වංශය (ජීව විද්‍යාව)

විකිපීඩියා වෙතින්
ජීවයවසමරාජධානියවංශයවර්ගයගෝත්‍රයකුලයගණයවිශේෂය
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට. රාජධානියක් තුල එක් වංශයක් හෝ වංශ කිහිපයක් හෝ අඩංගු වෙයි. අතරමැදි සුළු අනුස්ථිතීන් නොදැක්වෙයි.

ජීව විද්‍යාවෙහි, වංශයක් යනු, රාජධානියට පහළින් සහ වර්ගයට ඉහළින් පිහිටන වර්ගීකරණ මට්ටමක් හෝ වර්ගීකරණාත්මක අනුස්ථාපනයක් වෙයි. ඇල්ගි, දිලීර, සහ ශාක සඳහා ජාත්‍යන්තර නාමකරණ සංග්‍රහය විසින් මෙම පද දෙකම සමතුල්‍ය ලෙසින් සැලකුවද, උද්භිද විද්‍යාවෙහිදී වංශය යන්න වෙනුවට කාණ්ඩය යන පදය සාම්ප්‍රදායිකව භාවිතා වෙයි. [1] [2] [3] අර්ථ දැක්වීම් අනුව, ඇනිමේලියා නම් සත්ත්ව රාජධානිය හෝ මෙටසෝවා (බහු සෛලිකයෝ) තුල දළ වශයෙන් 35 පමණද, ප්ලැන්ටේ නම් ශාක රාජධානිය තුල 14 පමණද, ෆන්ජයි නම් දිලීර රාජධානිය තුල 8 පමණද වංශයන් අඩංගු වෙති. වංශප්‍රවේණික විද්‍යාවෙහි දැනට සිදුවෙමින් පවතින පර්යේෂණ වෙතින්, ඇක්ඩිසිසෝවා සහ එම්බ්‍රියෝෆිටා වැනි විශාල ඒක වංශික තුල අඩංගු වංශයන් අතර සම්බන්ධතාවය පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතියි.

  1. මැක්නෙයිල්, ජේ., ed (2012). ඇල්ගි, දිලීර, සහ ශාක සඳහා ජාත්‍යන්තර නාමකරණ සංග්‍රහය (මෙල්බර්න් සංග්‍රහය), දහඅටවන ජාත්‍යන්තර උද්භිද විද්‍යාත්මක කොංග්‍රසය මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව, ජූලි 2011 විසින් සම්මත කර ගන්නා ලද (ඉලෙක්ට්‍රොනික් සංස්.). ශාක වර්ගීකරණය පිළිබඳ ජාත්‍යන්තර සංගමය. http://www.iapt-taxon.org/nomen/main.php?page=art3. Retrieved 2017-05-14. 
  2. "ලයිෆ් සයන්සර්ස්". දි ඇමරිකන් හෙරිටේජ් නිව් ඩික්ෂනරි ඔෆ් කල්චරල් ලිටරසි (තෙවන සංස්.). හූටන් මිෆ්ලින් සමාගම. 2005. http://dictionary.reference.com/browse/phylum. Retrieved 2008-10-04. "Phyla in the plant kingdom are frequently called divisions." 
  3. බර්ග්, ලින්ඩා ආර්. (2 මාර්තු 2007). ඉන්ට්‍රඩක්ටරි බොටනි: ප්ලාන්ට්ස්, පීපල්, ඇන්ඩ් දි එන්වයරන්මන්ට් (2 සංස්.). සීඑන්ගේජ් ලර්නිං. පිටුව. 15. ISBN 9780534466695. https://books.google.com/books?id=I71WWH9ZmfsC&pg=PA15. Retrieved 2012-07-23. 
"https://si.wikipedia.org/w/index.php?title=වංශය_(ජීව_විද්‍යාව)&oldid=452142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි