රයිගම් බණ්ඩාර රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රයිගම බණ්ඩාර
රයිගම රජ
පූර්වප්‍රාප්තිකයානැත (රයිගම රාජධානිය නොපැවතුනි)
අනුප්‍රාප්තිකයානැත (රයිගම රාජධානිය සීතාවක රාජධානියට ඈඳිනි)
උපතකෝට්ටේ, කෝට්ටේ රාජධානිය
පියාසත්වන විජයබාහු

රයිගම් බණ්ඩාර, කෝට්ටේ සත්වන විජයබාහු රජුගේ පුත්‍රයෙක් වන අතර විජයබා කොල්ලය ට සම්බන්ධ රජුන් තිදෙනාගෙන් අයෙකි. රයිගම් බණ්ඩාර රජවීමට ප්‍රථම අලකේෂ්වර පාලයින් විසින් රයිගම පාලනය කළේය. හයවන පරාක්‍රම බාහු රජ රයිගම වසර තුනක් රජකම් කර රාජධානියේ අගනුවර කෝට්ටේ නගරයට ගෙනගිය බව රාජාවලිය පවසයි. රයිගම් බණ්ඩාර රජු සීතාවක මායාදුන්නේ රජුට කෝට්ටේට විරුද්ධව සිය පූර්න සහය ලබාදී ඇත. සීතාවක මනන්පිටිය මාළිගයේදී රෝගාතූරව මිය ගිය බව සැලයි. එතුමාගේ බිසව ආලවතී දේවියයි. එතුමාගේ දියණිය සදවතී කුමරියයි. පරංගි උවදුර නිසා ඇය සිටියේ හදපාන්ගොඩ මාළිගාකන්දේ වූ මාළිගාවකය.

"https://si.wikipedia.org/w/index.php?title=රයිගම්_බණ්ඩාර_රජ&oldid=397689" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි