රයිගම් බණ්ඩාර රජ
(රයිගම බණ්ඩාර රජ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
රයිගම බණ්ඩාර | |
---|---|
රයිගම රජ | |
පූර්වප්‍රාප්තිකයා | නැත (රයිගම රාජධානිය නොපැවතුනි) |
අනුප්‍රාප්තිකයා | නැත (රයිගම රාජධානිය සීතාවක රාජධානියට ඈඳිනි) |
උපත | කෝට්ටේ, කෝට්ටේ රාජධානිය |
පියා | සත්වන විජයබාහු |
රයිගම් බණ්ඩාර, කෝට්ටේ සත්වන විජයබාහු රජුගේ පුත්‍රයෙක් වන අතර විජයබා කොල්ලය ට සම්බන්ධ රජුන් තිදෙනාගෙන් අයෙකි. රයිගම් බණ්ඩාර රජවීමට ප්‍රථම අලකේෂ්වර පාලයින් විසින් රයිගම පාලනය කළේය. හයවන පරාක්‍රම බාහු රජ රයිගම වසර තුනක් රජකම් කර රාජධානියේ අගනුවර කෝට්ටේ නගරයට ගෙනගිය බව රාජාවලිය පවසයි. රයිගම් බණ්ඩාර රජු සීතාවක මායාදුන්නේ රජුට කෝට්ටේට විරුද්ධව සිය පූර්න සහය ලබාදී ඇත. සීතාවක මනන්පිටිය මාළිගයේදී රෝගාතූරව මිය ගිය බව සැලයි. එතුමාගේ බිසව ආලවතී දේවියයි. එතුමාගේ දියණිය සදවතී කුමරියයි. පරංගි උවදුර නිසා ඇය සිටියේ හදපාන්ගොඩ මාළිගාකන්දේ වූ මාළිගාවකය.