන අතර එහි මූලස්තානය ජර්මනියෙහි ඩර්ම්ස්ටඩ්ට් හි පිහිටා තිබේ. මෙම ආයතනයේ ප්‍රධාන ප්‍රාරම්භකයන් වන ටිබෝර් ස්චිමාන් සහ ක්‍රිස්ටොප් ලෞමාන් විසින් 1997 වසරේදී ආරම්භ කරන ලද්දකි. මෙම මෘදුකාංගයේ අමෙරිකානූ සංස්කරණය ටියුන්අප් කෝපරේෂන් නම් ෆ්ලොරීඩා,මියාමි හි පිහිටා තිබෙන ටියුන්අප් සොෆ්ට්වෙයර් ජීඑම්බීඑච් ආයතනය සතුව පවතින අතිරේක ආයතනයක් මගින් බෙදා හරිනූ ලබයි.

2011 වසරේදී ටියුන්අප් යුටිලිටීස් නව වන සංස්කරණය ප්‍රකාශයට පත්කළ අතර අඩංගු සංරචකයන් ගණන 16 සිට 32 දක්වා වැඩි කරණු ලැබීම විශේෂ කරුණකි. ටියුන්අප් යුටිලිටීස් සඳහා බහුතර ධනාත්මක ප්‍රතිචාර පවතුනත් බහුතර විචාරකයන් එහි වටිනාකමට සාපේක්ෂව... (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය