ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත්හල

විකිපීඩියා වෙතින්
ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත්හල
ජාතික දෙව්සත්හලෙහි පැරණි උපදෙව්මැදුර සහ නව ගොඩනැගිලි
ආදර්ශ පාඨයලතින්: පරාරෙ ප්ලේබ්ම් පර්ෆෙක්ටම්
පිහිටුවන ලද්දේ1955; වසර 69 ක් පෙර (1955)
වර්ගයරෝමානු කතෝලික දෙව්සත්හල
ආගමික අනුබද්ධ කිරීමක්‍රිස්තියානි දහම
සභාපතිවින්ස්ටන්ට් ප්‍රනාන්දු[1]
ප්‍රධාන දේවගැතිඑක්ස්පෙඩීටුස් ජයකොඩි
අධ්‍යක්‍ෂකපී. ක්‍රිස්තුනායගම්[2]
ශිෂ්‍යයන්280
පිහිටීමමහනුවර[3], මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව

ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත්හල යනු ශ්‍රී ලංකාවෙහි මහනුවර, අම්පිටියෙහි පිහිටි රෝමානු කතෝලික දෙව්සත්හලකි. ශුද්ධාසන දෙව්සත්හල මහනුවර සිට ඉන්දියාවෙහි පූනේ දක්වා රැගෙන යෑමෙන් පසුව, ශුද්ධාසන දෙව්සත්හලෙහි ගොඩනැගිලි භාවිතයෙන් 1955 වසරෙහිදී එය සංස්ථාපනය කෙරිණි.[4] බොහෝ පියතුමන්ලා, කොළඹ අගරදගුරුවසමෙහි පියතුමන් පවා මෙහි සේවය කරති.[5]

කොළඹ, ශුද්ධවූ බර්නාඩ්තුමන්ගේ දෙව්සත්හලෙහිදී පියතුමන්ලා පුහුණු කරමින් සිටි නිර්මල මරිය නිකාය වෙත ජාතික දෙව්සත්හලෙහි කටයුතු පවරන ලදි. ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත්හලෙහි පළමුවන ශාස්ත‍්‍රීය වසර ඇරඹුනේ 1955 සැප්තැම්බර් 10 දිනදීය.

පසුබිම[සංස්කරණය]

1890 වසරෙහිදී, දහතුන්වන ලියෝ පාප්වහන්සේගේ ඉල්ලීමකට අනුව, මොන්සිඤ්ඤෝර් ලැඩිස්ලෝස් සැලෙස්කි විසින් ඉන්දියාව, බුරුමය සහ ලංකාව සඳහා ශුද්ධාසන දෙව්සත්හලක් පිහිටුවීමේ හැකියාව පිළිබඳ ගවේෂණයක් සිදුකරන ලදි. සැලෙස්කි ලැගුම් ගත්තේ මහනුවර ප්‍රදේශයෙහි වූ අතර, දුම්බර මිටියාවතට මුහුණලා පිහිටා තිබූ අම්පිටිය නම් උස්බිමක් මේ සඳහා තෝරා ගන්නා ලදි. ශුද්ධාසන දෙව්සත්හල 1893 වසරෙහිදී සංස්ථාපනය කෙරිණි. මෙය, ශුද්ධවූ පේදුරු අපෝස්තුළුවරයාණන්ගේ ශුද්ධාසනීය සමාජය වෙතින් අනුග්‍රහය ලත් පළමු ප්‍රධාන දෙව්සත්හල් අතරින් එකක් විය .[උපහරණ ඇවැසිය]

ශුද්ධවූ සේවියර් මුණිතුමාගේ උපදෙව්මැදුර, ශුද්ධාසන දෙව්සත්හල, ලංකාව

සංස්ථාපනය[සංස්කරණය]

ජාතික දෙව්සත්හල තුල පිහිටි ශුද්ධවූ සේවියර් මුණිතුමාගේ උපදෙව්මැදුර 2022

ඉන්දියාවෙහි පූනේ වෙත ශුද්ධාසන දෙව්සත්හල රැගෙන යෑමෙන් පසුව එහි මුල් ගොඩනැගිලි, 1955 වසරෙහි සිට ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත්හලෙහි භාවිතය සඳහා ගැණිනි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ටුඩේ, සිලෝන් (14 ජූනි 2022). "සිල්වර් ජුබිලි ඔෆ් බිෂොප් ඔෆ් බදුල්ල මෝස්ට් රෙවරන්ඩ් ජේ. වින්ස්ටන්ට් ෆර්නෑන්ඩු SSS".
  2. "වර්ක්ෂොප් ඕර්ගනයිස්ඩ් අන්ඩර් ද ගයිඩන්ස් ඔෆ් ඩිරෙක්ටර් ඔෆ් ද ෆැකල්ටි ඔෆ් ෆිලෝසොෆි, නැෂනල් සෙමිනරි, රෙව්රන්ඩ් ෆාදර් පී. ක්‍රිස්තුනායගම්- PDF Download".
  3. ලොකේෂන් ඔෆ් ද නැෂනල් සෙමිනරි
  4. "අම්පිටිය සෙමනරි: ඉන් ද සෙරින් හිල්ස් ඕවර්ලුකිං ද දුම්බර වැලි". සන්ඩේ ඔබ්සර්වර්. 12 දෙසැම්බර් 2020.
  5. "ප්‍රීස්ට් - ආච්ඩයසස් ඔෆ් කලම්බු ශ්‍රී ලංකා". archdioceseofcolombo.lk.