Jump to content

රති විනෝද මෝදකය

විකිපීඩියා වෙතින්

බෙහෙත් ගැනීමට පෙර තමන්ගේ ශරීරයට හොඳ ආහාර පාන ව්‍යායාම වලින් සැලකීම අපි කළ යුතු යුතුකමකි. මෙය ආයුෂ වැඩි කරන, මාංශ පේශී පුෂ්ටිමත් කර ශරීරයට ශක්තිය බලය ගෙන දෙන, ශරීරය කාන්තිමත් කර පැහැය ලබාදෙන, මතක ශක්තිය වැඩිකර දෙන, ලේ - මාංශ - වසා - මේදය - ඇට - ඇට මිදුළු - ශුක්‍ර යන ධාතු හත; සප්ත ධාතු, වර්ධනය කර පුද්ගලයා නිරෝගීව තබන ඖෂධීය ආහාරයක්. තමන්ගේ අතේ මුදල් තියන හැටියට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණ අඩුකර හදා ගත්තාට කමක් නැහැ. දිනකට ආහාරයට ගන්නා ප්‍රමාණය අඩු නොකල යුතුය. දිනකට ග්‍රෑම් 60 ක් (පලමක බර) ගන්න අවශ්‍යයි උදේට.

හදා ගන්න ඕනැ කරන ඖෂධ ජාති:

  1. සීනි කිලෝ 1 ½ යි (ග්‍රෑම් 1500 යි - පලම් වලින් 25 යි)
  2. එළඟිතෙල් ග්‍රෑම් 750 යි (පලම් 12 ½ යි)
  3. මී පැණි ග්‍රෑම් 375 යි (පලම් 6 ¼ යි)
  4. එළ කිරි ග්‍රෑම් 750 යි (පලම් 12 ½ යි - බෝතල 1 යි)
  5. තිරිඟු පිටි (ආටා පිටි තමයි වඩාත් ගුණ) කිලෝ 1 ½ යි (පලම් 25 යි)

මේ ජාති පහම ආසියාවට අයත් ආහාර වර්ග. සාමාන්‍ය තිරිඟු පිටි ගත නොයුතුය, ආටා පිටි ගන්න. ලුණු හෝ ජලය කලවම් නොකරන්න.

හදන්නේ මෙන්න මෙහෙමයි:

ලොකු ඇතිලියක් ලිප තබා වේලෙන්න ටිකක් තියන්න. හොඳින් තෙත ගියාම එළඟිතෙල් ටික වත් කරලා දිය වෙන්නට තියන්න. ගිතෙල් දිය වුණාම ඒකට එළ කිරි සහ මී පැණි එක් කරන්න. ගිතෙල් කිරි එක්ක කලවම් වෙන්න හොරයි. ඒත් හැඳිගාන කොට පුංචි බිඳිති වලට කැඩිලා කලවම් වෙනවා. අන්න ඒ වෙලාවට සීනි ටික දාලා දිය කරන්න. නොනවත්වාම හැඳි ගාන්න ඕනා. සීනි දිය වුණාම පිටි ටික පොඩ්ඩ පොඩ්ඩ එකතු කරන්න. ඒ ගමන් හැඳි ගාමින් රත් කරන්න. හැබැයි මද ගින්නේ. මද ගින්න කියන්නේ ලිපේ දැල්ල නගින්න බැහැ. හනසු, පොල්ලෙලි, දර වගේ දේවල් තමයි මේ වැඩේට සුදුසු. මෙහෙම උයා ගන්න ඕනා තෙත ගතිය අයින් වෙලා යනකම්. ඊට පස්සේ ලිපෙන් බාලා නිවෙන්න තියන්න. නිවුනාම කට ලොකු බෝතලයක හෝ පිඟන් මැටි බඳුනක සුළං නොවදින විදියට අහුරා තබන්න. හැමදාම උදේට ග්‍රෑම් 60 ක් විතර ආහාරයට ගන්න. සතියක් පමණ යන විට ඇඟ මැලි ගතිය පහවෙලා යනවා. වැඩ කරන්න නිරායාසයෙන්ම ඉදිරිපත් වෙනවා. අමතක වෙන ගතිය මග ඇරෙනවා. ශරීරය පාට වැටිලා පුෂ්ටිමත් වෙනවා.

කාටද සුදුසු:

මේ ඖෂධය පුරුෂ කාන්තා කාටත් සුදුසුයි. ගර්භණී වුවත් කමක් නැහැ. නමුත් සීනි වැඩිවීමේ ආබාධ වලින් පෙළෙන අයට යෝග්‍ය නොවේ. මේ ඔසුව ගත්තාම රාත්‍රීයට කාමය ප්‍රබෝධ වෙන නැඹුරුවක් තියනවා. ඒ නිසා දරුවන්ට යෝග්‍ය නොවේ.

සටහන: මී පැණි උණු කරන ක්‍රමය ඉන්දීය ආයූර්වේදයේ එන්නේ නැහැ. එහෙත් දේශීය වෙදකමේ සහ යුනානි ක්‍රමයේ එය දකින්නට පුළුවන්. මෙම ඖෂධය සඳහන් වන්නේ “කාම කුතුහලය” නම් වෛද්‍ය ග්‍රන්ථයේ.

"https://si.wikipedia.org/w/index.php?title=රති_විනෝද_මෝදකය&oldid=764054" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි