Jump to content

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්‍වය රැකගැනීම

විකිපීඩියා වෙතින්
(වනාන්තර රැකගැනීම වෙතින් යළි-යොමු කරන ලදි)
වනාන්තර

1995 වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තිය

[සංස්කරණය]

ලොව ජෛව විවිධත්වය සම්බන්ධ ප්‍රදේශ 18 න් 1ක් වශයෙන් සලකන්නේ වනාන්තරයි. ධරනීය සංවර්ධන උපාය මාර්ගත රියෝ සමුළුවේදී සම්මත කරන ලද 21 වන න්‍යාය පත්‍රයෙහි11.12(ආ) පරිච්ඡේදය වනහරනයට එරෙහිව වනාන්තර සංරක්‍ෂණයකර කළමනාකරනයට යටත්ව රටවල් ධරනීය සංවර්ධනය කරා යොමු කරන ජාතික වැඩසටහන් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පොළඹවන්නකි. එය ගුරුකරගනිමින් ශ්‍රී ලංකාව තුළ වනාන්තර සංරක්‍ෂණය කර කළමණාකරනය කර තිරසාර සංවර්ධනයක් සඳහා මෙහෙයවීමට 1995 දී ප්‍රථම වරට ජාතික වන‍ෂෙත්‍ර ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී.

වනගහනය

[සංස්කරණය]

1995 වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තිය අනුව වන ගහනයක් යනු ඊටම අාවේනික වූ ජීව අජීව පදාර්ථවල හැඩය හා පැවැත්මේ ස්වාභාවය තීරණය කරන සංකීර්ණ භූගෝලීය තත්වයන් ඒකරාශී වූ විශේෂිතර කලාපයකි.


වන කළමනාකරණය

[සංස්කරණය]

වන කළමනාකරණය යනුවෙන් හැඳින්වෙන්නේ වනාන්තරයක සංඝටක අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීමේදී ඊට හානි නොවන පරිදිත් අන්තර් පරම්පරා අතරත් තම පරම්පරා අතරත් තම පරම්පරාව තුළත් සමානාත්මතාව රැකෙන පරිදිත් ගෝලිය වගකීමක් වශයෙන් විධිමත්වූත් ක්‍රමානුකූලවූත් ප්‍රතිපත්තියක් තුළ සිට භාවිතයට ගැනීමයි.ප්‍රතිපත්තියේ 2,3,5 වගන්ති අනුව කළමනාකරණ රාමුවක් ඔස්සේ එය ක්‍රියාත්මක විය යුතුය.

වන සංරක්‍ෂණය

[සංස්කරණය]

වන සංරක්‍ෂණය යනුවෙන් හඳුන්වා දී ඇත්තේ අනාගත පරම්පරාවට ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි අවශ්‍යතා සරලව හා බුද්ධිමත්ව ඉටු කර ගැනීමට හානි නොවන පරිදි වන පරිහරණයයි .

ප්‍රතිපත්තිය යටතේ මූලික අරමුණු

[සංස්කරණය]
  • වනහරනයට ලක්ව ඇති කැලෑවල ගස් වැවීම
  • තාක්‍ෂණික ආධාර ලබාදීම
  • ප්‍රජාව දැනුවත් කිරීම


තිරසාර සංවර්ධනයේදී අනාගත අරමුණු ඉටු කර ගැනීමට බාධා ඇති නොවන පරිදි වත්මන් අරමුණු ඉටු කර ගැනීමත් ආර්ථිකයේ නොවෙනස් විම් මත තත්වය පාලනය කරමින් සංවර්ධනය වීමත් මෙහි ප්‍රධාන අපේක්‍ෂාවයි. තිරසාර මට්ටමින් ඉඩම් භාවිතයට ගැනීම ,නිත්‍ය වනාන්තර පද්ධතියක් ගොඩ නැගීම මෙම වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයයි.

ක්‍රියාත්මකභාවය

[සංස්කරණය]

වන සංරක්‍ෂණය ‍අදියරවල් 4ක්ඔස්සේ සිදු කිරීමට පියවර ගෙන ඇත.

  • පළමු අදියර 1995 දී ආරම්භ විය. එක් අවුරුදු වැඩසටහනක් සේ ආරම්භ වූ මෙය ලංකාවේ සියලුම වනාන්තර ආවරණය වන පරිදි සකස් වූවක් විය.


  • දෙවන අදියර වශයෙන් 1995-2000 දක්වා කෙටි කාලීන ප්‍රතිපත්තීන් ගැලපෙන තත්වයට පත් කරමින් ජනතාව දැනුවත් කිරීමට පුහුනු වැඩසටහන් ද නැවත වන වගා යටතේ නිත්‍ය වනාන්තර ද ඇති කරන්නට .


  • දැනට ක්‍රි‍යාත්මක 2000-2015 දක්වා වන මධ්‍ය කාලීන ක්‍රමෝපායන් ඔස්සේ රටම ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘති කරමින් පාරිසරික බලපෑම් ඇගයීම් කරගෙන යයි. තම ප්‍රදේශයේ ඇති වනාන්තර ප්‍රාදේශීය වශයෙන් රැකීමේ පිරමීඩාකාර වැඩසටහනක් ක්‍රියාත්මක වේ.පාරිසරික තක්සේරැ බලපෑම් වාර්තා ඔස්සේ වනාන්තරවලට හානිකර ව්‍යාපෘති තහනම් කරීමද මෙමගින් සිදුවේ.සිංහරාජ වනය සේම බඩල්කුඹුර,රාහුගල්ල,නාරංමාන හා

ආනපල්ලම වැනි වනාන්තර ආශ්‍රිත ජෛව විවිධත්වය රැකීමද මෙමගින් සිදුවේ.


  • සිව්වන අදියර වශයෙන් සියලු පාර්ශවයන් සම්බන්ධ කරගෙන අවසානයේ ජාතික වශයෙන් තිරසාර ඉලක්ක සපුරාලන දීර්ඝ කාලීන ප්‍රමෝපායන් ක්‍රි‍යාත්මක කිරීම අවසාන කඩ ඉමයි.පහළින් ඉහළට යොමු වන සැලසුම්කරණය හා පාරදෘශ්‍යතාව ඔස්සේ මෙය ක්‍රියාත්මක වේ. වසරින් වසර ජාතික රතු දත්ත ලැයිස්තුවට එකතු වන වඳවී යන ශාඛ හා සත්ව ප්‍රමාණය අඩු කිරීම,සිංහරාජ වැනි කාගේත් අවධානයට ලක්වන වනාන්තර සේම බදුලුවෙල ,මැදගම,පට්ටිපොළ,පටපිළිකන්ද වැනි ප්‍රදේශ වෙතද මෙමගින් අවධානය යොමු කර ත.


වනාන්තර රැකීමේ නිරතවන රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලයන්

[සංස්කරණය]

ශ්‍රීලංකාවේ වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ,පුද්ගලික ආයතන ,පරිසර විද්‍යාඥයන් පෙරටු කර ගනිමින් ක්‍රියාත්මක කිරීම මෙහි සාර්ථකත්වයට හා ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට හේතු වී ඇත.

රාජ්‍ය නොවන සංවිධාන

[සංස්කරණය]
  • ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය
  • සොබාදම් මිතුරෝ
  • පරිසර කවය
  • පරිසරපදනම
  • මව්බිම සුරැකීමේ සංවිධානය

පුද්ගලයන්

[සංස්කරණය]
  • වනවාසී රාහුල හිමි
  • පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන
  • ආචාර්ය අජන්තා පෙරේරා
  • ආචාර්ය සරත් කොටගම
  • සුරන්ජන් කොඩිතුවක්කු
  • පරිසරවේදී සිරිල් පරාක්‍රම



ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වන ආරක්‍ෂක කලාප ඇති කිරීම ඖෂධීය ශාඛ සංරක්‍ෂණය ආවේණික හා වඳවීයන ශාඛ හා සතුන් සංරක්‍ෂණය පුහුණු වැඩසටහන් ඇරඹීම අදාළ ආයතනවල නම්‍යශීලීත්වය හා අන්‍යොන්‍ය සබඳතාව දියුණු කිරීම පසුගිය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතිය ක්‍රමක්‍රමයෙන් අඩු වන ආකාරය පහත පරිදි හදුනාගත හැක.

වනාන්තර ප්‍රතිශතය
1902 84.9%
1956 84.1%
1981 24.0%
1995 23.85%
1998 23.95%
2005 23.98%
2007 20.30%


මේ වගුව ආශ්‍රිත සතු‍ටුදායක තත්ව‍ය වනුයේ 1995 වසර දක්වා 60% කට ආසන්න වනාන්තර ප්‍රමාණයක් විනාශ වී තිබුණද 1995 වසරේ සිට තත්වය ස්ථාවර මට්ටමක සිට වර්ධනීය ප්‍රවේශයක් කරා ගෙන ඒමට 1995 වන ක්‍ෂෙත්‍ර මහා ප්‍රතිපත්තිය සමත් වී ඇති බවයි.

වනාශ්‍රිත විශේෂ දින

[සංස්කරණය]

         1.ලෝක වනගහන දිනය - මාර්තු 21

         2.ලෝක පරිසර දිනය - ජුනි 5

         3.ජෛව විවිධත්ව දිනය - මැයි 22

         4.තර්ජනයට ලක් වූ සතුන් දිනය- ඔක්තෝබර් මාසය

         5.ලෝක තෙත් බිම් දිනය - පෙබරවාරි 2

ලෝක වනගහන දිනය

[සංස්කරණය]

ලෝක වනගහන දිනයේදී වනාන්තර වලින් මිනිසාට ඇති දායකත්වය සමරයි.

ලෝක පරිසර දිනය

[සංස්කරණය]

ලෝක පරිසර දිනය යෙදෙනුයේ ජූනි මස 5 වන දිනයි. මෙහිදී වාතය,ජලය,පස ශාක යන සියල්ල පරිසරයේ අංගයන් නිසා, ඒ සියල්ල සමස්ථයක් ලෙස ආරක්‍ෂා කිරීමේ වැදගත්කම සමරයි. නොසැලකිලිමත් ලෙස ගස්කොළන් ආරක්ෂා කරනවා වෙනුවට සිතා මතා ආරක්ෂා කිරීමට පෙළඹ විම වඩා වැදගත්ය.මෙම යහපත් ක්‍රියාවෙන් ඇති වන මානසික සහනය මුළු දිවියට ම ආශිර්වාදයක් වනු ඇත.මන්ද යත් බුදු රදුන් දෙසූ පරිදි, " සිතුවිලි දියුණු කර ගතහොත් පැවැත්ම ස්වභාවයෙන්ම ආරක්ෂා වන හෙයිනි".

ලෝක ජෛව විවිධත්ව දිනය

[සංස්කරණය]

ජෛව විවිධත්ව දිනයේ අරමුණ ආවේනික හා තර්ජනයට ලක් වූ විශේෂ පිළිබඳ වැඩි අවධානයක් ‍යොමු කිරීමයි.

ජෛව විවිධත්වය

[සංස්කරණය]

වනාන්තර ආශ්‍රිත වැදගත්ම තත්වය වනුයේ ජෛව විවිධත්වයයි.

සිංහරාජ වනය 1988 ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කළේ එයටම ආවේණික පරිසර කලාපයකින් යුතු නිසාය.

සිංහරාජයටම ආවේණික ක්‍ෂීරපායී හා සමනළ විශේෂ 50% කටත් වඩා සිංහරාජයේ ජීවත් වෙති.

වනාශ්‍රිත ජෛව විවිධත්ව ආකාර

[සංස්කරණය]
    • පරිසර පද්ධතිවල විවිධත්වය
    • විශේෂවල විවිධත්වය
    • ජානවල විවිධත්වය

ලංකාව තුල ඇති වනාන්තර අතරින් සිංහරාජ වනාන්තරය ඉතා වැදගත් වනේන, එහි ඇති වටිනා ශාක නිසාය.

විශේෂ විවිධත්වය

[සංස්කරණය]

භෞමික,සමුද්‍රීය හා වෙනත් ජලජ පරිසර පද්ධති ,ජීව විශේෂ තුළ විශේෂයන් අතර හා පරිසර පද්ධතීන්ගේ හා ජීවීන්ගේ විවිධත්වයද ඇතුළුව ප්‍රභවයන් අතර පවතින විපරීයතාවයයි.

වනාන්තර ආශ්‍රිත ශ්‍රී ලංකා නීති

[සංස්කරණය]
    • 1907 වන ආඥා පනත
    • 1953 වන සත්ව හා වෘක්‍ෂලතා පනත
    • 1992 පතල් හා කැණීම් පනත
    • 1991 සම්පත් කළමනාකරණ පනත
    • 1993 ජෛව ආරක්‍ෂණ පනත


1907 වන ආඥා පනත

[සංස්කරණය]

1907 වන ආඥා පනතේ ප්‍රධාන අරමුණ වැසි වනාන්තර ආරක්‍ෂා කිරීමයි.

පනතේ 7 වන වගන්තිය අනූව රක්‍ෂිත වනාන්තර තුළ සත්ව දඩයම එළිපෙහෙළි කිරීම් මෙන්ම අනවසර ඇතුළුවීම්ද තහනම් කර ඇත.

1995 දී මීට කළ සංශෝධනයෙන් වඳවී යන සතුන් සංරක්‍ෂණය , පස සෝදායාම වැළැක්වීම හා ස්වාභාවික විපත් වලින් ආරක්‍ෂාවීම පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කර ඇත.

වනාන්තර රැකීම සම්බන්ධයෙන් පවතින අන්තර් ජාතික මූලධර්ම

[සංස්කරණය]
    • වනාන්තර රැකීම සම්බන්ධයෙන් සියලුදෙනා ඇපකැපවීම
    • වනාන්තර සංරක්‍ෂණය සංවර්ධනයෙන් වෙන් කළ නොහැකි කොටසක්වීම
    • තිරසාර සංවර්ධනය
    • වනාන්තර විනාශ නොකිරීමේ යුතුකම
    • දූෂකයා විසින් වන්දි නොගෙවීමේ යුතුකම
    • නිවාරණ මූලධර්මය
    • පරම්පරා තුළ හා පරම්පරා අතර සාධාරණත්වය
    • පාරිසරික අයිතීන් හා මානව අයිතීන් සමාන වීම
    • සංවර්ධනයවීමට ඇති අයිතිය සමාන වීම
    • මහජන සහභාගීත්වය හා පොදු භාර සිද්ධාන්තය


ජාන විවිධත්වය

[සංස්කරණය]

වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබෙන තවත් වැදගත් ලක්‍ෂණයක් වනුයේ ජාන විවිධත්වයකින් යුත් විශේෂ රාශියක පැවැත්මයි. විශේෂයන් දියුණු වන්නේ ජාන විවිධත්වයක් ඇත්නම් පමණි. වනාන්තර ආශ්‍රිත විශේෂයන්ගේ ජාන සමාන වන විට සතුන් හා ශාඛ වඳවීමට බොහෝ ඉඩකඩ ඇත.අප්‍රිකාවේ චීටාවන් වඳ‍වීමට ලක් වූ විශේෂයක් ලෙස බොහෝ කතා බහට ලක් වී ඇත්තේ ද මෙලෙස ජාන සමානවීම නිසාය.


වනාන්තර ආශ්‍රිතව ජෛව විවිධත්වය සංරක්‍ෂණය කිරීම සඳහා පවතින අන්තර් ජාතික සම්මුති

[සංස්කරණය]
    • 1973 තර්ජනයට ලක් වූ ශාඛ හා සතුන් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය
    • 1979 සංචාරක ජීවීන් ආරක්‍ෂා කිරීම පිළිබඳ සම්මුතිය
    • 1993 ජෛව විවිධත්ව සම්මුතිය හා ජෛව ආරක්‍ෂණය පිළිබඳ කාටජීනා ප්‍රොටකෝලය

රැම්සාර් සම්මුතිය

[සංස්කරණය]

රැම්සාර් සම්මුතිය මඟින් වගුරැ බිම් ආශ්‍රිත ජෛව විවිධත්වය සංරක්‍ෂණයට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත.තර්ජනයට ලක් වූ ශාඛ හා සත්ව විශේෂ වෙළඳාම් කිරීමද මෙමගින් තහනම් කර ඇත.

සංචාරක ජීවීන් ආරක්‍ෂා කිරීමේ සම්මුතිය

[සංස්කරණය]

සංචාරක ජීවීන් ආරක්‍ෂා කිරීමේ සම්මුතිය මඟින් දේශභූමිය තුළ ජීවත් වන සතුන් පමණක් නොව දේශසීමාවට පිටින් එන හා දේශසීමාවෙන් මාරුවන ජීවීන්වද ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇත. සංරක්‍ෂණය , ධරණීය භාවිතය හා ජාන සම්පත් වලින් ඇති ප්‍රයෝජන බෙදා ගැනීම මෙම සම්මුතිවල ප්‍රධාන අරමුණයි.

ජෛව විවිධත්ව සම්මුතිය

[සංස්කරණය]
  • 5 වන වගන්තිය යටතේ සෑම පාර්ශවයක්ම අනෙකුත් පාර්ශවයන්ට ජෛව විවිධත්වය සංරක්‍ෂණය හා තිරසාර භාවිතය සඳහා සහයෝගය දැක්විය යුතු යි.


  • 10 වන වගන්තිය යටතේ ජීව විද්‍යාත්මක ක්‍රමයක් තිරසාර ලෙස භාවිත කළ යුතුයි.


  • 15,16,17 හා 18 යන වගන්ති යටතේ ජාන තාක්‍ෂණය සම්බන්ධ ප්‍රතිපාදන දක්වා ඇත.

කාටජීනා ප්‍රොටකෝලය

[සංස්කරණය]

කාටජීනා ප්‍රොටකෝලය ජෛව සංරක්‍ෂණය සම්බන්ධයෙන් වැදගත් වන අතර නවීන තාක්‍ෂණය හා මහජනයාගේ සෞඛ්‍ය හා ජෛව විවිධත්වය අතර තුලනයක් ඇතිකර ඇත.

මේ අඩවිත් බලන්න

[සංස්කරණය]


අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]

http://www.forestry.com/

http://www.forestry-suppliers.com/

http://www.fao.org/forestry/en/

http://forestry.about.com/



මූලාශ්‍ර

[සංස්කරණය]
  • 1995 ශ්‍රී ලංකාවේ වන ක්‍ෂේත්‍ර ප්‍රතිපත්තිය
  • ජෛව විවිධත්ව අත්පොත - පරිසර අමාත්‍යාංශය