රමුක්කන සෙල්ලිපිය

විකිපීඩියා වෙතින්

රමුක්කන සෙල්ලිපිය

රයිගම් අධිකාරිපත්තුවේ එනම් වත්මන් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් බල පෙදෙසේ රමුක්කන රජ මහා විහාරයේ පිහිටා ඇත. බණ්ඩාරගම නගරය පසුකර කිලෝමීටර් එකහා මාරක් පමණ පානදුර දෙසට යන විට මෙම විහාරස්ථානය පිහිටා ඇත.

මෙම සෙල්ලිපිය ක්‍රිස්තුපූර්ව පළමුවන සියවසට අයත්වේ. රයිගම් කෝරළයේ පැරණිතම සෙල්ලිපියක ලෙස සැලකේ.

1997 දී විහාරයේ සිදුකරන ලද ප්‍රතිසංස්කරණයන් සඳහා පොළව කණිද්දී පාළව යට තිබී හමු විය. කැළණි විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ කතිකාචාර්ය රාජ සෝමදේව මහතා විසින් මේ සෙල්ලිපිය කියවා ර්ථ නීරූපනය කරන ලදී.

1............................... මවිහර මචිත තෙර සයුත බණක

2............................... විහාර සයත බණක හ මතන

................. මහා විහාරයේ  වෙසෙන සංයුක්ත භාණක වරයෙකු වූ මහා චිත්ත තෙරුන්  ................ විහාරයේ වෙසෙන සංයුක්ත භාණකගේ මව වූ නාග

මෙම ලිපියෙන් ඉතාම වැදගත් හෙළදරව්වක් සිදුවේ එනම් ක්‍රිස්තුපූර්ව පළමු සියවසේදී තරම් ඈත සමයක පවා රයිගම් කෝරළය ජනාවාස වී ඇති බවය. එපමනක් නොව ත්‍රිපිටකය කොටස් වශයෙන් කටපාඩමින් රැගෙන එන භික්ෂූන් වහන්සේලා රැකීමට තරම් දියුණු සමාජයක් මෙහි පැවති බවය.

මෙම සෙල්ලිපියේ දැක්වෙන සංයුක්ත භාණක වරු වනාහී ත්‍රිපිටකය ග්‍රංථාරූඩ කිරීමට පෙර සූත්‍ර පිටකයට අයත් දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, බුද්දක නිකාය ආදී සූත්‍ර කොටස් කටපාඩමින් රැගෙන ආ ගුරුකුල වල භාරකාර ස්වාමීන් වහන්සේ ලෙසින් සැළකේ. අට්ඨ කතාවල භාණක හිමිවරුන් ගැන කතා කෙරේ. ගෝණ ගල සෙල්ලිපියේත් තිස නම් භාණක හිමිනමක් ඇන කියවේ.

මෙම ලිපියේ කියැවෙන මහා චිත්ත තෙරුන් වහන්සේ මෙසේ ගුරුකුල භාර භාණක ස්වාමීන් වහන්සේ නමකි. මෙම ලිපියේ අක්ෂර රටාව අනුව වලගම්බා යුගයට හෝ ඉන් පෙර ආසන්න යුගයකට අයත් වන්නට ඇතැයි උපකල්පනය කෙරේ.

මේ සමයේ මම භික්ෂූන් වහන්සේලා ධර්ම භාණ්ඩාගාරික හිමි වරු වූහ. ඔවුන්ට සිංහල සමාජයේ ඉහළ පිළිගැනීමක් ලැබී තිබිණ. මෙම භික්ෂූන් වහන්සේලා වාසය කළේ මහා විහාරයකය. අවාසනාවකට මෙම මහා විහාරයේ නම සඳහන්ව කොටස මැකී ඇත. සංයුක්ත භානුක තෙරුන් වහන්සේලා විශාල සමූහයක් ලෙසින් ගුරුකුලයක් ලෙසින් සිටි පව කියැවේ. මේ නිසා විශාල දායක පිරිසක්ද සිටිය යුතුය. එසේනම් ක්‍රිස්තුපූර්ව යුගයේ පවා රයිගම ප්‍රදේශ මනාව පාලනයවූ දියුණු ශස්ත්‍රීක පෙදෙස් වූ බව පැහැඳිළිය.

මෙහි එන සංයුක්ත භාණක මහා චිත්ත තෙරුන්වහන්සේගේ මෑණියන් වූ නාගා නමින් සටහනක් වේ. ඇතැම්විට ඕ තොමෝ විසින් විහාරයට කරන ලද පරිත්‍යාගයක් වෙනුවෙන් මෙම සෙල්ලිපිය සටහන් කලා වන්නට ඇත. රයිගම් කෝරළයේ ඇති පැරණිතම සෙල්ලිපිය මෙම රමුක්කන සෙල්ලිපියයි.

මූලාඝය රමුක්කන රජ මහා විහාර  පුවරු ලිපිය - රාජ්සෝමදේව සම්භාෂා 10 කලාපය (1999)


"https://si.wikipedia.org/w/index.php?title=රමුක්කන_සෙල්ලිපිය&oldid=443568" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි