Jump to content

රොක් සංගීතය

විකිපීඩියා වෙතින්
"රෙඩ් හොට් චිලි පෙපර්ස්" රොක් සංගීත කණ්ඩායම
රොක් සංගීතය
විලාසයේ සම්භවයRock and roll, electric blues, folk music, country, blues
සංස්කෘතිකමය ඇරඹුම1950s and 1960s, United Kingdom, United States
දර්ශීය සංගීත භාණ්ඩVocals, electric guitar, bass guitar, drums, synthesizer, keyboards
ජනප්‍රසාදයExtremely high worldwide, since 1950s
මින් ව්‍යුත්පන්න සංගීතNew Age Music Synthpop
උප ශෛලීන්
Alternative rock Art rock Beat music Britpop Emo Experimental rock Garage rock Glam rock Group Sounds Grunge Hard rock Heartland rock Heavy metal Instrumental rock Indie rock Jangle pop Krautrock Madchester Post-Britpop Power pop Progressive rock Protopunk Psychedelia Punk rock Rock noir Soft rock Southern rock Surf Symphonic rock
සම්මිශ්‍රිත ශෛලීන්
Aboriginal rock Afro-rock Anatolian rock Bhangra rock Blues-rock Country rock Flamenco-rock Folk rock Funk rock - Glam Punk Indo-rock Industrial rock Jazz fusion Pop rock - Punta rock Raga rock Raï rock Rap rock Rockabilly Rockoson Samba-rock Space rock Stoner rock Sufi rock
Regional scenes
Argentina Armenia Australia Belarus Belgium Bosnia and Herzegovina Brazil Canada Chile China Cuba Croatia Denmark Dominican Republic Estonia Finland France Greece Germany Hungary Iceland India Indonesia Ireland Israel Italy Japan Spanish-speaking world Latvia Lithuania Malaysia Mexico Nepal New Zealand Norway Pakistan Peru Philippines Poland Portugal Russia Serbia Slovenia Spain Sweden Switzerland Tatar Thailand Turkey Ukraine United Kingdom United States Uruguay SFR Yugoslavia Zambia
Other topics
Backbeat Rock opera Rock band Performers Hall of Fame Social impact List of rock music terms

රොක් සංගීතය යනු ගිටාර්, ඩ්‍රම් හා බේස්වලින් සමන්විත ස්ථිර කටහඬ මෙලඩියකින් යුත් ජනප්‍රිය සංගීත ආකාරයකි. රොක් සංගීතයේ බො‍හෝමයක් රටා ඕගනය, පියානෝව, මෙලට්‍රෝන් හා සින්තසයිසර් වැනි යතුරු පුවරු උපකරණ යොදා ගනී. සෙක්සෆෝනය, හාමොනිකාව, වයලීනය, බටනලාව, ප්‍රංශ නළාව, බැංජෝව හා මෙලෝඩිකාව වැනි අනිකුත් වාදන භාණ්ඩ ද සමහරක් විට රොක් සංගීතයේ දී යොදා ගනී. එමෙන්ම මැන්ඩීලනය හා සිතාරය වැනි දුලබ තන්තුමය සංගීත භාණ්ඩ යොදා ගනී. රොක් සංගීතයට සාමාන්‍යයෙන් බලවත් පසු නාදයක් (Back Beat) පවතින අතර ඝන ඉලෙක්ට්‍රික් හෝ කුහර ‍ඉලෙක්ට්‍රික් හෝ ධ්වනික ගිටාරය අවට එය රැඳේ.


රොක් සංගීතයේ තුළ පවතින්නේ බ්ලූස්, දේශීය සංගීතය හා අනිකුත් බලපෑම්වලින් ව්‍යුත්පන්න වූ සංගීතයක්ය. 1960 දශකයේ හා 1970 දශකයේ පැවති රොක් ඇන්ඩ් රෝල් හා රොකබිලිටි සංගීත ආකාර සියල්ලේම සංගීත යොමුවට අනුව එහි ශුද්ධතම ආකාරයේ දී රොක් ඇන්ඩ් රෝල් රටාවට ස්වර සංඝාත 3ක්, බලවත් ක්ෂණික පසු නාදයක් හා කන්කළු මෙලඩියක් පවතියි. මුල් කාලීන රොක් ඇන්ඩ් රෝල් රටාව ප්‍රභව ගණනාවකින් නිර්මාණය වූවකි. මූලික වශයෙන් එයට බ්ලූස්, R & B හා දේශීය සංගීතය ඇතුළත් වූ නමුත් ගොස්පෙල්, සාම්ප්‍රදායික පොප්, ජෑස් හා ජන සංගීතය ද ඒ සඳහා දායකවිණි. මෙම සියලු බලපෑම් මඟින් සරල බ්ලූස් මත පදනම් වූ ගීත ව්‍යුහයක් තැනූ අතර එය වේග රිද්ම, නර්තනයේ යෙදිය කළ හැකි හා කන්කළු ව්‍යුහයක් විය.

1960 දශකයේ පසු භාගයේ දී රොක් සංගීතය ජන රොක් සංගීතය, නිර්මාණය සඳහා ජන සංගීතය සමඟ ද, බ්ලූස් රොක් නිර්මාණය සඳහා බ්ලූස් සමඟ ද, ජෑස් රොක් ෆියුෂන් නිර්මාණය සඳහා ජෑස් සමඟ ද මිශ්‍ර කරන ලදී. එමෙන්ම ෆිචෙඩෙලික් රොක් නිර්මාණය සඳහා කාල සලකුණක් නොමැතිව මිශ්‍ර කිරීමක් සිදු කරන ලදි. 1970 දශකයේ දී රොක් සංගීතයට සෝල්, ෆන්ග් හා ලතින් සංගීතයේ බලපෑම එල්ල විය. එමෙන්ම 1970 දශකයේ දී රොක් සංගීතයේ උප ප්‍රභේද වූ සොෆ්ට් රොක්, හෙවි මෙට්ල්, හාඩ් රොක්, ප්‍රෝග්‍රෙසිව් රොක් හා පන්ක් රොක් වැනි ප්‍රභේද බිහි විය. 1980 දශකයේ දී මතු වූ රොක් සංගීතයේ උප ප්‍රභේදවලට සින්ත් පොප්, හාඩ්කෝර්පන්ක් හා ඕල්ටනේටිව් රොක් ඇතුළත් විය. 1990 දශකයේ රොක් උප ප්‍රභේදවලට ගෘන්ගේ, බ්‍රිට් පොප්, ඉන්දි රොක් හා නියු මෙට්ල් ඇතුළත් විය.

රොක් සංගීතයේ විශේෂඥ සංගීත කණ්ඩායමක් රොක් සංගීත කණ්ඩායමක් ලෙස හඳුන්වනු ලැබේ. බොහොමයක් රොක් සංගීත කණ්ඩායම්වලට චතුරංගිකයක් සාදමින් ගිටාර් වාදකයෙකු ප්‍රධාන ගායකයකු, බේස් ගිටාර් වාදකයකු හා ඩ්‍රම් වාදකයකු ඇතුළත් වේ. සමහරක් සංගීත කණ්ඩායම් මෙම චරිතවලින් 1 ක් හෝ කිහිපයක් බැහැර කර ගායනය කරන අතරම භාණ්ඩයක් වාදනය කරන ප්‍රධාන ගායකයකු සේවයෙහි යොදවයි. එමඟින් ත්‍රිත්වයක් හෝ ද්විත්වයක් සෑදෙනු ලැබේ. තවත් සමහරුන් විසින් රිදම් ගිටාර් වාදකයන් දෙතුන් දෙනෙක් හා /හෝ කීබෝඩ් වාදන ශිල්පීන් වැනි අතිරේක සංගීතඥයන් ඇතුළත් කර ගනී. වඩාත් දුලබව සංගීත කණ්ඩායම් විසින් වයලීන හෝ සෙලෝ වැනි තන්තුමය උපකරණ හා/ හෝ සෙක්සෆෝන් හෝ ට්‍රම්පට් වැනි නළා භාවිතයට ගනී.

"https://si.wikipedia.org/w/index.php?title=රොක්_සංගීතය&oldid=250209" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි