රැම්ස්ගේට් උමං දුම්රිය මාර්ගය
ඛණ්ඩාංක: 51°20′02″N 1°25′05″E / 51.334°N 1.418°E
උමං දුම්රිය මාර්ගය | |
---|---|
දළ විශ්ලේෂණය | |
තත්වය | වසා ඇත |
Locale | රැම්ස්ගේට් |
ගමනාන්ත | රැම්ස්ගේට් මුහුදු වෙරළ හර්සන් මාර්ගය (ඩම්ප්ටන් පාර්ක් සඳහා) |
Stations | 2 |
ක්‍රියාකාරිත්වය | |
විවෘතය | 1936 ජූලි 31 |
Closed | 1965 සැප්තැම්බර් 26 |
හිමිකරු | රැම්ස්ගේට් ඔලිම්පියා |
තාක්ෂණික | |
මාර්ගයේ දුර | යාර 1,444 (1320 මී.) |
No. of tracks | 1 |
මාර්ග ආමානය | අඩි 2 (660 මිමී.) |
විද්‍යුතනය | ට්‍රොලී ධ්‍රැව |
Highest elevation | අඩි 83 (25 මී.) |
රැම්ස්ගේට් උමං දුම්රිය මාර්ගය (උමං දුම්රිය මාර්ගය, රැම්ස්ගේට් තද බෑවුම් දුම්රිය මාර්ගය , රැම්ස්ගේට් උමං දුම්රිය මාර්ගය, රැම්ස්ගේට් යටි බිම් දුම්රිය මාර්ගය සහ ලෝක දර්ශනීය දුම්රිය මාර්ගය ලෙසද හඳුන්වන) රැම්ස්ගේට්, කෙන්ට්, එන්ගලන්තයෙහි පිහිටි අඩි 2ක පටු පරිමානයක් සහිත යටිබිම් දුම්රිය මාර්ගයකි. 1926 දී රැම්ස්ගේට් හි දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් බෝඩ්ස්ටෙයාර්ස් සහ රැම්ස්ගේට් වරාය අතර උමඟ ද ඇතුලුව දුම්රිය මාර්ගය අතහැර දමන ලදී. සංචාරක ආකර්ශනයට සහ රැම්ස්ගේට් වරාය අසල කඩ සාප්පු ඩම්ප්ටන් උද්‍යානය හි නව ප්‍රධාන දුම්රිය මාර්ගය සමඟ සම්බන්ධ කිරීම සඳහා 1936 දී මෙම පටු පරිමාණ දුම්රිය මාර්ගය විවෘත කරන ලදී.
උමඟ දෙපස නැවතුම්පොළ දෙක හැර අනෙකුත් සම්පූර්ණ මාර්ගයම පොළොව යටින් දිවෙයි.මාර්ගය මාස තුනකට අඩු කාලයකදී නිම කෙරිනි, එමෙන්ම 1936 දී එහි නිම වීමත් සමඟම එය රටේ කෙටිම ස්වාධීන දුම්රිය මාර්ග වලින් එකක් බවට පත්විය. දෙවන ලෝක යුද්ධයේ දී මෙය ප්‍රධාන ගුවන් ප්‍රහාරක රැකවරකයක් ලෙස පත්වීමට පෙර, විවෘතව පැවතුනේ වසර තුනක් පමණි. යුද්ධයෙන් අනතුරුව එය 1948 බ්‍රිතාන්‍ය රජයේ දුම්රිය මාර්ග පද්ධතියට අයත් නොවුනු අතර, එය පෞද්ගලික අංශයේ රැඳිණි.
වර්ෂ 1960 ආසන්න කාලයේදී මගීන් ප්‍රමාණය අඩු විය, එමෙන්ම මාර්ගය ආර්ථික වශයෙන් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්විය. 1965 දී සිදුවුන දුම්රිය අනතුරින් පසුව, එම වර්ෂයේ සැප්තැම්බර් අවසානයේ මෙය වසා දැමීමට හිමිකරුවන් විසින් තීරණය කරන ලදී. උමඟ තවමත් පවතින නමුත් එය මුද්‍රා තබා අතහැර දමා පවතී, නමුත් පවතින නැවතුම්පොළවල් පිළිබඳ සළකුනක් නොමැත.
පසුබිම
[සංස්කරණය]රැම්ස්ගේට් හි වෙරළබඩ නිකේතනය සහ තොටුපළ නගරය, අසම්බන්ධිත දුම්රිය මාර්ග වල සංකීර්ණ ජාලයක් ලෙස ඉතිහාසයේ සඳහන්ය,එමෙන්ම ලන්ඩන් සහ අසල්වාසී මාර්ගේට් අතර සම්බන්ධතාවය ඇති කිරීමට ප්‍රතිවාදී සමාගම් දෙකක් අතර තරඟයක්ද තිබිණි.නගරයේ ප්‍රථම දුම්රිය ස්ථානය වන රැම්ස්ගේට් ටවුන්, ආරම්භ කරන ලද්දේ (UK) සවුත් ඊස්ටර්න් දුම්රිය සමාගම විසින් 1846 අප්‍රේල් 13 දී, මුහුදේ සිට සැතපුමක් පමණ දුරින් නගරය ආසන්නයේමය. දුම්රිය ස්ථානය හරහා යන මාර්ග උතුරටත්, බෙදීමට පෙර බටහිර සිට කැන්ටබරි සහ ලන්ඩනය ටත්, උතුරේ සිට මාර්ගේට්[1] ටත් වේ.
ලන්ඩන්, චැතෑම් සහ ඩොවර් දුම්රිය සමාගම රැම්ස්ගේට් දක්වා වන දෙවන මාර්ගය 1863 ඔක්තෝම්බර් 5 විවෘත කරන ලදී.[2] මෙම දුම්රිය මාර්ගය ලන්ඩන් සිට ආරම්භ වී හර්නි බේ, මාර්ගේට් සහ බ්‍රෝඩ්ස්ටෙයාර්ස් හරහා රැම්ස්ගේට් වරාය දුම්රිය ස්ථානය (වරායට ඉතා ආසන්න) දක්වා දිවෙයි. මුහුදු මට්ටමට පැමිණීමට පෙර එය රැම්ස්ගේට් හිදී යාර 1,124 (1,028 මී.) දිග උමඟක් තුලින් වැටී ඇත.[1]
රැම්ස්ගේට් වරාය දුම්රිය ස්ථානය මඟීන්ට ඉතා සුවපහසු භූමි ප්‍රදේශයක් වුවත්, පවත්වාගෙන යාමේ අපහසුතා ඇතිවිය. එහි තත්වය වූයේ උමඟ අවසානයේ ඇති අධික බෑවුම නිසා 1891 අගෝස්තු 3 සහ 1915 මාර්තු 24 සිදු වූ ලෙසටම දුම්රිය පාලනයෙන් තොර වී නැවතුම්පොළ හරහා වෙරළ දක්වාම යාමේ අව්දානමක් ඇති කමයි.[3][4] අධික තදබදය නිසා නැවතුම්පොළ වර්ධනයට ඉඩකඩක් නොමැත, එසේම කුඩා හැරවුම් වේදිකා ඇති නිසා විශාල දුම්රිය එන්ජින් භවිතා කිරීමටද නොහැක, එම නිසා බෑවුමේදී නවතා ගැනීමට බර ප්‍රමාණයෙන් වැඩි දුම්රිය සඳහා එන්ජින් දෙකක් අවශ්‍ය වේ.[5] තවද 1920 පමණ වකවානුවේදී රැම්ස්ගේට් හි ජනගහනය එය ආරම්භයේ මෙන් දෙගුණයක් දක්වා වැඩිවීමෙන් ප්‍රවාහන පහසුකම්ද ප්‍රමාණවත් නොවීය.[6]
1926 ප්‍රතිව්‍යුහගතකරණය
[සංස්කරණය]1923 දුම්රිය සමාගම් සමූහනයෙන් සවුත් ඊස්ටර්න් දුම්රිය සමාගම සහ ලන්ඩන්, චැතෑම් සහ ඩොවර් දුම්රිය සමාගම අලුතෙන් ආරම්භ කළ සදර්න් දුම්රිය සමාගමේ කොටස්කරුවන් විය. ඔවුන් රැම්ස්ගේට් සහ මාර්ගේට් හි දුම්රිය මාර්ග සහ නැවතුම්පොළ ද්වීකරණය හඳුන්වාදීමට තීරණය කළහ.ඔවුන් රැම්ස්ගේට් හිදී මාර්ගය සම්බන්ධ කිරීමට තීරණය කළහ. මෙම යොජනාව ස්වුත් ඊස්ටර්න් හා චැතම් දුම්රිය සමාගම්] විසින් පලමු ලෝක යුද්ධයට ද කලින් ඉදිරිපත් කළද, 1925 වන තුරු එහි වැඩ ආරම්භ නොකෙරිනි. [7] මෙයින් අදහස් කරන ලද්දේ රැම්ස්ගේට් නගරයෙහි සහ රැම්ස්ගේට් වරායෙහි ගමනාන්ත නැවතුම්පොළ වල අවසානය, සහ තිබෙන මාර්ග දෙක සම්බන්ධ කිරීමට නගරයේ උතුරු කෙළවරින් මාර්ගයක් නිර්මාණය කිරීමයි. නගරයේ ඊසාන සහ වයඹ දිශා වල ඇති නව දුම්රිය ස්ථාන, අනුපිළිවෙලින් ගත්විට ඩම්ප්ටන් පාර්ක් සහ රැම්ස්ගේට් හි, පෙර නගර මධ්‍යයේ සහ වරායේ පැවති දුම්රිය ස්ථාන ප්‍රතිස්ථාපනය කෙරිණි.[8]
නව සම්බන්ධතාවය 1926 ජූලි 2  විවෘත කෙරුනු අතර ඒ සමඟම පෙර පැවති රැම්ස්ගේට් හි නැවතුම්පළ සහ රැම්ස්ගේට් වරාය දක්වා වන උමඟ ද වසා දැමුනි. උමඟ මුද්‍රා තබා අතහැර දමන ලදී, රැම්ස්ගේට් වරාය නැවතුම්පොළ තානට් ඇමුස්මන්ට් වලට විකුණන ලදී. ඔවුන් එය මෙරී එන්ග්ලන්ඩ් නැමති සත්වෝද්‍යානය හා සැණකෙලිය බවට පරිවර්තනය කෙරිණි.[9]
දැනට රැම්ස්ගේට් ඔලිම්පියා හි හිමිකාරිත්වය යටතේ ඇති මෙරී එන්ග්ලන්ඩ් 1993 දී ඉතාමත් ප්‍රසිද්ධ විය. එමෙන්ම රැම්ස්ගේට් ඔලිම්පියා විසින් උමඟ හරහා ඇති මාර්ගය ඩම්ප්ටන් පාර්ක් සහ බ්‍රෝඩ්ස්ටෙයාර්ස් අතර නව නැවතුම්පොළක්ද සමඟින් විවෘත කරන ලෙස සදර්න් දුම්රිය සමාගමට බලපෑම් කරන ලදී.[10] කෙසේ වුවත් එම යෝජනාව මිල අධික සහ ප්‍රායෝගික නොවන බැවින් සදර්න් දුම්රිය සමාගම විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.[5][11] රැම්ස්ගේට් ඔලිම්පියා සහ සදර්න් දුම්රිය සමාගම් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සිට වරායට පිවිසිය හැකි ප්‍රදේශය ආසන්නයේ ආකර්ෂණය දිනාගැනීමට සහ ඩම්ප්ටන් පාර්ක් හි මුහුදුබඩ ප්‍රදේශයේ සිට ග්‍රේහොඋන්ඩ් ක්‍රීඩා මණ්ඩපයට සේවාවන් සැපයීමට ඉතා දක්ෂය. සමාගම් දෙක අවසානයේදී එක් යෝජනාවකට එකඟ විය එනම් නව මාර්ගය වෙරළ ආසන්නයේ උමඟ යාර 780 (710 මී.) භාවිතා කළ යුත්තේ, උමඟ යාර 364 (333 මී.) කින් බෙදී නව හර්සන් මාර්ගයේ නව දුම්රිය ස්ථානයකින් මතුවීමට පෙර ඩම්ප්ටන් පාර්ක් දුම්රිය ස්ථානයේ සිට යාර 250 (230 මී) ක දුරකිනි.[10] රැම්ස්ගේට් ඔලිම්පියා විශාල නිවාස සංකීර්ණයක්, විනෝද චාරිකා රථ සඳහා නවාතැන් පහසුකම් සහ ඩම්ප්ටන් පාර්ක් හි ආසන 10,000 ක ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීම මගින් මඟීන් සංඛ්‍යාව වැඩි කිරීමට සහ නව මාර්ගය භවිතා කිරීමට පෙලඹවීමට සැලසුම් කළහ.[12]
මාර්ගය
[සංස්කරණය]දුම්රිය ස්ථාන වල වේදිකා තුනක් තිබේ;මැද පිහිටා තිබෙන, මඟීන්ට දුම්රියට ගොඩවීමට ඇති පුළුල් දූපත් වේදිකාව, මඟීන්ට දුම්රියෙන් බැසීමට ඇති පිටතින් පිහිටි පටු වෙදිකා වේ. ඉහළ දුම්රිය ස්ථානය හර්සන් මාර්ගය ලෙස හැඳින්වුවද පහළ ස්ථානය නිල වශයෙන් එසේ නම් කර නොමැත. එය එක් එක් අවස්ථා වලදී "ඔලිම්පියා", " බීච් (වෙරළ )", " සෑන්ඩ්ස් (වැල්ල )" සහ "ලෝවර් ටර්මිනස්( පහළ ගමනාන්තය)" ලෙස හඳුන්වා තිබේ.[13] නැවතුම්පළ දෙකෙහිම වේදිකා සහ ප්‍රවේශ පත්‍ර කාර්යාල උමඟ දෙකෙළවර පිහිටා තිබේ.[13]
මාර්ගය, හර්සන් මාර්ගය අතර වැටී ඇත එමෙන්ම එය ඩම්ප්ටන් පාර්ක් නැවතුම්පොළ දී හර්සන් මාර්ගය හරහා ගමන් කරයි. එලෙසම අවසාන නැවතුමට ළඟා වීමට නව උමඟ තුලින් 1 ට 15 ක බෑවුමක්[10] ඇති අතර මුල් උමඟෙහි එය 1 ට 75 ක් විය.[1] මාර්ගය තනි මාර්ගයකි, එය දුම්රිය ස්ථාන දෙකේදී දෙකට බෙදෙන අතර උමඟෙහි අඩක පමණ දුරින් හුවමාරු ස්ථානයක් පිහිටා තිබේ.[13] හර්සන් මාර්ගය සහ අවසාන නැවතුම අතර ගමනෙහි දී යාර 1444 (1320 මී.) කට මාර්ගයේ බැස්ම අඩි 83 (25 මී.) කි.[14]
නිර්මාණය සහ යටිතල ව්‍යුහය
[සංස්කරණය]නව මාර්ගයේ යටිතල ව්‍යුහය සැලසුම් කරන ලද්දේ හෙන්රි ග්‍රීන්ලි විසිනි, එය පටු දුම්රිය මාර්ග සැලස්මකි. ඔහුගේ වෘත්තිය ආරම්භ කරන තිබුණේ මෙට්‍රොපොලිටන් දුම්රිය සමාගමත් සමඟයි, එමෙන්ම ඔහු විසින් මාර්ග, ගොඩනැගිලි , දුම්රිය එන්ජින් සහ රයිල් මිනිඒචර් සහ ආසන්නයේ පිහිටි රොම්නේයි, හයිත්, ඩිම්චර්ච් දුම්රිය සමාගම් වලට දුම්රිය මාර්ගයේ ගමන් කරන රථ නිර්මාණය කර දී තිබුණි.[15] නව මාර්ගයේ විශාල බර රැගෙන නොයන නිසාත්, එය කෙටි දුර ධාවනය කරන නිසාත්, එය අඩි 2 ක(610 මිමී.) මාර්ග මිම්මක් සහිත පටු දුම්රිය මාර්ගයක් ලෙස ඉදි කරන ලදී. එම නිසා නව උමඟ තිබුණ උමඟට වඩා කුඩාවට ඉදි කිරීමට අවසර ලැබුණි, උස අඩි 8(2.4 මී.) ක් පළල අඩි 6(1.8 මී) ක් ලෙස. [10]
මුලින් සලකා බැලුවේ කේබල් කාර් පද්ධතියක් සඳහා වුවත්,[10] රැම්ස්ගේට් ඔලිම්පියා විසින් මාර්ගය විද්‍යුතනය කිරීමට තීරණය කරන ලදී. විදුලිය සැපයීමේ පද්ධතිය ප්‍රතික්ෂේප කරන ලදේ මාර්ග භාවිතා කිරීමට නියමිත විශාල ළමයි සංඛ්‍යවගේ ආරක්ෂාව සලකා බලා, [12] සහ දුම්රිය එන්ජින් වල ඇති ට්‍රොලී ධ්‍රැව මගින් උමඟ පුරාවට ඉහළින් දිවෙන වෝල්ට් 400 ක තනි සරල ධාරා වයරයත් නිසාය.[10] වයරය පරණ උමඟෙහි බිත්ති මතින්ද, අලුත් උමඟෙහි වහළෙහි බ්‍රැකට්ටු වලින්ද, විවෘත දුම්රිය ස්ථාන වල කණු මතින්ද ගමන් කරයි. විදුලිය සපයන ලද්දේ ඉංග්ලිශ් ඉලෙක්ට්‍රික් සමාගම විසින් නිපදවන ලද උමඟ තුල අවසානයේ ඇති විදුලි උප පොළක් මඟිනි.[16]
නිර්මාණ කටයුතු ආරම්භ කෙරුනේ 1936 මැයි 2 දිනයි. සමාගම සිතා තිබුණේ මාස 3 ක කාලයකින් කෙසේ හෝ මාර්ගය නිමකර, අගෝස්තු බැංකු නිවාඩු සමයේ විශාල සෙනඟකට සේවය සැපයීමයි. [15] නියමිත කාලයට නිර්මාණ කටයුතු නිමාකිරීම සඳහා දිවා සහ රාත්‍රියේ වැඩ කටයුතු කෙරිනි. [17] ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම පොළොව යටින් බැවින්, මාර්ගය පුළුල් කර, මුල් උමඟ තුල ලෝකයේ ඇති දර්ශනයන් අලෝකමත් පුවරුවල සවිකිරීමට තීරණය විය. [12] මේ හේතුව නිසා එය අර්ධ නිල වශයෙන් "ලෝක දර්ශනීය දුම්රිය මාර්ගය" ලෙස හැඳින්විනි. [10]
ඉංග්ලිෂ් ඉලෙක්ට්‍රික් සමාගම විසින් මෙම මාර්ගය සඳහා දුම්රිය දෙකක් නිපදවන ලදී, [18]ඒවා දක්ෂිණ දුම්රිය මාර්ගයේ භාවිතා වන විදුලි දුම්රියට සමාන නමුත් ප්‍රමාණයෙන් කුඩාය. [5] අඩි 94 අඟල් 6(28.98 මී.) දිග ෆෝ-කාර් දුම්රිය, රතු පාට වර්ණ ගන්වා ඇත, මඟීන් 108 ක් රැගෙන යා හැක, දුම්රිය හැරවීම වළක්වා ගැනීමට දෙපස රියදුරු මැදිරි දෙකක් ඇත. අඩි 94 අඟල් 6(30.33 මී.) දිග දුම්රිය, කහ පාට වර්ණ ගන්වා ඇත, මෙහිදීද මඟීන් 108 ක් රැගෙන යා හැක, නමුත් මෙහි මැද අමතර රියදුරු මැදිරි 2ක් ඇත, එමඟින් මඟීන් 54 ක් රැගෙන යා හැකි, අඩි 49 අඟල් 9(15.16 මී) ක් දිග දුම්රි දෙකකට වෙන්කළ හැක. හොඳින් කල්පනා කර බැලූවිට, මාර්ගය කාර්යබහුල වේලාවේ දුම්රිය දෙකම භාවිතා කළ හැකි අතර එසේ නොමැතිවිට කහ දුම්රියේ කොටස් දෙක භාවිතා කළ හැක.[18] රතු දුම්රියද බෙදිය හැකිවන ලෙස නවීකරණය කරන ලදී, මැද ආසන පේළි 2ක් වෙනුවට රියදුරු මැදිරි යෙදීමෙන් එහි ධාරිතාව 102දක්වා අඩුවන ලදී.[19]
විවෘත කිරීම
[සංස්කරණය]1936 ජුලි 31 මාර්ගය මඟීන් සඳහා විවෘත විය, එනම් නිර්මාණ කටයුතු ආරම්භයේ සිට සති 12 කටත් අඩු කාලයකදීය. [20]මෙය විවෘත කරන ලද්දේ ලුතිනන් කනල් එඩ්වින් චාර්ල්ස්, එනම් සදර්න් දුම්රිය සමාගමේ රථ ගමනාගමන කළමනාකරු විසිනි. එය ලොව විශාලම විදුලි දුම්රිය සමාගම වන අතර ඔහු ඒ මොහොතේ විවෘත කරේ කුඩාම එකකි. [5] මූලිකව, උමඟ සරසන ලද්දේ ස්විට්සර්ලන්තය, කැනඩාව, නෙදර්ලන්තය, ජපානය සහ ඊජිප්තුවේ අලෝකමත් කරන ලද දර්ශන මඟිනි.[5]
දුම්රිය මාර්ගය ඉතා ප්‍රසිද්ධ බව ඔප්පු විය, එනම් සතිඅන්ත බැංකු නිවාඩුවේ මඟීන් 20,000 ක් මෙහි ගමන් කළහ. [21] එහි කටයුතු සංචාරක ව්‍යාපාරය මත රඳා පැවතුනද, සැප්තැම්බර් මාසයේ අග භාගයේ වසා දැමීය.1937, 1938 සහ 1939 කාලවකවානු මුළුල්ලෙහිම සරත් සහ ශීත සෘතු වලට වසා දැමීම නිසා දුම්රිය මාර්ගය ක්‍රියාත්මකවුනේ විට්සන් සිට සැප්තැම්බර් අග වනතෙක්ය. [22]
දුම්රිය සඳහා කාලසටහනක් නොතිබුණි, ඉල්ලුමට අනුව ක්‍රියා කළහ. නැවතුම්පොළක ප්‍රමාණවත් මඟීන් සිටින සෑම අවස්ථවකම රියදුරු අනෙක් නැවතුම්පොළට තමන් පිටත්වන බවට සංඥාවක් නිකුත් කරයි, එවිට දුම්රිය දෙකම නැවතුම්පොළ දෙකෙන් එකවිට පිටත්වී හුවමාරු ස්ථානයේදී මාරු වේ. [14]ගමනට ආසන්න වශයෙන් මිනිත්තු 5ක් පමණ ගතවේ.[12] උපරිම ඉල්ලුම ඇති අවස්ථාවල උපරිම දිගැති දුම්රිය භාවිතා නොවේ, ඒවා දෙකට වෙන්කර එම කොටස් වෙනම දුම්රිය දෙකක් ලෙස භාවිතා වේ.
යුධ සමය
[සංස්කරණය]1930 කාල වකවානුව අවසාන සමයේදී, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය අතර යුද්ධය බොහෝ දුරට සිදුවිය හැකිබව පෙනී ගියේය.රැම්ස්ගේට් හි පිහිටීම, ඉංග්‍රීසි සමුද්‍ර සන්ධිය සහ තේම්ස් මෝය සමඟය, එහි විශාල වරාය පහසුකම් ඇත, එමෙන්ම RAF මැන්ස්ටන් ආසන්නව පිහිටීම නිසා ගුවන් බෝම්බ සඳහා ඉලක්ක වන අතරම ජර්මනිය විසින් බ්‍රිතාන්‍ය ආක්‍රමණයේ ගොඩබෑමේ තොටුපලක්ද වේ. මේ හේතූන් නිසා නගරයේ කොට්ඨාස ඉංජිනේරුවා සහ මිනින්දෝරුවා වන ආර්.ඩී.බ්‍රිමෙල්, 1938 දී නගරවැසියන් සඳහා ඉතා විශාලව සහ ගැඹුරින් නගරයට යටින් පිහිටන පරිදි උමං ජාලයක් ගුවන් ප්‍රහාරක රැකවරනය ක් ලෙස සැලසුම් කරන ලදී.[22]
සැතපුම් 3.25 (5.23 කි.මී.) ක් දිග අර්ධ කවාකාර නව උමං ජාලයක් උතුරු රැම්ස්ගේටයෙහිදී හාරා එය පැවති දුම්රිය උමඟ සමඟ සම්බන්ධ කරන ලදී. එය යුද්ධය පැතිරීමට මාස තුනකට පෙර කෙන්ට් හි ආදිපාදතුමා විසින් 1939 ජුනි 1 දී විවෘත කරන ලදී සහ යුධ සමයෙදී [22] වින්ස්ටන් චර්චිල් මෙය නිරීක්ෂණය කළේය.[23] රැම්ස්ගේට් හි ජනගහනය ආසන්න වශයෙන් 33,000ක් පමණ වුවද උමං ජාලයට 60,000 ක පිරිසකට රැකවරණය සැපයීමට හැකියාව තිබුණි.[24]
පශ්චාත් යුධ ක්‍රියා
[සංස්කරණය]1946 උත්සව සමය සඳහා උමං දුම්රිය මාර්ගය සාමන්‍ය පරිදි විවෘත කෙරිණි. [14] ආලෝකමත් චිත්‍ර යුධ සමයේදී ඉවත් කෙරුනද නැවත ප්‍රතිස්ථාපනය කෙරිනි, නමුත් මෙවර ඒවා තනිව ආලෝකමත් වීම වෙනුවට දුම්රිය දෙපස සවිකර ඇති බල්බ මගින් ඇතිවන අලෝකයෙන් අලෝකමත් වන ලෙස සකසන ලදී.[25]මාර්ගය 1948 දුම්රිය මාර්ග ජනසතු කීරීමට අයත් නොවීම හේතුවෙන් තවමත් එය රැම්ස්ගේට් ඔලිම්පියා(පසුව ප්ලෙෂරාමා) භාරයේ පවතී. කළා වස්තු විනාශ කිරීම වැඩිවීම හේතුවෙන් 1955 දී එහි චිත්‍ර ඉවත් කරනු ලැබීය, [26]එමෙන්ම ලෝක දර්ශනීය දුම්රිය මාර්ගය උමං දුම්රිය මාර්ගය පමණක් බවට පත්විය.[14]
1957 දී පහළ ගමනාන්තය අසල ඇති හුණු ප්‍රපාතය කඩාවැටීම හේතුවෙන්, කොන්ක්‍රීට් බිත්ති සවිමත් කරන තුරු මාර්ගය වසා දැමීමට සිදුවිය. හර්සන් මාර්ගයේ ඇති දෙවන මාර්ගයද මෙ අවස්ථාවේම වසා දැමීය, සහ ඉවත් කරන ලද්දේ දුම්රිය ස්ථාවර කිරීමට උමඟ අවසානයේ කෙටි පැතිමගක් නිර්මාණය කිරීමටයි. [14]ලී දුම්රිය වේදිකා නව කොන්ක්‍රීට් ආකෘති මඟින් ප්‍රතිස්ථාපනය කෙරිනි.[26]
1965 ජුලි 1 දින ප.ව.2.15 ට, එක් කහ පැහැති දුම්රියක් පහළ නැවතුමට පැමිණෙන විට එහි පාලනය ගිලිහී යාමෙන් පීලි පැනීමකට ලක්විය. එහිදී වයස 74ක් වූ අර්නස්ට් බ්‍රවුන් රියදුරු, මැදිරිය තුල හිරවී තුවාල ලැබූ අතර මඟීන්ද සුළු තුවාල ලැබීය. [27]නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කර සේවය යලි ඇරඹුවද, 1965 නිවාඩු කාලය අවසානයේ මාර්ගය වසා දැමීමට ප්ලෙෂරාමා තීරණය කරන ලදී. 1965 සැප්තැම්බර් 26 මෙහි සේවාවන් නවතනු ලැබීය.[28]
වසා දැමීමෙන් පසුව
[සංස්කරණය]වසා දැමීමෙන් පසුව උමඟ මුද්‍රා තබනු ලැබුවද එහි ව්‍යුහය නොකැඩී පවතී. [29]පහළ ගමනාන්තයහි ඉඩම හිස් කරනු ලැබූ අතර දැන් එය හිස් භූමියකි. දකුණු උමඟ ද්වාරයෙහි කුඩා වටරවුමක් ඇත. පීලි සහ සිල්පර වලින් බොහෝමයක් රොම්නි, හයිත් සහ ඩිම්චර්ච් දුම්රිය සමාගම් වලට විකුණන ලදී.[30]
2010 සිට උමඟ සියල්ල ගවේශණය කර මහජනයා සඳහා විවෘත කිරීමට සැලසුම් කරනු ලැබීය.[23]
යොමුව
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b c Harding, p. 4
- ^ Although built and owned by the Kent Coast Railway, it was operated from the start by the London, Chatham and Dover Railway. The Kent Coast Railway was formally absorbed by the London, Chatham and Dover Railway on 13 July 1871.
- ^ Mitchell and Smith, § 107
- ^ Mitchell and Smith, § 111
- ^ a b c d e "Ramsgate's New Underground Railway". East Kent Times. Ramsgate. 1936-08-05.
- ^ Mitchell and Smith, § 110
- ^ Mitchell and Smith, § 104
- ^ Harding, p. 6
- ^ Harding, p. 7
- ^ a b c d e f g Harding, p. 8
- ^ The new Dumpton Park station and Broadstairs station were less than a mile apart; a junction station between the two would have meant trains stopping three times within a mile, causing delays and tailbacks, while running trains from the harbour to Dumpton Park or Broadstairs would have caused severe congestion.
- ^ a b c d උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ECT13June36
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ a b c Harding, p. 20
- ^ a b c d e Harding, p. 21
- ^ a b Harding, p. 9
- ^ Harding, p. 24
- ^ Harding, p. 10
- ^ a b Harding, p. 12
- ^ Harding, p. 13
- ^ Harding, p. 14
- ^ Harding, p. 17
- ^ a b c Harding, p. 18
- ^ a b "Secrets of Ramsgate's wartime underground tunnels". BBC. සම්ප්‍රවේශය 12 January 2014.
- ^ "Shelters in London tubes and derelict railway tunnels in Ramsgate and Malta". The Railway Gazette. 73. London: Reed Business Publishing. July 1940.
- ^ Harding, p. 19
- ^ a b Searle, p. 31
- ^ "Driver Trapped: Crash on the Tunnel Rail". East Kent Times. Ramsgate. 1965-07-07.
- ^ Mitchell and Smith, § 114
- ^ Harding, p. 29
- ^ Harding, p. 30
ග්‍රන්ථ නාමාවලිය
[සංස්කරණය]- Harding, Peter A. (2005). The Ramsgate Tunnel Railway. Woking: Peter A. Harding. ISBN 0-9523458-9-7.
- Mitchell, Vic (1991). Sittingbourne to Ramsgate. Midhurst: Middleton Press. ISBN 0-906520-90-8.
{{cite book}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - Searle, Muriel (1982). Lost Lines: An Anthology of Britain's Lost Railways. London: Taylor & Francis. ISBN 0-904568-41-5.
බාහිර සබැඳුම්
[සංස්කරණය][[Category:Closed railway lines in South East England]]