ව්‍යාපාර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආර්ථික විද්‍යාවේ ව්‍යාපාරයක් යන්නෙන් අදහස් වන්නේ පාරිභෝගිකයන්ට හෝ රාජ්‍ය පුන්‍ය සමාගම් වැනි සංස්ථාපිත ඒකකයන්ට භාණ්ඩ හා සේවා සැපයීම සදහා නීත්‍යානුකූලව පිළිගනු ලබන සංවිධාන ඒකකයකි. ධනවාදී ආර්ථිකයන්හි ව්‍යාපාර වලට අති ප්‍රමුඛ ස්ථානයක් හිමි වන අතර ඒවායින් බොහෝමයක් පෞද්ගලික අංශය විසින් අයිති කරුවන්ගේ ධනය උපරිම කිරීම සදහා ලාභය අපේක්ෂාවෙන් පවත්වා ගෙන යයි. ව්‍යාපාර අයිතිකරුවන්ගේ හා ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ මූලික පරමාර්ථය වන්නේ අවදානම් දැරීම තුළින් මූල්‍ය ප්‍රතිලාභ උපයා ගැනීමයි. එහෙත් සමුපකාර ව්‍යාපාර වලට හා රාජය ව්‍යාපාර වලට ඇත්තේ මීට වෙනස් වු පරමාර්ථ වේ. සමාජ වාදී පද්ධතියක් තුළ පවතින බොහෝ ව්‍යාපාර රාජ්‍ය අයිතිය යටතේ හෝ මහජන අයිතිය යටතේ හෝ සේවක අයිතිය යටතේ පවතී.

නිරුක්ත ශාත්‍රයට අනුව (The Etymology) අනුව ව්‍යාපර පුද්ගලයන් වශයෙන් හෝ සමාජයක් වශයෙන් වාණිජමය වටිනාකමකින් යුතු ලාභදායි ක්‍රියාවක් කිරීම යන වැකියට සම්බන්ධ වේ. ව්‍යාපාර වලින් අඩුම වශයෙන් ප්‍රයෝජන තුනක් ලබාගත හැක. එක් ප්‍රයෝජනයක් වනුයේ විශේෂිත සමාගමක් හෝ සංස්ථාවක් නිරූපණය කිරීමයි. විහේෂ වෙළඳ පොළ කොටසක් සදහා යොමු කිරීම සාමාන්‍ය ප්‍රයෝජනයක් ලෙස සැලකේ. නිදසුනක් වශයෙන් කෘෂි ව්‍යාපාර ආදිය දැක්විය හැකිය. කෙසේ වෙතත් ව්‍යාපාර පිළිබද නිවැරදි අර්ථ දැක්වීම අදටත් විවාදයට තුඩු දෙන කරුණකි. සාමුහික ඵලදායිතාවය උදෙසා නිර්මාණාත්මක බව හා ඵලදායි ඉලක්ක ලඟාකර ගැනීමට පුද්ගලයන් කළමණාකරණය කිරීමේ අධ්‍යයනයක් ලෙස ව්‍යාපාර හැදින්විය හැක.ඒනිසා මෙය ශාස්ත්‍රීය විශයක් වශයෙන් බොහෝ පාසැල් වල උගන්වයි.

හිමිකාරීත්වයේ ප්‍රභේද[සංස්කරණය කරන්න]

තනි පුද්ගල ව්‍යාපාර[සංස්කරණය කරන්න]

තනි පුද්ගල ව්‍යාපාර යනු එක් පුද්ගලයෙකුට පමණක් හිමි ව්‍යාපාර විශේෂයකි. අයිතිකරුට තම ශ්‍රමය භාවිතයෙන් හෝ සේවකයන් බධවා ගැනීමෙන් ව්‍යාපාර කටයුතු කළ හැක. ව්‍යාපාර අයිතිකරු මෙහිදී අසීමිතව පෞද්ගලික වගකීමකට බැදෙයි. එනම් අයිතිකරුට ව්‍යාපාරය සම්බන්ධයෙන් අසීමිත වගකීමක් තිබේ.

හවුල් ව්‍යාපාර[සංස්කරණය කරන්න]

හවුල් ව්‍යාපාර යනු පුද්ගලයන් දෙදෙනකු හෝ වැඩි සංඛ්‍යාවක් විසින් ලාභ ලැබීමේ පොදු අරමුණින් යුක්තව පවත්වාගෙන යන ව්‍යාපාරයකි. එක එක් හවුල් කරුට හවුල් ව්‍යාපාරය පිළිපදව අසීමිත වගකීමක් පවතී. හවුල් ව්‍යාපාර තුළ මූලික වර්ග 3 ක් දක්නට ඇත.

  • සාමාන්‍ය හවුල් ව්‍යාපාර
  • සීමිත හවුල් ව්‍යාපාර
  • වගකීම සීමිත හවුල් ව්‍යාපාර

සමාගම්[සංස්කරණය කරන්න]

සමාගමක් යනු ලාභ අරමුණු කරගත් සීමිත වගකීමක් සහිත සාමාජිකයන්ගෙන් වෙන් වු නෛතික පුද්ගලභාවයක් ඇති ව්‍යාපාර විශේෂය කි. සමාගමක හිමිකම කොටස් හිමියන් සතු වන අතර පාලන කටයුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් සිදුවේ.

සමුපකාර[සංස්කරණය කරන්න]

සමුපකාර යනු ලාභ අරමුණු කරගත් සීමිත වගකීමකින් යුක්ත ව්‍යාපාර ඒකකයක් වන අතර එහි හිමිකම සාමාජිකයන්ට හිමි සමුපකාර මුලික වශයෙන් ප්‍රභේද දෙකකි. පාරිභෝගික සමුපකාර හා සේවක සමුපකාර වශයෙන්‍ ඒවා හැදින්වේ.


"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යාපාර&oldid=378256" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි