ආපදා‍ කළමනාකරණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ව්‍යසන කළමනාකරණය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආපදා‍ කළමනාකරණය යනු ආපදා‍ හා සම්බන්ධ අවිනිශ්චිතතාව සැලසුම් සහගත ලෙස ප්‍රවේශය වන ක්‍රමයකි. මෙහිදී අනුපිළිවෙලට සැකසුනු මානව ක්‍රියාකාරකම් යොදාගනී. එම ක්‍රියාකාරකම් සදහා ආපදා‍ කළමනාකරණයට යෙදා ගන්නා ආපදා‍ නිර්ණය කිරිමේ ක්‍රමය කළමනාකරණ සම්පත් භාවිතයෙන් අවම කිරිම අඩංගු වේ. මෙහි උපායන් වශයෙන් ආපදා‍ වෙනත් පාර්ශවයකට පැවරීම, මගහැරීම එහි අහිතකර බලපෑම් අවම කිරීම හා සමහරක් ව්‍යසනයන්ට් මුහුණ දී එහි බලපෑම් සියල්ල හෝ කිහිපයක් බාරගැනීම කළ හැකිය. සාම්ප්‍රදායික ආපදා‍ කළමනාකරණයේදි භෞතික හා නෛතික බලපෑම් පමණක් සලකයි. ආර්ථික ආපදා‍ කළමනාකරණයේදි මුල්‍ය මෙවලම් භාවිතයේ හැසිරවිය හැකි ආපදා‍ සලකයි. ආපදා‍ කළමණාකරණයේ අරමුණ කල්තියා සැලසුම් කරගත් අවදානම් සාමජයේ සම්මත මට්ටම දක්වා ගෙන ඒමයි. මෙම අවදානම් වලට පාරිසරික, තාක්ෂණික, මානව සංවිධානවල හා දේශපාලනික බලපෑම් ඇතුළත් වේ.

ආපදා‍ කළමනාකරණයේදී අවදානම් එක්තරා අනුපිළිවලකට විසඳයි. වැඩි අලාභයක් ඇතිවිමේ සම්භාවිතාව හා වැඩි අවදානම් පළමුවත් සුළු අලාභයක් ඇති විමට සම්භාවිතාව හා අඩු අවදානම් ඉන්පසුවත් තොරා ගනී. කෙසේ වෙතත් ප්‍රයෝගිකවශයෙන් මෙය පහසු නොවේ. එමෙන්ම විශාල පාඩුවක් නමුත් අඩු සම්භාවිතාවයක් ඇති අවදානම් හා සුළු පාඩුවක් නමුත් වැඩි සම්භාවිතාවක් ඇති අවදානම් සමබරව පාලනය අවශ්‍ය වේ. නමුත් මෙම දෙවර්ගයම වැරදියට හැසිරවීම බොහෝ විට සිදු වේ.

අස්පෘෂ්‍ය (Intangible) ආපදා‍ කළමනාකරණය නව වර්ගයේ අවදානම් හදුනාගනි. සම්භාවිතාව 122% වු ආපදා‍ ආයතනයේ ඇති අවදානම හදුනාගැනිමේ දුර්වලතාවන් නිසා මගහැරේ. අඩු දැනුමක් ඇතත් යොදාගත් විට බාහිරව දැකිය හැකි ආපදා‍වන් පමණක් ඔවුන් සලකයි. මෙම ක්‍රමයෙන් හදුනාගන්නා අවදානම් ලෙස පහත උදාහරණ දැක්විය හැකිය.

  • සම්බන්ධතාවයන්ගේ අවදානම - ඵල රහික සම්බන්ධතාවයන් ඇතිවීම
  • කාර්යාවලියක නිරත විමේ අවදානම - ඵල රහිත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය අනුගමනය

මෙම ආපදා‍වන්ට සේවකයන්ගේ ඵලදායිතාව අඩු කිරිමටත් පිරිවැය, ඵලදායිතාව, ලාභදායිතාව, රාජකාරිය, ගුණවත් භාවය, කීර්තිය ආදිය අඩුකරයි. අස්පෘෂ්‍ය ව්‍යසනය කළමනාකරණය මගින් අවදානම ක්ෂණිකව හදුනාගෙන පිළියම් යෙදීම සිදු කරයි. ආපදා‍ව කළමනාකරණයේදී සම්පත් වෙන්කර ගැනීමේ අපහසුතාවය ඇතිවේ. එනම් එම සම්පත්වල භාවිතයෙන් කළ හැකි වෙනත් කර්තව්‍යයන් හා එමගින් ලැබෙන ලාභ ගණනය කිරීමේ ආදිය ආපදා‍ව කළමනාකරණයේදී ඒ සඳහා වැයවන වියදම අවම කර, අවදානම අඩු කිරීමට හේතු වේ.

ආපදා‍වන් වැලැක්වීම[සංස්කරණය කරන්න]

මෙහිදි අලාභයක් සිදුවිම එය පිලිගෙන විදදරාගැනීම සිදුවිය යුතුය. එය ස්වයං රක්ෂණයන් වැනිය. මෙය කුඩා පාඩුන් සදහා කල හැක. නම් එම ආපදාවන්ට රක්ෂණය කිරිමට වැයවන මුදල පාඩුවට වඩා විශාල වන අවස්ථාවන්දීය. සෑම ආපදා‍වක්ම ඉහත ලෙස වැලැක්වීම හෝ වෙන පාර්ශවයකට පැවරීම සිදු නොවිම පාඩුව විදිමට සිදුවේ. මෙහිදි යුද්ධය වැනි රක්ෂණය කිරිම අධික මුදලක් වැයවන ව්‍යසනය අයත් වේ. යුද්ධයක් නොමැති ප්‍රදේශයක යුද්ධයක් ඇතිවුවහොත් කියා රක්ෂනයක් සියල්ල සිදු නොකරයි.

මෙලෙස සමහරක් විට ආපදා‍ රක්ෂණය කිරිමට වැයවන මුදල ආයතනයේ අරමුණු කරා යාමට බාධාවක් විය හැක. ආපදා‍ පැවරීම යනු ගිවිසුම් හෝ හේජින් ( hedging ) මගින් වෙනත් පාර්ශවයකට ආපදා‍ පැවරීමයි. (උදා- රක්ෂණය) ගිවිසුමේදි රක්ෂණ වාරිකයකින් තොරව පැවරිම කල හැක. කොන්ත්‍රාත්කරැවන්, කොන්ත්‍රාත්තුවේ වගකිම අනෙක් කොන්ත්‍රාත්කරැවන්ට ඉහත පරිදි රක්ෂණය කරයි. ආපදා‍වක් විචල්‍ය වන විට හෙන්ජි මගින් පැවරීමට දැකිය හැක. ආපදා‍ කලමාණාකරණය විවිධ අංශ වලට විසරේ. ආපදා‍ වැලැක්විමේදි එම පාඩුව ආයතනය හෝ එහි සාමාජිකයන් අතර බෙදේ. සාම්ප්‍රදායික රක්ෂණ ක්‍රමයේ ආයතනයේ සාමාජිකයින් අතර වාරික බෙදිය නොහැක. නමුත් පාඩුව සියල්ල දරාගනී.

ආපදා‍ ප්‍රතිකර්ම (Betenile)[සංස්කරණය කරන්න]

ආපදා‍ හදුනාගත් විට එය කළමණාකරණයට ගන්නා පියවර පහත 4 ක් එකකට අයත් වේ

මගහැරීම
අවම කිරීම
ධාරණය (ආපදා‍වන්ට මුහුණදීම)
වෙනත් පාර්ශවයට පැවරීම (රක්ෂණය)

මෙම ක්‍රම පරිපුර්ණයට ක්‍රියාත්මක කිරීම කල නොහැක. ආපදා‍ කළමණාකරණයේදි ආයතනය විසින් අනුමත නොකරන හුවමාරැ ක්‍රම ඉහත ක්‍රම වල අඩංගු විය හැක.

Us Department of Defense. Defense Acquisition විශ්වවිද්‍යාලය විසින් ACAT (Avoidance – වැලැක්වීම Control - පාලනය Accept - භාරගැනීම transfer - පවරා දීම ) නමින් හත ප්‍රභේද නම් කර ඇත. මෙම ACAT ක්‍රමයේ මිලදි ගැනිම් සදහා ඇමෙරිකාවේ ආරක්ෂන අංශයේ මිල ගණන් යොදාගන්නා ක්‍රමයකි. එහි ආපදා කළමණාකරණය සම්බන්ධ දත්ත තිරණය ගැනිම් හ සැලසුම් වල උන්නතියට යොදා ගනී.

ආපදා‍ වැලැක්විම[සංස්කරණය කරන්න]

ආපදා‍වක් වියහැකි ක්‍රියා නොකර සිටිමයි. උදාහරණයක් ලෙස ගුවන් යානය පැහැරගනී යන බිය නිසා ගුවන් යානයක ගමන් නොකිරිම දැක්විය හැක. මෙම අවදානම් සහගත ක්‍රියා නොකර සිටිම ව්‍යසන සියල්ලන් වැලැක්විය හැකි ක්‍රමයකි. නමුත් අවදානමක් ගැනීම තුලින් ලබගත හැකි ලාභය නැතිවේ. (උදා- ව්‍යපාර කඩාවැටේ යන බියෙන් ව්‍යාපාර ආරම්භ නොකලහොත් ලාභ ලැබිමේ හැකියාව නැතිවේ.)

අවදානම් අවම කිරීම[සංස්කරණය කරන්න]

අවාදානම අඩු කිරිමේ ක්‍රම හෝ එමගින් සිදුවන පාඩුව අවම කිරිමේ ක්‍රමයයි. උදා - දිය ඉසිමේ උපකරණ ( Sprinklor ) සවිකර ගින්නකින් ඇතිවය හැකි හානිය අවම කිරිම මෙම ජලය නිසා වෙන හානිය ඊට වඩා වැඩිවිය හැකි නිසා සුදුසු ක්‍රමයක් නොව melon ගිනි නිවන උපකරණ භාවිතා කල හැකි වුවත් ඒවා මිල අධික නිසා අනුමත කිරිමට අපහසුය.

නව මෘදුකාගං නිපදවීම පියවරයන් වශයෙන් සිදුවේ. එවිට වෙනස්කම් සිදුකිරිම පහසුය. අතීතයේ මෘදුකාංගය සම්පුර්ණ කර පාරිභෝගිකයාට දුන් විට අවශ්‍ය වෙනස්කම් මුල සිට කිරීම ඉතා මිල අධික විය. වෙනත් පාර්ශවයකට වැඩ බාරදීම තවත් ක්‍රමයකි. ආයතනයෙන් එම වැඩ බාරගන්නා පාර්ශවයට මෙම අවදානම් කලමනාකරණයට පලපුරැද්ද තිබිය හැක. උදාහරණයක් ලෙස මෘදුකාංග නිෂ්පාදනය, භාණ්ඩ නිෂ්පාදනය, පාරිභෝගිකයන්ට සහය දීම වැනි දැ පිටත පාර්ශවයකට දිම මෙමගින් ආයතනයට තම ව්‍යාපාරය කළමණාකරනයට වැඩි වේලාවක් ලැබේ.

ව්‍යවසායක ආපදා‍ කලමණාකරණය[සංස්කරණය කරන්න]

ව්‍යවසායක ආපදා‍ කළමණාකරණයේදී, ආයතනයට අහිතකර බලපෑමක් ඇතිකරන ඕනෑම තත්වයක් ව්‍යසනයක් ලෙස හඳුන්වා ඇත. මෙම බලපෑම් වලට ආයතනයේම බලපෑම, ආයතනයේ සම්පත් (මානව හා ප්‍රාග්ධන) බලපෑම්, භාණ්ඩ හා සේවාවන් හි බලපෑම්, පාරිභෝගික බලපෑම් හා බාහිර සමාජීය හා වෙළඳ පරිස‍රයේ බලපෑම් අයත් වේ. උදාහරණයක් ලෙස මූල්‍ය ආයතනයකට අදාල ආපදා ලෙස බොල් ණය, පොලී අනුපාතයන්ගේ විචලනය, වෙළඳපොළ, ආයතනය මෙහෙයවීමේ ගැටළු හැඳින්විය හැක. සාමාන්‍යයෙන් සෑම ආපදා‍වක් සඳහාම එහි ප්‍රතිඵලයන්ට මුහුණ දීමට සැලසුමක් සැකසිය හැක. සේවකයකුගේ සාමාන්‍ය මිල (Avg cost per employee) ණය අනුපාතයන් හා ඉහත දත්ත උපයෝගී කර ව්‍යපෘති කළමණාකරුට (Project manager) පහත දෑ නිගමනය කළ හැකිය.

• ආපදා‍ හා සම්බන්ධ වියදම, සේවකයෙකුගේ කාලය නාස්ති වීමට අදාළ මිල හා සේවකයන් ගණනේ ගුණිතයන් ලබා ගැනීම.
• ආපදා‍වක් පැවතිය හැකි කාලය (උදා - රුපියලේ අගය විචලනය)
• ආපදා‍ කාලයත් සමග වැඩිවේ නම්, වැඩිම බලපෑම ඇති ව්‍යාපෘති ඉක්මණින් සිදුකර ව්‍යසන බලපෑම අවම කර ගැනීම.
• විශාල හා කුඩා ව්‍යාපෘතීන්ගේ ආපදා‍ සැසඳීම ඵල රහිත වේ.
• ආපදා‍වට අදාළ වියදම වැඩිවීමේ අවදානම
• වැඩිම අවදානම ඇති ව්‍යාපෘතියට අදාළ වියදම් ඉක්මන් කිරීම.
• සම්මත පටිපාටීන්ගේ සිදුවන වෙනස්වීම සැලකිය යුතුයි. (ව්‍යාපෘති ගෙනයන පටිපාටිය)

සාමාන්‍ය ක්‍රියා වල විචලනය හා සුවිශේෂ හේතුන්ගේ විචලනය මත ව්‍යසන තීරණය විය හැකි අතර, විවිධ ව්‍යාපෘතිය කිරීමට අදාළ ආපදා‍ සඳහා සුදුසු ක්‍රියාපටිපාටියන් අනුගමනය කළ යුතුය. මෙහිදී බාහිර හේතුන් විශේෂයෙන් බලපෑම් ගැන වැඩි අවධානයක් දිය යුතුය.

ආපදා‍ කළමනාකරණ සැලසුම[සංස්කරණය කරන්න]

ආපදා‍ ගණනය කිරීම මනා පාලනයකින් හා නිවැරදිව කළ යුතුයි. පසුව අදාළ අගයන්, ඒ අංශයන්ට අයත් කළමනාකරණ අංශයන්ට ලබා දිය යුතුයි. උදාහරණයක් ලෙස ආයතනයේ ප්‍රතිරූපය සම්බන්ධ ගැටලුවකදී ඉහළ කළමනාකරණයටද, පරිගණක ගැටලුවකදී තොරතුරු තාක්ෂණ කළමනාකරුටද (IT manager) එම ගැටලුව ඉදිරිපත් කළ යුතුයි. ආපදා‍ව කළමනාකරණ සැලසුම ප්‍රායෝගිකව කළ හැකිවීමත් හා ඵලදායි සැලසුමක් වීමත් වැදගත්ය. උදා ලෙස පරිඝණක Virus ගැටලුවකදී විසඳුම නම්, විශ්වාසදායී Antivirus මෘදුකාංගයක් භාවිතයයි. හොඳ සැලසුමක අදාළ පටිපාටිය හා වගකීම් භාරගන්නා පුද්ගලයින් පැහැදිලිව තිබිය යුතුයි. ISO/IEC 27001තත්ත්ව සහතිකයට අනුව ආපදාව හඳුනාගැනීමෙන් පසු, එය වැළැක්වීමට සැලසුමක් සාදා ගත යුතුය. මෙය ලිඛිතව සෑදිය යුතුය. (Statement of Applicebility) මෙම ලේඛණයේ අදාළ අවස්ථාවන් වල ආපදාව අවම කරගැනීමේ ක්‍රියා පටිපාටීන් හා ආරක්ෂක විධානයන් පැහැදිලිව තිබිය යුතුයි. එවැනි ක්‍රියාපටිපාටීන් ගැනීමට හේතුන්ද සඳහන් විය යුතුයි.

සැලසුම ක්‍රියාවට නැංවීම
රක්ෂණය කිරීමට තීරණය වූ ආපදා‍ රක්ෂණය කළ යුතුයි. ව්‍යාපාරයේ අරමුණු වලට හානිදායක නොවන ලෙස ආපදා‍ මගහැරීම හෝ අවම කිරීම කළ යුතුයි. ව්‍යාපාරයේ අරමුණට යාමේදී ආපදා‍වන්ට මුහුණ දීම අනිවාර්ය වේ. එය ක්‍රමවත්ව කළමනාකරණය කළ යුතුය.
• සැලසුම විමර්ශනය හා ඇගයීම
ආරම්භයේදී සැලසුමේ විවිධ ගැටලු තිබීම ස්වභාවික වේ. කල්යාමේදී අත්දැකීම් සමග සැලසුමේ අදාළ ගැටලු සහගත තැන් වෙනස් කිරීම කළ හැකිය.

අවදානම් ගණනය කිරීම හා සැලසුම් නිරන්තරයෙන් නවීකරණය කළ යුතුයි. කාලය සමග විවිධ ගැටලුන්ගේ ස්වභාවය වෙනස් වන බැවින් එක් පැරණි සැලසුමකට ක්‍රියා කිරීම ඵල රහිතය. මේ නිසා නිරන්තරයෙන්

01. පැරණි ව්‍යසන ආරක්ෂණ ක්‍රියාපටිපාටි වල වර්තමාන වලංගුභාවය හා ඵලදායිතාව (effectiveness)
02. ආපදා‍ ප්‍රමාණාත්මක හා ස්වභාවයේ වෙනස් වීම (උදා ලෙස තොරතුරු තාක්ෂණයට අදාළ පරිසරය නිරන්තරව වෙනස් වේ.) හා බාහිර පරිසරයේ වෙනස්වීමෙන් සිදුවන බලපෑම් නිරීක්ෂණය කළ යුතුයි.

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=ආපදා‍_කළමනාකරණය&oldid=384027" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි