වින්ස්ටන් චර්චිල්

විකිපීඩියා වෙතින්
තනතුර එක්සත් රාජධානියේ අගමැති
තනතුරේ සිටි කාලය 1951ඔක්තෝම්බර් 26 සිට 1955 අප්‍රේල් 07 දක්වා
නියෝජ්‍යය ඇන්තෝනි ඊඩ්න්
පෙර සිටියේ ක්ලෙමන්ට් ඇත්ලී
පසුව සිටියේ ඇන්තෝනි ඊඩ්න්
තනතුරේ සිටි කාලය 1940 මැයි මස 10 වෙනි දින සිට 1945 ජුලි මස 27 දක්වා
පෙර සිටියේ නෙවිල් චමිබර්ලේයින්
පසුව සිටියේ ක්ලෙමන්ට් ඇට්ලී
තනතුර රාජකීය භාණ්ඩාගාර අධ්‍යක්ෂක
තනතුරේ සිටි කාලය 1924 නොවැම්බර් 06 සිට 1929 ජුනි 04 දක්වා
අගමැති ස්ටැන්ලි බෝල්ඩ්වින්
පෙර සිටියේ පිහිලිප් ස්නොවුඩන්
පසුව සිටියේ පිහිලිප් ස්නොවුඩන්
තනතුර පක්ෂ ලේකම්
තනතුරේ සිටි කාලය 1910 පෙබරවාරි මස 19 සිට 1911 ඔක්තෝම්බර් 24 දක්වා
අගමැති හර්බට් හෙන්රි එස්ක්විත්
පෙර සිටියේ හර්බට් ග්ලැඩ්ස්ටෝර්න්
පසුව සිටියේ රෙජිනෝල්ඩ් මැක්කෙනා
උපත 1874 නොවැම්බර් මස 30 වැනි දින, එංගලන්තයේ, බිලෙන්හේම්, ඔක්ස්ෆෝර්ඩ්ෂයර් හිදී
විපත 1965 ජනවාරි මස 24 වන දින (වයස අවු : 90) ලන්ඩනයේ හයිඩ් පාර්ක්හිදී.
අත්සන


සර් ලෙනාර්ඩ් ස්පෙන්සර් චර්චිල් උපත ලැබුවේ 1874 නොවැම්බර් මස 30 වන දිනයි. ඔහු බ්‍රිතාන්‍යයේ දේශපාලඥයෙකු වශයෙන් කටයුතු කළ අතර විශේෂයෙන්ම ඔහුව දැන හඳුනා ගත්තේ දෙවන ලෝක යුද්ධ සමසයේදී මහා බ්‍රිතාන්‍යයේ නායකත්වය ගෙන කටයුතු කිරීමත් සමගය. තවද, මොහු එක්සත් රාජධානියේ අගමැතිවරයා වශයෙන් 1940 සිට 1945 දක්වා කටයුතු කළ අතර නැවත වතාවක් 1951 සිට 1955 දක්වා කාලය තුළ ඔහුට එම දූරය හෙබවීමට වාසනාව හිමි විය. චර්චිල් උසස් දේශපාලඥයෙකු මෙන්ම ව්‍යක්ත දේශකයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත් වූ අතර බ්‍රිතාන්‍යය යුධ හමුදා නිළධාරියෙකු ලෙසත්, ‍ඓතිහාසික ලේකකයෙකු හා කලා කරුවෙකු ලෙසත් ස්ථාවරත්වයක් ගොඩනගා ගත් පුද්ගලයෙකු විය.

තම හමුදා කාලය අතර තුර ඉන්දියාවේ හා සුඩානයේ ඇති වූ සටන් චර්චිල්ගේ අවධානයට යොමු වූ අතරම දෙවන බෝයර් යුද්ධය අතරතුර ඔහු යුධ වාර්තා කරුවෙකු වශයෙන් එකී කාල සීමාවේ කීර්තිය හා අපකීර්තිය යන දෙකම අත්පත් කර ගන්නා ලදී. එලෙසම ඔහු බ්‍රිතාන්‍යය හමුදාවේ බටහිර යුධ පෙරමුණේ සේවය කළ අතර 6 වන පාබල බල ඇණියේ සේනාපති වශයෙන්ද කටයුතු කළේය. චර්චිල් වසර 60 ක් පුරාවටම දේශපාලන කරලියේ ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කළ අතර ඔහු විසින් දේශපාලන හා කැබිනට් තනතුරු රාශියක් හොබවනු ලැබීය. පළමු ලෝක යුද්ධයට ප්‍රථම ඔහු වෙළඳ සංගමයේ සභාපති ලෙසද , ස්වදේශ කටයුතු බාර රාජ්‍යය ලේකම් ලෙසද එවකට පැවති ලිබරල් රජය යටතේ කටයුතු කරන ලදී. එමෙන්ම පළමු ලෝක යුද්ධ කාලසීමාවේදී චර්චිල් පළමු අද්මිරාල්වරයා වශයෙන්ද , යුද්ධෝපකරණ පිළිබඳ ඇමතිවරයා වශයෙන්ද , යුධ මහලේකම්වරයා වශයෙන් හා ගුවන් කටයුතු පිළිබඳ රාජ්‍යය ලේකම්වරයා වහයෙන්ද කටයුතුකරන ලදී. තවද, භාණ්ඩාගාර චාන්සලර් තනතුර හොබවනු ලැබුවේද වින්ස්ටන් චර්චිල් විසින්මය.‍

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයෙන් පසුව චර්චිල් පළමු අද්මිරාල්වරයා වශයෙන් පත් කරන ලදී. 1940 මැයි මස 10 වන දින නෙවිල් ෂොම්බර්ලේන් ගේ ඉල්ලා අස්වීමත් සමග චර්චිල් බ්‍රිතාන්‍යය අගමැති තනතුරට පත් වූ අතර ඔහු විසින් බ්‍රිතාන්‍යය ( Axis Powers) වලට එරෙහිව ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබීය.

ඔහුගේ දේශන යුද්ධ සජ්ජිත සේනාවන්ට මහත් වූ පිටිවහලක් විය. 1945 ඡන්දය පරාජ වීමත් සමගම ඔහු විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කරන ලදී. 1951 දී නැවත අවසන් වරට අග්‍රාමාත්‍ය්‍ය ධූරයට චර්චිල් පත්වූයේ 1955 වසරේදී විශ්‍රාම ගැනීමට ප්‍රථම වේ. ඔහුගේ මරණය සැළවීමත් සමගම බ්‍රිතාන්‍යය රැජින විසින් ඔහු වෙනුවෙන් රාජ්‍ය ගෞරව සහිත අවමගුලක් පැවැත්වීමට නියම කරන ලදී. එකී අවමගුල උසස් දේශපාලඥයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවුණි.

"https://si.wikipedia.org/w/index.php?title=වින්ස්ටන්_චර්චිල්&oldid=465104" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි