රොඩේශියන් රිජ්බැක්

විකිපීඩියා වෙතින්
රොඩේශියන් රිජ්බැක්
උපත් ලද රට ජර්මනිය
විශේෂ ලක්ෂණ
ගෘහස්ථ සුනඛයා (Canis lupus familiaris)

රොඩේශියන් රිජ්බැක් සුනඛයින්ගේ නිජභූමිය වන්නේ දකුණු අප්‍රිකාවයි.සිංහයින් දඩයම් කළ හැකි සුනඛ වර්ග අතර ප්‍රධාන ස්ථානයක් ගනියි. ඔවුන් ඇති කිරීමේ ප්‍රධානතම අරමුණ වී අත්තේ සිංහයින් දඩයම් කිරිමයි. මෙම සුනඛ වර්ගයේ වීරත්වයට හේතුව ලෙස සැල්කෙන්නේ එයයි. පුරාණයේ කේප් ජනපදයේ වාසය කළ දකුණු අප්‍රිකානු ජනයා මෙම සුනඛයින් Khoikhoi වල වාසය කරන ලද පිටේ වැටිය සහිත සුනඛයින් සමග මුහුම් කර ඇත. ඉතිහාසයේ මුල් අවදි වලදි මෙම සුනඛයින් සිංහයින් දඩයම් කිරිමේ ඔවුන් සතු විශේෂ හැකියව නිසා Van Rooyen's Lion Dogs, ද African Lion Hound, African Lion Dog සහ Shumba Imbwa ආකාර වු විවිද නම් වලින්ද හඳුන්වා අත. නමුදු මෙම සුනඛයින්ගෙන් දැනට හඳුනාගෙන ඇති මූලය වන්නේ රොඩේශියාවේ(වර්තමානයේ සිම්බාබ්වේ ලෙස හදුනවයි ) විසූ F. R. Barnes නම් පුද්ගලයෙකු විසින් මුහුම් කරන ලද සුනඛයෙකි.


ඉතිහාසය[සංස්කරණය]

රිජ්බැක් පැටියෙක්.

මෙම සුනඛයින් බිහි කිරිමේ ඉතිහාසය 18 වන සියවස දක්වා දිවෙන සිදුවීමකි. යුරෝපීය ජන පද වලින් අප්‍රිකාවට ජනයා පැමිණි කාලයේ ඔවුන්ට Khoikhoi වලදි පිටේ කඩුවක් වැනි කොටසක රෝම ඉහළ අතට හැරවුනු සුනඛ විශේෂයක් හමු උනි. මූලික වශයෙන් දඩයමෙන් ජීවත් වූ නිසා ඔවුන්ට සිංහයින්ට මුහුණ දීමට තරම් ජව සම්පන්න, කිඹුලන් හා සර්පයින් මග හැරිමට තරම් නුවණක්කාර සුනඛයින් අවශ්‍ය කර තිබුනි. නමුත් පොදු පිළිගැනීම අනුව වැන් රූයන් නම් පුද්ගලයා විසින් ස්වෙලෙන්ඩම් දිස්ත්‍රික්කයේදි චාර්ල්ස් හෙල්ම් විසින් 1879 දී සපයන ලද සුනඛයින් දෙදෙනෙක් මුහුම් කිරීමෙන් පසු මෙම පිටුපස රෝම ඉහළට නැමුනු සුනඛයින් වර්ගය නිවෙස් තුල ඇති කිරීම ආරම්භ කළ වගයි.

මොවුන්ගේ බිහිවීම 1892 තවත් ඉදිරි පියවරක් තබන ලදි. බුලුවායෝ නගරයේ වැසියන් කීප දෙනෙක් විශේෂ වැටිය සහිත සුනඛයින්ගෙන් තඹ රතු පාට සුනඛයින් තෝරා “අප්‍රිකානු දරුවන්” ලෙස අර්ථ දක්වමින් මුහුම් කිරිමේ ව්‍යාපාරයක් අරඹන ලදි.මෙම මුහුම් වීම SAKU(South African Kennel Club) හිදි ප්‍රථම වරට රෙජිස්ටර් කරන ලදි.එම කාලයේදී මහද්වීපයේ තිබුනු එකම කෙන්නෙල් ව්‍යාපාරය වූයේ SAKU ව්‍යාපාරයයි.වර්තමානයේ KUSA ලෙස හැදින්වෙන්නේ මෙයයි.

මෙම සුනඛයින් ප්‍රථම වරට ඇමෙරිකාවට ගෙන එන ලද්දේ මොරිස් දි පාස් සහ ඔහුගේ බිරිද රුත් දි පාස් විසින් මිසිසිපිහිදි මුහුම් කිරිමේ අටියෙනි.මෙම සුනඛ වර්ගය ඇමෙරිකානු කෙන්නෙල් ක්ලබ් හි 1955දි ප්‍රථම වරට රෙජිස්ටර් කරන ලදි. එහිදී මොවුන්ද දඩයම් බල්ලන් විශේෂයක් ලෙස නම් කරන ලදි. බ්රිතාන්යට ප්‍රථම වරට රිජ්බැක් සුනඛයෙක් ගෙන එන ලද්දේ එඩ්වඩ් ෆොල්ජෙම්බ් මහත්මිය විසින් 1928 දීය.

සිංහයින් දඩයම් කිරිමේදි මෙම බල්ලන් කණ්ඩායම් වශයෙන් ( 20 ) යවන අතර සිංහයින් සමඟ පොර බැද සහ සිංහයින් සමඟ එහාට මෙහාට පැන සිංහයින් වෙහෙස කර වීමෙන් දඩයමේ යෙදීමට ඔවුන් දක්ෂය. දඩයම් කිරීමේදී ආවේනික පුරුද්දක් වශයෙන් දඩයම් කරු පැමිණෙන තුරු සිංහයින්ට අසු නොවී සිංහයින් වෙහෙස කරවීමේ විශේෂ හැකියාවක් ඔවුන්ට ඇත.

විස්තරය[සංස්කරණය]

පෙනුම[සංස්කරණය]

පිට කොන්දේ වැටිය.

මෙම සුනඛ වර්ගයේ ඇති විශේෂ ලක්ෂණය වන්නේ ඔවුන්ගේ පිට කොන්දේ කඩුවක ආකාරයට රෝම සකස් වී ඇති ආකරයයි.මෙම රෝම අනෙක් රෝම සකස් වී ඇති දිශාවට විරුද්ධ දිශාවට සකස් වී ඇත.මෙම වැටියෙහි මහත එහි මහතම ස්ථානයේදි අගල් 2ක් පමණ වේ.

පිරිමි සතුන් අඟල් 25–27 (සෙ.මි. 63–69) පමණ උස් යන අතර බර කි.ගැ. 39 පමණ වේ. ගැහනු සතුන් අඟල් 24–26 (සෙ.මි. 61–66 ) පමණ උස යන අතර බර කි.ගැ. 32 පමණ වේ. මොවුන් සාමාන්‍යයෙන් ඉතා ශක්තිමත් පේශි වලින්, අඩු බරකින් සහ දුඹුරු රතු පාටකින් යුක්ත වේ. නමුත් AKC ප්‍රමිති වලට අනුව ගෙලෙහි සහ ඇඟිලි වල සුදු පාට තිබීම අනුමත වී ඇති අතර ශරීරයේ කොතනක හෝ කලු පාට තිබීම අනුමත තත්වයේ නැත. නමුත් වර්තමානයේ මෙම සියලු ආකාර වලින් රිජ්බැක් සුනඛයින් දක්නට ලැබේ.

මොවුන්ගේ බාහිර ස්වරූපය ගැන සළකා බැලූ කළ මොවුන් මඳ රෝම සහිතය. සිනිදු වලිගය පහලට වක් වී ඇත. ඇස් දෙකෙන් ශරීර වර්ණය ඔප නැන් වෙයි. නහය තද දුඹුරු පැහයක් ගන්නා අතර ශරිරයේ උත්දීපනය වැඩි කිරීමෙලා එය සමත් වී ඇත. වර්තමාන FCI ප්‍රමිතීන්ට අනුව මොවුන්ගේ නියම වර්ණය රතු දුඹුරු බව හදුනාගෙන ඇත.

ගමන් කරන රිජ්බැක් සුනඛයෙක්.




විශේශ රිජ්බැක් වර්ගයන්[සංස්කරණය]


හැසිරීම[සංස්කරණය]

ඔවුන් ස්වාමියට කීකරු නුවණක්කර සුනඛයින් වර්ගයකි. නොදන්නා පුද්ගලයන් හමුවේ වියරු ලෙස හැසිරෙන අතරම හොඳ විමසිල්ලෙන් සිට්යි. එක වර සපාකැමට නොපෙළබේ. මෙම බල්ලන් ඉතා හොදින් සමාජ ගත වන අතර සුනඛයින් ඇති කිරීමේ ආධුනිකයින්ට එතරම් හොද තේරිමක් නොවේ. ස්වාමියාට මෙන්ම ස්වාමියාගේ පවුලේ අයටද දැඩි ඇල්මක් දක්වයි. හොදින් පුහුණු කරහොත් මුර බල්ලන් ලෙස යෙදවීමටද මෙම සුනඛයින් සුදුසුය. බුද්ධිමත් බවෙන් මෙන්ම ක්‍රීඩා කෞශල්‍යන් අතින්ද ඉහළ ස්ථානයක මොවුන් සිට්යි.

සෞඛ්‍ය[සංස්කරණය]

උපතේදී මොවුන් බොහෝ විට hip dysplasia සහ dermoid sinus වැනි රෝග තත්වයන්ට මුහුණ දෙන බවත් ලොව හයවෙනි ස්ථානයට තයිරොයිඩ් ග්‍රන්තිය ආස්‍රිත ආසාදන වලට ගොදුරු වන්නේ රිජ්බැක් බල්ලන් බවත් "Orthopedic Foundation for Animals" මගින් කරන ලද පරීක්ශණ වලින් තහවුරු වී අත.මොවුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 10.25 ක් පමණ වෙයි.

රිජ්බැක් සුනඛයින්ට සෑදෙන වෙනත් රෝග තත්වයන්[සංස්කරණය]

  • Deafness
  • Degenerative myelopathy
  • Hypothyroid
  • Bloat

බාහිර සබැඳුම්[සංස්කරණය]

රිජ්බැක් සුනකයින්ගේ වීඩියෝ පට

මේ ලිපිත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රොඩේශියන්_රිජ්බැක්&oldid=510338" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි